80 දශකය සමග සසදනවා නම් අද වන විට බොහෝ දේ වෙනස් වී ඇත. ඒ අතරින් ඉතාම වැදගත් වන්නේ සෝවියට් මාක්ස්වාදයේ තාර්කික අඩංගුව විසිර යාමයි. ලෙනින්වාදයටත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයටත් වඩා යහපත්, සමාජීයව විය හැකි යැයි සිතු නව-ලිබරල්වාදය දැන් අතිශය අතාර්කික වී ඇත. එපණක් නොව , නව සමාජ – ව්‍යාපාර (ස්ත්‍රිවාදය,සමලිංගිකත්වය,පරි
ආරම්භයේදී x කණ්ඩායමේ දේශපාලනය ලංකාවේ එතෙක් පැවති වාම දේශපාලනයටත්, දක්ෂිණාංශික දේශපාලනයටත් විරුද්ධාභාසයක් ජනනය කළේය. එතෙක් පැවති වමට වඩා “සැබෑ ජීවිතයට” [Real Life] අවධානය කිරීම නිසාත්, අනෙක් පැත්තෙන් ආර්ථිකයට වඩා දේශපාලනයේ වියුක්ත සංකල්ප වලට (බලය,හෙජමොනිය, හැගවුම්කාරකය, ස්
‘ෂන්තාල් මුෆ්’ නම් දාර්ශණික ස්ත්‍රියට අනුව “තැචර්වාදය” යනු අක්‍රීය විප්ලවයකි. මෙම අක්‍රීය විප්ලවය විසින් එංගලන්තයේ මුලුමහත් මහජන කතිකාවම විපර්යාස කරන ලදී.
x දේශපාලනය විසින් ව්‍යාකූල ලෙස වුවත් මතු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සමාජ දේහයේ සිදු වූ සුසමාදර්ශී විතැන් වීමකි. (Paradigm Shift] එමගින් මතු වූයේ ‘සැබෑව‘ (Real ) සහ ‘සංඥා ලෝකය‘ (Sign World ) අතර වෙනසයි. x දේශපාලනය යළි යළිත් මතු කළේ ‘සැබෑව‘ “වේෂ – නිරූපණය” [simulation] කිරීමට සමත් සංඥා පද්ධතියක් තුළ මේ වන විට මිනිසා ක්‍රියාත්මක වන බවය. මාක්ස්වාදයේ සංස්කෘතික හැරවුම ලෙස සළකා බැලෙන ලක්ෂය මෙයයි. යථාර්ථය යනු සංඥා මගින් චලනය වන ප්‍රපංචයක් ( එනයින් එය ස්වායක්ත වීම) බව මතු වූයේ x දේශපාලනය හරහාය. ගැටලුව වන්නේ ධනේෂ්වර ක්‍රමය සහ එහි සංඥා ස්වභාවය ගැන ඊනියා x නායකයන් යැයි බාහිරින් වර නගන අය දැන සිටියේද යන්නයි. 2004 වර්ෂයට පසු පසක් වූයේ x හර පද්ධතිය වෙනුවෙන් පෙනී සිටියේ කවුද යන්නය. මෙම හර පද්ධතිය එක පරම්පරාවකගේ ජීවිත විනාශ කළ බවද පිළිගත යුතුය. යථාර්තය යනු සැබෑව නොව ඉන් ඈත්වීමක් යන්න වටහා ගැනීමට බිළි පූජාවක් අවශ්‍ය විය.
‘නික් බීම්ස්‘ ඔහුගේ ‘‘භූගෝලීයකරණය“ පිළිබද පොත් පිංචෙහි දී ධනවාදය පිළිබදව පහත පරිදි රැඩිකල් අර්ථකථනයකට ගමන් කරයි.
