”ස්ත‍්‍රීවාදයේ ශීත හාරක නිද්‍රාවක ලාංකීය ස්ත‍්‍රීමය ලේඛනයේ සුරාතාන්තයක් සේ ‘මොනර බිත්තර’ අප හමුවට එයි. ඊවා රණවීර, තිළිනා වීරසිංහ විසින් ස්ත‍්‍රීමය ලේඛනය හා ස්ත‍්‍රීවාදී සාහිත්‍යය තුළ ඉතිරි කළ උරුමය සමතික‍්‍රමණය කිරීමක් පැහැදිලිවම සලකුණු කරයි. එසේම එය පුරුෂ කලාවේ උරුමය ස්ත‍්‍රීකරණය කිරීමක් ද සලකුණු කරයි.”
– කේ. කේ. සමන් කුමාර-
මෙය ලියවී ඇත්තේ නදීකා බණ්ඩාරගේ ‘මොනර බිත්තර’ පොතේ පිටුපස කවරයේ ඇතුළු පැත්තේ ය. සර්පයා (කේ.කේ. සමන් කුමාර) කරුණාකරලා මෙසේ ලණු දීමෙන් වළකින්න. මෙය සැබෑ නරුමවාදයයි. ලංකාවේ ගැහැනුන් එළියේ විකාර වන්නේ මෙසේ පිරිමින්ගේ ලණු කෑමෙනි. ඔයා ලස්සන යැයි පිරිමි කියූ විට ගැහැනුන් නිළියන් වෙති. කටහඬ කනට මිහිරියි කියූ විට ගායිකාවෝ වෙති. ලියන්න පුළුවන් යැයි කියූ විට ලේඛිකාවෝ වෙති. ස්ත‍්‍රීන් අරබයා මෙකී පුරුෂ නරුමවාදය අප නතර කළ යුතු ය. නදීකාගේ ‘මොනර බිත්තර’ යනු මේ ආකාරයෙන් නරුම පිරිමි ගැහැනුන් විසින් නදීකාට දුන් දිරවාගත නොහැකි වුණු ලණුවක ප‍්‍රතිඵලයකි.
අපි ඊවා රණවීරගේ පොත්වලට ආදරේ කළේ ඒ පොත්වලින් අපිව ලෙඩ නොකරපු නිසා. ‘සෙදෝනා’ කියවලා ඉවර කරාම අපිට සියදිවි නහගන්න නොහිතෙන නිසා. අපිට අපි ගැන ආදරෙන් හිතන්න අර්ථයක් දුන්න නිසා. නදීකාගේ ‘මොනර බිත්තර’ පොත ටිකක් කියවගෙන යනකොට ඔළුව රිදෙන්න ගන්නවා. පැනඩෝල් දෙකක් බීලා ආයේ කියවගෙන යනකොට යටි බඩ කැලතිලා වමනෙට එනවා. අන්තිම දක්වා කියවලා ඉවර වෙනකොට සියදිවි නහගන්න හිතෙන තරම් ආතතියක් දැනෙනවා. මේක තමයි ඇත්ත. ඇයි අපි මේ ඇත්ත නොකියන්නේ? ‘මොනර බිත්තර’ පොත ගැන පුරුෂ කියවීමේ හැඩය කුමක් වුවත් ස්ත‍්‍රියකගේ ඒ ලියමන තවත් ස්ත‍්‍රියකට බොහෝවිට දැනෙනුයේ මේ ආකාරයෙන් විය යුතුය. ලංකාවේ නූතන ස්ත‍්‍රීවාදීන්ගේ සාහිත්‍ය ඊවා රණවීරලා සමතික‍්‍රමණය කිරීම නොව ඊවා රණවීරලා වළෙන් නැගිටවීමට තරම් විපරිතය. ඒ නිසා මෙසේ ලණු දීම සෑහෙන්න භයානකය.
කිළුටු වමාංශිකයන් පසුපස යමින් අන්තෝනියෝ ග‍්‍රම්ස්චි ගැන කතා කරන ලංකාවේ නූතන රැඩිකල් ස්ත‍්‍රීවාදීන්ගේ ආත්මය අපිට පැහැදිලිය. මේ සත්‍ය අප කතා කළ යුතුය. ඒ අප නරුමයන් නොවන නිසාය. මේ පැහැදිලි කිරීම හා කියවීම නදීකා බණ්ඩාර, කුමාරි කුමාරගමගේ, ගීතිකා ධර්මසේන, නදී වාසලමුදලි, අනෝමා ජනාදරීලා වැනි ස්ත‍්‍රීන්ගේ ස්ත‍්‍රී හදවත් මතට කළු ගල් එකින් එක පතිත වනවාක් මෙන් දැනෙනු ඇත. ස්ත‍්‍රීවාදියනි ඔබලා වටා සිටින නරුමයන් අතරින් කෙනෙකු වීමට ඇති නොහැකියාවට සමාවන්න. මේ ඔබට අවිඥානික වන, ඔබගේ අනෙකා විසින් ඔබගෙන් සැඟවූ, නමුදු අපට කැඩපතක් මෙන් පැහැදිලි වූ සත්‍යයයි.
