[dropcap color=”blue”]ස[/dropcap]මහර දේවල් දත් මදිනවා වගේ යළි යළිත් කළ යුතුය. දීප්ති යනු රෝග ලක්ෂණයක් වන තරමට සමහරුන්ට පිස්සු තද වී ඇත. දීප්ති නම් පුද්ගලයා ගැන මහාඅනෙකාට කේලම්කීමෙන් ඔහුගේ දේශපාලනය අවසන් වේ යැයි සිතන අසනීපකරුවන්ගෙන් තවම අඩුවක් නැත. මහාඅනෙකා යනු‍වෙීන් කෙනෙක් නැත යන්න ගැන අවබෝධයක් නැති අය දිගටම මහා අනෙකාට ලිපි තැපැල් කරමින් සිටිති. නැවතත් අප ඔබට පහත ලිපිය කියවන මෙන් ආරාධනා කරන්නෙමු. මන්දයත් බෝවන රෝග වලට යලි යළිත් එන්නත් කිරීම අවශ්‍ය නිසාය. හිරු කණ්ඩායමේ හිටපු පැනියෙකු ද අපගේ සංවාද වලට බලහත්කාරයෙන් කඩා පනින බවක් පෙනෙන්නට තිබේ. ( මේ හාදයාට මේ තරම් දවසක් නිවසේ කණ්නාඩියක් නොතිබූ අතර හදිසියේම කැත මුහුණු ලස්සනට පෙනෙන මැජික් කණ්නාඩියක් හදිසියේම මොහුගේ නිවසට පාදූර්භූත වී ඇත.) පිස්සන් අපි කෙරෙහි මේ තරම් අනුරාගික වන්නේ මන්දැයි අපි නොදන්නෙමු. මිනිසුන් උමතු වන ප්‍රමාණයට න්‍යායන් සංවර්ධනය වන්නේ නැත. අද යම් පිරිසකට අවශ්‍යව ඇත්තේ ‘සාරය අහිමි කරන ලද දීප්තිවය!’ මෙවර පැපරාසි සගරාව තුළ රොහාන් පෙරේරා සාරය අහිමි කරන ලද දීප්ති කෙනෙකු සොයාගෙන ඇත.
[dropcap color=”blue”]අ[/dropcap]ප විසින්ම අපව පසුකරමින් අනාගතය දෙසට ගමන් කරන දයලෙක්තිකය හා සමගාමිී පසු ආවර්තිත අතීතයේ විකරණය- ධනාත්මක සද්භාවයේ මානයක් හිමිකර සිටින අව-හදුනාගැනීමේ සත්‍යයට අභ්‍යන්තර වු දෝෂයෙහි දයලෙක්තිකය- කෙසේ වුවද, සීමාකම් වලින් යුක්තය. එයට රුකුල් දී ඔසවාගෙන ඇති ගිරිකුළ මතුයෙහිම හැපී ඇද වැටී ඇත. එම ගිරිකුළ නම් වූකලී ඇත්ත වශයෙන්ම සංකේතකරණයට ප්‍රතිවිරෝධී වූ යථ (සද්) වෙි. සංකේතීය පිළවෙලට අන්තර්ගහණය කර ගැනීමට හෝ උදාසීන කර ගැනීමට අප විවිධ උපක්‍රම ඔස්සේ උත්සාහ කළා වුවද, අප සැම විටම හමු නොවීමට උත්සාහ කළා වුවද නැවත අප කරා පැමිණෙන ක්ෂිතිමය ලක්ෂය එයයි. ලැකානියානු ඉගැන්වීම් වල අවසාන අදියරෙහි දෘෂ්ටි කෝණයෙන් ගත් විට වචන වලට අර්ථයක් දීම හරහා හීලෑකරණය කිරීමෙන් මහත්මාකරණය කිරීමටද (නාගරීකත්වයේ රෝග ලක්ෂණය ලෙස මුඩුක්කු හීලෑ කිරීමේ උපක්‍රමය යොදා ගැනීමට මෙම වචනය අනුවර්ථනය කර ගත හැකි නම් පරිකථනය (explication) කිරීම තුල දියකර හැරීමට කරන ලද සියුම් උත්සාහයන් සියල්ල ප්‍රත්‍යාගමනය වන සහ අතිරික්තයක් ලෙස නොනැසී පවතින විනෝදයේ සැබෑම සාරය ලෙස තේරුම් ගත හැකි මෙම රෝග ලක්ෂණයයි.

