2004 වර්ෂයේ සිට දිගින් දිගටම උත්තර දීමට නොහැකි වූ ගැටළුවකට සංයුක්ත පිළිතුරක් දීමට කාලය පැමිණ ඇත. 2004 වර්ෂයේ අග කාර්තුවේදී අපගේ සංවිධානයට ”මනෝවිශ්ලේෂණ පදනම” නමින් තැපෑලෙන් ලිපි කිහිපයක් ලැබෙන්නට විය. ඒවා එවන පුද්ගලයන් නිර්නාමික විය. එම ලිපි වලින් මා විසින් එතෙක් මනෝවිශ්ලේෂණ න්‍යාය මත පදනම් වෙමින් ලියූ ලිපි විවිධ ආකාරයෙන් ප්‍රශ්න කරන ලදී. 2010 වර්ෂයේදී ‘පෙරදිග සුළං” 7 කලාපය සඟරාවකින් එම ලිපි විසින් අසන ලද ප්‍රශ්න සියල්ලට මා විසින් උත්තර ලබා දෙන ලදී. අද වනතුරු එසේ ලබා දුන් උත්තර වලට කිසිදු ප්‍රතිඋත්තරයක් ලැබී නැත. නිර්නාමිකව බයේ ගැහෙමින් අසන ලද සරලමතික ප්‍රශ්ණ වලට යළිත් නාමිකව උත්තර දීමට ක්‍රමයක් නැත. එම නිසා ඉහත ‘මනෝවිශ්ලේෂණ ලිපි’ ලිවූ බොරු චන්ඩියා ට උත්තර දීමට ක්‍රමයක් තිබුණේ නැත. නමුත් පසුගිය දිනක මෙම බොරු චන්ඩියා නමින් පළ වූ ලිපියක් පක්ෂයේ සහෝදරයෙකු මා වෙත ලැබෙන්නට සලස්වා ඇත. 2004 වර්ෂයේදී මෙම බොරු චන්ඩියා හැංගි හැංගී වෙස් බඳිමින් නටන ලද මනෝවිෂ්ලේෂණ නාඩගම ඔහුගේ ම වචන හරහා විසංයෝජනයට ලක් කිරීමට අවස්ථාවක් ලබා දී ඇත.

මනෝවිශ්ලේෂණය සමඟ මනෝචිකිත්සාව පටලවාගෙන ඇති මේ චන්ඩියා මහත් දයාබර කරුණාවන්ත පියෙකු ලෙස මෙසේ ලියා ඇත.

”තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් අවමානයට පත් කිරීමටත්, ඔවුන්ට නින්දා කිරීමටත් සමාජයේ පවතින අවප්‍රසාදිත සහ ආන්තික සමාජ කණ්ඩායම් හැඳින්වීමට ජනප්‍රිය වහරේ යොද් ගන්නා නිග්‍රහශීලී නාමකරණයන්(පිස්සා, පොන්නයා, ගොඩයා, බයියා……… ආදී ලෙස) යොදාගැනීම ලංකාවේ දක්ෂිණාංශික, වාමාංශික, පසුගාමී සහ ප්‍රගතිශීලී සියල්ලන් පොදුවේ සිදු කරන දෙයකි.

හාන්සිපුටු මනෝචිකිත්සකයා හෝ මනෝචිකිතිසනය දේශපාලන මෙවලමක් ලෙස භාවිතා කිරීම මනෝචිකිත්මනය අවභාවිතා කිරීමක් සහ එකඟවිය නොහැකි හා ආචාර්ය- ධර්මීය නොවන දෙයක්. අවසානයේ ඇමරිකානු මනෝචිකිත්සක සංගමය මෙම ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා ප්‍රකාශයක්ද නිකුත් කළේය.”

මෙම ලිපිය ලියන පුද්ගලයාගේ දේශපාලන ආස්ථානය කුමක්ද? ඔහු තම අනෙකාගේ දේශපාලන ස්ථාවරයන් අනාවරණය කරයි. දක්ෂිණාංශික, වාමාංශික, පසුගාමී, ප්‍රගතිශීලී ආදී සියල්ලන් නම් කරන අතර ඔහු මේ වගුවේ කොටුවකට නොවැටෙන්නේ කෙසේද? ඔහු සිටින්නේ ආවර්තිතා වගුවෙන් පිටතද?.

