ඇමති චම්පික රණවක ඩිසල් මාෆියාවට විරුද්ධව කටයුතු කරන බවට පුවතක් දුටිමි. ලංකා විදුලි බල මණ්ඩලය ඩිසල් තාප බලාගාර වලට ඉතා විශාල මුදලක් ගෙවයි. ඒ අතර ඉහත ඇමතිවරයා ම බයිසිකලයකින් යන දර්ශනයක් ද දුටිමි. මට හිතෙන්නේ මෙයට වෙනස් විධිහකට බලාගාර වසන්නේ නැතිව තරඟය අඩු කර පාරිභෝගිකයා ගෙවන විදුලි මිල අඩු කර ගැනීමක් කල යුතු බවයි. ඒ හදිසියකට හෝ ඔවුන් (ඩිසල් බලාගාර ) ඕනෑ විය හැකි බැවිනි.
රයිගම් හන්දියේ රයිගමයා කීප වතාවක්ම සුර්ය බලයෙන් විදුලිය ඉපදවීම ගැන ලියා තිබේ. ඔහුගේ නවතම ලිපිය මෙතන ඇත. පරණ නැගෙනහිර ජර්මනියට අයත්ව තිබු දැන් ජර්මනියේ තුරින්ගියා ප්‍රාන්තයේ ධනවාදී රටක සමාජවාදී ගමක් ගැන මින් පෙර පැවසුවෙමි. එයට මෙතනින් යන්න. මගේ බිරිඳගේ සොයුරිය හා ස්වාමි පුරුෂයා ඉන්නේ මේ ගමේය. ඔවුන්ගේ තට්ටු පහක නිවසේ යටම තට්ටුව (underground level) වෙන් කර තිබෙන්නේ තාපය නිපදවන උදුනකටය. ඔවුන්ගේ වහලේ සුර්ය කෝෂ තහඩු (සුර්ය පැනල) සවි කර තිබේ . කෑම පිළියෙළ කරන විට නිපදවෙන තාපය ප්‍රධාන පයිප්ප ජාලයට සවි කර තිබෙන්නේ ඒ තාපයෙන් ප්‍රයෝජනය ගෙන නිවස උණුසුම් කිරීමට හා වතුර උණුසුම් කිරීමටය. ඊළඟට ඉවත ලන ආහාර , කඩදාසි ආදී ඓන්ද්‍රිය (ඔර්ගනික) අපද්‍රවය පහල තිබෙන උදුනට දමා ඒවා දහනය කර එයින් නිවසට අවශ්‍ය තාපය ලබාගැනේ ( වතුර උණු කිරීම ආදියට). මේ උදුනටම වත්තෙන් ලැබෙන දර ද භාවිතා කරනු ලැබේ. ඉතින් ඔවුන්ගේ විදුලි වියදම හා ගෑස් වියදම ඉතා අඩුය. උඩම තට්ටුව සිත කාලයට මදක් සීතල වුනත් එහි සිටින නිවසේ තරුණ ළමයිනට එය ගණනක් නැත . උඩට යනවිට ජලය සීතල වෙන නිසා වැසිකිලි හා නන කාමර ඇත්තේ පහලය. ග්‍රීෂ්ම කාලයට සුර්ය තාප විදුලිය වැඩි නම් ඔවුන්ට එය ප්‍රධාන ජාලයට විකුණා මුදල් ලබා ගනී. ඒ නිසා ඒ පැත්තෙනුත් ආණ්ඩුවට අත නොපා ජිවත් වෙන්නට හැකි වී තිබේ. නමුත් මේ සියල්ල කර ගැනීමට මුල් මුල්‍ය ආධාරය දී ඇත්තේ ජර්මන් රජයෙනි. ගමේ අනිත් නිවාසයන්ද මේ ආකාරයට වෙනස් කර ඇත. මා මුලින් සිතා සිටියේ සෝවියට් දේශයේ මෙන් නිවෙස් සියල්ල රජයට අයිතිය කියායි. සොයා බැලු විට මෙහි තත්වය වෙනස්ය.
සෝවියට් දේශයේ විප්ලවයෙන් පසු සියලුම පුද්ගලික නිවාස රජයට පවරා ගත් පසු, මුලදී හොඳින් සංරක්ෂණය වූ ධනවතුන් ගේ හා මධ්‍යම පාන්තිකයන්ගේ නිවෙස් වලට පදිංචියට පැමිණි ජනතාව ඒවා හොඳින් බලා කියා ගත්තේ නැත. එසේ කිරීමට දැනුමක් හෝ සම්පත් තිබුනේ ද නැත. අනිත් කරුණ නම් ඒවා ආණ්ඩුව සතු නිසා ඒවා බලා කියා ගැනීමට ජීවත්වූ කිසිවෙකුගේ උනන්දුවක් තිබුනේද නැත. ඒ නිසා ඒ ගෙවල් පසු කලෙක ඉතා ජරාජීර්ණ වී ගියේය. ඉන්පසු 60-70 අවධියේ විශාල තට්ටු නිවාස ව්‍යාපෘති ඇති කරන තෙක් දැඩි නිවාස හිඟයක් තිබුණි. ඒ නිවාසයන් රැක බලා ගත්තේ ප්‍රාදේශීය සභා හා නගර සභා නිසා ඒවායේද අලුත්වැඩියා කිරීමේ ප්‍රශ්න තිබුණි. තමන්ට අයිති නැති නිසා ජනතාව උනන්දුවක් ගත්තේ ගෙවල් වල ඇතුලත හොඳින් තබා ගන්නට පමණි. එකී නිවාස උණුසුම් කිරීමට නැවතීමකින් තොරව ක්‍රියාත්මක වූ තාපකයන් නිසා බලාගාර නිපදවන තාපයද නාස්ති වුනි. විදුලියත් ඒ ලෙසම නාස්තිකාරී ලෙස භාවිතා වුනි. න්‍යෂ්ටික බලාගාර වලින් එන විදුලියේ මිල ඉතාම ලාභ නිසා මෙය කිසිවෙකු ගණන් ගත්තේද නැත.
