රාජ්‍ය යනු කුමක්ද? එය උද්ගත වූයේ කෙසේද? ධනති ක්‍රමය සම්පූර්ණයෙන්ම පෙරළා දැමීමට සටන් කරන කම්කරු පංතියේ පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය රාජ්‍ය කෙරෙහි දැක්විය යුතු ආකල්පය මූලික වශයෙන් කුමක් විය යුතුද?

රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නය තරම්, ධනපති විද්‍යාව, දර්ශනය, නීති විද්‍යාව, දේශපාලන අර්ථ ශාස්ත්‍රය හා පුවත්පත් කලාව විසින් සිතාමතාම සහ නොදැනුවත්වද ව්‍යාකූල කරන ලද වෙනත් ප්‍රශ්නයක් ඔබට සොයාගත නොහැකිවනු ඇතැයි මම මුලින් කීවෙමි. අද දක්වාම බොහොවිට එය ආගම් ප්‍රශ්නය සමඟ පටලවනු ලැබේ. ආගමික ධර්මය අදහන අය (ඔවුන් එසේ කිරීම බලාපොරොත්තු විය හැකිය.) පමණක් නොව, තමන් ආගමික දුර්මත වලින් නිදහස් යැයි සිතන අය පවා, රාජ්‍ය දේවත්වයට අයත් දෙයකැයිද, අද්භූත දෙයකැයිද, එය මනුෂ්‍ය අර්ථයට අයත් නැති හා මිනිසාට පිටස්තරින් දෙන ලද කිසියම් දෙයක් ජනතාවට ප්‍රධානය කරන, නැත‍හොත්, ප්‍රධානය කිරීමට තිබෙන එසේත් නැතහොත්, ගෙන එන දේව සම්භවයක් ඇති බලවේගයකැයිද, කියන ධර්මයක් බිහි කිරීමට උත්සාහ කරමින් රාජ්‍ය හා සම්බන්ධ නිශ්චිත ප්‍රශ්නය ව්‍යාකූල කරති. ඔවුන් බිහි කිරීමට උත්සාහ කරන එම ධර්මය බොහෝවිට දෘෂ්ටිමය, දාර්ශනික ප්‍රවේශයක් සහ තර්ක සහිත සංකීර්ණ එකකි. මෙම ධර්මය සූරාකන පංතිවලඉඩම් හිමියන්ගේ සහ ධනපතියන්ගේ උවමනාවන් සමඟ ඉතාමත් තදින් බැදී තිබෙන බවත්, එය ඔවුන්ගේ උවමනාවන් ඉටු කිරීමට ඉටු කිරීමට කැපවී තිබෙන බවත්, කිව යුතුය. ධනපති ක්‍රමය නියෝජනය කරන මහත්වරුන්ගේ සිරිත්, අදහස් සහ විද්‍යාව මෙම ධර්මය සිය ලඟම පාරගමනය කොට ඇත. එම නිසා එම ධර්මයේ සටහන් ලකුණු ඔබට සෑම අතින්ම මුණ ගැසෙනු ඇත. රාජ්‍ය ගැන තමන්ට බුද්ධිමත් දෘෂ්ටියක් අනුව සැලකිය හැකියැයි මෙන්ෂෙවික්වරුන් සහ එස්එර්වරුන්[RS]* (මෙන්ෂෙවික්වරු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙහි වූ සුළු ධනපති අවස්ථාවාදී ප්‍රවනතාවයෙහි අනුගාමිකයෝය. ඔවුහු කම්කරු පංතිය මත ධනපති බලපෑමක් ඇති කළහ.‍ / එස්එර්වරු – 1901 – 1902 දී බිහිවූ, සුළු ධනේශ්වර පක්ෂයක් වූ සමාජ විප්ලවවාදී පක්ෂයේ සාමාජිකයෝ වූහ. 1917 දී ප්‍රතිවිප්ලවයේ පැත්ත ගත්හ. – සංස්කාරක) විශ්වාස කරතත් හා ඔවුන් ආගමික දුර්මතවල බලපෑමට හසුව ඇතැයි යන අදහස ඔවුන් කොපයෙන් ඉවත ලතත්, ඔවුන් පවා රාජ්‍ය සම්බන්ධයෙන් දරණ අදහසෙහිදීද, ඔබට එම ධර්මයේ සටහන් ලකුණු හමුවන්නේය. මෙම ප්‍රශ්නය අන්කවර ප්‍රශ්නයකටත් වඩා පාලක පංතිවල උවමනාවන් කෙරෙහි බලපාන නිසා (ඒ අතින් එය දෙවැනි වන්නේ ආර්ථික විද්‍යාවේ අත්තිවාරම්වලට පමණකි.) එය ව්‍යාකූල කර සහ සංකීර්ණකර තිබේ. සමාජ වරප්‍රසාදයන් තිබීම, සූරාකෑම පැවතීම සහ ධනපති ක්‍රමයේ පැවැත්ම යුක්ති යුක්ත බවක් පෙන්වීම සඳහා රාජ්‍ය පිළිබඳ ධර්මයක් ප්‍රයෝජනවත් වන්නේය. මෙම ප්‍රශ්නයේදී අපක්ෂපාතීත්වය අපේක්ෂා කිරීමත්, තමන් විද්‍යාත්මක යැයි කියාගන්නා අය මෙම විෂය ගැන පිරිසිදු විද්‍යාත්මක අදහසක් බවට ප්‍රකාශ කිරීමෙහි සමත් වෙතැයි සිතීමත්, බලවත් වරදක් වන්නේ එබැවිනි. රාජ්‍ය ගැන, රාජ්‍ය පිළිබඳව න්‍යාය ගැන වූ මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබට වඩාත් හොඳ අවබෝධයක් ලැබුණු පසු හා ඔබ ඒ ගැන වඩාත් ගැඹුරට අධ්‍යයනය කළ පසු විවිධ පංති අතර කෙරෙන අරගලය ඔබට නිතරම එතුළින් පෙණෙනු ඇත. එම අරගලය පිළිබිඹු වන්නේ, නතහොත් ප්‍රකාශ වන්නේ රාජ්‍ය පිළිබඳ අදහස් මුල්කොටගෙන, රාජ්‍යයේ කාර්ය කොටස සහ එහි වැදගත්කම ගැන කරන තක්සේරුව මුල්කොටගෙන සිදුවන ඝට්ටනයෙනි.

