ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » Social News » නොදන්නා අනාගතයක් සමග අතීතයට වඩා අතීතයක්

නොදන්නා අනාගතයක් සමග අතීතයට වඩා අතීතයක් 

Fantasy-fantasy-16121056-1680-1050
බො

හෝදෙනා සිතුවේ 2009 වසරට පසු ජාතික ගැටළුව කියා දෙයක් නැති බවයි. මෙසේ සිතූ සමහරුන්ට මේ වන විට තමන් ගැනම ලැජ්ජාවක් ඇති වී ඇත. එම ලැජ්ජාව අප්පිරියාවක් වන ආකාරය දැන ගැනීමට අවශ්‍ය අය COLOMBO TELEGRAPH වෙබි අඩවිය වෙත යා යුතුය. එම වෙබ් අඩවිය ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් වැටුප් ලබන්නන් පවා වටහා  ගෙන ඇත්තේ දේශපාලන විශ්ලේෂකයන් නම් ගාම්භීර සංකල්පයෙනි. සිවිල් මාධ්‍යයන් විසින් ඔත්තුකරුවන් ච්න්තකයන් ලෙස සලකා ඇත්තේ එම මාධ්‍ය පමණක් නොවේ. රාවය යනුද එවන් පුවත්පතකි.

ලංකාවේ සිවිල් යුද්ධයේ වර්ථමානයේ වීරයන්ව අභිශේක කරන ලද්දේ චීන කොමියුනිස්ට් පක්ෂයයි. තව ටික කලකට පසු උතුරේ පැවැත්වෙන ඡන්දයට පසු ජයග්‍රහනය හිමි වීමට නියමිත ටී.එන්.ඒ එකට උතුරේ කිසිවක් කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. මේ වසර අවසාන වන තෙක් ටී.එන්.ඒ එකට විශාල දෙයක් වන්නේ ද නැත. නමුත් තව ටික කලක් යන විට ටී.එන්.ඒ සංවිධානයේ දේශපාලන සුජාතභාවය අහෝසි වනු ඇත. දෙමළ ජාතික ප්‍රශ්ණයට මැද පංතික උත්තර නොසෑහෙන බව එවිට සියළු දෙනාම වටහා ගනු ඇත.

දැනට පවතින සමකාලීන ලෝක දේශපාලන බල තුලනයට අනුව දෙමළ ජාතියට අදාල ප්‍රශ්ණයට කිසිදු උත්තරයක් ලැබෙන්නේ නැත. නමුත් යථාර්ථය සැමදා එකතැන පල් වන්නේ නැත. ඇමෙරිකාවේ ඔබාමා,එංගලන්තයේ කැමරන්,ජර්මනියේ ඇන්ජලා මර්කර්,රුසියාවේ පුටින්, ඉන්දියාවේ ගාන්ධිලා,ප්‍රංශයේ හොලන්ඩේලා යනු සදාකාලික පාලකයන් නොවේ. ඉතිහාසය යනු නිදිහස සර්පිලාකාරව ගමන් කිරීමකි. ලෝක බලවතුන්ගෙන් දෙමළ ප්‍රශ්ණයට අනුමැතිය අවශ්‍ය වන්නේ එක්වරකි. නමුත් දෙමළා පෑගීමට සිංහලයන්ට ලෝක බලවතුන්ගෙන් වසරක් පාසා අනුමැතිය අවශ්‍යය. එය හාස්‍යජනක ක්‍රීඩාවකි. බුද්ධිමත් සිංහල මිනිසෙකුට වැටහී යා යුත්තේ කුමක් ද? අපි මේ සෙල්ලම් කරන්නේ නොදන්නා අනාගතයක් වෙනුවෙන් බවයි. එය ඉතාම භයානක ක්‍රීඩාවක් වන්නේ මේ සෙල්ලම සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවේ නීති-රීති උල්ලංඝණය කරන ජයසූරිය වැනි ක්‍රීඩකයන් විසින් මෙහෙයවන නිසාය. තවම අප සමග ඔස්ට්‍රේලියාව ක්‍රීඩාකර නැති නිසා දැනට අපට සතුටු විය හැක.

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...