ඉතා විශිෂ්ඨ න්‍යායික දැනුමක් ඇති අය පවා පොඩි ළමුන්සේ හැසිරෙන්නේ ඇයි?. කරුණු කාරණා අන් අයට පහදා දීමට පමණක් නොව එය න්‍යායික අනුදැනුමක් සහිතව පවා කිරීමට දත් අය තමන් උගන්වන පණිවිඩයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ චර්යාවක් අනුගමනය කළ හැකිද?. මෙච්චර දැනුම් තේරුම් ඇති අය මෙසේ පිස්සු කෙළින්නේ ඇයි?. එහි අදහස තමන් දන්නා න්‍යායික සත්‍යයන්ට නරුම පරතරයක් තබා සිටීමට ද? එනම් න්‍යාය තේරුනද, තමන්ම එය විශ්වාස නොකිරීමද? මෙහිදී දැනුම හා එම දැනුම තමන්ම විශ්වාස නොකිරීම නම් පැල්ම ඇති කරවයි. එසේත් නැතිනම් තමන් අන් අයට කියා දෙන න්‍යායික අන්තර්ගතයේ න්‍යායික ආකෘතිය නොතේරෙන නිසාද? උදාහරණයක් ලෙස “විනෝදය” යන සංකල්පය අන් අයට ඉගැන්වීමට පුළුවන් වුවද එය කියා දීමෙහි ආකෘතිය මඟින් එම සංකල්පය අවිඥානකව පිටතට පැමිණීමය. එවිට අන්තර්ගතය අභ්‍යන්තරයෙන්ම උල්ලංඝනය වේ. උදා; විනෝදය ගැන FB හි කියා දී අන් අයගේ Comments මත කියා දුන් කෙනා විනෝද වීම.
Look at Charlotte Gainsbourg, in the Lars von Trier film Antichrist. She’s unbelievable. She doesn’t act; she’s there. She’s great. And you love her for that, because it’s so daring, what she has to do. And she does it as if it is nothing. I think she’s brave. I fell in love with her when I saw that film. She is a revelation. Total revelation- Chantal Akerman
මෙය තවත් සංකීර්ණ කරමු. ඉතා සංකීර්ණ හා විදග්ධ චරිත චිත්‍රපට තුළ රඟපෑ නළුවෙකුට හෝ නිළියකට ඇත්ත ජීවිතයේදී ඉතා ළාමක විය නොහැකිද?. උදාහරණයක් ලෙස ලාර්ස් වොන් ට්‍රියර්ගේ (Lars Von Trier) බොහෝ චිත්‍රපටවල ඉතා දුෂ්කර රැඩිකල් ස්ත්‍රී චරිත රඟපාන චාර්ලට් ගේන්ස්බර්ග් (Charlotte Gainsbourg) වැනි නිළියකට තම ඇත්ත ජීවිතය තුළ ඉතා පසුගාමී යෝගීවරයෙකු විය නොහැකිද?. එහි අනෙක් පසද සිදුවිය ඇක. ඇත්ත ජීවිතයේ ඉතා ළාමක චරිතයකට චිත්‍රපටයක සංකීර්ණ යථාර්ථයක් නිරූපණය කල නොහැකිද?. ස්වර්ණා මල්ලවආරච්චිට සාමාන්‍ය ගතානුගතික බිරිඳකගේ යථාර්ථය (සත්‍ය) ‘’ඇගේ ඇස අග’’ තුළ නිරූපණය කිරීමට හැකි වුවද සැබෑ ජීවිතය තුළ ඇය අප දන්නා තරමට රැඩිකල් මත දරණ හිස්ටරික ස්ත්‍රියකි. වින්දිතයෙකුට (වද හිංසාවකට ලක් වූවෙකුට) තවත් කෙනෙකු වින්දිතයෙකු කළ නොහැකිද?. කාන්තා හිංසකයෙකුට රැඩිකල් ස්ත්‍රීවාදී විචාරයක් කිරීමට හැකි ව්‍යුහාත්මක බාධාව කුමක්ද?.
අප පෙර සඳහන් කළ පරිදි, මෙහි සාකච්ඡා කරන විරුද්ධාභාෂය නරුමවාදය (තමන් විචාලන දෙය තමන්ට අවිඥානකව විශ්වාස නොකිරීම) ඔස්සේ හා අන්තර්ගතය හා ආකෘතිය අතර පරතරය තුළද පෙන්විය හැක. මෙහි අවසානයට සඳහන් කළ පරතරය යනු ලැකාන්ට අනුව උච්චාරණය කරන ලද අන්තර්ගතය හා එම උච්චාරණය හොබවන ආත්මීය ස්ථාවරය (Difference between enunciated and enunciation) අතර වන වෙනස සමඟ අනන්‍ය වේ. එනම් මගේ මිත්තනිය මිය ගිය පසු ඒ ගැන අන් අය ඉදිරියේ දුක් වෙමින් ඇඬිය හැකිය. එහෙත් ඇඬීමේ සැබෑ අවිඥානක ආශාව වනාහී දැන් ආච්චි මිය ගිය පසු මගේ ළමයි බලාගන්නේ කවුද යන්නයි. මෙය ඉහත සඳහන් කරන ලද උච්චාරිත පරතරයයි.