“ නිශ්පාදනය භූගෝලීයකරණය වීම නොහොත් නිශ්පාදන ප්‍රාග්ධනය ගෝලය වටා ගමන් කිරීම නිසා ධනවාදී නිශ්පාදන විධිහ බිද වැටී ඇත. එය හුදෙක්ම කිසියම් ආකාරයකින් සමස්ථ පද්ධතිය ඇන හිටුවන වාණිජ හෝ ව්‍යාපාරික අර්බුදයක් නොවේ. ඊට විපරිතව ධනවාදයේ බිද වැටීම මගින් ගුණාත්මක ලෙස අවබෝධ කරගත යුත්තේ භූගෝලීය පරිමාවකින් ප්‍රාග්ධනයේ වියරු සහගත ක්‍රියාකාරීත්වයෙනි.”
…………
නික් බීම්ස්ට අනුව ගෝලීයකරණය තුළ ‘ධනවාදය‘ නම් සමාජ – ව්‍යුහය අවසන් වී ඇත. එතැනදී ඔහු බොහෝ සම්භාව්‍ය මාක්ස්වාදීන්ට වඩා රැඩිකල්ය. නමුත් ඔහු ඊළග ඉදිරි පියවර නොගත් නිසා ඔහුගේ ජාත්‍යන්තරයේ දේශීය ශාඛාවට x කණ්ඩායමේ හිටපු හොරිකඩ නඩයක් සාමාජිකයන් ලෙස පත් විය. තම පන්තිය කළිසමෙන් සහ සපත්තු වලින් වැසිය හැකි යුගයක මේ තක්කඩි රංචුව එකවරම අව්‍යාජ මාක්ස්වාදීන් බවට පරිවර්ථනය විය.
ධනවාදය අවසන් වී ඇත. එය නික් බීම්ස් නිවේදනය කර ඇත. ‘ප්‍රාග්ධනය‘ නම් සමාජ සම්බන්ධය ඉතුරු වී ඇත. එවිට දේශපාලන ක්ෂේත්‍රෙය් සිදුවිය හැකි විපර්යාසය කුමක්ද ?
ඉහත ගුණාත්මක පරිවර්ථනය සත්‍ය ලෙසම දුරදිග යන දේශපාලන ගම්‍යතාවයකින් යුක්තය. ඉන් ප්‍රකාශ වන්නේ ධනවාදී රාමුව තුළ කම්කරු පන්තියේ (හෝ වෙනත් ඕනෑම පන්තියක) සමාජ තත්ත්වය රැකගත හැකිය යන සියලු ජාතික ප්‍රතිසංස්කරණ ඉදිරි දර්ශනවල (සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ වෘත්තීය සමිතිවල ප්‍රතිසංස්කරණවාදී දේශපාලනය) පරිපූර්ණ බිද වැටීමයි.
නික් බීම්ස්ට පරිකල්පනය කළ නොහැකි දෙය අපි පරිකල්පනය කරමු. ධනවාදය බිද වැටී ඇති බවට සැකයක් නැත. අපට ඒ සදහා සම්භාව්‍ය මාක්ස්වාදී සුභාරංචිකරුවෙක් ද සිටියි. “රාජ්‍ය, ප්‍රාග්ධනය, ජාතිය” නව ආකාරයකින් ප්‍රතිසංධානගතවීමක් අපට පුරෝකථනය කළ හැකිය. මෙහි අරුත වන්නේ සියලු දෙනා ධනපතියන් ලෙසින් හැසිරීමට පටන් ගැනීමයි. 2005 වර්ෂයෙන් ආරම්භ වූ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2010 වර්ෂයේදී ඉහත තත්ත්වයට පත් විය. අලුත් වර්ගයේ මිනිසෙක් මෙම නව ලෝක රටාව තුළ බිහි විය. මෙම මිනිසා විසින් තමන් අනෙකාට සම්බන්ධ කරන සදාචාර ලෝකය (Moral World] ) අත්හිටුවා ඇති අතර ඔහුට අදාළ වන්නේ තමන්-තමන්ගේ ක්‍රියාවට සම්බන්ධ වන තැන පමණි. (Ethics) එනම් ආත්මීය ක්‍රියාවයි. මේ ගැන