[dropcap color=”blue”]ජ[/dropcap]නතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් වෙන් වී අලුත් වම තමන් යැයි කියා ගත්තා වූ පිරිසද ඇතුලුව සියළු පිරිස් ‘ජනතාව’ යැයි කියන්නේ කාටද?
මන්ද පෝෂණයෙන් සහ ජීවන බරින් පෙළෙන ලක් මවගේ දරුවන්, වියළි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන්, රැකියා විරහිත තරුණයන්,කරන්නට දෙයක් නැති නිසා ෆේස් බුකියේ බඩු ගසන්නට ෆැන්ටසි තතන කාලකන්නින් ආදී සිංහල බෞද්ධ සුළු ධනේශ්වර දුක් වේදනා සත්තකින්ම මේ නව වාමාංශික දේශපාලනය තුළ අන්තර්ගතය.
මේ වාමාංශිකයන් සිංහල බෞද්ධ සුළු ධනේශ්වර තට්ටුවේ විමුක්තිය සදහා සටන් කරන අය පමණි. වියළි කලාපයේ ගොවියන්, උඩරට ගැමියන්, රැකියා විරහිත තරුණයන්,කරන්නට දෙයක් නැති නිසා ෆේස් බුකියේ බඩු ගසන්නට ෆැන්ටසි තතන කාලන්නින් යන අය සුළු ධනේශ්වර පංතිය මිස විප්ලවවාදීන් නොවේ.
මේ රටේ සුළු ධනේශ්වර පංතිය විප්ලවවාදීන් ලෙස හදුන්වා ඒ අයගේ දුක් ගැනවිලි අර්නෙස්ටෝ චේ ගාවාරා සමග පාස්සා සුළු ධනේශ්වර විරෝධතා ව්‍යාපාරයන් ගොඩ නැගීම ඔවුන් ගේ ප්‍රාර්ථනාවයි. මෙය කදිමට ප්‍රදර්ශණය කළ නියම දර්ශණය වූයේ පසුගිය දා පවත්වන්නට යෙදුන “චේ වගේ වෙන්න” නම් පාරිභෝගික සේවා සැපයීමේ සංදර්ශණයයි.
වසර 1988-89 වකවානුවේ දී පවතින ධනේශ්වර ක්‍රමයට එරෙහිව අරගල කළ තම සහෝදර අරගලකරුවන් හැට දහසකට අධික සංඛ්‍යවක් පොළව යට වැළලූ,ටයර් සෑ මත දවාලු ත්‍රිවිධ හමුදාවට නිල් මහනෙල් මල් පලදා දෙමළ ජාතික විමුක්ති අරගලය සමූල ඝාතනය කළ යුතු බවට සපථ කළ ජාතිවාදී (පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් ද ඇතුලුව) ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික විමුක්ති අරගලයට සමාන ජාතික විමුක්ති අරගලයකට පණ පෙනූ අර්නෙස්ටෝ චේ ගවාරා නම් ජාතික විමුක්ති අරගල ජාත්‍යන්තරවාදී නායකයා තම පරමාදර්ශය වශයෙන් ගෙන කටයුතු කරයි.
මේ වන විටත් විවිධ වෙළෙද දැන්වීම් නිර්මාණ ආයතන වල සිටින අපතයන් රට,ජාතිය, ආගම,දරු සෙනෙහස,දුගී බව,අසරණ භාවය,මිතුරුකම ආදී එකී මෙකී නොකී සියල්ල විකුණයි. ජනතා විමුක්ති පෙරමුණ තම ජාතිවාදී ආත්මය සගවා ගෙන ජාතික විමුක්තිය ගැන කතා කරයි. වෙළෙද දැන්වීම් නිර්මාණකරුවන් කතා කරන මනුෂ්‍යත්වය යනු ඔවුන් ගේ ඇත්ත ජීවිතයෙන් පරාරෝපිත යථාර්ථයක් වන පරිදිම ජනතා විමුක්ති පෙරමුණ කතා කරන ජාතික විමුක්ති අරගලය ද ඔවුන් ගේ සැබෑ දේශපාලන දර්ශනයෙන් පරාරෝපිත වූවකි.
පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය විප්ලවවාදී සෝමවංශ අමරසිංහ ගේ සිට ජනප්‍රියවාදී අනුර කුමාර දක්වා විතැන් වීම නිසා එතෙක් පක්ෂය ගැන දෙගිඩියාවෙන් සිටි සිංහල බෞද්ධ සුළු ධනේශ්වර සාමාජිකයන්ට පැහැදිලි පිළිතුරක් ලැබුණි. තවදුරටත් ජ.වි.පෙ යනු විප්ලවවාදී දේශපාලන පක්ෂයක් යැයි තිබූ අවසාන සැකයත් තුරන් විය. මේ නිසා පසුගිය දා පැවැත්වූ “චේ වගේ වෙන්න” නම් සංදර්ශණය යනු ඉල්ලුමට සැපයුම යන ආර්ථික විද්‍ය න්‍යායට ගැලපෙන පාරිභෝගික සේවා සැපයීමකට වැඩි යමක් නොවන බව අප යළි මතක් කරන්නෙමු.
වසර 2009 දී හැට දහසක අධික දෙමළ වැසියන් සමූල ඝාතනය කරන්නට හමුදාවට සහය දුන් ජනතා විමුක්ති පෙරමුණ 2009 මැයි මස 18 වන දා ප්‍රභාකරන් ගේ මරණය ගැන සැල වූ වහාම සිංහල බෞද්ධ සුඵ ධනේශ්වර පංතිය පාරවල් පුරා ගාල් කරමින් රතිඥ්ඤා පත්තු කර කිරිබත් කෑවේ ඔවුන් ගේ ජාතික විමුක්තිය විනාශ කළ ප්‍රතිවාදියා ඝාතනය කිරීමේ සතුට වෙනුවෙනි. ඉන් වසර පහක් ඇවෑමෙන් ඔවුන්ටම තම දේශපාලන අනාගතය වෙනුවෙන් ප්‍රභාකරන්ට සමාන තවත් ජාතික විමුක්ති අරගලයක නායකයෙකු වූ චේ වගේ වන්න යැයි තම දේශපාලන අනාගතය වෙනුවෙන් ඉල්ලා සිටින්නට වීම දෛවයේ සරදමක් ද?
තමන විසින් 88-89 වකවානුවේ ඝාතනය කළ මිනිස් ජීවිත වෙනුවෙන් සමාව අයදින්නට අනුර කුමාරට සිදු වීම සේම එසේ සමාව ගැනීම වරදක් යැයි කියන්නට සෝමවංශ අමරසිංහට සිදු වීම ගැන අප පුදුම විය යුතු නැත්තේ ජ.විපෙ දේශපාලන භාවිතාව අතීතයේ පටන් ව්‍යුහගත වී ඇත්තේ මේ ආකාරයෙන්ම වන බැවිනි. 88-89 වකවානුවේ දී ජනතා විමුක්ති පෙරමුනේ ඇතැම් කටයුතු සංවිධානය කරන්නට දේශහිතශී ජනතා ව්‍යපාරය බිහි කරන්නට සිදු වන්නේ ද පක්ෂ තුළ අතීතයේ පටන් පැවති සිංහල බෞද්ධ සුළු ධනේශ්වර සාමාජිකයන් මත ඔවුන් ගේ අනාගතය තීරණය කිරීමට සිදුවූ බැවිනි.
තව දුරටත් විප්ලවවාදී බෝඩ් ලෑල්ල එල්ලා ගෙන ගමන් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට ඇති අයිතිය අප කිසිවිටෙකත් ප්‍රශ්ණ කළ යුතු නැත. ජාතික විමුක්ති අරගලයක් විශ්වාස කරන අය චේ වගේ වන්න යැයි කියනවා නම් අනෙක් අතට ඔවුන් ප්‍රභාකරන් වගේ වන්න යැයි කියා ඉල්ලා සිටීමද අතිශයින්ම සාධාරණය. නමුත් සිංහල බෞද්ධ සුළු ධනේශ්වර පංතිය මත සංවිධානය වූ දේශපාලන ව්‍යාපාරයකට දෙවැනි සටන් පාඨය දේශපාලනිකව අවාසි සහගත බව පැහැදිලිය.