නමුත් රාජ්‍යයක් නොපැවති කාලයක් තිබුණේය. එකළ පොදු බැදීම හා මුළු ප්‍රජාවත්, විනය හා වැඩකටයුතු වල ක්‍රමවත් කමත්, පවත්වා ගන්නා ලද්දේ සිරිතෙහි හා සම්ප්‍රධායෙහි බලයද, වංශයෙහි වැඩිහිටියන්, නැතහොත්, ස්ත්‍රීන් – (එකළ ස්ත්‍රීන් පුරුෂයන් සමඟ සමාන තත්වයෙන් ගත් අවස්ථා බොහෝ වූවා පමණක් නොව, ස්ත්‍රීන් පුරුෂයන්ට වඩා උසස් තත්වයන් ගත් අවස්ථාද දුලබ නොවීය.) – සතුව තිබූ අධිකාරය, නැතහොත්, ගරුත්වයද මගිනි. සමාජය පංතිවලට බෙදීමක්, එනම්, එක් කොටසක් අන්‍යයන්ගේ ශ්‍රමය අත්පත් කර ගැනීමේ ස්ථීර හැකියාවක් ලබන පරිදි, ජනතාව කණ්ඩායම්වලට බෙදීමක් දක්නා ලද සෑම විටෙකම සහ සෑම තැනෙකම, ජනතාවට බලකීරීම සඳහා වූ විශේෂ යන්ත්‍රයක් ලෙසින් රාජ්‍ය උද්ගත විය.