නික් බීම්ස්ට අවබෝධයක් නැත. අව්‍යාජ මාක්ස්වාදීන් ද ව්‍යාපාරිකයන් බවට තහවුරු වූ සමයක සියල්ල වාෂ්ප වී යන අතර වාෂ්පය වළාකුලක් වී එය නිදහස් පුද්ගලික ලෝකයක් වෙයි. දැන් පෙරළා දමන්නට ලෝකයක් නැත. ලෝකය විසින් ස්ත්‍රී පස්සක් ලෙස ඔබව පෙරළා දමමින් සිටියි. අනුන්ට සුචරිතය කියා දෙන වුන් අයිති පැරණි ලෝකයටය. ( කැසිනෝ ගැන අපගේ අදහස මීට කලින් ලියා ඇත.) තමන් කකුළුවෙකු ලෙස ගමන් කරමින් අනුන්ට කෙලින් යන්නට උගන්වන සුචරිත උපාසක මහත්වරුන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුන් අපට දෙන මාත්‍රාවෙන්මය. මද්දුම බණ්ඩාරගේ උදාර වාක්‍යයෙන් අප මෙය අවසන් කරමු. ‘‘ බිය නොවන්න! ගහන්න.
—————————————————————————————————————————————-
සඳරැවන් යනු කවු ද ?
සදරුවන් සේනාධීර විසින් පසුගිය දා වර නගා තිබූ ප්‍රශ්න වලින් කිහිපයක් අපි නැවත මේ අකාරයෙන් වර නගමු.
01. ප්‍රගීත් එක්නැලිගොඩ සහ සදරුවන් අතර තිබූ මිතුදම පිළිබදව හෙගලියානු දයලෙක්තික කියවීමක්.
02 . ලංකා ඊ නිවිස් ආයතනයේ සේවකයන් සහ සදරුවන් අතර වූ බල අරගලය ගැන ෆුකෝඩියානුුයානු පැහැදිළි කිරීමක්.
03. සදරුවන් ගේ මාධ්‍ය භාවිතාව පිළිබද පශ්චාත්-මාක්ස්වාදී ලැක්ලාවියානු අර්ථකථනයක්.
1. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාටුන් ශිල්පියෙකු වූ දැනට අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ලංකා ඊ නිවිස් ආයතනය වෙනුවෙන් සිය පෑන මෙහෙයවමින් විශාල කාර්යභාර්යක් ඉටු කළා. මහින්ද රාජපක්ෂ රෙජිමයට විරුද්ධව යම් සාධනීය විවේචන රාශියක් ඉදිරිපත් කළ ඒ මහතා වරෙක නාදුනන පිරිසක් විසින් පැහැරගෙන යනු ලබනවා. ඉන් දින කිහිපයකට පසු නැවතත් ඔහුව අතරමග දමා යන ආරක්ෂක අංශයේ යැයි සැකකල හැකි පිරිසක් ඔහුට අවසන්වරට අවවාද කරන්නේ මින් ඉදිරියට දැගලුවොත් ඒ අවසානය වියහැකි බවයි.මේ සිදුවීමෙන් පසු ප්‍රගීත්ට ඊනිව්ස් ආයතනයේ රැකියාව පවා අහිමි වෙනවා. ඔහු සිය මිතුරන්ගෙන් ඉතා සොච්චම් මුදලක් ඉල්ලාගෙන ජීවත් වෙනවා. මේ මුලු කාලය පුරාවට සදරුවන් ඔහු ගැන කිසිම අකාරයකින් සොයා නොබලන අතර ඒ බව ඔහු කුසල් පෙරේරා සමග ද වරක් පවසනවා. මෙසේ ඉන්නා අතර ප්‍රගීත් සවස් යාමයක රාජගිරියේ සදරුවන්ගේ ලංකා ඊ නිව්ස් කාර්යාලයට පැමිණෙනවා. එසේ පැමිණි ඔහු සදරුවන් ගෙන් ඉල්ලා