තම අනෙකාගේ විවෘතභාවය වෙනුවෙන් අසීමාන්තික වීමට යෝජනා කරන ලද ප්‍රංශ දාර්ශනිකයා වූයේ එම්මෑනුවෙල් ලෙවිනාස්ය. මොහු ලෙවිනාස් වර්ගයේ බටහිර බුද්ධිමතෙක්ද? නැත. වරක් නුවර සිට කොළඹට එන පුද්ගලික බසයක දී එහි සිටි කාන්තාවකට විවිධ ලිංගික හිරිහැර කළ පිරිමියෙකු බෙල්ලෙන් ඇදගෙන දොර ලඟට ගෙන ගොස් බසය නවත්වා එළියට විසි වන්නට පුකට පයින් ගැසුවේද ඉහත ලිවූ පුද්ගලයා ය. ඒ මොහොතේ බසය තුළ ඔහුගේ පෙම්වතියද සිටියේය. මා මෙහිදී මතු කරන්නේ පුද්ගලයෙකු තුළ ‘සාරය’ (Essence) යනුවෙන් දෙයක් නැති බව පමණි. අනන්‍යකරණය මිස ස්වයං-අනන්‍ය මිනිසුන් මෙලොව නැත. සිතන විට, ලියන විට, කුමක් කළත් මිනිසිුන් ක්‍රියා කරන විට අලුත් අකාරයකට හැසිරිය හැක. මනෝවිශ්ලේෂණය විසින් අනුබල දෙන දෘෂ්ටිවාදය විචාර කිරීමට අනුව අප දෘෂ්ටිවාදයට ඇතුල් වන්නේ සිතන විට නොව ක්‍රියා කරන විටය. බසයේදී කාන්තාවකට හිරිහැර කළ පුද්ගලයාගේ මානව අයිතිවාසිකම් බලන්නට ඒ තුළ සිටි කිසිවෙකු උත්සහ කරන්නේ නැත. හිරිහැර කළ පුද්ගලයා අවවරප්‍රසාදිත හෝ සුළුජාතිකයකු ද යන්න වැදගත් නැත. අපගේ ලේඛණයේ වීරයා එතැනදී හැසිරී ඇත්තේ සාරවත්‍රක අදහසක් වෙනුවෙන් මිස සුවිශේෂයක් වෙනුවෙන් නොවේ. වාමාංශික දේශපාලනය යනු මෙම සාර්වත්‍රික අදහස් වෙනුවෙන් අනෙකාගේ මුහුණට (පුකට නොව) නහය තැලෙන්නට පහර දීමයි. ක්‍රිස්තියානි ආගමේ විපරිත හරයද එයයි.

අපගේ සංවිධානය මූලික අඩිතාලම වැටී ඇත්තේ ෆර්ඩිනන්ඩ් සෝෂියර් නම් වාග් විද්‍යාඥයාගේ ව්‍යුහවාදය මතිනි. ඊට අනුව ආත්මය(Subject) බිහි වන්නේ සත්තාව(Being) මත නොව භාෂාව මතිනි. එනිසා භාෂාවේ වචන අතර ඇත්තේ ‘ වෙනසක්’  පමණි. ඒවා අතරමැද ‘අර්ථය’ යනුවෙන් සාරාත්මක යමක් නැත. ලැකාන්ගේ මනෝවිශ්ලේෂණය පදනම් වන්නේ ජේ.බී දිසානායකගේ වාග් විද්‍යාව මත නොව සෝෂියර්ගේ සාධාරණ වාග්විද්‍යාව මතිනි. මට විරුද්ධව මුද්‍රණය කළ ප්‍රති-ලන්ඩන් සඟරාවේ හිට්ලර්ගේ ඡායාරූපය නොදැමිය යුතු යැයි කල්‍යානන්ද ඇතුළු කිහිපදෙනෙකු තර්ක කරද්දී එය දැමිය යුතුමැයි යෝජනා කර ඇත්තේ ඉහත චන්ඩියාමය. ඒ අනුව මිනිසුන්ගේ ක්‍රියාවන් ගැන වැඩිපුර නොසොයා ඒ අයව හංවඩු ගැසීම නම් නරක පූර්වාදර්ශ සැපයීමෙන්ද අපගේ චන්ඩියා නිදහස් නැත.

