90 දශකයේ විවිධ විකල්පයන් අවසාන කරමින් 1999 වර්ෂයේදී අප කලින් නොදුටු චිත්‍රපටයක් කරළියට පැමිණීයේ ය. චොචෝස්කි සහෝදරයන් විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයේ නම වූයේ Matrix ය. ඒ තාක් චිත්‍රපට ලෝකයේ අප නොදුටු පැත්තක් Matrix නිසා අනාවරණය විය. චිත්‍රපටය නැරඹු බොහෝ විචාරකයින්ගේ සිත් ගන්නා සුළු සාධකය වූයේ යතාර්ථය යනුවෙන් දෙයක් නැත යන තේමාවයි. ‘ යතාර්ථය’ යනු මිනිසුන් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන් මත රැදි නිර්මාණය කරන දෙයක් බව සාමුහික වශයෙන් අප බොහෝ දෙනා පළමුව අවබෝධ කරගත්තේ මෙට්රික්ස් නම් චිත්‍රපටයෙනි.
Metrics ලංකාවට එනතුරු ලංකාවේ සිනමා විචාරයේ රාජකීය මාවත වූයේ මහචාර්යය සුචරිත ගම්ලත් විසින් නිර්මිත යථාර්ථවාදයයි (Realism) . මින් අදහස් වන්නේ මිනිසාගේ සිතට බාහිරින් වෙනස් නොවන සාරාර්ථයක් ඇති බවත්, කලා කෘතියක් කළ යුත්තේ එම යාථාර්ථය අනුකරණය කිරීම බවත් ය. උදාහරණයක් ලෙස ධර්මසේන පතිරාජගේ “බඹරුඇවිත්” (1979) චිත්‍රපටය සලකා බැලුවොත් එහි ප්‍රධාන චරිතය වන වික්ටර් (මෙය විජය කුමාරණතුංග විසින් නිරූපනය කරයි) මඟින් සංකේතවත් වන්නේ ධීවර ගමක් විනාශ කරන බාහිර සතුරෙකු වන ප්‍රාග්ධනයයි.
Matrix චිත්‍රපටය ලංකාවේ සමාජයට අවතීර්ණ වන විට අද තරම් අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පැතිරගොස් තිබුණේ නැත. ඒ වන විට පුද්ගලික ජන සන්නිවේදන සමාගම් හෝ රූපවාහිනි නාලිකා ද තිබුණේ නැත. එබැවින් ලංකාවේ සිනමා විචාරක සංස්කෘතිය ඇතුළත Matrix සලකා බැලුවේ හුදු මනස්ගාතයක් පරිදිය. ගම්ලත්ගේ භාෂාවෙන් ප්‍රකාශ කළහොත් Matrix යනු කම්කරු පංති විඥානය තව දුරටත් ව්‍යාකූල කරන්නට ඇමරිකාව විසින් යොදන ලද රහසිගත මානසික කුමන්ත්‍රණයකි. චිත්‍රපටයේ කතා වස්තුව එවැනි මානසික කුමන්ත්‍රණයකැයි හැඟවීමට අනුබල ලබා දෙයි. අලුත් තත්වයට අනුව සතුරා බාහිර කෙනෙකු නොව අභ්‍යන්තර කෙනෙකි.
චිත්‍රපටයේ කතාන්තරය සැකෙවින් මෙසේය. මිනිසුන් සියලු දෙනා අති විශාල පරිඝනකයකට සේවයට යොදාගෙන ඇත. එවැනි දෙයක් සිදු වන බව කිසිවෙකු දන්නේ නැත. මිනිසාගේ මානසික බැටරි ( මොළය?) අති විශාල ප්‍රමාණයක් රැහැන් මගින් අවසන් අන්තයේදී Matrix නම් අති දැවැන්ත පරිඝනකයක ජීවය සඳහා යොදාගෙන ඇත. මිනිසුන් වහලුන් සේ Matrix වෙනුවෙන් කිසිදු පැමිණිල්ලක්, වැඩ වර්ජනයක් නොකොට සේවය කරයි. නියෝ (Neo ) යනු එක් වහල් ජීවියෙකි. නමුත් ඔහු හැකර් වරයෙකි. (එඩ්වඩ් ස්නොඩන් හෝ ජුලියන් අසාන්ජ් වැනි) Matrix පවතින ලෝකය තුළ මිනිසාට පරිබාහිරින් වෙනස් යථාර්ථයක් (ගම්ලත් පවසන) ඇති බව මුලින්ම වටහා ගන්නේ මෙම නියෝ ය. ඔහු ලංකාවේ 90 දශකයේ සිටි ජවිපෙ නායකයෙකු වූ විමල් වීරවංශ වැනි කෙනෙකි.