සිටින්නේ තමන් විසින් අදින ලද කාටුන් වල පිටපත් තමාට ලබා දෙන ලෙසයි. එවිට මේ මහා මානව හිතවාදී සදරුවන් පවසන්නේ දැන් එයට වේලාවක් නැති බවත් පසු වේලාවක පැමිණෙන ලෙසත්ය. එවිට ප්‍රගීත් පවසන්නේ තමන්ට යළි දිනෙක එන්නට අපහසු බවත්, තමා අත මුදල් නොමැති බවත්ය. ඒ නිසා අදම කාටුන් ටික තමාට ලබා දෙන්නේ නම් එය මහත් උපකාරයක් වන බවත්ය. එවිට සදරුවන් අවඥාවෙන් සිනහ වෙමින් පවසන්නේ ‘‘ප්‍රගීත්, උබට ඒ කාටුන් ටික මේ හදිසියේ ඇයි ඕන වෙන්නේ? අනික මොනවද බං ඔය සාක්කුවේ තියෙන ෆොටෝ‘‘ කියාය. එවිට ප්‍රගීත් පවසන්නේ නැහැ මචං මේ පාස්පෝට් එක හදා ගන්න තියෙන ෆොටෝ වගයක් මගේ යාළුවෙක් මට පාස්පෝට් එක හදලා දෙන්නම් කියලා කීවා. ඒ වුනාට බං මම කවදාවත් රට යන්නේ නැහැ. මට එහෙම වුවමනාවක් නැහැ“ යනුවෙනි. එවිට සදරුවන් පවසන්නේ ඒ වුනාට දැන් නම් කිසිවක් කරන්නට බැරි බවත් වැඩ අධික නිසා වෙන දවසක එන ලෙසත්ය. ඒ අනුව තවත් සුළු වේලාවක් එම ආයතනයේ රැදෙන ප්‍රගීත් මේසය මත තිබු සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් අරගෙන එය පානය කර යන්නට පිටත් වෙනවා. ඔහු පිටව ගිය පසු යළිත් අවඥාවෙන් සිනහ වෙන සදරුවන් පවසන්නේ “කැරියා ගියාද? ඌ එනවා මාව තම්බන්න. ඕකා ඔය ට්‍රයි කරන්නේ රට පනින්න කාටුන් ටික පෙන්නලා. නොදකින් කාලකණ්නියා මම ඕකට කවදාවත් ඒ කාටුන් ටික දෙන්නේ නැහැ.“ යනුවෙන්. තවත් සුළු වේලාවකින් ඔහු සිගරට් පැකට් එක අතට අරගෙන පවසන්නේ “යකෝ මේ පරයා මගේ සිගරට් එකටත් කෙලලා ගියා. ඕකට බයිපාස් කරලා තියෙන නිසා සිගරට් වෙනදට බොන්නේ නැහැ. ඒ වුනත් නිකම් දෙනවා නම් ඕකා ඕනම මලජාවක් කයි“ යනුවෙනි.
මේ සිදුවීමෙන් දින කිහිපයකට පසු සංඥාමය නොවන අකාරයට සැබැවින්ම ප්‍රගීත් අතුරුදන් වන අතර ඒ ගැන වැඩියෙන්ම කළබලයට පත් වන්නේ මේ මහා මානවහිතවාදි සදරුවන්ය. ප්‍රගීත් තම ආයතනයේ සේවකයෙකු බවත් ඔහු තමාගේ අතිජාත මිත්‍රයා බවත්, ඔහු සොයා ගන්නා තුරු දිවිහිමියෙන් තමන් ආණ්ඩුව සමග සටන් කරන බවත් පවසන මේ සදරුවන් එතැන් පටන් අලුත්ම මීඩියා කැම්පේන් එකක් පටන් ගනිමින් ප්‍රගීත් ගේ අතුරුදන් වීමට දින ගනින දින පොතක් සිය වෙබ් අඩවියෙහි ආරම්භ කරනු ලබනවා. මිත්‍රත්වය පිළිබදව හෙගලියානු දයලෙක්තික භාෂාවෙන් තොරව මෙය අපට තේරුම් ගන්නට පුලුවන්ද?
