[dropcap color=”black”]ලං[/dropcap]කාවේ ජනප්‍රිය වූ බොහෝ කතාවලට ඇත්තේ විවෘත අවසානයන්ය. සරච්චන්ද්‍රගේ ‘මනමේ’ නාට්‍ය මේ සඳහා ජනපි‍්‍රය උදාහරණයකි. අප කිසිවකු තවම නොදන්නේ මනමේ කුමරියගේ ආශාවයි. ‘මනමේ’ නාට්‍යයට විවෘත අවසානයක් ඇතැයි අප කියන්නේ මේ නිසාය. අතීතයේදී ලංකාවේ චිත්‍රපටි රසිකයන් බොහෝ දෙනෙක් රුචි කළ චිත්‍රපටියක් වූයේ අකිරා කුරසාවාගේ ‘රෂෝමාන්’ චිත්‍රපටියයි. යම්කිසි කතාවකට එක අවසානයක් නැතිව අවසානයන් ගොඩක් ඇත්නම් එම කතාව උසස් යැයි අදහසක් පවතියි. ‘ගම්පෙරළිය’ නවකතාවේ නන්දා විවාහ වී පසුව එය අසාර්ථක වී ගෙදරටවී ඔහේ බලා සිටියි. ඇගේ අනාගතය එතැනදී විවෘතය. නමුත් පසුව පියල් ඇයව විවාහ කර ගනියි. ඉන්පසු එම හමුවීම ඇගේ දෛවය බවට පත්වෙයි. එබැවින් පියල් යනු කතාවේ සදාචාරයයි. මේ නිසා කතාවකට යම් අවසානයක් නැති වීම අපි සිතන තරම් අහිංසක නැත. යම් කතාවකට විවෘත අවසානයක් තිබීම නිසා රසිකයන්ට විශාල නිදහසක් බිහිවීම සත්‍ය වූවත් ඕනෑම කතාවකට ‘සත්‍ය’ ඇතුළ් වන්නේ මේ වැහීම හෝ ඇරීම මතය. මන්දයත් එමගින් කතාවේ යථාර්ථය බිහිවන නිසාය.
යම්කිසි කතාවකට නිශ්චිත අවසානයක් සවි වූ විට එම`ගින් අපි යම් දෘෂ්ටිවාදයකට (Ideology)ඇතුළ් වනවා නොවේ. එහි විලෝමය සත්‍ය වේ. එනම් යම්කිසි කතාවකට විවෘත අවසානයක් තිබේ යැයි යන මායාවට අප ඇතුළු වන්නේ නම් එහිදී අපි දෘෂ්ටිවාදයට ඇතුළ් වන්නෙමු. යම් කතාවක් මේ විදිහට නොවී, වෙනස් විදිහකට වූවානම් කොච්චර හොඳද කියා අප සිතන විට අප ඇතුළ් වන්නේ දෘෂ්ටිවාදයටයි.
ඇමරිකාවේ ජනප්‍රිය හොලිවුඞ් අධ්යක්ෂවරුන් යුගලක් වන්නේ ‘කොචින් සහෝදරයන්ය’. ඔවුන්ගේ චිත්‍රපට කලාව අමුතුය. ඔවුන්ගේ චිත්‍රපටි කතා යථාර්ථවාදය ඉක්මවන නිසා ඒවා බොහෝ දෙනෙකුට දැනෙන්නේ පිස්සු කතා ලෙසින්ය. ඔවුන්ගේ චිත්‍රපට වටහා ගැනීමට එක මූලධර්මයක් අවශ්‍යය. ඊට අනුව අප අත්විඳින යථාර්ථය ප්රාග් අනුභූතික ප්‍රවර්ගවලින් ව්‍යූහගත වී ඇත. එබැවින් ඔවුන්ගේ චිත්‍රපට කාන්ට්ගේ දර්ශනය අනුගමනය කරයි. මාක්ස්ට හේගල්ගේ ඇති සම්බන්ධය හරහා මෙම චිත්‍රපටි ගැන කිවහොත් කොචින් සහෝදරයන්ගේ චිත්‍රපටය පශ්චාත්-මාක්ස්වාදීය.