වමටත් නැති දකුණටත් නැති දේශපාලනයට කියන නමක් ලංකාවේ නැති වුවත් ඇමරිකාවේ එවැන්නක් ඇත. දෙවැනි ලෝක යුද්ධයට පෙර හිට්ලර් සහ ස්ටාලීන් අතර හටගත් ගිවිසුම නිසා ඇමරිකාවේ සිටි කොමියුනිට්ස් පක්ෂයේ සාමාජිකයන්, ප්‍රගතිශීලී යුදෙව්වන් යනාදීන් බලවත් සාරධර්ම අර්බුදයකට ගියේ ය. එනම් යුරෝපයේ යුදෙව්වන්ගේ ජීවිත ගැන අවදානමට වග කීමයි. එනිසා ඇමරිකාවේ කොමියුනිට්ස් පක්ෂයේ සමහර බුද්ධිමතුන් පක්ෂයෙන් ඉවත් වී ලිබරල්වාදයටත් නැති කොමියුනිට්ස්වාදයටත් නැති අලුත් දේශපාලන ආස්ථානයක් වෙනුවෙන් පෙනී සිටියේ ය. එය ඔවුන් හැඳින්වූයේ Political Correctness යනුවෙනි. එම අස්ථානය වාමාංශික ස්ථාවරයක් නොවේ. එමඟින් ඒ මොහොතේ ජීවත් වූ යම්කිසි ඇමරිකානු බුද්ධිමතුන් පිරිසකගේ වැරදිකාර දෘෂ්ටියට විකල්ප මාර්ගයක් හමු විය. ඕනෑම සමාජයක (විශේෂ වශයෙන් ප්‍රාග්ධනය මඟින් අතිරික්තය නිපදවන ධනවාදය තුළ) ප්‍රතිවිරෝධයන් පැවතීම අනිවාර්යය. එවැනි සමාජයක කිසිවෙකුට නිශ්ක්‍රීය ආස්ථානයක් ගත නොහැක.  න්‍යාය යනු පන්ති අරගලයේම කොටසකි. විද්‍යාව පවා මේ අර්ථයෙන් පක්ෂපාතීය. මනෝවිශ්ලේෂණය යනු ද පක්ෂපාතී විද්‍යාවකි. එයට උදාසීන දේශපාලන ප්‍රකාශනයක් ලබා දීමට උත්සහ කිරීම දෘෂ්ටිවාදීය. අනෙක් අතට ඉහත පුද්ගලයා මා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ දී ඔහුම යෝජනා කරන උත්තර සාරධර්ම පැවතියේ කොතැනද?. ජනතාව නම් මහාඅනෙකාගේ ගැලවීම වෙනුවෙන් මා ගිලටීනයට දක්වා පුළුල් ලෙස තීන්දුවට ලක් කරන විටත්, එය සාධාරණීකරණය කිරීමට මගේම අතීත ක්‍රියා උපුටා දැක්වීමත් හැර අන් විනිශ්චයක් පැවතියේද?. සංවිධානය තුළ පක්ෂ සහෝදරත්වය විනාශ කර, පක්ෂ සහෝදරයෙකුගේ පෙම්වතියක් හොරෙන් තැන් තැන් වලට උස්සා ගෙන ගිය චාමින්ද නැමැති සාමාජිකයාව තම සටන් සගයෙකු ලෙස සැලකීමේදී ඒ ගැන කිසි හිරිකිතයක් ලංකාවේ වාම ව්‍යාපාරයට අදත් නොමැති බව මට පසක් වී ඇත. කාල්පනික බඩුකාරයෙක්ට සහ ස්ත්‍රීන්ට මුහුණ නිල් වෙන්නට පහර දෙන ඊනියා වාම නායකයන් පොරවල් වී ඇත.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බටහිර යුරෝපයේත් ඇමරිකාවේත් ඇතිවූ ප්‍රාග්ධනය සහ ධනවාදය මූලික කොටගත් සමාජ ප්‍රගතිය නිසා 50 දශකයේ අග වන විට සමාජයේ පුළුල් ලෙස නූතනීකරණය නිසාම ඇමරිකාව තුළ රොක් ඇන්ඩ් රෝල් සංගීතය, එල්විස් ප්‍රෙස්ලි, රූපවාහිණී චැනල, මත්ද්‍රව්‍ය, පවුලෙන් පිටත ලිංගික සබඳතා, වෙළඳ දැන්වීම් කර්මාන්තය, ආත්ම රාගය යන විලක්ෂණයන් ගණනාවක් බිහි විය. එමඟින් එතෙක් පැවති ඇමරිකානු සාමකාමී කුඩා නගර සහ කුඩා පවුල සාරධර්ම අතින් පරිහානියට පත් විය. මෙම පරිහානිය නිසා 60 දශකය අගවන විට තරුණ පරම්පරාව ඊට එරෙහිව කැරළි ගසන්නට විය. 68 ප්‍රංශ ශිෂ්‍ය ව්‍යාපාරය එහි කූඨ ප්‍රාප්තියයි. ලිංගිකත්වය මානව වර්ගයාගේ විමුක්තිය බව තරුණ ජනයා උපකල්පනය කළේ ය.