02- සදරුවන් සහ ලංකා ඊ නිවිස් ආයතනයේ සේවකයන් කාලයක් ජීවත් වුනේ එකම පවුලක සාමාජිකයන් වගේ. බෙනට් අයියා, රංජිත් අයියා, ශාන්ත, සංජය, දස්කොන් ඇතුලු පිරිස මේ ආයතනයේ එකාවන්ව වැඩ කලා. මේ කිසිවකුටවත් නිසි වැටුපක් නොලැබුන අතර මේ දුෂ්කර කාලයේ මේ පිරිස විවිධ ප්‍රවෘත්ති පළකරමින් ආණ්ඩුවට විශාල අභියෝගයක් එල්ල කළ අතර ශාන්තට රිමාන්ඩ් වන්නට සහ පසුව රට හැර යන්නට පවා සිදු වන්නේ ඒ කාලයේ කළ විවිධ ක්‍රියාකාරකම් නිසාය. ලැබෙන යමක් සතුටින් බෙදාගෙන හවසට පොඩි අඩියක් ගසා දේශපාලන කතා කියමින් මොවුන් පුංචි පවුලක සාමාජිකයන් ලෙස ජීවත් වුනා. මේ කාලයේ මාස ගනක් වැටුප් නොමැතිව සේවය කළ මාධ්‍යෙව්දියෙකු ආර්පිකෝ ආයතනයෙන් එක් ලක්ෂ විසි දහසක පමණ දැන්වීමක් ඊ නිවුස් ආයතනයට අරගෙන එනවා. එම දැන්වීම රැගෙන ආ මාධ්‍යෙව්දියා ඉන් ලැබෙන මුදල් වලින් තමන්ගේ දුෂ්කරතාවන් මගහරවා ගැනීම සදහා අඩුම තරමේ සියයට පහලවේ කොමිස් මුදල හෝ ලබා දෙන්න යැයි ඉල්ලා සිටින විට සදරුවන් පවසන්නේ එය කල නොහැකි බවත් කැමති නම් රුපියල් පන්දහසක් ලබා ගන්නා ලෙසත්ය. එය සාධාරණීකරනය කරන්නට ඔහු ගෙන එන තර්කය වන්නේ තමා එම ආයතනයේ හිමිකරු බවත්, තමා එම ආයතනයේ ප්‍රධාන කර්තෘ බවත්,තමා එම ආයතනයේ ප්‍රධාන කාටුන් ශිල්පියා බවත්, තමා එම ආයතනයේ ප්‍රධාන ලේකඛයාද වන නිසා තමාට වැඩිම මුදලකට හිමිකම් ඇති බවය. අවසාන අවශයෙන් ඔහු කීවේ දැන් ධනවාදය යනුවෙන් සමාජ ක්‍රමයක් නැති බවත් එම ක්‍රමය මා වැනි තනි පුද්ගලයන්ට කඩේ යන බවත්ය. මේ කතාව හරියටම වනාන්තරයක සිටි සිංහයෙකු දඩයම බෙදා ගන්නට ගෙනා තර්කයට වඩා වෙනස් නොවන බව මිචෙල් ෆුකෝ “බලය” නම් සංකල්පය විග්‍රහ නොකරන්නට මේ සදරුවන්ගේ බලයට ඇති අධිකාරිය සහ ඒකාධිපතිභාවය අප කෙලෙස අවබෝධකර ගනිමුද? අනෙක් අතට මෙම ලංකා ඊ නිවිස් ආයතනයට වරෙක ආසියානු ජනමාධ්‍ය ආයතනයෙන් සම්මාන ත්‍රිත්වයක් ලැබෙනවා. ඒ ආයතනයට සහ මාධ්‍යෙව්දි සංජයට සහ ශාන්තටය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළකරන සදරුවන් තමන්ට ලැබුන සම්මානය ගැන ප්‍රවෘත්තිය ඉතිරි කර අනෙක් මාධ්‍යෙව්දීන් දෙදෙනාට ලද සම්මානය පිළිබද ප්‍රවෘත්තිය දිනකින් පසුව ගලවා දමනවා. ඒ ගැන ඔහුගෙන් අසන විට ඔහු නැවතත් ඉහත පළමු සිදුවීමේදී පරිදිම උත්තර ලබා දෙනවා. මහින්ද රාජපක්ෂගේ ඒකාධිපතිවාදය ගැන පතරංග ලිපි ලියන සදරුවන් පාලනය කළ ඊ නිව්ස් ආයතනය තුළ හැසිරීම මහින්ද රාජපක්ෂ රට පාලනය කළ ආකාරයට වඩා උසස් ද යන්න දෙවරක් කල්පනා කළ යුතු වෙනවා.