නදීකලා සහ කුමාරි කුමාරගමගේ ඇතුළු බොයිලේරු මෙන් නිතරම දුම් දමමින් රස්නෙට නටන ස්ත‍්‍රීවාදිනියන් කියවීමට අපට ”නව අරාජිකවාදය (New Anarchism)” යනු කුමක්දැයි පැහැදිලි කරගත යුතුය. එනම් රාජ්‍ය පිළිබඳව කිසිදු සංකල්පයක් නොමැති වීම සහ ධනවාදය ස්වාභාවික වීමය. මේ ස්ත‍්‍රීන්ට ද සිදු වී ඇත්තේ රාජ්‍ය පිළිබඳව ඇති පැහැදිලි නොදැනුවත්කම සහ ධනවාදය වතුර මෙන් සාමාන්‍ය වීමත් ය. එවන් තත්ත්වයක සිටිමින් මොවුන් පෙනී සිටින දේශපාලනික හා සමාජ ගැටලු එක්වරම වැදගත් ලෙස බාරගත නොහැකිය. රතු සාරිය ඇඳ කටේ ඩක් ටේප් අලවන් ඇවිදින විට කුමාරි පිස්සු ගැහැනියක මෙන් පෙනී ඇගේ විරෝධතාව කුමක් සඳහාදැයි නොපෙනීමට හේතුව ද එයයි.
ලාදුරු රෝගීන්ව හා මානසික රෝගීන්ව වසර ගණනාවක් පිටත සමාජයෙන් වෙන් කර රෝහල් පරිශ‍්‍රයක තැබූ විට සිදු වන්නේ ඔවුන් සම්පූර්ණයෙන්ම පිටත සමාජයෙන් ඈත් වී රෝහල් වපසරියට අනුව අනුගත වීමයි. එවිට ඔවුන්ගේ සිතුවිලි ද ඒ ආකාරයට මොට වේ. පිටත සමාජයේ වෙසෙන්නන්ගේ සිතුවිලි හා ජීවන කලාපය මෙවැනි රෝගීන්ගෙන් වියුක්තය. සීරියස් මිනිසුන්ගේ කලාපයට මොවුන් හසුවන්නේ නැත. ලංකාවේ මේ ස්ත‍්‍රීවාදිනියන්ටද සිදු වී ඇත්තේ මෙයයි. ඔවුන්ගේ හඬ රෝහල් පරිශ‍්‍රයෙන් පිටතට ඇසෙන්නේ නැත. එයින් පිටත ඒ හඬට ඇහුම්කන් දෙන්නන්ද නැත. කුරුඳුවත්තේ සිට පොත් ගන්නට පැමිණි අයටත් දෙණියායෙන් පැමිණි අයටත් ඩක් ටේප් අලවන් සිටි කුමාරි පෙනුණේ නැත. එහෙත් බෙරිහන් දීමට වේදිකා නිර්මාණය කරගන්නා හා කොළඹ කොටුවේ පෙළපාලි යන වාමාංශිකයන්ට මෙන්ම රැුඩිකල් විකල්ප ස්වාධීන විප්ලවකරුවන්ටත් පමණක් කුමාරි දර්ශනය වීම පුදුමයක් නොවේ.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ස්ත‍්‍රීවාදිනියන් වන ස්ත‍්‍රීන් පිරිමින් පසුපස යන්නේ නැත. ඔවුන් පිරිමින් ප‍්‍රතික්ෂේප කරන නිසාම පිරිමි ඔවුන් පිළිබඳව කුහුලක් දක්වති. ඔවුන්ගේ හඬ අසන්නට ඔවුහු වඩාත් සීරුවෙන් ඇහුම්කන් දෙති. ප‍්‍රතික්ෂේප කිරීම සහ වෛර කිරීම යනු දෙකකි. ලංකාවේ ස්ත‍්‍රීවාදිනියෝ පිරිමින්ට ආශක්ත වනවා සේම අනික් පසින් දැඩිව වෛර කරති. පිරිමින් වටා වෙළෙන අතරම ඔවුන් රහසින් මරා දමන ආකාරය මනසින් මවයි. නදීකා බණ්ඩාරගේ මරියාගේ රමණය, රතු සපත්තුව, දියෝනිස් දෙවොල පාමුල මෙන්ම මොනර බිත්තරවලත් කැටි වී ඇත්තේ මේ පුරුෂයන් කෙරෙහි දක්වන දැඩි වෛරයයි.