 

මෙම අවධාරණයෙන් විතැන්වීම ලැකානියානු ඉගැන්වීම් වල එන රෝග ලක්ෂණයේ සංකල්පය තුළ උදාහරණනිත කිරීමට අද දවසේ පොදු ජන ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇති ටයිටැනික් ඛේදවාචකය නම් අවස්ථාව අප දැන් සළකා බලමු. ටයිටැනික් ගිලී යාම ක්ෂිතිමය ප්‍රතිඵලයක් ලෙස- විය නොහැක්කක් සිදුවූ කිසිදා නොගිලෙන නැව ගිලී යාම නම් කම්පනය ගෙනදුන් දෙයක් ලෙස යන අර්ථයන් ගේ පටලැවිල්ල (knot of meaning) නම් අර්ථයෙන් ටයිටැනික් කියවීම මේ වන විටත් සාමාන්‍යකරණය වී ඇත. නමුත් සත්‍යම දෙය නම් කම්පනයක් ලෙසම මෙම ගිලීයාම සිදු වූයේ ඉතාම නිවැරදි මොහොතේ වීමයි. ඇත්තටම එය සිදුවීමටත් පෙර අප එය පුල පුලා බලාපොරොත්තු වී සිටියෙමු. අපගේ ෆැන්ටසි අවකාශයේ එයටම වෙන් කර තැබූ ස්ථානයක් විවෘත වී තිබී ඇත. එය බලාපොරොත්තුවෙන් සිටීම යන කරුණ නිසාවෙන්ම සමාජ පරිකල්පනය මත එය අතිවිශාල බලපෑමක්ද විය. පුදුම එලවන සුළු තොරතුරු සමඟ මෙම විනාශය පූර්ව කථනය කර තිබුණි.

 

1898 වසරේදී ලේඛකයෙක් ලෙස නමක් දිනා ගැනීමට උත්සාහ කරමින් සිටි මෝගන් රොබට්සන් නම් කතුවරයෙක් මීට පෙර කිසිදා නිමවා නොතිබූ තරම් විශාල අපූරු අත්ලාන්තික් නෞකාවක් ගැන නවකතාවක් ලියා තිබුණි. රොබට්සන් තම නෞකාව ධනවත් හා ප්‍රසන්න මිනිසුන්ගේ පුරවා එක් සීතල අප්‍රේල් රාත්‍රියක අයිස් පර්වතයක ගැටීමට සලසා තිබූණි. මෙම සිදුවීම සෑම දෙයකම ඇති නිස්සාරත්වය පෙන්නුම් කළ අතර ඇත්ත වශයෙන් එම නවකතාව එම වසරේ නම් කළේ ද නිස්සාරත්වය යන නමිනි. මෙය පළකර තිබුණේ එම්.එස්. මැන්ස්ෆීල්ඩි සමාගම විසිනි.

 

වසර 14 කට පසු ඉහත රොබට්සන්ගේ නවකතාවේ වූ පරිදිම විශ්මිත ගනයේ නෞකාවක් නිපදවීමට බ්‍රිතාන්‍ය නාවික සමාගමක් වූ වයිට් ස්ටාර් ලයින් සමාගමට හැකි විය. මෙම නෞකාවේ බර ටොන් 66000 ක්වූ අතර රොබට්සන්ගේ නැව ටොන් 70000 ක් විය. සැබෑ නෞකාවේ දිග අඩි 882’5 ක් වන විට රොබට්සන් ගේ නෞකාව අඩි 800 ක් දික් විය. නෞකාවන් දෙකම ත්‍රිත්ව අවරපෙති සහිත වූ අතර නාවික සැතපුමි 24-25 අතර වෙිගයෙන් ගමන් කිරීමට හැකිවිය. මේ දෙකටම මිනිසුන් තුන්දහසක් රුගෙන යාහැකි වූ අතර දෙකේම ජීවිතාරක්ෂක බොට්ටු තිබුණේ මගීන්ගෙන් කුඩා පිරිසකට පමණි. ජීවිතාරක්ෂක බෝට්ටු අවශ්‍ය නොවූ හේතුව නම් මේ දෙකම කිසිදා ගිලා නොබසින බවට වූ ලේබලයයි.