03- ලංකා ඊ නිව්ස් ආයතනය තුළ සේවය කළ සේවකයන්ට සදරුවන් නිතර ව්‍යංගයෙන් මතක් කර දුන් එකම කාරණය වන්නේ ධනවාදය මියගොස් ඇති බවත් තමා පුද්ගලික ධනපතියෙකු මිස ධනවාදියෙකු නොවන බවත්ය. මෙහිදී ඔහු කියා සිටියේ තමා යනු ෆුකුයාමාටත් වඩා දක්ෂ විශ්ලේෂකයෙකු වන බවය. වරෙක මෙම ආයතනයට එල්ල වන දැඩි රාජ්‍ය මර්ධනය හමුවේ එහි සිටින මාධයවේදීන්ට යම් හෙයකින් විදෙස් රටක දේශපාලන සුරක්ෂිතතාව ලබා ගන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දෙන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කර දෙන්නට අවශ්‍ය නම් එය කළ හැකි බවට එක්සත් ජාතීන් ගේ ආයතනයට අනුබද්ධ ආයතනයක් විසින් තමන්ට උපකාර කළහැකි බවට පවසනවා. මෙහිදී සදරුවන් පවසන්නේ ආයතනයේ කිසිදු නිත්‍ය සේවකයෙකු නැති බවත් සිටින අය නිදහස් මාධ්‍යෙව්දීන් වන බවත් ඒ අයට කිසිදු තර්ජනයක් නැති බවත් ඒ නිසා එවැනි කටයුත්තක් අවශ්‍ය නොවන බවත්ය. මින් ටික කාලයකට පසුව ඔහු සිය පවුල සමග රට හැර එංගලන්තයට පලායන අතර ලංකාවේ සිටින මාධයවේදීන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධයෙන් තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. තවත් ටික කාලයක් ලංකාවේ සිටින මාධයවේදීන් මෙම ආයතනය කරගෙන යන අතර පසුව ඔහු එතෙක් තනි මහන්සියෙන් ලංකා ඊ නිවිස් ආයතනයේ වෙබ් අඩවිය කරගෙන ගිය අංසකටත් නොදන්වා වෙබ් අඩවියේ පාස්වර්ඩ් එක මාරුකර නැවතත් ධනවාදය තවදුරටත් වලංගු නැති බවත් පුද්ගලික ධනපතියෙකු වන තමන්ට හිතෙන ඕනෑම දෙයක් කරන්නට හැකි බවත් තහවුරු කරනවා. මෙයින් වඩාත් තහවුරු වන්නේ මොහු කම්කරු අයිතිවාසිකම් සහ මාධයවේදීන්ගේ ජීවිත ගැන කෙතරම් නම් වගවීමෙන් කටයුතු කරනු ලැබූ බවද? මේ සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය අයට ලැක්ලාව් ගේ පශ්චාත්-මාක්ස්වාදය පිළිබදව සුමිත් චාමින්දගෙන් ඉගෙන ගන්නට පුලුවන්.