නමුත් 70 දශකය වන විට නිශ්පාදනය ගෝලීයකරණය වන තත්වාරෝපිතය තුළ ෆැක්ටරි බටහිර සමාජයෙන් පරිවාරයේ රටවලට විස්ථාපනය විය. මෙමඟින් මුළු මහත් බටහිර සමාජයම මූල්‍ය-සේවා ආර්ථිකයක් බවට විකරණය විය. 80 දශකය පුරා නිශ්ශබ්ද ආකෘතියකින් බැංකු හරහා විවිධ සේවා ආර්ථිකයන් බිහිවූ අතර එය අවසන් වූයේ ඩිජිටල් දේශපාලන- ආර්ථිකයකින්ය. එය අන්තර්ජාලය මත පදනම් වන සේවා ආර්ථිකයක් වීමෙන් 20 වන සියවස අවසන් විය. මධ්‍යම- පන්තිය ප්‍රථම වරට සාරධර්ම සහ න්‍යෂ්ටික පවුල් ආකෘතිය තුළ අර්බුදයට ලක් විය. අවදානම් සමාජ පන්තීන් ආර්ථිකය මෙහෙය වන්නට පටන් ගත් අතර එමඟින් සමාජ සබඳතා සහ මාධ්‍ය ලුම්පන්කරණය විය. මෙම තත්වය තුළ මධ්‍යම පන්තිය අර්බුදයට ගියත් ලුම්පන් සමාජ ස්ථර ධනවාදය තුළ ප්‍රථම වරට විමුක්තිය ලබන්නට විය. එතෙක් කල් මධ්‍යම පන්තිය කළමණාකරණය කළ සංස්කෘතිය සහ හර  පද්ධතිය මුල් වලින් ඉදිරියට ගොස් අරාජකත්වය රජ විය. මෙයට එරෙහි කැරැල්ලක් ලෙසින් නැවත කොන්සර්වේටිව් අදහස් ජාතිකත්වය ලෙසින් මතුවිය. වැඩකරන සමාජ පන්තිය සතුව පැවති ෆැක්ටෙරි විතැන් වීම තුළ ඔවුන් ද අසංවිධිත ආර්ථිකය තුළ පරාරෝපණය විය. යුරෝපයේ ෆැසිස්ට්වාදයට පසුව නැවත ජාතිකත්වය පුනර්ජීවනය වූ ඓතිහාසික පසුබිම ඉහත තත්වයයි.

21 වැසි සියවස ආරම්භයත් සමඟම ලිබරල්වාදයටත් නැති වාමාංශයටත් නැති අරුම පුදුම ඔලුවක් සහිත අලුත් මතවාදය වූ ”දේශපාලනික නිවරදභාවය” (ලිංගවාදය, පුරුෂ භාෂාවට එරෙහි) නව සන්දර්භයක් හරහා උත්පාද වූයේ ය. නමුත් මෙම දේශපාලන නිවරදභාවය පැහැදිලිවම වාමාංශික දේශපාලනයට එරෙහි නව-සංරක්ෂණවාදයකි.[“Neoconservative] නැතහොත් නව-කොන්සර්වේටිව්වාදයකි. ඓතිහාසික මූලය සොයා ගත නොහැකි නිසා මෙය නව-දේශපාලනයක් ලෙස ප්‍රගතිශීලී කොටස් වටහා ගනිති. නමුදු මෙය ජාතිවාදයේම නව මුහුණුවරකි.අනෙකාගේ සැබෑ මුහුණුවර (ගැටුම) මකා දමා ව්‍යාජ එකඟත්වයක් තහවුරු කරන දේශපාලනික නිවරදභාවය සුපිරි හාන්සිපුටු වාදයකි.