පරණ කියුබන් නිවසක්:
කියුබාවේ සමහර නිවාසත් මෙලෙසම ජරා ජිර්ණ බව දක්නට ලැබේ. ඒවා අලුත්වැඩියා කිරීමට කියුබානු රජයට මුදල් නැත. ඇමෙරිකානු සම්භාධක නිසා භාණ්ඩද නැත. රාවුල් කැස්ත්‍රෝ පසු ගිය අවුරුදු දෙකේ සිට තමන් ජිවත් වන නිවෙස් වල අයිතිය කියුබනුවන්ට පවරා දෙන්නට පටන් ගත්තේය. දැන් කියුබානුවන්ට නිවාස විකුණන්නත් පවරා දෙන්නටත් හැකිය. මේ ගැන සඳහනක් කරන එක් බීබීසී වාර්තාකරුවෙකු පැවසුවේ දැන් කියුබාව නිවාස අයිති කර ගැනීමට ඉඩ දීමෙන් ප්‍රාග්ධනය නැවත ඇති කර ඇති නිසා කියුබාව ධනවාදී ගමනකට මුල පුරා ඇති බවයි.
විකිනීමට ඇති කියුබන් නිවසක්:
නිවෙස් හිමියෙකු ගේ නිවසේ වටිනාකම ප්‍රාග්ධනය නම් ඔහු එම ප්‍රාග්ධනයෙන් සූරා කන්නේ කවුද? ඔහු ගෙවල් කිහිපයක් මිලදී ගෙන , නැවත නැවතත් විකුණා ලාභ ලබා කම්හලක් පිහිටුවා ධනපතියෙකු වුවහොත් එම තර්කයට එකඟ විය හැක. නමුත් වැසියන් බොහොමයකට තමන්ගේම නිවස හිමි වීම ධනවාදයට යාමක්ද?
දැන් අර නැගෙනහිර ජර්මන් ගමේ හැම නිවසක් ම ඉතා හොඳින් රැක ගෙන තිබුනේ ජර්මන් රජය නිවාස පවරා නොගත් නිසාය. ස්ලාවෝයි ජිජැක් ඉපදී හැදී වැදුන පරණ යුගොස්ලාවියාවට අයත් ස්ලෝවෙනියාවේ නිවෙස් රජයට පවරා ගත්තේ නැත. ඒවායේ අයිතිකරුගේ හිමිකම වෙනස් කලෙත් නැත. රටවල් දෙකේම නිවාස නැති අයට රජය විසින් තට්ටු නිවාස සාදා ලබා දුන් අතර ඒවායේ අයිතියෙන් භාගයක් රජය යටතේත් ඉතිරි භාගය නිවස හිමියා යටතේත් තබා ගන්නා ලදී. මෙයින් සිදුවුනේ හොදින් රැක බලා ගත් නිවාස පද්ධතියක් තවමත් තිබීමයි. එංගලන්තයේ හවුසින් ඇසෝසියේෂන් වල ක්‍රියාත්මක වෙන්නෙත් මේ ක්‍රමයමයි.
මාග්‍රට් තැචර් යනු මා කැමති දේශපාලනඥයෙක් නොවේ. ඇය අන්ත දක්ෂිනාන්ශයට අයත් අගමැති වරියක ලෙස පෙනී සිටියාය. නමුත් ඇගේ එක වැඩ සටහනකට මා කැමතිය. එනම් රජය යටතේ පැවති කවුන්සිල් ගෙවල් හෙවත් සහනාධාර යටතේ දුන් රජයේ ගෙවල් එම වැසියන්ටම ඒවා අඩු මුදලකට මිලදී ගන්නට සැලැස්වීමයි. ඇය එය කලේ ඒවා නඩත්තුවට යන වියදම ඉතිරි කර ගැනීමට වුවත් බොහෝ අය ඒවා මිලදී ගෙන නඩත්තු කළහ. නැත්නම් දරුවන්ට දුන්හ.
