Saigon – 1975
බොහෝදෙනෙක් ගැන…
මේ කාලය කියන්නේ අපේ දේශපාලන සමාජය සහමුලින්ම වෙනස්වෙන්න පටන් ගත්තු කාලයක්. ජවිපෙ දේශපාලන ව්‍යාපෘතිය තියෙද්දි ඒ ව්‍යාපෘතියට නතුවෙලා හිටපු බොහෝ දෙනෙක් විවේචන කරමින් හරි එක`ගව හරි වාමාංශික ජීවිතයකට අදාල වෙච්ච මූලික දේවල් ටික හරි රැුක්කා. අඩුම තරමේ පවුලෙන් එහාට ගියපු ඊට වඩා සමාජෙට කිට්ටු වුණු මිනිසුන් එක්ක වඩා හොද සබදතාවයන් හරි තියාගත්තා. ජවිපෙ කණ්ඩනය උනාට පස්සේ හරි අපූරු දේවල් සිදුවෙන්න ගත්තා. ඒක තමයි දේශපාලන සබදතා වඩා පුද්ගලික සබදතා බවට පරිවර්තනය වීමත්, පක්ෂ කාඩර්වරු හිතවතුන් නඩත්තු කරන්න අවශ්‍ය නිසාම පක්ෂ හිතවතුන්ගේ (එම දේශපාලන ව්‍යාපෘතියේ වචනයකි* ඔ්නෑම කැතවැඩක් නොදැක්කා සේ සිටීමට ඔවුන් ටික ටික පුරුදු වෙන්න ගත්තා. බුදු හාමුදුරුවෝ මළාම සුභද‍්‍ර ප‍්‍රජාතන්ත‍්‍රීය භික්ෂු ආකෘතියක් පිළිබ`ද පාරම් බෑවා වගේම මේ ‘කාඩර්වරු – හිතවතුන්ගේ‘ අමුතු තාලයේ සෙල්ලම් එළියට එන්න පටන් ගත්තේ ජවිපේ ග‍්‍රහණයෙන් මිදුණට පස්සේ. දැන් හැමෝම තමන් ජවිපේ අක්ෂයේ ඉද්දි හිර කරන් හිටපු දේවල් එලිපිට කරන්න පටන් අරන්. දැන් ඇත්තටම ‘සැබෑම ඔවුන්‘ පෙනෙන්න පටන් අරන්. (විප්ලවවාදීන්ගේ හා හිතවතුන්ගේ* පාරට බහිද්දිම කකුල හිරවෙන්නේ කැත වැඩක් අස්සේ. පරණ දේශපාලන ආකෘතීන් අනුව විප්ලවවාදීන් වුණු බොහෝ දෙනෙක් දැන් පාංකඩ වෙමින් යන්නේ. අලුත් දේශපාලන ආකෘතියක් ඇතුළේ ඒ පරණ විප්ලවාදීන් යැයි කියා ගන්නා අය දේශපාලනිකව අභාවයට යවන්න ඔ්න. ඒකට හේතුව ඔවුන් තමන්ගේ පැරණි මාක්ස්වාදී හා මානවවාදී වෙස්මුහුණ තවමත් සමාජප‍්‍රාග්ධන වෙන්දේසියේ තබා විප්ලවවාදී දේශපාලනය පිළිබද ලංසු තබන නිසා. ඔවුන් බොහෝ දෙනෙක් දැන් තම තමන්ගේ පෙටිට්ය කඩා ගනිමින් ඉන්නේ. පතිවත පෙන්නන්න ඔ්න නිසාම මාක්ස්වාදය ගැන සංවාද කරන්නේ හතරවටේ තියෙන වාමංශික ව්‍යාපාර වලින් රතු තීන්ත ඉල්ලගන්න.දැන් වාමාංශික ව්‍යාපාරත් කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරනවා වෙනුවට ධනවාදයේ වැජඹෙන්න යන එවුන්ට පිරුවටයට විසිකරන්න රතු තීන්ත බෙදන එක.
මට අනුව කැළුම් නවරත්න කියන මගේ අතිජාත මිත්‍රයා මේ දුෂ්ඨ ඉරණමේ හොඳම සහ සිත් කාවදිනසුළු නිදර්ශනයක්
Comments are closed.