ශ්‍රී ලංකාවට විද්‍යාත්මක පදනමක් සහ දේශපාලනික විභවයක් සහිතව මනෝවිශ්ලේෂණය හඳුන්වා දුන්නේ මා විසිනි. මේ සම්බන්ධයෙන් කෙස් පැලෙන තර්ක කෙතරම් ඉදිරිපත් කළත් ‘තත්වය’ වන්නේ එයයි. යම්කිසි රටක් (විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි අසමාන ධනවාදී සංවර්ධනයක් සහිත නොදියුණු සමාජ විද්‍යාවක් සහිත රටක) මනෝවිශ්ලේෂණයට (ඇමරිකාවට පවා) නිරාවරණය වන විට ඒ රට තුළ අාතතියක් (Tension) ඇති වීම දේශපාලනිකය. විද්‍යාවක් සමාජයට අලුතින් හඳුන්වා දෙන විට ගැලීලියෝ සිට අයින්ස්ටන් දක්වා පුද්ගලයන්ට විවිධ නින්දා, අපහාස වලට ලක් වන්නට විය. ෆ්‍රොයිඩ් ඔස්ට්‍රියාව තුළ මෙම විද්‍යාව නිසා කෙතරම් අපවාද වලට ලක් වූයේද? ඒ යුගයේදී මනෝවිශලේෂණය සලකන ලද්දේ මධ්‍යම පාන්තික ගර්භිත විද්‍යාවක් ලෙසිනි. අදටත් ශ්‍රී ලංකාවේ වාමාංශිකයන් අතිබහුතරය මනෝවිශ්ලේෂණය විද්‍යාවක් වශයෙන් වත් සලකා බලන්නේ නැත.

බොරු චන්ඩියා අනුන් ගැන කතාකරන මුත් තමන් ගැන කතා කරන්නේ නැත. Ethical යනුවෙන් අදහස් වන්නේ මිනිස් ආත්මය (Human Subject) තමන්ව අව්‍යාජව වටහා ගන්නට දරණ උත්සාහය තුළ කරන ආත්මීය ක්‍රියාවයි. මෙම ක්‍රියාව අනිවාර්යයෙන් රැඩිකල් වන්නේ නැත. එම ක්‍රියාව බොහෝ විට පවතින සමාජ සබඳතා පුනර්නිෂ්පාදනය කරනවා මිස ඛණ්ඩනයක් බිහි කරන්නේ නැත. ස්ලාවොජ් ජිජැක් තමන්ගේ පසුකාලීන රචනා වලදී මෙම තත්වය පිළිගෙන ඇත. මිනිසෙකු අවංක යැයි විශ්ලේශණය (විශ්ලේෂණය යනුම අන්තිම අණුව දක්වා යථාර්ථයේ කැබලි ගැලවීමයි) විසින් සලකන්නේ අදාල පුද්ගලයා තමන්ගේ ප්‍රාථමික ෆැන්ටසිය (තමන් ගැන තමන්ම හදා ගන්නා කතාව) තරණය කරන්නේ නම් පමණි. නමුත් චන්ඩියාගේ ස්ථාවරය අපි බලමු.

”ලංකාව තුලද අපගේ ද සම්බන්ධය ඇතිව මනෝවිශ්ලේෂණය හරහා නිර්මාණය කරන ලද එවැනි සාහිත්‍යයක් ඇති අතර එහි අන්තය වූයේ අපට විරුද්ධ මත දරන්නන් සියල්ල මානසික රෝගීන් යැයි නම් කරන තැනට සමාජය තල්ලු කිරීමෙනි.”