දැන් ඉතින් මාතෘකාවට යමු. මම විදුලි ඉංජිනේරු උපාධිය සෝවියට් ක්‍රමයට අනුව අවසන් අවුරුදු දෙකේ ස්පෙෂලයිස් (විශේෂ?) කලේ තාප විදුලි බලාගාර සම්බන්ධවය. මා උපාධිය ලබා ගත්තේ 1991 දීය. ලංකා විදුලි බල මණ්ඩලයේ ආචාර්ය සියඹලාපිටිය මහතා ඉතාමත් කරුණාවෙන් මා හට ත්‍රිකුණාමලයේ සෑදීමට යන ගල් අඟුරු බලාගාරයේ විස්තර ලබා දුනි. මා සැලසුම් කල මෙගාවොට් 2 x 150 බලාගාරයක් සඳහා වන තීසිසය හා ප්‍රොජෙක්ට් එක නිම කලේ ඒ අනුවය. එහිදී විදුලි බල මණ්ඩලයේ generation planning (විදුලි බල උත්පාදන සැලසුම් අංශය ) අංශයේ සැලසුම් එතුමා පැහැදිලි කර දුන් අතර මට පෙනී ගියේ ලංකාවේ විදුලි ඉංජිනේරුවන් රටේ අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය විදුලි බලය අනාගතයේ නිපදවීම සඳහා ඉතා හොඳින් සැලසුම් කර තිබු බවයි. ගල් අඟුරු යොදා ගන්නා තාප විදුලි බලාගාර පිහිටුවීම ත් එම සැලසුමටම අයත් විය. නමුත් යුද්ධය හා දේශපාලන ඇඟිලි ගැසීම් නිසා මේවා සාක්ෂාත් කර ගැනීමට ඉංජිනේරුවන්ට හැකියාවක් තිබුනේ නැත. යුද්ධය අවසානයේ මහින්ද රජය විසින් ගල් අඟුරු බලාගාරය සාදා නිම කලත් 1995-96 සද නිම කිරීමට තුබූ එය අවුරුදු විස්සකට පසු (දැන් 2015) පසුවී සෑදීමේ එතරම් තේරුමක්ද නැත. වෙනත් පරිසර හිතකාමී විදුලි ව්‍යපෘති 2015 වනවිට ඇති කිරීමට සැලසුම් කල විදුලි ඉංජිනේරුවන්ගේ සැලසුම් සියල්ල වතුරේය. ලංකාවේ සිදුවන්නේ සැලසුම් වලට වැඩ කිරීම නොව කොමිස්, චන්ද සහ ප්‍රශ්නයට පිළිතුර වෙනුවට මුක්කු ගැසීමට කරන වැඩ නිසා, පාඩු පිට දුවන විදුලි බල මණ්ඩලයක් හා මිල අධික විදුලිය නිෂ්පාදනයක් රටට උරුම වී තිබේ.
මා විදුලි ඉංජිනේරුවකු ලෙස උපාධිය ලබා එම රැකියාවේම වැඩ නොකලත් ඒ පිලිබඳ ඉමහත් උනන්දුවක් මට ඇත. ඒ නිසා අවුරුදු තුනකට ඉහතදී සුර්ය පැනල නිවසේ වහලේ සවිකර විදුලි බලය නිපදවීම පිළිබඳව සොයා බැලුවෙමි. එතැනදී එය ඉතා මිල අධික බවත් එනම් පවුම් 20000 පමණ වැය වන බවත් නිපදවෙන විදුලියෙන් මේ වියදම සපුරා ගන්නට අවුරුදු 25ක් ගතවන බවත් දැනගෙන ඉතාමත් අධෛර්යට පත්වුණෙමි.
මේ නිසා බ්‍රිතාන්‍ය රජයටද සුර්ය පැනෙල සවි කිරීම සඳහා නිවෙස් හිමියන්ට ණය ආධාර දෙන්නට සිදු වුනි. මින් සුර්ය පැනෙල විකුණන සමාගම් වැඩි වීමත් මිනිසුන් ඒවා සවි කිරීම වැඩි වීමත් සහ ඒවා සවි කිරීම සඳහා වෙළඳ සමාගම් බොහොමයක් බිහි වීමද සිදු වුනි. මේ උනන්දුවට තව හේතුවක් වූයේ නිවැසියන් විදුලි පද්ධතියට හෙවත් ග්‍රිඩ් එකට දෙන කිලෝ වොට් එකකට පැන්ස 14ක් රජය මගින් ගෙවීමයි.
සවි කිරීම් වැඩි වීමත් සමග ගිය දෙසැම්බරයේ බ්‍රිතාන්‍ය රජය විදුලිය නිපදවන ඒකකයකට ගෙවන මුදල 2015 සිට පැන්ස 13 ට අඩු කරන බව ප්‍රකාශයට පත් කළේය. මේ නිසා නැවතත් සොයා බැලූ අපට පෙනී ගියේ සූර්ය පැනෙල වල ගාණ ඉතාමත් සිඝ්‍රයෙන් අඩුවී ඇති බවයි. චීනයේ නිපදවෙන ලාභ පැනල පවුම් 5000ට අඩු වෙනුත් (පැනල 16ක් සම්පුරණයෙන් සවි කිරීමට යන මුදල ) හොඳ වර්ගයේ පැනෙල පවුම් 8000 පමණ මුදලකටත් සවි කිරීමට හැක. ඒ අවුරුදු දෙකකට කලින් තිබු ගණනින් භාගයකටත් වඩා අඩු වීමකි.