ජීන් බ්‍රෝද්‍රිලයානු මාධ්‍ය කෙටි නිරීක්ෂණ
01- 90 දශකයේ දී කොළඹ බොරැල්ල පෙදෙසේ මාධ්‍යෙව්දීන් පුහුණු කරන වැඩසටහනක් යැයි පවසා ඊනියා අහිංසක දුප්පත් කොල්ලන් රවටා මුදල් ගසා කෑම.
02- ඔහු විසින් පවත්වා ගෙන යනු ලැබූ සදරූ දැන්වීම් ප්‍රචාරණ ආයතනයේ වැඩසටහන් වලට ගෙන්වා ගත් ගැහැණු ළමයින්ට බලහත්කාරයෙන් වතුර ගසා තන්පුඩු පෙනෙන්ට සලස්වා වැල පත්තර වලට පින්තූර ගැනීම
03- තමන් ආදරය කර කසාද බැද තමන්ට ගැහැනු දරුවන් දෙදෙනෙකු වදා දුන් ආදරණීය බිරිද රෝගී තත්ත්වයක් නිසා ස්ථුලභාවයට පත්වීම නිසා මහත් කළකිරීමෙන් එළිවනතුරු අරක්කු බොන ගමන් එම ගැහැණිය සමග නිදා ගන්නට බැරිවීම පාපයක් යැයි පවසා හොටු පෙරමින් හඩා වැටීම.
04- මොහු සමග අරක්කු බොන විට අනෙක් සගයාගේ අරක්කු වීදුරුවට නොසිතන මොහොතක සිගරට් අලු කඩා දමා තම අනෙකා මවිතයට පත්කිරීම.
05- තමන් විසින් දේශපාලන වැඩ සදහා යැයි කියමින් නිර්මාණය කර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කෝටි හතකට විකුණා එංගලන්තයට වී අරක්කු බී මිය යාමට සිහින දැකීම (මෙම ගණුදෙනුව සදහා අතරමැදියන් ලෙස කටයුතු කළ පුද්ගලයන් පිළිබදව අප ඉදිරියේදී හෙළිකරනු ලැබේ.)
06- ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිණි තැබු නඩුව ගංගොඩවිල උසාවියේ විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය අසල උද්ඝෝෂණයක නිරත වෙමින් පෝස්ටර් උස්සා සිටින විට “සුද්දන්ට පේන්න මේවා කරන්න ඕන නැතිනම් රට පනින්න බැරි වෙනවා” යැයි පැවසීම.
07- අලුත් එන්.ජී.ඕ එකක් නිර්මාණය කර සම්තින් එකක් සොයා ගන්නට දෙහිවල පැත්තේ නීතීඥවරියක බැහැදකින්නට බඩගාගෙන යාම.
08- තමන්ගේ අති සමීප මිතුරෙකු සමග අධික ලෙස මත්පැන් පානය කර ඔහුට වෙරිවීමට සළස්වා වට්ටවා ඔහුගේ බිරිදට දිවාකර සැපක් ලබා දීමට ගොස් අනූනවයෙන් මාට්ටු නොවී බේරීම සහ ඒ ගැන පසුව තැන් තැන්වල පොරටෝක් දීම ( මෙහි නම් සදහන් නොකරන්නේ අපට තොරතුරු ලබාදුන් මිතුරන්ගේ බලවත් ඉල්ලීම පිටය.)
