අතිවිශාල යුද ගැටුමකට පසුවත් අප රට තුළ පවතින වාර්ගික ගැටලූව සංහිඳියාවකින් විසඳිය හැකි බවට වූ විශ්වාසයක් සමහරුන් තුළ පවතී.
ලංකාවේ දෙමළ – සිංහල වාර්ගික ගැටලූවේ මදය වනාහී ජාතීන් අතර ඇති අනවබෝධය මත පදනම් වූවක් ලෙස සලකා එම අනවබෝධය නැති කිරීමට ජාතීන් අතර මිත්‍ර තරග, වන්දනා ගමන්, චිත්‍රපට නිර්මාණ, කවි තරග සංවිධානය කරන්නෝ අප අතර තවමත් සිටිති.
ලංකාවේ ජනවාර්ගික ගැටලූව මේ වන විට ගත කරන්නේ තුන් වන අදියරයි.
එහි පළමුවැන්න ප්‍රජාතන්ත්‍රවාදී අරගල රාමුවයි. නිදහසින් පසු එම සාමකාමී මාර්ගය ඇරඹී හැත්තෑව දශකය මැද දී අවසන් විය.
ඉන්පසු ආරම්භ වූයේ සන්නද්ධ මාර්ගයයි. එය 80 දශකයෙන් ඇරඹී දෙදාහ දශකයේ අවසානයට එන විට අහවර විය.
දැන් ඇරඹී ඇත්තේ (විශේෂයෙන් ජනවාරි 8 ට පසුව) වාර්ගික ගැටලූවේ අධිරාජ්‍යවාදී යුගයයි. මේ යුගය අවසන් වීමට නියමිතව ඇත්තේ කිසියම් බාහිර අධිරාජ්‍යවාදී බල කඳවුරක් මැදිහත් වී බලහත්කාරයෙන් වාර්ගික ගැටලූව විසඳීමෙනි.
දැන් අප ක්‍රම ක්‍රමයෙන් ගමන් කරන්නේ මෙම අවධිය කරාය.
ධනවාදය තුළ පිහිනමින් දිය බුං ගසමින් සිටින සිංහල බහුතරයට මෙම අවධිය ගැන සාංකාවක්වත් නොමැත. ඒ ගැන ඇත්තේ සුරංගනා අවබෝධයකි.
මාර්ග සිතියම පාවා දීම :
GSP+ සහනය ලබා ගැනීමට අවශ්‍ය නම් යුරෝපා සංගමය අපට යෝජනා කළ මානව හිමිකම් සංවර්ධනය පිළිබඳ ඉල්ලීම් ඉටු කළ යුතුය.
මේ පිළිබඳ ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම පසුගිය දිනක නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන ලදී.
මෙම ක්‍රියාකාරී සිතියම (Road Map) රටේ පීඩිත ජනතාවගේ පැත්තෙන් බැලූ විට ඉතාම ප්‍රගතිශීලීය නමුත් අවාසනාවකට සහ අනාගත ව්‍යාජ බල අරගලය වෙනුවෙන් මෙම මාර්ග සිතියම පාවා දීමට සිදු වී ඇත.
සමහරු මේ ගැන අවධාරණය කරමින් කියන්නේ රටේ ස්වාධිපත්‍යය අහිමි වන බවයි.
ප්‍රභාකරන් මිය ගිය 2009 වර්ෂයට පසු ලංකාවේ ස්වාධිපත්‍යය අපට අහිමි විය.
ලංකාවේ දේශපාලනය සහ ආර්ථිකය 2009ට පසුව හසුරුවන්නේ ගෝලීය බලවතුන් වන චීනය, ඉන්දියාව, යුරෝපය සහ අමෙරිකාවයි.
යම් කෙනෙකුට මේ ගැන අවබෝධයක් නැති නම් දේශපාලන විද්‍යාව පිළිබඳ මුල් පොත් හදාරන්න !
සිංහල බහුතරයට ව්‍යාජ සිහින :
කෙසේ නමුත් සැබෑ තත්ත්වය මෙලෙස පැවතිය දී සිංහල බහුතරය සඳහා ව්‍යාජ සිහින නිපදවිය හැකිය.
උදාහරණයක් ලෙස ගතහොත් හම්බන්තොට හුවමාරු වටිනාකමක් නැති ස්වාභාවික ඉඩම් වෙනුවෙන් රාජපක්ෂලා කිඹුල් කඳුළු හෙළීම මිනිසුන් ඇන්දවීමකි.
රාජපක්ෂලාට අනුව නැවතත් දේශප්‍රේමය හරහා බලයට පැමිණිය හැකිය. මෙය පුළුවන් වැඩකි.