බිරිඳත් මමත් කලේ හොඳම පැනෙල මොනවාද කියා සොයා බැලීමයි. සමාගම් කීපයකට පැමිණ අපට ක්වොටේෂන් (ඉදි කිරීමට මිල ගණන්) දෙන ලෙසද ඇරයුම් කළෙමු.
මෙහි තිබෙන්නේ වහලේ පහල කොටසයි.
ධර්මකීර්තිගෙයි අරුනි ශපීරොගෙයි ලොකු වෙනස්ක් නැහැ වගෙයි නේද පෙනෙන්නේ.ලන්කාවෙන් රට ගිය හැම මනුස්සයම මේ වගේද
වෙනසක් තියෙනව. ශපිරෝ සිංහල සුද්දියෙක් නමුත් අජිත් පශ්චාත්-සමාජවාදියෙක්.
නමුත් දෙන්න ලියන දෙවල් අතර යම් සමාන කමක් පෙනෙන්නේ නැත්ද.දෙන්නගේ භාවිතාවන් අතරත් යම් සමාන කමක් දකින්න පුලුවන් කියල හිතෙනව.අර දීප්ති මොහාන් රාජ් මඩවලගේ පොත එලි දක්වන දවසේ කරපු කතාව මේකට ගැලපෙනව කියල හිතෙනව .
අලුත් තැනකට යන්න සුදානම් වෙනව. වෙනස ගැන යමක් පසුව ලියන්නෙමු.
අමල් අපි හදන්නේ මොන සමජවදයක්ද කියන එක මගේ හිතේ හැම විටම තිබෙන ප්‍රශ්නයක්. ලංකාවේ සමාජවාදී දේශපාලන පක්ෂ වල හුඟක් සහෝදරවරු ගිරව් වගේ මොකක්දෝ එකක් ගැන කතා කරනවා. ඒ එක ගැන ඒගොල්ලන්ට වත් අවබෝධයක් නැහැ කියල මට දැනිල හුඟක් කල්. හැබැයි මේ හැමෝටම නෙමේ. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය සහ සමහර විට (මා කියවන දේවල් අනුව) සමානතා පක්ෂය කිසියම් හොඳ අවබොධයක සිටිනව කියල මට හිතෙනවා. මා කරන්නේ සමාජවාදී රටක ජිවත්ව සිටියදී ලද අත් දැකම් හා ධනවාදී රටක ජිවත්ව සිටිමින් ලබන අත් දැකීම් මා දන්නා පරිදි විශ්ලේෂණය කිරීමයි. මා මෙහි ට්‍රොට්ස්කි වාදී කණ්ඩායමක රැස්වීම් පහකට පමණ ගියා . තවත් ගිරවුන් ටිකක් හමු වුණා.
ගමයා1,
දේශපාලන පක්ශයක සාමාජිකයකු නොවී තනි පුද්ගලයකු හැටියට තවත් පක්ශයක සාමාජිකයන් විවේචනය කිරීම මා දන්නා තරමින් නරකයි.
3මාන එකේ විශ්වාසය ගැන කියල තියෙන්නේ මොනවද කියල හෙව්වොත් උත්තර ලැබෙයි.
අමල් මේ ලිපිය ගැන ඔබ කියන්නේ කුමක්ද?
http://kolambagamaya.blogspot.co.uk/2015/06/blog-post_5.html
අරුණි ශපිරෝ හා මා අතර වෙනස නම් ඇය Eugen Böhm von Bawerk හා අයින් රෑන්ඩ් ගේ අදහස් පමණක් හරියයි කියමින් සමහර ඒවා පරිවර්තනය කරන අතර මා මාක්ස්වාදය ඉදිරිපත් කල කාලයේ එය නිවැරදි බවත්, ධනවාදයේ ප්‍රශ්න ඔඩු දුවා ඇති බවත්, සෝවියට් දේශයේ තිබුනේ එක්තරා ආකාරයක රාජ්‍ය ධනවාදයක් බවත් පිලිගෙන් තර්ක කිරීමයි. ඉහත ලිපියට අනුව දුප්පත් අමෙරිකානුන් ඔපමණ මහත මොකද කියා හිතන්න ? අරුනිට අනුව දුප්පත් අමෙරිකානුන් නැත. ඇමෙරිකාව යනු මිහිපිට ස්වර්ග රාජ්‍යයයි.
අරුනිගේ බ්ලොග් එක මුල ඉදලා කියෙව්වොත් තේරෙන දෙය නම් මුලදී ඇය දේශපාලනය ගැන නොදන්නා හෝ උනන්දුවක් නැති බවයි.නමුත් ඇය ටික කලක් ගත වන විට කියන්නේ ඇය දේශපාලනය ගැන නොදන්නා දෙයක් නැති බවයි.
වරක් අරුනිගේ බ්ලොග් එකේ අරුනි සමග වාදයකදී උදිත පැවසුවේ මනෝවිශ්ලේශනය ඉතා වැදගත් බවයි.නමුත් වසරකට දෙකකට පසු ඔහු ලැකාන්ට ජිජැක්ට අපහාස කර ලිපි පලකරයි.