චන්ඩියා සිතන්නේ ඉහත ආකාරයේ පරිපූර්ණ වාක්‍ය රටාවක් අනුගමනය කිරීමෙන් තමන් උපාසකයෙක් බව අන්‍යයාට තහවුරු කළ හැකි බවයි. මිචෙල් ෆූකෝ ඉතාම විඥාණවාදී තැනකට තල්ලු වීම ගැන ජාක් ඩෙරීඩා සිය පිළිතුරු ලිපියේදී ගොනු කරන තර්කය මෙහිදී වැදගත්ය. (වංගීස සුමනසේකර විසින් සිංහලෙන් රචනා කර ඇති ‘ආත්මීයත්වය’ නම් කෘතිය තුළ මෙම න්‍යායික කරුණ දීර්ඝව සාකච්ඡා කර ඇත. අවශ්‍ය අය එය හදාරන්න) අපගෙන් ඔබේ දෑත් අත හරින්න!

ඩෙරීඩා මෙසේ කියයි.

”උමතුභාවය සාරාත්මක සාධකයක් කිරීමේදී ෆුකෝ භාවිතා කරන්නේ තාර්කිකත්වය හෝ තාර්කිකත්වයේ අක්ෂර වින්‍යාසය නම් එමඟින් විරුද්ධාභාසයක් හට ගනියි. එනම්”මතු -නොවන්න” නැතහොත් ”උමතු නොවන පුද්ගලයා” යනු ද තර්කයේ ඵලයක් බව අමතක වීමයි. ඒ අනුව උමතු බව, සිහිය යන ප්‍රපංචයන් දෙකම තර්කයේ ඵලයන් මිස ඉන් පිටත බලවේගයක ඵලයක් නොවේ.”

පොතක් පතක් හරියට නොකියවන, දර්ශනය, මාක්ස්වාදී දේශපාලනය ගැන පුළුල් අවබෝධයක් නැති පුද්ගලයෙකුගෙන් අපට දාර්ශනික ප්‍රතිභාර්ය බලාපොරොත්තු විය නොහැක.

අපගේ පැත්තෙන් අපට මෙසේ කිව හැක. යම් කිසි පුද්ගලයෙක් මානසික රෝගියෙක් වේ නම් එසේ කියන්නට අප බය නැත. මේ ‘කතාව’ සමාජය තුළට ‘කටකතා’ මඟින් (දීප්ති මෙහෙම කිව්වා, අරම කිව්වා) සම්ප්‍රේෂණය කරන ලද මූලික පුද්ගලයා වූයේ ද මෙම හැංගි හැංගී පාරේ ගමන් කරන බොරු චන්ඩියාය. පැහැදිලිවම අප කාටවත් පිස්සු කීවේ නැත. මොහු ඇත්ත කියන කෙනෙක් නම් මෙසේ කිව හැක. (එනම් ස්වකීය විරුද්ධාභාසය)

”මගේ අනාගත බිරිඳට පිස්සු කියා දීප්ති කීමට නියමිතය. එයට හේතු ඕනෑ තරම් ඇත. එය හෙළිදරව් වීමට පෙර මෙම තත්වය පොදු අදහසක් ලෙස ප්‍රචාරය කර සියළු දෙනා බිය ගැන්විය යුතුය.”

තමන් අනුන්ට චෝදනාවක් කරන විට තමන්ගේ අනෙකා ඒ ගැන මතු කරන සාධක ද සලකා බැලිය යුතුය. මා විසින් මෙම ලිපිය සංවිධානය කරන්නේ යම් කිසි ආකෘතියක් තහවුරු වන ආකාරයටය. එහි දී මගේ අනෙකාගේ පැත්තත් මේ ලිපිය තුළ අඩංගුය. නමුත් අපගේ චන්ඩියාගේ ලිපිය තුළ තමන් විවේචනය කරන මතයේ අනෙකත්වය සඟවයි. තමන්ගේ සතුරා යනු තමන්ගේම අභ්‍යන්තර තර්කනයේ ඵලයක් බව සඟවයි. සිදුවීමේ ඉතිහාසය මකා දමා තමන්ට අවශ්‍ය අංග හලා අනවශ්‍ය අංග ඉතුරු කොට කතාව මෙසේ ගොඩනඟයි.