ඉන් අදහස් වන්නේ කුමක්ද? කාල් මාක්ස්ට අනුව විඥාණයෙන් පාරභෞතික ඉවත් කළ විට අපට පිරිසිඳු යථාර්ථය හමු වෙයි. එවිට බාධාවකින් තොරව යථාර්ථය වෙනස් කළ හැක. නමුත් 20 වන සියවස පුරා සිදු කළ මාක්ස්වාදී දේශපාලනය අපට පැහැදිලි කරනු ලැබූයේ යථාර්ථයෙන් පාරභෞතික (metaphysics) ඉවත් කළ නොහැකි බවයි. අප කි‍්‍රයාත්මක වන යථාර්ථය තුළ නිශ්චිත මොහොතකට පසු පාරභෞතික වැඩ කරන්නට පටන් ගනියි. (යථාර්ථය පශ්චාත්-මාක්ස්වාදී වන විට න්‍යාය මාක්ස්වාදීය.)
නිශ්චිත මොහොතකට පසු අප අත්විඳින යථාරථය පාරභෞතික මගින් ව්‍යූහගත වන බව පෙන්වීමට හැකි අපූර්ව සිනමා කෘතිකයක් වන්නේ No County For Old Men (2007)යන්නය. චිත්‍රපටියට මෙම නම වැටී ඇත්තේ විලියම් බට්ලර් යීට්ස් නම් කවියාගේ කවියක කොටසක් භාවිතා කරමිනි. යීට්ස් නම් කවියාට අනුව සමාජයක් සමතුලිත වන්නේ එය ආගමික, සෞන්දර්ය සහ ප්‍රායෝගික ජීවිතය මැනවින් සංකලනය කරන්නේ නම්ය. නමුත් නූතන ධනවාදී සමාජය යනු මේ සංකලනය බිඳවැටුණු සමාජයකි. එබැවින් එවැනි සමාජයක් මහළු මිනිසුන්ට ජීවත් වීමට සුදුසු නැත.
‘No Country For Old Men’ නම් චිත්‍රපටියේ කතා වස්තුව කෙටියෙන් මෙසේය.
එක්තරා පුද්ගලයෙක්ට අහම්බයෙන් වාසනාවක් පෑදෙයි. යම් මැර කණ්ඩායමක අභ්‍යන්තර අරගලයක් හේතුවෙන් එහි සාමාජිකයන් මිය යන අතර ඔවුන් මියගිය ස්ථානයේ ඩොලර් මිලියන දහයක බෑගයක් කතාවේ වීරයාට හමු වෙයි. කතාව දිග හැරෙන්නේ මෙම බෑගය ආපසු ලබා ගැනීම අරඹයාය. (1) කතාවේ ප්‍රධාන චරිතය බෑගයත් අරගෙන ඉවත් වන්නේ අනාගතයේ පහසු ජීවිතයක් ගත කිරීමටය. (2) මාෆියා කණ්ඩායමක් විසින් කුලියට ගන්නා පුද්ගලයෙකුද මෙම බෑගය පසුපස පන්නයි. (3) පළාතේ විශ්‍රාමික පොලිස් නිලධාරියා විසින් ඉහත බලවේග තමන්ගේ අභිමථාර්ථ ඉෂ්ට කරගැනීමට යොදා ගනියි. (4) ඊළ`ගට අපට පෙන්වන්නේ තමන්ගේ තේරුමකට හැර වෙනත් කිසිඳු මූලධර්මයක් අනුගමනය නොකරන මිනීමරුවෙකි. ජාවියස් බාඩන් විසින් මෙම චරිතය මැනවින් ර`ග දක්වයි.
චිත්‍රපටියේ නරඹන්නන් වන අපත්, චිත්‍රපටියේ ප්‍රධාන බලවේගත් නිමක් නැතිව වටහා ගන්නට උත්සාහ කරන්නේ ජාවියස්ගේ මිනීමරු චරිතයයි. චිත්‍රපටියේ කථා වස්තුවෙන් ඔහුගේ චරිතය ඉවත් කළහොත් අන් සියලූ දෙනාට තම තමන්ගේ ඉලක්ක කරා යෑමට ඉතා පහසුය. බෑගය තුළ ඇති මුදල ලබා ගතහොත් ‘කළ යුත්තේ කුමක්ද?’ යන්න සියලූ දෙනා දනිති. නමුත් ජාවියස්ගේ චරිතය විසින් ඔවුන්ගේ ඉලක්කය අවුල් කර දමයි. එක්තරා මොහොතකදී මහලූ පොලිස් නිලධාරියාට මෙසේ කියවෙයි, ‘මට වැටහෙන්නේ නෑ මේ ලෝකය ඇයි මේ තරම් කෲර වෙන්නේ කියලා’. චිත්‍රපටියේ සමස්තය එම දෙබස අනුකරණය කරයි. ‘ඇයි මේ නූතන ලෝකය මේ තරම් හිංසාකාරී එකක් වෙන්නේ? මෙවැනි ලෝකයක් තිබෙනකොට මහලූ මිනිස්සු පවතින්නේ කොහොමද?’ උත්තරය කෙටිය – අප කි‍්‍රයාවන්වල අර්ථය තීන්දු කරන මහා අනෙකෙකු අප විශ්වාස කරන තරමට මේ ලෝකය හිංසාකාරීය.
