ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » පොලිසිය පිළිබඳ අලුත් සිතීමක්

පොලිසිය පිළිබඳ අලුත් සිතීමක් 

War

Dialectical critique on civil knowledge of Police and other civil institutions.

රාජපක්ෂ පාලන යුගය සමඟ ලංකාවේ පොලිසිය ව්‍යුහාත්මක වශයෙන් අළුත් ගමනක් ආරම්භ කර ඇත. රාජපක්ෂ යුගය තුළ, විශේෂයෙන් යුද්ධය අවසන් වීමත් සමඟ මත්ද්‍රව්‍ය වෙළදාම ප්‍රතිව්‍යුහගත කිරීමට රාජපක්ෂ රෙජිමයට අවශ්‍ය විය. මූලධාර්මික ලෙස ඔවුන් විසින් කරන ලද්දේ මත්ද්‍රව්‍ය වෙළදාමට අදාළව පැවති පුද්ගලික වෙළදාම ( සිල්ලර මට්ටම හැර ) රාජ්‍ය අංශය මඟින් මෙහෙයවීමයි. මෙමඟින් කොළඹ නඟරයේ සංවිධානාත්මක අපරාධ අංශය සතු ආර්ථික බලය විනාශ කරන ලදී. වැලිකඩ සිරගෙදර සිදු වූ ඝාතන ක්‍රියාවලිය මෙහි අවසාන සිද්ධියයි.
සාමාන්‍යයෙන් ලංකාවේ සමාජය සතුව පොලිසිය සම්බන්ධයෙන් ඇත්තේ ගතානුගතික අදහසකි. එම අදහසට අනුව ‘පොලිසිය’ යනු සාමය සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති රාජ්‍ය ආයතනයකි. ” ධනවාදය” තුළ ඇති ඕනෑම සංස්ථාපිතයක් ( මිනිස් සබඳතාද ඇතුළත්ව ) නිරන්තර චලනයකට ලක් වෙයි. ඉන් අදහස් වන්නේ ඕනෑම අදහසක අර්ථය එහි ප්‍රතිවිරුද්ධ අන්තය කරා ගමන් කළ හැක යන අනුමාණයයි. ‘දයලෙක්තිකය’ යනු යමක හරය තුළම තිබෙන අදහස එහි ප්‍රතිවිරුද්ධ අන්තය කරා ගමන් කළ හැක යන අනුමානයයි. මෙම අදහස පොලිසිය නම් සමාජ සංස්ථාපිතයට අදාළ කරන්නේ නම්, ‘පොලිසිය’ යනු තවදුරටත් මහජන සාමය නඩත්තු කිරීමට අදාළ ආයතනයක් නොවේ. එය එහි ප්‍රතිවිරුද්ධ අදහස කරා විතැන් වී ඇත. ( මහජන සාමය දැන් අතුරු වැඩකි ) 
අද දවස වන විට පොලිස්කාරයෙක් යනු ව්‍යාපාරිකයෙක් සඳහා යොදාගත හැකි තවත් වචනයකි. ( නමකි ) පොලිස් නිල ඇදුම අදින අතිබහුතරයක් දෙනා අද දවසේ කරන්නේ විවිධ ව්‍යාපාරික කටයුතුය. සමකාලීන දේශපාලකයා යනු ද ව්‍යාපාරිකයෙකි. [Business is the continuation of politics by other means – Example – Ravi Karu].”පොලිස්කාරයෙකුට දේශපාලකයකුට තරම් ලාභ ලැබිය හැකි ව්‍යාපාරිකයෙකු වීමට නොහැකි වුවත්, ඔවුන් ස්ථීර රැකියා කරන නිසා දේශපාලකයකුට වඩා ඔවුන්ගේ රැකියාව ( පොලිස්කාරයාගේ රැකියාව ඡන්දයෙන් අවලංගු නොවන නිසා ) ස්ථීරය. සරළව කිවතොත් පොලිසිය පිළිබඳ සම්මත අදහස සමාජයට හොරෙන් එහි ප්‍රතිවිරුද්ධ අදහස, එනම් ‘මහජන සාමය’ බිඳීම නම් තැනට විතැන් වී ඇත.

Who is wearing mask ?

Who is wearing mask ?