 

1912 අප්‍රේල් 10 වනදා සෑබෑ නෞකාව නිව්යෝක් බලා තම මංගල චාරිකාව සවුත් හැම්ප්ටන් වලින් ආරම්භ කරන ලදී. ඇයගේ නාවික භාණ්ඩ අතර මිලකළ නොහැකි ඕමාර් ඛයියාම්ගේ රුබයියාට් ග්‍රන්ථයේ පිටපතක්ද සමස්තයක් ලෙස ඩොලර් මිලියන දෙසිය පණහක වටිනාකමෙන් යුක්ත මගීන් ලැයිස්තුවකින්ද සමන්විත විය. ඇයගේ ගමන්මගේ දී එක් සීතල අප්‍රේල් රාත්‍රියක අයිස් පර්වතයක ගැටී ඇය මුහුදු පතුල සිප ගත්තාය.

 

රොබට්සන් තම නෞකාවට නම තැබුවේ ටයිටන් යනුවෙනි. වයට් ස්ටාර් ලයින් සමාගම තම නෞකාව නම් කළේ ටයිටැනික් ලෙසය.

 

ඇදහිය නොහැක්කක් තරම් වන මෙම සමාන අවස්ථා පසුබිම නැතිනම් හේතුව අනුමාන කිරීමට දුෂ්කර යමක් නොවෙි. 1850 හා ප්‍රථම ලෝක යුද්ධය අතර දීර්ඝ කාලය නැතිනම් නිශ්චිතවම නිර්වචනය කළ හා සංස්තිථික පංති විෂමතාවය නම් සාමකාමී සෞභාග්‍යවන්ත කාලය අවසානයට ගමන් කරමින් පැවතුණ බව මේ වන විටත් සයිජියෙටිස් (යුගයේ අධ්‍යාත්මය නැතහොත් යුගයේ බුද්ධිමය විලාසිතාව) හි කොටසක්ව පැවතුණි. බටහිර ශිෂ්ඨාචාරයේ මිලේචිඡ හැකියාවන් මුදාහල හැකි- එහි පරමාදර්ශී චිත්‍රය බිඳ දැමීමට හැකි නව භයානකත්වයන් (කමිකරු ව්‍යාපාරය, ජාතිකවාදයේ පුපුරා යෑම, යුදෙව් විරෝධය, යුද්ධය පිළිබද අන්තරාව) කරළියට පැමිණෙමින් තිබිණි. එම යුගයේ අවසානය සනිටුහන් වූ ප්‍රපංචයක් මෙම සියවසේ අවසානයත් සමග ඉස්මතු වී නම් එය පාවෙන රජ මැදුරු, තාක්ෂණික අභිවෘද්ධියේ පුදුමය, තිතට ක්‍රියාත්මක වන පුදුම සහගත සංකීර්ණ යන්ත්‍ර, එමෙන්ම සමාජයේ සාරය මුණ ගැසෙන හමුවීමේ ස්ථානය, සමස්ථ සමාජයේ එක්තරා ක්‍ෂුද්‍රමිතියක් ලෙස සැබැ සමාජය වෙනුවට ආශා කිරීමට හිතදෙන ආකාරයට පෙනීමට සලස්වා ඇති සමාජයක දැක්ම, සමාජ පංතීන් හොදින් නිර්වචනය කල සංස්ථිතික සමස්තය නැතහොත් කෙටියෙන්ම කිවහොත් සමාජයේ අහං-පරමාදර්ශය (ego-ideal) රැගත් මේ පාර-අත්ලාන්තික නැවම විය. වෙනත් වචනයකින් කිවහොත් ටයිටැනික් ඛේදවාචකය එතරම් දැවැන්ත බලපෑමක් වීමට කාරණය නම් විනාශයේ ආසන්න දේපළමය තත්වයන් නොව සංකේතීය අධිනිශ්චය නොහොත් ඒ සදහා ආයෝජනය කර තිබු දෘෂ්ටිමය අර්ථයයි. ටයිටැනික් යන්න අර්ථ ගැන්වුයේ සංකේතයක් නැත්නම් වඩාත් සංකෝචනය කර ගතහොත් ළගාවෙමින් පැවති යුරෝපීය ශිෂ්ඨාචාරයේම විනාශය නියෝඡනය කල සංකේතයක් ලෙසයි. ටයිටැනික් ඛේදවාචකය යනු සමාජය තමාගේම මරණය අත්විදි එක් ආකෘතියක් වන්නේය. අවධාරනයේ විතැන්වීම පමණක් රදවා ගන්නා සාම්ප්‍රදායික දක්‍ෂිණාංශික හා වාමාංශික දෘෂ්ඨි කෝණයන් මෙහිදී සදහන් කිරීම ඉතා සිත් ඇදගන්නා සුළුවන්නේය. සාම්ප්‍රදායික දෘෂ්ඨියකින් ගත් විට ටයිටැනික් යනු අද දිනයේ ලෝකයේ අශ්ගිලත්වය තුල නැවතී ගිය පැරණි ලෝකයේ විශිෂ්ඨත්වය පිළිබද නොස්ටැල්ජික සිහිවටනයකි. වාමාංශික දෘෂ්ඨියකින් ගත්විට උස්මුරුත්තාවට ගිය පංති සමාජයක නොහැකියාව පිළිබද වු කතාන්දරයකි .