නමුත් දේශප්‍රේමය හරහා බලයට පැමිණියත් ප්‍රාග්ධනය ලංකාවට එන්නේ නැත. දැන් අපට තිබෙන එකම විකල්පය වන්නේ අධිරාජ්‍යවාදීන්ට රටේ සොබාවික සම්පත් විකිණීම පමණි.
1989ට පසු ලෝක බලතුලනය තුළ මතු වී ඇති රැඩිකල් වෙනස්වීම් මත පදනම් වෙමින් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය නම් මානව හිමිකම් සාධකය සුළුකොට තැකිය යුතු නැත.
ස්වාධිපත්‍යය යළි හිමි කරගත හැක්කේ :
බහුතර සිංහල ජනයා සුළු ජාතීන්ට ව්‍යවස්ථාපිත නිදහස ලබා නොදෙන්නේ නම් එය පෞද්ගලික මට්ටමින් මානව හිමිකම් හරහා කළ යුතුය.
මානව හිමිකම් පිළිබඳ නව මාර්ග සිතියම හරහා යුරෝපය මේ උත්සාහ කරන්නේ එම දෙය කිරීමටය. මේ දෙය දැන් ජාතීන් දෙක අතර සරුංගල් තරග පැවැත්වීමෙන් කළ නොහැකිය.
නැති වී ගිය ස්වාධිපත්‍යය යළි හිමි කරගත හැක්කේ මේ හරහාය.
මෙම මාර්ග සිතියම අතහැර GSP+ සහනය රටට හිමි නොවන බව ජනතාව දැනගත යුතුය.
ඡන්ද අයිතිය පාපන්දුවක් නොවේ. කට්ටිවාදයට මේ ප්‍රශ්නය විසඳිය නොහැකිය.
ජනාධිපතිවරයා මේ ගැන පුළුල් අධ්‍යයනයකට යා යුතුය. සිවිල් සමාජය නින්දෙන් අවදි විය යුතුය.
ජනාධිපති වරයා ‘පුළුල් අධයනයකට…”??? එහෙම කරන්න උන්නැහේට ඇති අමාරුව මොකක්ද? උන්නැහේගේ script එකේ එහෙම කෑල්ලක් කොහෙවත් නැහැ. “සිවිල් සමාජය…”??? මම හිතන්නේ ඇසිය යුතු ප්‍රශ්ණය නම් “මේ අප ගතකරමින් සිටින කාලයේ සිවිල් සමාජයේ ‘විනෝදය’ මොකක්ද?” කියනඑක.
//දැන් ඇරඹී ඇත්තේ (විශේෂයෙන් ජනවාරි 8 ට පසුව) වාර්ගික ගැටලූවේ අධිරාජ්‍යවාදී යුගයයි. මේ යුගය අවසන් වීමට නියමිතව ඇත්තේ කිසියම් බාහිර අධිරාජ්‍යවාදී බල කඳවුරක් මැදිහත් වී බලහත්කාරයෙන් වාර්ගික ගැටලූව විසඳීමෙනි.
දැන් අප ක්‍රම ක්‍රමයෙන් ගමන් කරන්නේ මෙම අවධිය කරාය// සිනල ජාතිකවාදී කණ්ඩායම මෙය තේරුම් අරගෙන් ඉන්නේ. නමුත් ඔවුන් තවත් වටයකින් අරඹන්නට යන්නේ පරණ විර්ධතා රල්ලමය. නමුත් ප්‍රභාකරන් මියගිය අද එය වැඩ නොකරන් බව ඔවුන් තවම දන්නේ නැත.
//මානව හිමිකම් පිළිබඳ නව මාර්ග සිතියම හරහා යුරෝපය මේ උත්සාහ කරන්නේ එම දෙය කිරීමටය. මේ දෙය දැන් ජාතීන් දෙක අතර සරුංගල් තරග පැවැත්වීමෙන් කළ නොහැකිය.
නැති වී ගිය ස්වාධිපත්‍යය යළි හිමි කරගත හැක්කේ මේ හරහාය.// මේ සත්‍යය ඔවුන්ට තේරෙන විට රට තවත් යුද්ධයක තියේවි බොහෝ විට. වළකා ලිය යුත්තේ එයයි.
1. බහුතර සිංහල ජනයා සුළු ජාතීන්ට ව්‍යවස්ථාපිත නිදහස ලබා දෙන්නේ ඔවුන්ට ඇති කිනම් ප්‍රශ්නයක් විසඳීමටද?
2. සුළු ජාතීන්ට නැති එහෙත් බහුතර සිංහල ජනයා බුක්ති විදින ව්‍යවස්ථාපිත වරප්‍රසාද මොනවාද?
Comments are closed.