X කණ්ඩායමට ‘උමතුව’-Madness– නම් ප්‍රපංචය හමු වූයේ රොහාන් පෙරේරා නිසාය. එයට අදාල කරුණු කාරණා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අප එළි දක්වා ඇත. රොහාන්ගේ ‘උමතුව’- මානසික රෝගය නොවේ අපට දේශපාලන සාධකයක් වූයේ 90 දශකය මුල සිට ඔහු විසින් අප ගොඩනගන සංවිධාන රටාව අහේතුකව බිඳ දමන බව ආනුභූතිකව අත්විදි නිසාය. වසර කිහිපයකට වරක් රොහාන් අඩු වයස් කාණ්ඩයේ ස්ත්‍රියක් සමඟ හඳපානේ පැන යන අතර ඉන් සංවිධාන ආකෘතිය විනාශ වී යයි.  මෙය ‘උමතුව’ පිළිබඳ ප්‍රශ්නයක් නොව දේශපාලනික ප්‍රශ්නයකි. 90 දශකය අගදී බාල්රාජ් ට LTTE ය විසින් විවාහයක් කරදෙන අතර බිරිද මුලනිවි‍ ‍් හි සැමියා තමන් ට පහර දෙන බව හඬ ගා කියමින් යකා නටයි. ටික කලකට පසු නයෙක් ගැසීමෙන් බල්රාජ්ගේ බිරිඳ මිය යයි. මෙම තත්වය විග්‍රහ කිරීමට මධ්‍යම පාන්තික සදාචාරය අදාල නැත.

  • දේශපාලනයෙන් සදාචාරය යම් ලක්ෂයකට පසුව අත්හිටුවිය යුතුය.

දිගින් දිගටම අසාර්ථක වන අපගේ සංවිධාන රටාව ජය ගැනීමේ මාර්ගයක් සිතමින් සිටින අතරවාරයේ අහම්බෙන් ප්‍රංශයේ සිටින ප්‍රංශ ප්‍රියන්ත නම් සාමාජිකයෙක් පොත් පාර්සලයක් මට එවනු ලබයි. ඒ තුළ තිබුණු එක පොතක් වන්නේ ‘ජුවාන් ඩේවිඩ් නාසියෝගේ’ හිස්ටීරියාව නම් පොතයි. පොත කියවූ වහාම මට වැටහෙන්නේ රොහාන් ට අදාල උමතුවේ තාර්කික ව්‍යුහයයි. මල්ලිකා සමඟ වහාම පොත සිංහලයට පරිවර්තනය කොට එය වඩා තහවුරු කර ගැනීමට එවකට නෙදර්ලන්තයේ ඉගෙන ගනිමින් සිටි නිර්මාල්ට යැව්වෙමි. හැරෙන තැපෑලෙන් මට කතා කර නිර්මාල් මෙසේ කීවා මතකය. “රොහාන් ට මොකක් තියෙනවද මම දන්නෙ නෑ, හැබැයි මචං ඔය කිව්ව ඔක්කොම ලක්ෂණ මල්ලිකාට නම් තියෙනවා” කීවේය. මනුරත්න පවුලේ උමතුව පිළිබඳ මුල්ම අර්ථකතනවේදියා වූයේ නිර්මාල් ය. ඇත්තටම මට අවශ්‍ය වූයේ සංවිධානයේ ව්‍යුහය ගොඩ නැඟීම මිස කාගේවත් උමතුව ගැන කතාකිරීම නොවේ.

බොරු චන්ඩියා ඉහත ඉතිහාසය නොදන්නවා නොවේ. ඔහු නරුමයෙකි. රොහාන්ගේ ප්‍රශ්ණය මා විසින් විසඳූ අතර එය පසුව නායකත්ව ගැටළුවක් බවට විකාරකාරයන් පත් කරන ලදී. බොරු චන්ඩියා පසු කලෙක මනුරත්න පවුලෙන් කසාදයක් කර ගත්  අතර තමන් කළ කැත වැඩය වසා ගන්නට මට හිට්ලර් නාමයක් අභිෂේක කරන ලදී. ස්වංය මෛථුනය සඳහා පවා ඔහුට හිට්ලර්ව පෙනෙන්නට පටන් ගත්තේ ඉන් පසුවය. (ඔහු කල කැත වැඩය ඔහුට ලිවීමට නොහැක)

අපගේ සංවිධානය අහිංසක මිනිසුන්ට මානසික රෝග තිබෙනවා යැයි කියා බිය වද්ද වනවා යන අඛ්‍යානය නිර්මාණය කරන ලද්දේ ඉහත චන්ඩියා ඇතුළු ලාමින්ද වර්ගයේ මැට්ටන්ය. මනෝවිශ්ලේෂණය තබා කිසිදු විෂයක් ගැන විධිමත්ව නො හදාරන මේ මැටි සංහතිය යල් පැණ ගිය වම්මුන් සමඟ සංසර්ගයේ යෙදී දැන් සියළුදෙනාට කෙළ වී ඇත. මේ අයට ලංකාවේ වම්මුන් හොඳට ගැලපී ඇත්තේ ඔවුන් ද කිසිදු විධිමත් අධ්‍යනයක් නොකරන අලසයින් සහ අලයන් නිසා ය.

