නිර්මාල් රංජිත් දේවසිරි මහතා සහ ගාමිණී වියන්ගොඩ මහතා අතර පොදු අපේක්ෂකයෙකු තේරීම ගැන විවාදයක් හටගෙන ඇත. දේශපාලන පරමාදර්ශ සහ සමාජ පරමාදර්ශ අතර පැහැදිලි වෙනසක් ඇත. දේශපාලන පරමාදර්ශ පසමිතුරුතාවාදීය.ඒවා බිහි වන්නේ වාස්තවික බල රටාවන් මගින් නොව වාස්තවිකත්වයේ සීමාවට පසුවය.
නිර්මාල්ට අනුව සෝභිත හිමියන් නිර්වචනය වන්නේ මෙසේය. සෝභිත හාමුදුරුවන් ජාතිවාදී-වන-මුත් – ජාතිවාදි-නැත. මේ අදහස වියන්ගොඩට අනුව විරුද්ධාභාෂීය. නමුත් යමක හරය තුළම තිබෙන ප්රතිවිරෝධය අධ්‍යයනය කිරීම අපෝහකවාදයයි. අසූ ගණන් වල මහින්ද රාජපක්ෂ මානව හිමිකම් වලට කැපවූවෙකි. එහි විරුද්ධ පැත්ත ආවේ කොහින්ද? කුමන හේතුවක් නිසාද? දේශපාලන අනන්‍යතාවයන් වෙනත් අනන්‍යතාවයන්ට වෙනස්ව බලය වෙත ගමන් කරන අනන්න්යතාවයකි. එබැවින් දේශපාලන අනන්‍යතාවයන් තවත් එවැනිම ආකාරයේ අනන්‍යතා සමග මූට්ටු වීමේ ද ඒවාට හිමි සාරයන් නිශේධ කර දමයි. උදාහරණ්යක් වශයෙන් ගෝලීයකරණය යනු ජාතිවාදයයි.
දේශපාලනය ගැන නර්මාල් අපෝහක අවබෝධය ලබා ගත්තේ පොත් කියවීමෙන් නොව ව්‍යවහාරයෙනි. 2005 වර්ෂයේ දී ඒ දක්වා පැවති X කණ්ඩායම නිර්මාල් විසින් නාර්වචනය කළේ මෙසේය.
X කියන්නේ දීප්ති කේන්ද්‍රීය ව්‍යාපාරයක් නෙවී. ඒකට තව කේන්ද්‍රයන් විශාල ගණණක් තිබුනා. උදාහරණයක් ලෙස ස්ත්‍රී කවය,වාම කවය,සිනමා කවය,ප්‍රාදේශීය කවය …
නිර්මාල් ගේ ඉහත අදහස අසා සිටි X කණ්ඩායමේ එවකට ප්‍රධාන භූමිකාවක් රගපෑ චරිතයක් මෙසේ කීවේය. නිර්මාල් ඒ කතාව බොරුවක් නේ? අපිමනේ ඒ කතාව හැදුවේ. මොහොතක් තීක්ෂණ ලෙස කල්පනා කළ නිර්මාල් මෙසේ ඔහුට පැවසුවේය. යථාර්ථයට වඩා සංකල්පය ප්‍රාථමිකයි. යථාර්ථය එහෙම වුනත් මම වැඩ කරන්නේ ඊට පටහැනි විදිහට.
බොහෝ කලක් ගත වූවාට පසු අපෝහකවාදය යථාර්ථයෙන් ප්‍රකාශ වූයේ පහත පරිදිය.
01 යථාර්ථය ප්‍රාථමික යැයි කියූ පුද්ගලයා අතීතයේ දී පෑන්ටි වැනුවේ නැත. දැන් පෑන්ටි වනනවාය.
02 සංකල්පය ප්‍රාථමික යැයි කියූ නිර්මාල් අතීතයේ දී තම බිරිදට කරපිංචා ගෙනා මුත් වර්ථමානයේ දී එය අත් හිටුවා ඇත.
කෙනෙකු තුළ ඕනෑවට වඩා යහපත සොයා යන විට අපට හමු වන්නේ නපුරයි. නිර්මාල් දීප්ති දෙස බලා වසර 2004 දී හාස්‍යෙයන් සිනහ වී ඇසුවේ මෙවැන්නකි.
“ඔබ යහපත්ම යැයි කියූ පුද්ගලයා දැන් ඔබට නපුරුම පුද්ගලයා වෙලා තියෙනව.”
දේශපාලනයට යහපත් මිනිසුන් එකතු කරන්නට උත්සහ දරන්නා රවටා ගන්නේ අනුන්ව නොව තමන්වමය. වියන්ගොඩ තවම මෙම පාඩම ඉගෙන නැත. දේශපාලනය කරන විට හමුවන ආත්මීය සාධක වටහා ගැනීම පහසු නැත.