දැන් මෙම විවරණය දේශපාලන පක්ෂයක සාමාජිකයෙකුට අදාළ කරගත් විට ප්රශ්නය වන්නේ ෆේසාල් දෙව්ජිට (Faisal Devji) “ඉස්ලාමීය දේශපාලනයේ” ගැටළුව වනාහි එහි “ඉස්ලාමීය” කොටස නොව එහෙත් එහි “දේශපාලනය” කොටස බව සඳහන් කළ පරිදි, ඇලෙන්කා සුපන්චිත්ට (Alenka Zupancic) අනුව “ලිංගික දේශපාලනයේ” ඇති ගැටළුව වනාහි එහි “ලිංගික” කොටස නොව එහි “දේශපාලනය” වන කොටස බව සඳහන් කළ පරිදි, අපගේ “න්‍යායික දේශපාලන පක්ෂ සාමාජිකයාගේ” ගැටළුව වනාහි “න්‍යායික” කොටස නොව එහි “දේශපාලන පක්ෂ සාමාජිකත්ව” කොටස බව අප තේරුම් ගත යුතු වේ. එනම්, රැඩිකල් ඉස්ලාමීය දේශපාලනයේ ගැටළුව වන්නේ දෙව්ජි කී පරිදි ඉස්ලාමයේ රැඩිකල් කියවීම නොවේ. එහෙත් එහි පාරභෞතික සත්‍ය පාදක කර ගන්නා දේශපාලන තීරණයි. ඒ අනුව රැඩිකල් ඉස්ලාමයේ සැබෑ හේතුව කුරාණය තුළ එහි පේළි අතර සොයා ඵලක් නැත. සෙවිය යුත්තේ එම ඉස්ලාමීය සත්‍ය ‘’ලුබ්දි පගාවක්’’ ලෙස භාවිතා කරන අවස්ථාවාදීන් කවුද යන්නයි. එවිට රැඩිකල් ඉස්ලාමය යනු ඉස්ලාමීය අර්ථයෙන් සැබෑ වශයෙන්ම රැඩිකල් නැති අවස්ථාවාදී “දේශපාලන” ගැටළුවකි.
මෙය පක්ෂ සාමාජිකත්වයටද එසේමය. ඉතා දැනුම් තේරුම් ඇති හා අන් අයටද න්‍යායිකව කරුණු ඉගැන්වූ කෙනෙක් පිස්සු නැටීමට පටන් ගත් විට අප එම සාමාජිකයාගේ හෝ සමාජිකාවගේ න්‍යාය තුළ ඇති වැරදි සොයා ඵලක් නොමැත. ප්‍රශ්න කළ යුත්තේ පක්ෂ සාමාජිකත්වය කෙරෙහි වූ “දේශපාලන” කොටසයි. ඔහු/ඇය ගනු ලැබූ තීරණය, හැසිරීමය, න්‍යායම ලුබ්දි පගාවක් ලෙස භාවිතා කරමින් කළ අවස්ථාවාදී ක්රියාවන්ය. මෙය පුද්ගලික ප්‍රශ්නයකට ලඝු කළ යුතු නැත. ඊට පරස්පරව එම අවස්ථාවාදී තීරණ ගනු ලැබුවේ කුමන ෆැන්ටාස්මැතික දැක්මකටද? (Gaze) යන්න තොරා ගැනීම ප්රයෝජනවත්ය. අදාළ සාමාජිකයා වාමාංශිකයෙක් නම් බොහෝ විට මෙම දැක්ම විප්ලවය නොකිරීම නිසා තමාව ලැජ්ජාවට පත් කරවන මහා විජේවීරගේ දැක්මයි. එසේ නැතහොත් ඉතිහාසය නම් මහා අනෙකාගෙන් විශේෂ වරමක් ලැබ ඊට වහල්කම් කරන, එම දැක්මෙහි හුදු මෙවලමක් බවට පත් වන විපරිත තත්වයකි. ලෙනින් 1920 ගණන් වල ස්ටාලින් පක්ෂ නායකත්වයට පත් වනවාට විරුද්ධ වූයේ ඔහුගේ ප්‍රතිපත්ති දරදඬු නිසා නොව ස්ටාලින්ගේ තිබූ නොහික්මවූ අශිෂ්ඨ හැසිරීම් නිසාය. ඒ අනුව අපෙන් සදාචාරාත්මකව වෙන් වීමට නොහැකි වීම (විශේෂ අවස්ථාවලදී හැර) න්‍යායේ ප්‍රශ්නයක් නොව, අසික්කිත Manners වල ප්රශ්නයකි. අසික්කිත Manners යනු දේශපාලන පක්ෂයක දී අතිශය දේශපාලන ප්රවර්ගයකි. ලෙනින් දැන සිටි පරිදි ඒවා තම සමාජ සබඳතා වල දර්පණය.