අරුනිගේ බ්ලොග් එකේ ඔබ විවාද කරන විට x කන්ඩායම හෝ ජිජැක් ගැන මහලොකු දෙයක් ඔබ දැනගෙන සිටියේ නැහැ.දැනගෙන හිටියානම් උදිත කරන්නේ පරන මාතොට සගරා වල වචන විසිකිරීම කියලා තේරෙනවා.නමුත් දැන් වසර දෙකකට පසු ඔබ ඒවා ගැන විශාරද වගෙයි.
අජිත්ගෙ ලිපියේ කරැණු සමග සංවාද කරන්න. අපෙන් ඉඩ.
1.පශ්චාද් යන වචනයට දෙන අරුත-මෙය ගැන පැහැදිලි කිරීමක් දීප්ති සුභාරතී වැඩසටහනේදී කලා.පරන 3මාන සටහනක ඇත.
2.දර්මකීර්ති මට සපයා ඇති උත්තර.
මේවා අනුව දර්මකීර්ති යනු පශ්චාද් මාක්ස්වාදියෙක්ද.මෙවැන්නන්ගේ සන්චාරක සටහන් වලින් අප වැනි පාටකයන්ට ලබාගත හැකි දැනුම කුමක්ද?
පොඩ්ඩක් ඉන්න. ඉන්න තැනක් හොයනව මේ දවස්වල.
මගේ බ්ලොගයේ ඇති ලිපි ත්‍රිමාණ පල කල පළමු අවස්ථාව නොවේ. ඔය දකුණු පැත්තේ ඇති “දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්” හා “ජනරලේ වමේ සංවාදය හෙවත් විමුක්ති දේශපාලනයේ කතිකාමය අවකාශයට පිළිතුරක්” ලිපිද එසේ පල කල ඒවාය.
ඉහත ලිපියේ මුඛ්‍ය අදහස ජිජක්, හෝ අරුණි නොවේ. එහි අදහස ලෙනින්ගේ නෙප් හෙවත් නෝවයා එකොනොමිචෙස්කයා ප්‍රෝග්‍රෑම් නොහොත් “නව ආර්ථික පිළිවෙත” ගැන කතා කිරීමයි. යුද්ධ කොමියුනිස්ට් වාදයේ සිට ලෙනින් එයට මාරු වුන හේතුව ගැනත් ස්ටාලින් ඒ හේතුව වැරදි විධිහට විශ්ලේෂණය කිරීම නිසා සැදුන විකෘති සමාජවාදයේ සාධනීය ගති ලක්ෂනත් සාකච්චා කිරීමකි. ලිපියේ මතුපිට විතරක් බලන්න එපා. කියුබාව ගැන ලියා ඇත්තෙත් ඒ නිසයි.
//අරුනිගේ බ්ලොග් එකේ ඔබ විවාද කරන විට x කන්ඩායම හෝ ජිජැක් ගැන මහලොකු දෙයක් ඔබ දැනගෙන සිටියේ නැහැ//
අරුණිගේ බ්ලොග් එකේ මම විවාද කලේ මාක්ස්වාදය ගැන මිසක් x කන්ඩායම ගැන නොවේ. මා x කන්ඩායම ගැන මහා ලොකු දෙයක් දැන සිටියේ නැති ඔබ දන්නේ කොහොමද? ඔය මා ගැන හොඳට දන්නවද?
//ජිජැක් ගැන මහලොකු දෙයක් ඔබ දැනගෙන සිටියේ නැහැ// මේකට මට එකඟ වෙන්න පුළුවන්. මම ෂිෂෙක් නැමැත්තෙක් ගැන දැන සිටියා හා ඔහුගේ එක පොතක් කියෙව්වා. මුස්ලිම් අන්තවාදයට ඔහු විරුද්ධයි කිව නිසා හා මාත් එයට විරුද්ධ නිසා. අනිත් කාරණය යුගොස්ලවියාව ගැන මා දැන සිටි නිසා මම ඒ ගැන අරුණි එක්ක වාද කලා. රාජ්‍ය ධනවාදය මම කොයින් කලේ එතෙන්දි.පස්සේ ත්‍රිමාණ ඒක අරුණි කිව්වා කියල ලිවම මම එකට විරුද්ධවත් කොමෙන්ට් එකක් දැම්මා. එතැනදී ෂිෂෙක් වැදගත් වුනේ නැහැ. ජිජක් ගැන වඩා දැන ගත්තේ ත්‍රිමාණ කියවලා හා ඔහුගේ මාක්ස්වාදී අදහස් ගැන හිතන් පටන් ගත්තේ ත්‍රිමාණ නිසා කිව්ව්වොත් නිවැරදියි. වසර දෙකකට පසු මට ඒ ගැන විශාරදයෙක් වෙන්න බැරිද? මම අවුරුදු දෙකකට කලින් සිටිය තැනට වඩා මට ඉදිරියට යන්න බැරිද?