මා ඉහත යෝජනා කරන අළුත් අදහස වටහා ගැනීම සඳහා අදාළ වන කදිම සිදුවීමක් පිළියන්දලට ආසන්න ප්‍රදේශයක සිදුවිය. මෙය ලංකාවේ පුවත්පත් විසින් වාර්තා කරන ලදී. එනම් මත්ද්‍රව්‍ය වැටළීමකට ගිය පොලිස් නිලධාරියකුට මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ ජාවාරම්කරුවන් පිරිසක් විසින් වෙඩි තබන ලද බවය. මෙය සහමුලින්ම යතාර්ථය වරදවා වටහා ගැනීමකි. ජනමාධ්‍ය යතාර්ථය වේෂ නිරූපණය  කරන බව නම් පැහැදිළිය.
ලංකාවේ මත්ද්‍රව්‍ය වෙළඳාම සහ ලඟ තබා ගැනීම සාපරාධී අපරාධයකි. එය සිවිල් ගණයට නොවැටෙන අපරාධ ගණයට වැටෙන අපරාධයකි. අනෙක් පැත්තෙන් මත්ද්‍රව්‍ය වෙළඳාම යනු අධික ලාභ ලැබිය හැකි ව්‍යාපාරයකි. මේ නිසා ඇති වන්නේ අලුත් පරස්පරයකි. අපට මහමඟදී දක්නට ලැබෙන රථවාහන පොලිස් නිලධාරියකු සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ සේවය කරන පොලිස් නිලධාරියකු අතර ගුණාත්මක වෙනසක් ඇත. රථවාහන වරදක් කරන සිවිල් පුරවැසියෙකුගෙන් ලබා ගත හැකි කප්පම රුපියල් පන්දහසක් නම්, මත්ද්‍රව්‍ය වෙළෙන්දෙකුගෙන් පොලිස් නිලධාරියකුට ලබා ගත හැකි කප්පම ලක්ෂ 5කි. බොහෝ දෙනා සිතන්නෙත්, බොහෝ ජනමාධ්‍යකරුවන් අපට සිතන්නට පුරුදු කර ඇත්තෙත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය යනු නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලන රාජ්‍ය නිලධාරීන් පිරිසක් බවයි. නමුත් යතාර්ථය වන්නේ මෙහි අනෙක් පැත්තයි. මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ට මෙන්ම, පොලිස් නිලධාරීන්ටද සපුරා ගන්නට සිහින ඕනෑ තරම් ඇත. මේ නිසා මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිලධාරියකුට තම ආශාව නිසාම ( ආශාව යනු ද නීතියකි ) මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් පෙනෙන්නේ තමන්ගේ ෆැන්ටසිය සපුරා ගත හැකි දේව නියෝජිතයකු ලෙස මිස අපරාධකරුවකු ලෙස නොවේ. ඔවුන් දෙදෙනා අතර පවතින රහසිගත අශ්ලීල වාණිජ සම්බන්ධය දන්නේ ඔවුන් දෙදෙනා පමණි. ඊට අමතරව මෙම තත්ත්වය උසස් පොලිස් නිලධාරීන් සහ පළාත්බද දේශපාලඥයන්ද හොඳින් දනිති. වෙලේ සුදා යනු කතරගම දෙවියන් වැනි සිතුම් පැතුම් ඉටු කරන දෙවියකු මිස රාජ්‍ය විරෝධී අපරාධකරුවකු නොවේ.
ඉහත අප විසින් පහදන අලුත් සමාජ සම්බන්ධය ගැන වැටහීමක් ඔබට දැනටමත් ලැබී ඇත්නම් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නම මෙලෙස අලුත් විය යුතුය. ‘පොලිස් මත්ද්‍රව්‍ය පුනර්ජීව අංශය’. අලුත් අදහසට අනුව පොලිසිය යනු මත්ද්‍රව්‍ය මර්දනය කරන ආයතනයක් නොව මත්ද්‍රව්‍ය පුනර්ජීවනය කරන ආයතනයකි. සරළව කිවහොත් මත්ද්‍රව්‍ය යනු රටේ ජාතික ආර්ථිකයට සම්බන්ධ ප්‍රාග්ධනයකි.
කෙනෙක් මා ඉහත ඉදිරිපත් කළ අදහස ඉදිරියේ වික්ෂිප්ත වන බව මම දනිමි. එවැන්නෙකු තම ගැලවිල්ල සඳහා අවංක පොලිස් නිලධාරියා යන සංකල්පය ඉදිරියට දමනු ඇත. නමුත් පවතින යතාර්ථය අප සිතනවාට වඩා අඳුරුය. ලංකාවේ ජනාකීර්ණ අග නගරයක සේවය කරන ඕනෑම පොලිස් ස්ථානාධිපතිවරයෙක් (OIC ) යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් නීතිවිරෝධී ජාවාරම් වලට ( Rooms , ගණිකා මඩම්, කැසිනෝ ශාලා, ඉඩම් ආරවුල්, මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මත්පැන් වෙළඳාම, සංවිධානාත්මක අපරාධ කල්ලි, කුට්ටනය, කළු සල්ලි ) කප්පම් එකතු කරන රාජ්‍ය නිලධාරියාය. ඔහු එම මුදල් අනතුරුව පළාතේ නියෝජ්‍ය පොලිස්පති දක්වා උසස් පොලිස් නිලධාරීන් සමඟ බෙදා හදා ගනියි. මේ අර්ථයෙන් ගත් විට කොළඹ වැනි වාණිජ වශයෙන් ඉහළ ආදායම් ලබන ප්‍රදේශයක DIGවරයකු මසකට උපයන ආදායම ඔබට සිතාගත හැකිද? නිශ්චිත ලෙසම එය මිලියන ගණනකි.
එසේ නම් පොලිස් කොමිසම වැනි පොලිසිය නියාමනය කරන ආයතනයකට කළ හැක්කේ කුමක්ද ? ඔවුන්ට කළ හැක්කේ පොලිසියේ පරිපාලන කටයුතු මෙහෙයවීම පමණි. පොලිසිය තුළ ක්‍රියාත්මක වන අතිරික්ත ආදායම සහ අතිරික්ත විනෝදය ගැන ඔවුන්ට කිසිවක් කළ නොහැක. පොලිසිය බාර ඇමතිවරයාට ද කළ හැක්කේ බලා සිටීම පමණි. සිවිල් සමාජයට, අගමැතිවරයාට, ජනධිපතිවරයාට ද කළ හැක්කේ බලා සිටීම පමණි. මන්ද ඔවුන්ගේ දෙපා යට ඇති සදාචාරාත්මක භූමිය අතුරුදන් වී ඇති නිසාය. පොලිසියට සිදු වී ඇති මෙම රැඩිකල් වෙනස වටහා ගන්නේ නැතිව එය ප්‍රතිසංස්කරණය කිරීමටද නොහැකි

Deepthi

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...