විප්ලවවාදී ව්‍යාපාරයක් අසමත් විය හැකි ආකාර තුනක් ගැන ප්‍රංශ වාමාංශික චින්තකයකු වන ඇලන් බදියු කථා කරයි.
[1]. සෘජු පරාජය – සතුරු බලය විසින් ව්‍යාපාරය මුලිනුපුටා දැමීම. [ උදා LTTE]
[2]. ජයග්‍රහණයකට පසු අත්කර ගන්නා පරාජය – සතුරාට විරුද්ධ සටනේ දී ජයග්‍රහණය කරන මුත් ඉන්පසු කිරීමට අලූත් දෙයක් නැතිකම තුළ දිය වී යෑම. [උදා-බොල්ෂෙවික් ව්‍යාපාරය,නිකරගුවාව,චීනය]
[3]. තුන්වෙනි ආකාරය අමුතුයි සහ අව්‍යාජයි. නමුත් මෙම අසමත්වීම ත්‍රස්ථ[Terror] කරවනසු`ඵ අසමත්කමක්. නිශ්චිත නිවැරදි න්‍යායක් මත මෙහෙයවෙන මෙවැනි ව්‍යාපාරයක් තමන්ගේ සත්තාව දෘෂ්‍යමානයට පරිවර්ථනය කරන විට අසමත් වෙයි. ඉන් පසු මෙම වර්ගයේ ව්‍යාපාර උත්සහ කරන්නේ තමන්ව පාරිශුද්ධකරණය කර ගැනීමටය. එමගින් බිහිවන්නේ අන්තවාදී වමක් සහ ත්රස්ථයක්ය. අපට මෙම තත්ත්වය හිස්බව කෙරෙහි යොමු වූ අනුරාගය ලෙසින් ද හැදින්විය හැකිය.
2012 ජූලි 24 වැනි දා ICTA ආයතනය අනුග්‍රහයෙන් පැවති SUBARATHI වැඩසටහන ම`ගින් දීප්ති විසින් තාක්ෂණික යුගයේ මානව සබඳතා ගැන කළ අදහස් දැක්වීමකට ඔබට පහත යොමුවට පිවිස සවන් දිය හැකිය.
ICTA ආයතනයේ එවකට මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස සේවය කළේ අතුල පුෂ්පකුමාර මහතාය. වාමාංශිකයන්ට වඩා කවදත් අපට අපගේ අදහස් වාරණයකින් තොරව ප්‍රචාරය කිරීමට ඉඩ දුන්නේ කොන්සර්වේටිව්වාදීන්ය. අප ගතකරමින් සිටින මේ සුවිශේෂී මොහොතේ සිට බැලූ විට [ නිදහසේ වංකගිරිය ] 2012 යනු මර්දනකාරී දේශපාලන යුගයකි. අද සිය`ඵ දෙනා නිදහස්ය. නමුත් කිසිවෙකුට කිසිදු වැඩක් කළ නොහැක. චම්පික රණවක යනු අද තනි පුද්ගලයෙකි. රතන හිමි තනි පුද්ගලයෙකි. මේ අයට අද මොකුත් කිරීමට නොහැක. මේ ගොඩට සමහරු අපව ද දමා ඇත. දෘෂ්‍යමාණය මෙතරම් පැතලි මොහොතක පවා අන් අය නොකරන දේවල් අපි කරන්නෙමු. තනි අතින් අත්පුඩි ගැසීම අමාරු වැඩකි. මේ දිනවල හු`ග ත්දනෙක් උත්සහ කරන්නේ අප නැතිව අත්පුඩි ගැසීමටය. එසේ අත්පුඩි ගැසිය හැක. නමුත් ශබ්දය පිටවන්නේ නැත.
ඉහතින් සදහන් තුන්වැනි ආකාරයට ව්‍යාපාරයක් අසමත්වීම ලංකාවට අමුතුය..
YEAR 2009 – Our Creativity ………Unique Theme Song