Matrix කතාවට අනුව මිනිස් වර්ගයා අර කී දැවැන්ත පරිඝනකයට එරෙහිව සිදු කරන සටනින් පරාදවී ඇත. නමුත් මේ සටන කරත්දි එයින් සමහර මිනිසුන් Matrix වලින් නිදහස් වෙයි. ඒ අය පොළව යට ඇති නගරයක (යටිබිම්ගත දේශපාලනය) ජිවත් වෙති. මෙම ඊනියා නිදහස්වූ විවිධ කණ්ඩායම් වලට (විවිධ වාමාංශික පක්ෂ) පරිඝනක දත්ත හරහා Matrix තුළට ඇතුළු විය හැක. නමුත් ඔවුන් Matrix තුළදි එහි නීති තුළට යටත් විය යුතුය. මේ අයගෙන් වඩාත්ම දියුණු චින්තනයක් සහිත සටන්කාමීන්ට Mateix හි ඇති සමහර නීති කැඩිය හැකිය. චිත්‍රපටයේ කතාවට අනුව ඉහත අකාරයේ දියුණු සටන්කාමියෙකු වන මෝර්ෆියර්ස් ඇසු අනාවැකියකට අනුව Matrix හි සියලුම නිති කැඩිය හැකි , ඒ වා තම අභිමතය අනුව වෙනස් කළ හැකි වීරයෙකු (ලෙනින්?) පිළිබද ෆැන්ටසියක සියලු දෙනා නිමග්න වෙයි. ඔහු පිළි ගන්නා අකාරයට “නියෝ” යනු මේ සුපිරි වීරවරයා ය.
Matrix Reload හා Revolution යන චිත්‍රපට ද්වය තුළදී නියෝගේ වීරත්වය වඩ වඩා වර්ධනය වන බව දෘශ්‍යමානය වෙයි. ඒ සමඟම මෙම ක්‍රීඩාව කරන ඒජන්ට් ස්මිත් ද යනුවෙන් භූමිකාවක්ද අපට හමුවෙයි. ඔහු මිනිස් ලෝකයටත් යන්ත්‍ර ලෝකයටත් යන දෙකටම විරුද්ධව යයි. Matrix චිත්‍රපට මාලාවේ අවසානය මගින් සනිටුහන් වන්නේ එකිනෙකාට සතුරුව සටන් කරන යන්ත්‍ර සහ මිනිසුන් තම පොදු සතුරාවන Agent smith එරෙහිව සමගි වීමකි. LTTE ය සහ ඔවුන්ට අනුව සිංහල රාජ්‍යට එරෙහි අරගලය ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණ යුධ හමුදාව සමඟ සමගි විය. ඉතිහාසය තීරණය වන්නේ මේ ද්වන්ධ සටන මගිනි.
Matrix කතාවට අනුව මිනිස් වර්ගයා තමන්ගේ ඇත්ත යථාර්ථය සහ මායාව අතර පැටලැවී සිටිති. ඔවුහු Matrix හිදි මෙන් Facebook වැනි වෙබ් අඩවි වෙනුවෙන් තමන්ගේ ශක්තිය ආයෝජනය කරයි. නමුත් Matrix හි අප ආයෝජනය කරන මෙම ශක්තිය පිළිබදව කිසිවෙකු නැවත සිතා බලන්නේ නැත. බොහෝ දෙනා සිතන්නේ මහ බලසම්පන්න ව්‍යුහයක් මගින් මිනිසා වහලුන් කරගෙන ඇති බවය. අනෙක් අතට මෙම බලසම්පන්න ව්‍යුහයන්ට එරෙහිව “ සුළු පිරිසක් යටිබිම්ගතව සටන් කරමින් සිටිය” යනුවෙන් බොහෝ දෙනා නිගමනය කරමින් සිටිති. “සුපිරි වීරයෙකු” පුරවන්නේ මෙම අදහස් දෙක අතර මැද ඇති හිස් තැනයි.