 

මේ වනාහි ටයිටැනික් පිළිබද වු ඕනෑම වාර්තාවක හමුවන පොදු ගුණාංගයක් වේ. ටයිටැනික් සදහා ආරෝපණය කරන සංකේතීය බර නම් රූපක අධිනිශ්චය අපට මේ අයුරින් පහසුවෙන් පැහැදිලි කල හැකිය. නමුත් ප්‍රශ්නය නම් මේ සියල්ලම නොවීමය. මුහුද යට කැමරා මගින් මෑතකදී ගත් ගිලුණු නැවේ ඡායා රූප දෙස බැලීමෙන් ම අපට මේ බව ඒත්තුගත හැකිය. මේ රූප වලින් අභ්‍යාස වන දැවැන්ත සිත් ඇද ගැනීමේ බලය ඇත්තේ කොහිද? ටයිටැනික්හි අවසන් නවාතැන්පල නම් එය නියෝජනය කරන්නාවූ දෙය නොව යම් නිෂ්ක්‍රීය (බෙලහීන) පැවැත්මක් යන රූපික අර්ථය නම් සංකේතීය අධිනිශ්චය තුලින් පැහැදිලි කල නොහැකි සිත් ඇද ගැනීමේ ශක්‍යතාවය බව අපගේ සහජ ඥාණය තුලින් පැහැදිලි වේ. ලැකානියානු අර්ථයෙන් ටයිටැනික් යනු දෙයකි(think) එනම් ද්‍රව්‍යමය අපද්‍රව්‍යයක් වන ද්‍රවශීලකරණය කරන ලද භ්‍රාන්ත්‍රීය ප්‍රමෝදයේ නොහැකියාවයි. තහනම් කලාපයක් පිළිබද ඥාණයක් ටයිටැනික්හි සුන්බුන් දෙස බලා අපට ලබාගත හැකිය. විනෝදයේ

 

යම් තහනම් කැලෑවක් වන ප්‍රමෝදයේ ද්‍රවමය ගලා යෑම නම් ඝනීභවනය වු මණ්ඩිවල දෘශ්‍යමාන කැබලි නම් නොපෙනීයෑමට සලස්වා ඇති අවකාශය නම්වූ තහනම් කලාපයයි.