මේ ද්විත්ව මනෝභාවය ඇති වන්නේ කෙසේද? එය සංකීර්ණය. අනෝමා ජනාදරීලා හා නදීකලා වැනි ස්ත‍්‍රී චරිත තුළින් පිටතට මුදාහැරෙන නිර්මාණ තුළ ගැබ් වී ඇති පිරිමි කෙරෙහි ඇති වෛරයේ ආරම්භය මෙම ස්ත‍්‍රීන්ගේ ළමා කාලයේ ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වන්නට ඇති අතවර හා හිරිහැර නොවේ. ගීතිකා ධර්මසේනලා වැනි චරිත දරදඬු ස්ත‍්‍රී චරිත මෙන් සමාජයේ පෙනී සිටීමට උත්සාහ කරන්නේ ළමා කල සිදු වී ඇති යම් අකරතැබ්බ නිසා නොවේ. කුමාරි කුමාරගමගේ වැනි අය ජනාකීර්ණ ස්ථානවල විකට රංගනයන්වල යෙදෙන්නේ අතීත පහරකෑම් නිසා වන්නට ද නොහැකිය. මොවුන්ගේ පොදු ලක්ෂණයක් ඇත. එනම් සමාජයේ ‘ලස්සන’ යැයි අර්ථකථනය කරනා මිණුම් දණ්ඩට මොවුන් හසු නොවීමයි. ලස්සන කැත යනු නිරපේක්ෂතාවකි. එය මනින සමාජ අඩිකෝදුවක් තිබේ. කිසිවෙක් කිසිවෙකුගේ මුහුණට ඔබ කැතැයි යැයි නොකියූවද මනසෙහි ලස්සන කැත මිණුම් දණ්ඩ ක‍්‍රියාත්මක වීම ස්වාභාවිකය. ලංකාවේ ලස්සන ස්ත‍්‍රියක් වන්නට නම් යම් සාධකයන් සපුරා තිබිය යුතුය. ලංකාවේ පිරිමින්ට අනුව ගැහැනියක් ලස්සන වන්නට හම සුදු විය යුතුය. ක‍්‍රමානුකූල ශරීර අගපසඟ තිබිය යුතුය. මෙයට අනුව ලස්සන ගැහැනුන් පීඩාවට පත් වූ විට බඩු පොළොවේ ගසන්නේ නැති මුත් ඔවුහු හඬයි. ලස්සන ගැහැනුන්ට වැඩිදුර ඉගෙනීමට ද නොහැකි වන්නේ ඉල්ලුම අධික නිසාය. එසේම ලස්සන ගැහැනුන් අසභ්‍ය වදන් භාවිත කරන්නේ නැත. කුමාරි කුමාරගමගේ මෑතක දී සිට ෆේස්බුක් හි කියන්නේම කැත වචනය. මේ වාමාංශිකයන් වටා එකතු වී සිටින යාළු වී සිටින් ස්ත‍්‍රීවාදිනියන් ලස්සන ගැහැනුන් නොවන බව ඔවුන්ගේම අවිඥානය දනී. ඔවුන්ගේ සම අඳුරුය. ශරීර අඟ පසඟ ලස්සන මිනුම් දණ්ඩට හසු වන්නේ නැත. ඔවුන් කෙසේ හෝ වැඩි දුර ඉගෙන ගන්නේ ඉල්ලුම අඩු නිසාය. මොවුහු ඇඟට පතට නොදැනීම කුණුහරුප කියති. හඬන්නේ නැත. බඩු පොළොවේ ගසා පිරිමින්ව පිහියා තලවලින් කපන්නට යති. රතු ලිප්ස්ටික් පමණක්ම තොල්වල ගල්වති. එසේම මෙම රැඩිකල් ස්ත‍්‍රීන් තමන්ගේ ඇඳුම් පැළඳුමින් තමන් ගෙවන්නේ චාම් ජීවිත යැයි පිටතට පෙන්නීමට උත්සාහ කිරීම විහිළුවක් ය. ‘ටොමී ගර්ල්’ පර්ෆියුම් එකක් හෝ ‘චැනල්’ හෑන්ඩ් බෑගයක් නිකන් ලැබුණහොත් විසික් කරන්නේ ද නැත. මේ ආශාව සහ වෛරයේ මධ්‍යය තුළ ඔවුන් දෝලනය වන ආකාරයයි.
