ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » උමතුව සහ එහි නූතන ප‍්‍රාකාරයන්

උමතුව සහ එහි නූතන ප‍්‍රාකාරයන් 

f

සමාජය ඉතාම සබුද්ධික සහ තාර්කික ආකාරයෙන් චලනය වන මොහොතක ‘උමතුව’ පිළිබඳ නිර්වචනයක් අපට අවශ්‍ය ඇයි? අප බොහෝ දෙනෙක් සිතන්නේ අප උමතු නැති බවයි. ඒ ගැන අපට බලවත් විශ්වාසයක් තිබේ.

සමකාලීන දාර්ශනිකයන් දෙදෙනෙක් වූ ජැක් ඩෙරීඩා සහ මිචෙල් ෆූකෝ අතර 60 දශකයේ ප‍්‍රධාන විවාදයක් බිහි වූයේ ‘උමතුව’ අර්ථකථනය කිරීම අරභයාය. ෆූකෝට අනුව උමතුව යනු සොබාවික රෝගයක් නොවේ. එය එක්තරා ඓතිහාසික තත්ත්වයක් තුළ හටගත් අතර එම මූලය සමාජයට අමතක වී ඇත. ෆූකෝට අනුව ‘උන්මාදය’ යන්න අප තේරුම් ගත යුත්තේ ඉතිහාසය තුළ තර්ක ඥානයේ හෝ සිහි කල්පනාවේ ප‍්‍රතිවිරුද්ධ පැත්තක් හැටියට, සංවාදමය අදහසක් ලෙස මතුවුණු ක‍්‍රියාදාමය තුළ මිස, හුදෙක් එහි වෛද්‍ය විද්‍යාත්මක හෝ සායනික අර්ථයෙන් නොවන බවයි. වෙනත් වචනවලින් කිවහොත් උන්මාදය යන්නට වෛද්‍ය මතයක් තිබුණත් වඩා වැදගත් වන්නේ ඉතිහාස මතයයි. නැතහොත් දාර්ශනික මතයයි. බලය පවත්වාගෙන යාමේ සහ සමාජයේ එක් කොටසක් බැහැර කිරීමේ මාධ්‍යයක් ලෙස ‘උන්මාදය’ යන සංකල්පය භාවිත වූ ආකාරය ගවේෂණය කිරීම වඩා වැදගත්ය (උදා – උන්මන්තකයන් වෙන් කිරීම, කොටු කිරීම, හෙළා දැකීම, එය සමාජ ව්‍යසනයක් ලෙස දැකීම).

අපි දැන් උන්මාදයේ දාර්ශනික මූලයන් කරා නාභිගත වෙමු. 

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 ඔක්තෝබර් – නොවැම්බර් ද්විත්ව  කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න.

Missing 2016 Oct November by 3MANA on Scribd


සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...