 

මේ භ්‍රාන්තීය බලපෑම අර්ථය හා කිසිදු සම්භන්දයක් නොදක්වයි. වඩාත් පැහැදිලිව කිවහොත් එය ලැකානියානු ප්‍රමෝදය නම් අර්ථය ශුන්‍ය කරන ලද විනෝදයයි. විය නොහැක්කක් වන දෙය හි තත්වයට ඔසවා තබන ලද ද්‍රවමය වස්තුව නම් ප්‍රතිජානන උත්කෘෂ්ඨ වස්තුවක් ලෙස ටයිටැනික්හි සුන්බුන් ක්‍රියාත්මක වේ. එමෙන්ම ඇතැම්විට ටයිටැනික්හි රූපක අර්ථය සුසංවාදී කිරීමට අප දරන සෑම උත්සාහයක්ම, අර්ථයක් සම්පාදනය කරමින් සංකේතීය තත්වයක් දක්වා ඌනනය කිරීමෙන් මේ දෙය හීලෑකිරීමට කරන, මේ දෙයහි සංත්‍රාසී බලපෑමෙන් මගහැරීමට අප දරන උත්සාහයක්ද විය හැකිය.

 

එසේ නම් රෝග ලක්ෂණය මෙයයි. එක්තරා ආකාරයක රෝග ලක්ෂණය විශ්වීයකරණයක් පිලිබදව වූ අදහසක් ලැකාන්ගේ අවසාන වසර වල ඉගැන්වීම්වල ඇති බවට වන බවට කරුණ පදනමි කරගෙන ඇතිවී ඇති රෝග ලක්ෂණය පිලිබද අදහස අප හදුනාගත යුතු වෙමු. අවසාන වශයෙන් ගැහැනිය පිරිමියාගේ රෝග ලක්ෂණය නිශ්චය කරන්නා සේ පවත්නා ඕනෑම දෙයක් එක්තරා අයුරකින් රෝග ලක්ෂණයක් බවට පත්වේ. ”ශූන්‍යය වෙනුවට යම් දෙයක් පවතින්නේ ඇයි” යන සදාකාලික දාර්ශනික ප්‍රශ්නයට ලැකාන්ගේ අවසන් පිළිතුර රෝග ලක්ෂණය යනුවෙන් වුවද දැන් අපට කිව හැකිය. ශූන්‍යය වෙනුවට පවතින යම් දෙය ඇත්ත වශයෙන්ම රෝග ලක්ෂණයකි.

 

ස්ලෙවොයි ජිජැක් ගේ (‘The sublime objective of ideology (1989) කෘතියේ එන  යන ලිපියේ (‘ Titanic as a symptoms ) පරිවර්තනයයි

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. පක්ෂයක් වෙනුවට පිස්සන් කොටුවක් සාදාගත් ලොව එකම පක්ෂ නායකයා දීප්ති මහත්මයා ය. අතේ ගහන කොල්ලො එක්ක මොන පොලිටික්ස්ද? අනේ හුකේ නන්නානේ. මැරෙනකම් ම ඔච්චරම තමයි. තොපි වගේ එවුන් ඕනතරං ඉන්නවා අංගොඩ. උනුත් හොදයි තොපිට වැඩිය

    • එහෙනං උබත් අංගොඩට පලයං මල්ලී උබට ගැලපෙන තැන එල එල පරිස්සමින් වැඩිය අතේ ගහන්න එපා අතේ අමාරුව වැඩි වෙයි.මේ තමයි විපරීතයා ගේ ප්‍රකාශමාන වීම. විපරීතයෙක් යනු කවුද යන්න නොදැන සිට අයට මොහුගෙන් එය වටහා ගන්න

  2. ලංකාව කියන්නෙ හරිම අවාසනාවන්ත රටක්.සමාජවෙනසක් කරන්න සමාජ කංඩායමක් ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ හැදෑරීම් කරගෙන යනකොට සහ සමාජය සංවිධානය කරගෙන යන කොට උදැල්ල දාන එක ලාංකීය සමාජයෙම තියෙන රෝග තත්වයක් හැටියට තමයි ගන්න වෙන්නෙ.ඔය තත්වයට දයාවන්නියාරචිලට කීරති බාලසූරියලට පවා මුහුන දෙන්න වුනු තත්වයක්.නමුත් සබුද්ධික වැඩකට අත ගහපු ඒ උදාර මිනිස්සු ගෙ වැඩවලට අද වගේ වනචාරී විදියට විදියට එදා පරතිචාර දැකවුවෙ නැති බව නම් 1980 දශකය සවිනඥානකව පසුකරපු මම දන්නව.මෙය පැහැදිලිවම විනෝදය පිලබදව ගැටලුවක්.

Comments are closed.