ජිජැක්ද ශිශෙක්ද කියන ප්ර.ශ්නයට ජිජැක් ම උත්තර දීලා තියෙන්නේ.එම වීඩියො එක 3මාන එකෙත් පල වුනා.ඒක හින්දා ඔයාගේ බයිලාවැඩක් නැහැ
ඔයා අරුනිගේ බ්ලොග් එකේ වාද කරන කාලේ x එක ගැන දැනගෙන හිටියනම් උදිත කරන්නේ මාතොටසගරාවේ වචන කොපි පේස්ට් කිරීම තේරෙනවා.ඔයා ඒක දන්නේ නැති නිසා තමයි අර විදියට මාගල් වගේ උත්තර ලිව්වේ.
// වසර දෙකකට පසු මට ඒ ගැන විශාරදයෙක් වෙන්න බැරිද?// බැහැ. නමුත් විශාරදයෙක් කියලා හිතාගෙන ඉන්න පුලුවන්.
ජිජැක් ද ශිශේක් ද කියන එක ලිව්වේ ඒක ගැන කතා කරන්න නෙමේ කියන එකවත් ඔයාට තේරෙන්නේ නැති කම ගැන බොහොම කණගාටුයි. x එක ගැන මම දන හිටියද නැත්ද කියන එක මෙතන වැදගත් වෙන්නේ කොහොමද? මම x එකේ හිටිය හෝ දැනගෙන හිටිය කියල ලකුණු දාගන්න එකෙක් නෙමේ. එහෙම කට්ටිය් ඉනන්ව නේ ඔය ඕන තරම්. උදිතදීප්ති ලා එක්ක හිටිය කියල පෙරටුගාමී එකේ සහෝදරයෙක් කිව්වා මට. මාගල් වගේ උත්තර ලිව්වේ අපි කතාකලේ කැපිටල් එක ගැන හා බෝවෙම් බවෙර්ක් ගැන. අන්ත එක මම ජිජක් ගැන විශාරදයෙක් කියල කොහෙවත් කියල නැහැ. යකෝ මේක හරි වැඩක් නේ. මට ලියන්න ඕනේ නම් මොකා ගැන හරි මම ලියනවා. එකට ඔහේ ගෙන් අවසර ගන්න ඕනෙද? මනුස්සෝය ලියල තියෙන එක ගැන මිසක් මම අරයවයි මෙයාවයි කවද්ද දැනන් හිටියේ කියන එක වැදගත් වෙනවද? අනිත් එක ඔය හිතනනව නම් මම ත්‍රිමාණ එකට නිසි ගෞරවයක් මේ ගැන දීල නැහැ කියල ඒක ඒගොල්ලන් ගෙන් අහල බලන්න එහෙමද කියල.
විශාරදයෙක් කියල නම් හිතා ගෙන නැහැ මොනම දේකට වත්. හැමදාම ඉගෙන ගන්න එක තමා කරන්නේ. රුසියන් භාෂාව කතා කරන්න නම් පුළුවන්. ඔයාල තරම් මම මොනම දේකට වත් විශාරදක් නෙමේ. නමුත් අපි ඉගෙන ගත්ත , කියවන දේවල් ගැන සාකච්චා කරනවා. එකට නම පිඅට කාගෙවත් අවසර ඕනේ නැහැ.
දර්මකීර්ති,ඔයා මොකක් ලිව්වත් මට කමක් නැහැ.මම ප්‍රශ්න කලේ ඔයා ලියන මනස්ගාත 3මාන එකේ පලකිරීම ගැන.ඒකට උත්තර දෙන්න ඕනේ ඔයා නෙමෙයි.මම ප්‍රශ්න කලේ 3මාන එකෙන් මිසක් ඔයාගෙන් නොවෙයි.මීට කලින් අරුනිගේ ලිපි පල කරන්නේ ඇයි යන ප්‍රශ්නය ආවිට අරුනිවත් ඔය විදියට පැන පැන දුන්නේ නැහැ.
//ධර්මකීර්තිගෙයි අරුනි ශපීරොගෙයි ලොකු වෙනස්ක් නැහැ වගෙයි නේද පෙනෙන්නේ.ලන්කාවෙන් රට ගිය හැම මනුස්සයම මේ වගේද// මේක ලිව්වේ මම ගැන නිසා මට පිළිතුරු දීමට අයිතියක් තිබේ. පිළිතුරු දීමට දෙයක් නැති වූ විට ඔයා ඇන ගත්තාට මට කරන්නට දෙයක් නැත. මනස්ගාත නොකියව සිටීමට ඔබට පුළුවන.
අමල්, මේකකියෙව්වද?
http://kolambagamaya.blogspot.co.uk/2014/06/blog-post_24.html
අපට තනි පුද්ගලයෙකු වශයෙන් වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකයෝ විවේචනය කරන්න බහ කියල ඕයට කිවේ කවුද? ඔය මොන පක්ෂේද? මම මිට අවුරුදු 3කට කලින් මගේ වෙනත් බ්ලොග් එකක ලිව්වා පෙරටුගාමී පක්ෂයේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නම් පිලිබඳ ආරවුල ගැන. ඒකෙදි මම කිව්වේ (මම ඒක හොයල බලන්නම් තියෙනෙවද කියල) දයලේක්තික වශයෙන් බැලුවොත් මේ ප්‍රතිවිරෝධය තුල නිවැරදි පක්ෂය මතු වෙනවා කියල. මන් හිතන්නේ ඒ කිව්වා දේ වෙලා කියල. අනික ශ්‍රී ලංකා කාරයෝ යු අන් පි කාරයෝ විවේචනය කරන, පනින , ජේවීපී එක දයා පතිරණ , නන්දන මරණ , ඊට පස්සේ ස්වාධින උන් ආණ්ඩුව සමග ජේවීපී උන් මරණ සන්දර්භය තුල අපි ස්වාධීනව (දයාගේ එක නොවේ) හිටිය එක හොඳයි කියල. අපි තමා විවේචනය කරන්න ඕනේ නැවතත් කාටවත් මේවා හයිජැක් නොකරන්න.