චිත්‍රපටිය නරඹන පේ්රක්ෂිකාවන් අනන්‍ය වන්නේද ඉහත ජාවියස් චරිතය සමගය. නීතිගරුක පුරවැසියන් වන අප සයිකෝසික මිනීමරුවෙකු සමග අනන්‍ය වන්නේ ඇයි? කිසිඳු අනුකම්පාවකින් තොරව මිනීමරන භූමිකාව මගින් කතාවට අවසානයක් දීම නිසා තනි කතාවක් සේ දිස්වන කතාව ද්වීගුණ වෙයි. ජාවියස් නම් චරිතය මිනීමරන්නේ තමන්ගේ වාසිය සඳහා නොවේ. ඔහුගේ නපුර යහපත් නපුරකි. ඔහු නපුරු වැඩ කරන්නේ පොදු යහපත උදෙසාය. නරක වැඩ කරන මිනිසුන්ට ඔහු බාධාවකි. ඔහුගේ චරිතය මේ හේතුව නිසා අපගේ ආත්මයේ නිදහස මූර්තිමත් කරයි. අවස්ථාවාදී උපයෝගීතාවාදී පුද්ගලයන්ගේ කි්රයාවන් ජාවියස්ගේ භූමිකාව මගින් අවලංගු වෙයි. සැබෑ නිදහස යම්කිසි කතාවකට ඇතුළ් වන්නේ නිශ්චිත අවසානයක් ලබා දුන් පසුවය යන්න අප මීට කලින් පැවසුවේ මේ නිසාය. ජාවියස් නිරූපනය කරන්නේ යථාර්ථයේ පාරභෞතික ක්ෂේත්රයයි. පුද්ගලවාදීන්ගේ අභිප්රායන් විනාශ කරන උපාය-උපක්‍රම පවතින්නේ යථාර්ථය තුළ නොවේ. ඒවා ඇත්තේ ඊට පූර්වයෙන්ය. නියම භෞතිකවාදියා අනුගමනය කරන්නේ ජාවියස්ගේ භූමිකාවයි. ගුරුගීතයේ ගුරුවරුන් ගැන තවම කතා කරන අයව අප යැවිය යුත්තේ කටුගෙදරටය. ජාවියස් යනු සැබෑ ජීවිතයේ හමුවන ලේ මස් සම් ඇට නහර ඇති චරිතයක් නොවේ. ඔහු ෆැන්ටසි රූපකයකි. ඔහු නියෝජනය කරන්නේ අපගේ ආත්මයේ සැබෑ නිදහසයි. යථාර්ථය විප්ලවවාදීව වෙනස් කරන්නට යන අය ජාවියස්ව පුරෝකථනය කළ යුතුය. නැතහොත් ජාවියස් විසින් ඉතා සැහැල්ලූ ආකාරයට අපගේ විප්ලවය විනාශ කරනු ඇත. විප්ලවවාදී යනු යථාර්ථය හරියටම අනුකරණය කරන්නවුන් නොවේ. එවැනි අයව අපට ඉතාම ඉක්මනින් කටුගෙදරදී හමුවනු ඇත. ජාවියස් අවතාරය අපට හමුවන්නේ අප විසින්ම ප්රක්ෂේපණය කරන අනාගතයේ අතිරික්තයක් ලෙසින්ය. බුද්ධික බණ්ඩාර වෙන කිසිවකගේ නිර්මාණයක් නොවේ. ඔහු x කණ්ඩායමේම නිෂ්පාදනයකි. x කණ්ඩායමේ සදාචාර නීතිය ඔහු අතින් තීන්දු වීම අහම්බයක් නොවේ.