කෙසේ වුවද සුපිරි වීරයන් අමතක කරන අන්තයන් දෙකක් ඇත. එක පැත්තකින් අප අවට ඇති “සමාජ යථාර්ථය” තත්‍යසමාන හෝ ප්‍රබනධමය කතාවක් බවට පත්වෙයි. මෙම ක්‍රියාව අද දවසේ කරන්නේ පශ්චාත් නූනත ජනමාධ්‍ය විසිනි. මෙවැනි තත්‍යසමාන (Virtual) ලෝකයටකට ඇත්තේ හිතුවක්කාර පුද්ගලික නීති රීති සහ අන්ධ විශ්වාසයන් ය. අනෙක් පැත්තෙන් දිනෙන් දින ප්‍රබන්ධමය කතිකාවක් බවට පත්වෙන “සමාජ යථාර්ථය” සතු සත්‍ය වසන් කිරීමට ඒ සම්බන්ධව අවබෝධයක් ලබන තැනැත්තාව අතිශය අක්‍රීයාකාරී, අලස, උදාසීන පුද්ගලයෙකු බවට පරිවර්තනය කරනු ලැබේ.
එක පැත්තකින් අධික්‍රියාකාරී ප්‍රබන්ධමය තිරයක් තිබේ. අනෙක් පැත්තෙන් අක්‍රියාකාරීව වැතිර සිටින පුද්ගලයෙකු සිටියි. මේ වනාහි විපරිත භාවයේ පැති දෙක නොවේද? බාලිකා පාසලක් ඉදිරිපිටට විත් කලිසම් බොත්තම් ගලවන පුද්ගලයෙක් එක පැත්තකින් සිටින අතර අනෙක් පැත්තේ සිටින්නේ ඒ දෙස වික්ෂිප්තව සහ උදාසීනව බලා සිටින බාලිකාවියන් පිරිසකි. මෙහි හරය වන්නේ ද අද අප අවට පවතින සමාජ යථාර්තයට පැති දෙකක් ඇති බවය. එකක් අධික්‍රියාකාරීය. අනෙක යටහත් භාවයයි. වීරයන් සමාජය ඉල්ලන්නේ කාසියෙහි මෙහි දෙපැත්තෙහි ප්‍රතිබිම්නය වැටී ඇති තිරය ඉරා දැමීමටයි.
Matrix ගැන කථා කරන කොට අපි Jean Baudrillard අමතක කරන්නේ ඇයි?
ජිජැක් උනත් තථ්‍යසමානය ගැන කථා කරේ බොහොම මෑතකදී. Matrix ඇවිල්ලත් සෑහෙන කාලෙකට පස්සේ.
මාක්ස්වාදීන්ට තාක්ෂණයට තියෙන බය මොකද්ද?
සයිබර් දේශපාලනය සෝෂල් මීඩියා බ්ලොග් වලට එහා යා යුතු දෙයක්. Matrix වලින් කියවෙන්නේ ඒක.
:cryptoanarchy;
Philosophy and the Matrix – Baudrillard: http://youtu.be/e3tr0gSNBx4
interesting facts
Wachowski Brothers are now sisters . Transgender
They supported Bernie sanders in 2016 American presidency
Mama hithanne yatharthaya prabandayak kiyana de apita thadin danena film ekak.meeta Kalin mata mathaka widiyata deepthi me film eka gana katha karala thibuna.
// අනෙක් අතට මෙම බලසම්පන්න ව්‍යුහයන්ට එරෙහිව “ සුළු පිරිසක් යටිබිම්ගතව සටන් කරමින් සිටිය” යනුවෙන් බොහෝ දෙනා නිගමනය කරමින් සිටිති. “සුපිරි වීරයෙකු” පුරවන්නේ මෙම අදහස් දෙක අතර මැද ඇති හිස් තැනයි.// හොඳ ලිපියක් .
Rogue Wolf අහන ප්‍රශ්නේ “මාක්ස්වාදීන්ට තාක්ෂණයට තියෙන බය මොකද්ද?” මටත් තියනවා. මේ ලඟදි ෆේස්බුක් සනවදයක විද්‍යාව ලාභයට use වෙනවා වගේම විද්‍යව නිසා මිනිස්සු අගාධයට යනවා වගේ කතවක් වාමාංශික මහතෙකු කීව. වාමාංශය දක්ෂිනංශය වීගෙන යනවද?
Comments are closed.