අමල් අපි හදන්නේ මොන සමජවාදයක්ද කියන එක මගේ හිතේ හැම විටම තිබෙන ප්‍රශ්නයක්. ලංකාවේ සමාජවාදී දේශපාලන පක්ෂ වල හුඟක් සහෝදරවරු ගිරව් වගේ මොකක්දෝ එකක් ගැන කතා කරනවා. ඒ එක ගැන ඒගොල්ලන්ට වත් අවබෝධයක් නැහැ කියල මට දැනිල හුඟක් කල්. හැබැයි මේ හැමෝටම නෙමේ. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය සහ සමහර විට (මා කියවන දේවල් අනුව) සමානතා පක්ෂය කිසියම් හොඳ අවබොධයක සිටිනව කියල මට හිතෙනවා. මා කරන්නේ සමාජවාදී රටක ජිවත්ව සිටියදී ලද අත් දැකම් හා ධනවාදී රටක ජිවත්ව සිටිමින් ලබන අත් දැකීම් මා දන්නා පරිදි විශ්ලේෂණය කිරීමයි. මා මෙහි ට්‍රොට්ස්කි වාදී කණ්ඩායමක රැස්වීම් පහකට පමණ ගියා . තවත් ගිරවුන් ටිකක් හමු වුණා.
Also by Ajith
ජේ වී පී එක දයාව මැරුවා කියලා ඔයා දන්නේ කොහොමද ඔයාට දිවැස් තිබුනාද.
ඒ කියන්නේ දැන් ජේවීපී එක දයාව මැරුවෙත් නැත්ද? නන්දනවා මැරුවෙත් නැත්ද? විජයගේ එකෙන් බේරිලා ඉවරයි. ප්රෙමෙකිර්තිගේ එකෙන් බේරිලා ඉවරයි. – අනික ඔයාගේ මර තර්ක තියෙන්නේ. ඔයා කියනවා ස්වාධීනව ඉඳගෙන මට අනිත් පක්ෂ විවේචනය කරන්න බැහැ කියල. එකින් මරාගන්න හැටි ක්යපුවහම පක්ෂවල ඉන්න අය ඔයා කියනව “මල්ලේ පොල් ” කියල.
@ramal:
The best indicator of the Left’s lack of trust in
itself is its fear of crisis; such a Left fears for its own comfortable position as a critical voice fully integrated into the system, ready to risk
nothing. Which is why today, more than ever, Mao Zedong’s old motto is pertinent: “Everything under heaven is in utter chaos; the situation is
excellent:’- Žižek (First as Tragedy then as farce page 76)
මා ඉන්ග්‍රීසි නොදන්නා නිසා මෙහි තේරුම මා දන්නේ නැත.ඉන්ග්‍රීසි නොදන්නා මා අභියස ඉන්ග්‍රීසි කතා කිරීමෙන් ඔබ ලබන විනෝදය කුමක්ද කියා මම සිතමි.
ඔබ ඉහත උපුටා ගැනීම කලේ මුලු පොතම කියවා වටහාගැනීමෙන් පසුවද.
නැහැ මම කලේ අර එඩ්ගාර් කේසි වගේ පොත කොට්ටය යටින් තබා නිදා ගැනීමයි. එවිට උදේ නැගිටින විට ඔක්කොම මතක හිටි අතර හැම දේම ටපස් ගා තේරුණි.
ඔබ ඉංග්‍රීසි නොදන්නේ යයි මා දන්නේ නැත. කිව්වට ස්තුතියි. සිංහලෙන් ජිජැක් ගේ පොත් තියෙනවද?
ඉහත කොමෙන්ටුවක කිව් ලෙස මේ ලිපිය ලියා ඇත්තේ ලෙනින් ගේ NEP ගැන කීමටය. ඒ ගැන විවේචනයක් කරන්න බැරිද? අඩුම ගානේ මම ලෙනින් ගේ නව ආර්ථික පිළිවෙත ලඟින් වත් ගියාද කියල. ජිජක් ගැන වාක්‍ය එකක් පමණක් ලියා ඇත්තේ පොර ස්ලවෙනියාව පැත්තේ නිසා පමණි.
අරුණි සමග මේ ගැනත් වාදයක් ගිය අතර ඇගේ අදහස ලෙනින් ට සමාජවාදය සහමුලින්ම වැරදි NEP එක ගෙන බවයි. මා කියන්නේ වැරදි හරි ගස්සන්නට ගෙන බවයි.