සැබෑ විප්ලවාදී දේශපාලන ව්‍යාපාරයක් චේ වගේ වන්න යැයි ඉල්ලා සිටිනු නොලබන්නේ විප්ලවාදී ව්‍යාපාරයක් යනු ජාතික විමුක්ති අරගලයක් නොවන බැවිනි. සැබෑ ව්ප්ලවාදී ව්‍යාපාරයක එකම සහ අවසාන ඉල්ලීම ලෙනින් වගේ වෙමු යන්න පමණි. එකී සටන් පාඨය පාරිභෝගික සේවා සැපයීමේ තවත් එක් මුලාවක් නොව සැබෑ අරගලයක් කරා යෑමේ පළමු පියවර තැබීමකි. ෆේස් බුකියේ විප්ලවවාදීන් ගේ කවි සිතිවිලි වලට අනුව විප්ලවය යනු අති සුන්දර අත්දැකීමකි. විප්ලවය අති සුන්දර අත් දැකීමක් කර ගත හැක්කේ මිනිස් ජීවිත දහස් ගණනනින් වන්දි ගෙවන්නට සිදු වීමෙන් පසුවය. අනාගත පරම්පාරවට යහපත් ලෝකයක් තනා දෙන්නට කරනු ලබන අඛණ්ඩ අරගලයක් විප්ලවයක් කරා විතැන් කරවීම හිතන තරම් පහසු නැත. ලේ,කදුළු, දහදිය සමග මුසුවූ සැබෑ අරගලයක් තුළ පාවා දීම්,කල්ලිවාදයන්, මතවාදී විවේචනයන්,කළකිරීම්,එකිනෙකා නුරුස්නා ස්වභාවයන්, තමන් ගේ තැන ස්ථායි කර ගැනීමේ පුද්ලග ආශාවන්, ෆැන්ටසීන් වැනි විවිධ ගැටළු යනුම අරගලය සමග බද්ධ වූ අරගලයේම ගැටලු මිස වෙනත් ග්‍රහලෝකයකින් අරගලයට එරෙහිව පැන නගින අමුතු ගැටළු නොවේ. රාජ්‍ය මර්ධන යන්ත්‍රය විසින් අරගලයක් මර්ධනය කරන්නට දරනු ලබන බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් නිර්මාණය කිරීම වැනි සංකීර්ණ කාරණා අතර සංවිධාන අභ්‍යන්තරයේ පැන නගින මතවාදී සහ පුද්ගල අභිලාශයන් නිසා හට ගන්නා ගැටලු යනු අපට මගහැර යා නොහැකි සත්‍යයන්ය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ බිද වැටීම නිසා එහි විප්ලවවාදී ජීව ගුණය නැති වූවා යැයි අප මුලා විය යුතු නැත. එහි ස්වභාවයෙන්ම එය විප්ලවවාදී ජීව ගුණය නැතිකර ගෙන දැන් බොහෝ කල්ය. තවමත් දුක් විදින පංතියේ මිනිසුන් ගේ ජීවිත වෙනුවෙන් සටන් කළ යුතුයැයි සිතන සැබෑ විප්ලවවාදී ජීව ගුණයක් සහිත අරගලකරුවන් අනාගත දේශපාලන ව්‍යාපරයක් වටා ගොනු කරවීම අපහසු නැත.
මේ කතාව හ” සැබෑ ව්ප්ලවාදී ව්‍යාපාරයක එකම සහ අවසාන ඉල්ලීම ලෙනින් වගේ වෙමු යන්න පමණි. ” සහ බොහොමයක් කියල තියෙන දේවල් හරි. මම නම් මේ චේගේ උද්‍යානය සුද්ධ කරන එක කවුරු කලත් හොඳයි කියන මතයේ ඉන්නේ. ඒ චෙට ගරු කරන නිසා විතරයි. මේ උත්සව අනම් මනම් නම් ඉතින් තමන් චේගේ එකම උරුමක්කාරයෝ කියල හිතන් ඉන්න කට්ටියගේ මොස්ට වැඩ. කියුබාවටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි.
Comments are closed.