09- ශිරාල් ලක්තිලක මහතාගේ ආයතනය තමන්ට ආර්ථික අපහසුතා පැවති අවස්ථාවක පාවිච්චි කිරීමට දුන් පසු එම ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගෙන ජල සහ විදුලි බිල්පත් නොගෙවා මාරුවීම සහ පසුව ශිරාල් යනු තමන් කිසි දිනෙක නොදන්නා අයෙකු සේ පාඨකයන්ට පෙන්වමින් එංගලන්තයේ සිට වෛරී ආකාරයෙන් බැන වැදීම සහ විවිධ ප්‍රවෘත්ති පල කිරීම.
10- මේ වන විටත් දේශපාලන රැකවරණය ලබාගැනීම පිණිස බොරු මානසික ආබාධයක් පෙන්වා එංගලන්ත ආණ්ඩුව රවටා එරටින් මානසික ආබාධිතයන්ට ලබා දෙන දීමනාව ලබාගෙන ඒ මුදලින් විස්කි බී ඊ නිව්ස් වෙබ් අඩවියට ලංකාවේ සිදුවන දේවල් ඇහින් දැක්කා සේ ලිපි ලිවීම.
11- ලංකාවේ සිටින මිනිසුන්ගෙන් තම වෙබ් අඩවියට ආධාර කරන්න යැයි ඉල්ලා ඒ ලැබෙන මුදලින් එංගලන්තයේ අප්‍රිකානු තඩි ගැහැනුන් සිටින මසාජ් පොට්වලට ගොස් ඇගේ පතේ හිරි ඇර ගැනීම.
කිසිදු දිනෙක අපව හැරගිය සාමාජිකයන් ගැන පවා අප විසින් පළමුව විවේචනය කරන්නේ නැත. ඔවුන් විසින් දීන අකාරයෙන් අපව විවේචනයට බදුන් කළ පසුව අප ලබා දුන් පිළිතුරු නිසා අපව හැර ගිය පැරණි සාමාජිකයන් මේ වන විටත් අහිකුණ්ඨකයන් පිරිසක් බවට පත්ව ඇත. අප ක්‍රියාකරන්නේ දේශපාලන පක්ෂයක් ලෙස මිසක ආණ්ඩුවේ හෝ විපක්ෂයේ කොන්තරාත් ඉටු කරන පිරිසක් ලෙස නොවන බව සදරුවන් මේ දක්වා දැන සිටියත්, හිටි හැටියේ ඔහුගේ ව්‍යාජ මානසික ආබාධය නස්රුදීන්ගේ ටොෆි කතාවේ පරිදිම දැන් ඔහුටම විශ්වාස කරන්නට සිදුව ඇති නිසා හිතට නැගෙන සිතිවිලි ලියන්නට පටන්ගෙන ඇත. සදරවන් නම් රෑකඩය නටවන තිරය පිටුපස සිටින මහත්වරුන් කළබල විය යුතු නැත. අප ඔවුන් ගැන ඉදිරියේ දී කතා කරන අතර සදරුවන් ගැන තවත් කතා වඩාත් සවිස්තරව පසුව ඉදිරිපත් කරනු ලැබේ.
සදරුවන්, අවසානයේ අප වසර හතක සිට බලා සිටි ඒ දුම්රිය පැමිණියා….! ඔබම ඊට බෙල්ල තැබුවාට අපට කරන්නට දෙයක් නැත.
එතකොට එක්නැලිගොඩ මහත්තයට ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ක්ද?අතුරුදහන් කියනවා,ප්‍රංශයේ ඉන්නවලු.කෞරුවත් හරි තොරතුරක් දන් නැද්ද ?
ගහෙන් ගහට කොට කොටා යන කොට්ටෝරුවා කෙහෙල් ගහට ඇන්න දාට සෙට් ලු.
දීප්ති මෑත ඉතිහාසේ කල ලොකුම සමාජ සේවය තමයි මේ අවලමාව මෙසේ නිරුවත් කිරීම. ස්තුතියි දීප්ති
Comments are closed.