දැන් මේ නූතන ස්ත‍්‍රීවාදිනියන්ගේ ආත්මවල හඬ ඔබට කියවා ගත හැකිය. තමන්ගේ අවලස්සන නිසා කොලිටි පිරිමින් එසේත් නැත්නම් ෆැන්ටසිවල ඇති පිරිමින් වෙනුවට මොවුන්ට සොයා ගැනීමට හැකි වන්නේ දාඩිය ගඳට ආදරය කරන වාමාංශිකයින්, විරූපී පිරිමින් ය. එම නිසාම ඔවුහු මේ පිරිමින් සමඟ හිඳිමින්ම පිරිමින්ට වෛර කරති. ඔවුන්ගේ සාහිත්‍ය, නිර්මාණ ලෙසින් එළියට එන්නේ මේ කඩා වැටී ඇති ෆැන්ටසිවල අසරණ දෝංකාරයයි. නදීකාගේ ‘මොනර බිත්තර’ නවකතා ශානරයට අයිති නොවන්නේ එසේය. ඒවා හුදෙක්ම මනෝවිශ්ලේෂණය වැඩිදුරටත් තහවුරු කරනා රෝගී ලක්ෂණ එකතුවන් පමණි. නදීකලාගේ ස්ත‍්‍රීවාදය බිහිවන්නේ පිරිමින් කෙරෙහි ඇති වෛරයේ ගිනි පුළුඟු අතරිනි. එනිසා නදීකාගේ නිර්මාණවල පිරිමින් නිතරම චූදියන් වීම වැළැක්විය නොහැකිය.
ගමේ සිට කොළඹට එන ගැහැනුන්ගෙන් සමාජයේ කවියන් ලේඛකයන් සහ ජනප‍්‍රිය පුද්ගලයන් ප‍්‍රසිද්ධියේ වස්ත‍්‍ර ඉරා ගනු ලැබීම මේ ස්ත‍්‍රිවාදි වෛරයේ කුලකයට දැමිය නොහැකිය. කොළඹ ගැහැනුන් නඩත්තු කිරීමට බොහෝ වෙහෙසක් දැරිය යුතු නිසාම මේ ජනප‍්‍රිය පුද්ගලයන්ගේ තෝරා ගැනීම බොහෝ විට ග‍්‍රාමීය ගැහැනුන් ය. ඔවුන්ට සයිවර් කඩේකින් ඉඩ්ලි පිඟානක්, ගෝල්ෆේස් එක අසල කඩල කරත්තයකින් කඩල ගොටුවක්, ටිකට් කඩන්නේ නැති පන්සලක නොමිලේ බෝධි පූජාවක් වැනි දේවල් ලබා දීමෙන් තමන්ගේ ආශාව ලාබයට සපුරා ගත හැකි බව මෙම ජනප‍්‍රිය පුදගලයෝ දනිති. එසේම ලේන් කූඩුවක් තුළට අත දැමූ විට ලේන් පැටවුන් හපන බවත් මොවුහු දනිති. එහෙත් ඒ සපා කෑමේ වේදනාව මිහිරකි. පසු ගිය කාලයේ මේ මිහිර විඳ ගත් කවියකුට ලේන් කූඩුවෙන් හසු වූයේ ඩයිනමයිට් එකකි. එය පුපුරා ගියේ නැත. කීස් ගෑවා පමණි. අවාසනාවක මහත කෙසේදයත් කූඩුවේ ඩයිනමට් දැක දැකම එයට අත දැමූ ලේඛකයාගේ ඉරණම තීන්දු විය. ඔහුගේ ආත්මයම කුඩු වී පුපුරා ගියේය. ඉතිං කේ.කේ. සමන් කුමාරත් නදීකාගේ මොනර බිත්තර අතගා බලන්නේ ඩයිනමයිට් ඇති බව නොදැන නොවේ. නදීකාට යෝජනා කරන්නේ ශුක‍්‍රාණු, ඩිම්බ, ඔසප්වලින් තොර සැබෑ. නිර්මාණයකින් අපට කතා කරන ලෙසයි.
අවසානයේ අප මේ නූතන රැඩිකල් ස්ත‍්‍රීවාදිනියන්ට මෙසේ කියමු.
කුමාරි ඔබ, ඔබ නිවාගත යුතුය. ලංකාවේ සැබෑ ස්ත‍්‍රීන්ට ඔබගේ කටේ අලවා තිබෙන ඩක් ටේප් තේරෙන්නේ නැත. නදීකා ඔබ ළමා කතා පොත් ලියන්නට යෑම ඉතා භයානකය. එසේම නවකතාවක තිබිය යුතු ගුණය ඔබ හැදෑරිය යුතුය. අනෝමා ලංකාවේ පිරිමින් කිම් කඩාර්ශියන් වෙනුවෙන් දිවි පුදනු ඇත. ගීතිකා ධර්මසේන ඔබ සිඹිමින් සිටින මළ කුණු ගඳ, දහඩිය ගඳ විප්ලවයේ ජයග‍්‍රාහී පුසුඹ නොවේ.
Ramesha