අප උදාහරණයක් ගෙන බොරු චන්ඩියාගේ අවංකකම නිර්ණය කරමු. ‘දැකලා පුරුදු කෙනෙක්’  නම් සිනමා කෘතිය පිළිබඳව බොරු චන්ඩියාගේ බිරිඳ ලියා ඇති විචාර ලිපිය කියවන්න. අනතුරුව ලිපියේ අග ඇති විමර්ශන ග්‍රන්ථ නාමාවලිය බලන්න. ලිපියේ “අන්තර්ගතය”[Content] අර ග්‍රන්ථ කියෙව්වා නම් ලිපියේ පරිදි [Form]සකස් වීමට ඉඩක් නැත.  අප මේවාට කියන්නේ නම් විසිකිරීම නොහොත් Name Dropping- practice of casually mentioning the names of famous people one knows or claims to know in order to impress others- කියාය. චිත්‍රපටය අයිති වන්නේ Noir ගණයට මිස Horror ගණයට නොවේ. මනෝවිශ්ලේෂණය Horror ගැන කතා නොකරන අතර කතාකරන්නේ Violence ගැනය. බොරු චන්ඩියා අවංක මිනිසෙක් නම් තම බිරිඳව නිවැරදි කිරීමට උත්සුක විය යුතුය. එසේ කරන්නට ගිය හොත් චන්ඩියාට කුමක් වේද?.

Jela Krečič –fake feminism.

Deepthi kumara Gunarathne.

‘;”””””””””””””””’;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;///////////////////////////////////

Wife ගේ Original Article එක; ”කටු සටහන්” Blogaය

”More” is out of context here.

In the End, Encore!

I have argued above that the film’s dabbling in the horror genre, despite it being a domestic film is indicative of a radical questioning of the idea of marriage, whose locus is the home. It is the story of the neurotic subject who tries to hold death and sexuality at bay, by immersing in the banality of everyday life. The film performs a kind of estrangement that condemns us to the prison of the ordinary, made glamourous by the market and the luxuries of other people’s homes we see on TV. As much as it is familiar, it also estranges us from ourselves, leaving the viewer with a sense of helpless complicity in a diegetic world that waves innocently at as from a wedding picture. It stages the suppression of the sexuality of the woman, to which man can only jealously respond with calm cruelty, so that she will live on, zombified after her metonymic death, and appeal to his moral sense and turn herself into the object of his perverse desire. It is a radical film in this sense, not because it offers an answer, but because it announces an end (I hope) to recent Sinhala cinema’s attempt to fantasize a better, equal, or liberal marriage. Finally, it is unafraid of acknowledging that the femme fatale and women’s sexual objectification is nothing more than the jealous construction of a male-dominated cinema that has reached the limits of its own hypocrisy. After this, one can only shut the door on the un-homely home or repeat the banality of marriage in an unending circle of movement between various equally toxic homes. Encore, Malith and the crew, as one could fondly say in sad comradeship.

References:

Freud Sigmund. “The Uncanny.” Norton Anthology of Theory and Criticism. Ed. Vincent B. Leitch New York: Norton, 2001.

Lacan, Jacques. Anxiety: The Seminar of Jacques Lacan Book X. Ed. Jacques-Alain Miller. Trans. A.R. Price. Cambridge: Polity Press, 2014.

Rose, Jaqueline. Sexuality in the Field of Vision. London: Verso, 1986,2005.

Zizek, Slavoj (ed.). Everything You Wanted to Ask About Lacan, But Were Afraid to Ask Hitchcock. London: Verso, 1992.

 

තව ලියන්නට දේවල් ඇත, ඒවා පසුව……………….-

2010 දි මේ අයට දුන් පිලිතුර පහත ඇත.

 

ඔබේ අදහස කියන්න...