උදිත ඒ දවස් වලත් ජිජක්, ලැකාන් ගැන මතක් කල අතර ඒ අදහස් විහිළුවට අන්දා එයාම කියන විධිහට ඩ්‍රෝන් ප්‍රහාරයක් ද දී තිබුණි.
එවැනි අය සිටීම හොඳය. ප්‍රතිවිරෝධය හොඳ දෙයකි.
අනිත් කාරණය මලේ, මේ ජිජැක්ලා ලක්ලැව් ලා බෝට්ටු වගෙය. අපට ඉවුරට යාමට බෝට්ටුව ගත්තට කමක් නැත. ඉවුරේදී ඔබ බෝට්ටු කර ගසා ගෙන යන්නේද? නැත්නම් අසල ගසක බැඳ වෙන ප්‍රවහන ක්‍රමයකට යන්නේද? ජීප් එකක් තිබේ නම් ඔරුව පිටි පස්සේ ගැට ගසාගෙන යා හැකිය.
අයිඩියොලොජි කියන්නේ ඕක තමයි දර්මකීර්ති.3මානට අනුව මෙතැනදී අප බූරුවන් වෙන විට දර්මකීර්තිලා පශ්චාද් මාක්ස්වාදීන් වන්නේත් එන්ගලන්තයේ කොමෙන්ට් හා ලන්කාවේ කොමෙන්ට් අතර වෙනසක් හට ගන්නේත් අවුරුදු බර ගනනක් එන්ගලන්තයේ සිටියායැයි කියන අය අපට මලේ කියා අමතන්නේත් හැම එකටම උත්තරය ඔතැන තියෙනවා.මෙතැනදී 3මාන නොදන්නා කාරනය වන්නේ ලන්ඩන් වල සුද්දන් යනු සුලුතරය බවයි.
මම මලේ කීවේ , මල්ලි කියන අරුතට මෙන්ම රමල් කියන නමේ මල් කෑල්ල නිසයි. ඒ ගැන හිත රිදීමක් උනා නම් සමාවන්න. මා අවුරුදු බර ගණනක් එංගලන්තයේ සිටියා කියා කොහෙවත් කොමෙන්ටුවක කියා තිබේද? ඔබ සුද්දන් කියන්නේ සුදු මිනිසුන්ටද? ඉංග්‍රීසි ජාතිකයන්ට ලංකාවේ කියන විධිහ අනුවදා? එසේ නොමැති නම් ඔබේ කතාව වැරදිය. සුදු හම තිබෙන මිනිසුන් ලන්ඩනයේ වැඩිය. මොකද එයට – ඉංග්‍රීසි, අයිරිෂ් , ස්කොටිෂ් , පෝලන්ත , රුසියන්, අනිත් නැගෙනහිර යුරෝපියන්, සුදු යුරෝපියන් සියල්ල අයත් වන බැවිනි. අරුණි ම අතර වෙනස නම් මම එංගලන්තය පස්ස පැත්ත උඩ තබා ගෙන මෙහම කරන්න යයි ලංකාවේ උන්ට නොකියන අතර සෝවියට් දේශය පස්ස උද තබාගෙන එකත් හරි යයි ලංකාවේ උන්ට නොකියන බැවිනි. මා පශ්චාත් මාක්ස්වාදී වන්නේ සෝවියට් දේශයේ ඉගෙන ගත මාක්ස්වාදය නැවත හදාරමින් සිටින නිසාවෙනි. මේ නිසා මා මක්ස්වදියෙකු නොවේ. ත්‍රිමාණ කියවන්නේ මා ඔවුන් සමග මනසින් හැප්පෙන නිසාය. ත්‍රිමාණ පමණක් නොව මම ජනරලද කියවමි.
මගේ ගම තංගල්ල පැත්තෙ තියෙන ශුෂ්ක ගමක්..අපිට එලෝලු කොරටු තියෙනවා..අපේ එලෝලු කොටුවලට වතුර ගහන්න අපි ඩීසල් පෙට්‍රල් මැෂින් පාවිච්චි කරනවා.
දැන් ඔය සූර්ය කෝෂ පාවිච්චි කරලා අපිට ඩීසී මෝටර් වලින් වතුර ගහන්න ක්‍රමයක් හදාගන්න පුලුවන් වෙයි. දැන් බැටරියෙන් දුවන කාර් තියෙනවා නේ..කාර් එකක් පාරේ දුවවන්න ප්‍රබල මෝටරයෙන් ලේසියෙන්ම වතුර පොම්ප කරවන්නත් පුලුවන් වෙයි…බැටරිය චාජ් කරන්න අපිට හිරුඑළිය පාවිච්චි කරන්න පුලුවනි. හම්බන්තොට ශුෂ්ක නිසා හොදට සැරට අවුවත් වැටෙනවා අවුරුද්දෙ වැඩි කාලයක්.. ඉලෙක්ටික් කාර් වලට සවි කරන තාලේ සුපිරි බැටරියක්..මෝටරයක් සහ සූර්ය පැනලයක් ගන්න මට ලක්ෂ ගානක මුදලක් යාවි.. හැබැයි වැඩේ කරගත්තොතින් ඩීසල් වලට යන වියදම හෝ පෙට්‍රල් වියදම බිංදුවක් වෙනවා..
Comments are closed.