මෙම රචනයට පාදක වූ විරුද්ධාභාසය විග්රහ කරගත හැකි තවත් එක් මාර්ගයක් ඇත. එය ‘X’ ට අදාළ විශේෂ තත්වයකි. එනම් බුද්ධිප්රභාවන්තයා (Genius) හා දූතයා (Apostle) අතර ඇති වෙනස ආශ්රයෙන් ජිජැක් හා සෝරන් කියකර්ගාඩ් (Soren Kierkegaard) ප්‍රකාශ කරන ලද කාරණයයි.
“One should emphasize here the moment of positivity and immobility: in Kierkegaard’s terms, a radical is not creative genius but an apostle who embodies and dilivers a truth- he just goes on and on with repeating the same message (‘class struggle goes on’; capitalism engenders antagonisms’; (විනෝදය) etc.), and although it may appear that nobody follows him, everyone believes him, i.e., everybody secretly knows he is telling the truth- which is why he is constantly accused ” of the most incompatible armies, of egoism and a mania for power, indifference to the fate of their own cause, fanaticism, triviality, want of humor , buffoonery and irreverence.”
(Quoted form “Agitating the frame” by Slavoj Zizek)
කියකර්ගාඩ් කියන පරිදි ජේසුස් වහන්සේට වඩා ඔහුගේ පණිවිඩය ඉතා අලංකාරව හා දේව ධාර්මිකව කිව හැකි දාර්ශනිකයන් හා දේවධර්මවේදීන් ඔ්නෑ තරම් අද ඇත. නමුත් ගැටළුව වන්නේ ඔවුන් කවුරුවත් දෙවියන්ගේ පුත්‍රයා නොවීමයි. දේව පුත්‍රයා වීම පරමත්වයට ඇති විශේෂ සම්බන්ධයකි. ඒ ආකාරයෙන්ම, දීප්තිට වඩා ඉතා අලංකාරව හා න්‍යායිකව ඔහු ලංකාවට ගෙනා සත්‍ය කියා දිය හැකි අය සිටිය හැක (මට අනුව එසේ නැති වුනත්). ගැටළුව වන්නේ දීප්ති සේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ රෝග ලක්ෂණය දරා සිටීමට (පරමත්වය සමඟ සම්බන්ධය) අන් අයට නොහැක. ‘X’ නම් නව දේශපාලන ආකෘතිය නම් රෝග ලක්ෂණය (පැරණි වාමාංශයෙහි රෝගී ව්‍යුහය කියා පාන) දරන දූතයා දීප්තිය. එම අර්ථයෙන් ඔහු බුද්ධිප්රභාවන්තයෙකු නොවේ. ඔහු සත්‍ය කියා දෙන්නෙකු නොවේ. එහෙත් සත්‍ය දරා සිටින්නෙකි. මෙහි වෙනස තේරුම් ගත යුතුය. දීප්තිගේ පැවැත්ම තහවුරු කරන්නේ වාමාංශික ව්‍යාපාරය තවදුරටත් පැරණි විය නොහැකි බවයි. එම නිසා ස්ත්‍රිය මෙන්ම වාමංශික යථාර්ථය අසම්පූර්ණ කරවන කරදරකාරයා ඔහුය. ජිජැක් කියන පරිදි, දූතයා පුන පුනා කියනු ලබන්නේ එකම දෙයකි. බොහෝ දෙනා රහසින් ඔහුව විශ්වාස කරයි. ඒ නිසාම විරුද්ධාභාසී චෝදනා ඉදිරිපත් කරයි. උදාහරණයක් ලෙස විටක දීප්ති බලය ගැනීමට අපොහොසත් වීමට චෝදනා කරයි, විටෙක බලයට කිට්ටු වූ විට කිලිටි වූ බව චෝදනා කරයි. එහෙත් සියලු දෙනා “විනෝදය” නම් සත්‍ය රහසින් විශ්වාස කරයි. එම නිසාම චෝදනා කර විනෝද වේ. මේ අනුව හොඳට සිට පිස්සු නටන අය බුද්ධිප්රභාවන්තයන්ය (Genius). දීප්ති යනු දූතයා ය (Apostle – සත්‍ය කියා දෙන්නා නොව, සත්‍ය හොබවන්නා)..
Dilshan Fernando.