ප්‍රජාන්ත්‍රය යනු ජනතාවගේ බලයය. (ග්‍රීක භාෂාවේ DEMOCRACY යන්නෙහි පදගත අර්ථය, ජනතා වගේ බලය වේ. ) මේ සියලුම වෙනස්කම් උද්ගත ව‍ුයේ වහල් ක්‍රමයේ යුගයෙහිය. මෙම වෙනස්කම් එසේ තිබියදී වහල් හිමි ජනයාගේ රාජ්‍ය රාජාණ්ඩුවක්ද, නැතහොත්, සමූහාණ්ඩුවක්ද, රදළ තන්ත්‍රයක්ද, නැතහොත්, ප්‍රජාන්ත්‍රයක් ද යන්න නොතකාම, එය වහල් හිමි රාජ්‍යයක් විය.

වී. අයි. ලෙනින්

රාජ්‍යය

1919 ජූලි මස 11 වැනි දින ස්වෙර්ද්ලෝව් විශ්ව විද්‍යාලයෙහිදී

ඉදිරිපත් කරන ලද දේශනයකි.  

[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[[

සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වාමා­ශි­ක­යන් වේවා ලිබ­රල් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීන් වේවා සර්වා­ධි­කා­රීන් වේවා මේ කවුරු බල­යට ආවත් රාජ්‍ය­යක් විදි­යට අප විශාල අර්බු­ද­ය­කට මුහුණ දී සිටි­නවා. මේ ඛේද­නීය තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කොහො­මද?

ඔබ අහන ප්‍රශ්න­යට 2018 මහා බැංකු වාර්තාව අර­ගෙන ප්‍රවේ­ශ­යක් ගත්තොත්; රාජ්‍ය විය­දම් ලැයි­ස්තු­වට අනුව මේ රටේ ලක්ෂ පහ­ළො­වක් රාජ්‍ය සේව­ක­යන් ඉන්නවා. නමුත් ඇත්තට ම ඉන්න ඕන ලක්ෂ අටයි. ලක්ෂ හතක අති­රි­ක්ත­යක්. මේ ලක්ෂ පහළොවකටම පඩි ගෙවන්න රාජ්‍ය ආදා­ය­මෙන් රුපි­යල් බිලි­යන 626 විය­දම් වෙනවා. ඊට අම­ත­රව 6,22508 ක් මේ රටේ විශ්‍රා­මි­ක­යන් ඉන්නවා. ඒ අයට වැටුප් ගෙවන්න රුපි­යල් බිලි­යන් 194ක් වැය වෙනවා. ප්‍රති­ශ­ත­යක් වශ­යෙන් අරන් බැලු­වොත් රාජ්‍ය ආදා­ය­මෙන් 43% ක්. එත­කොට මුළු රටේ ම අනිත් සියලු දේවල් කරන්න ඉතිරි වෙන්නේ 57% යි. මේකෙන් සමෘ­ද්ධි­යට දෙන්න ඕන, සෞඛ්‍ය­යට දෙන්න ඕන, අධ්‍යා­ප­න­යට දෙන්න ඕන. යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කරන්න ඕන, ආයෝජන කරන්න ඕන, තව බොහෝ දේවල් මේකෙන් කරන්න ඕන. ඒ හැම­දේ­මත් එක්ක ගත්ත ණය ගෙව­න්නත් ඕන. දුම්රිය සේවයේ වැටුප් විෂ­මතා, වෛද්‍ය වෘත්ති­ක­යන්ගේ වැටුප් විෂ­මතා වගේ ප්‍රශ්න විස­ඳන්න ගියොත් තවත් බිලි­යන 200ක් විත­රක් වැය වෙනවා. ගැට­ලුව වෙන්නේ මේ හැම දෙයක් ම අපට කරන්න වෙන්නේ රාජ්‍ය ආදා­යම වැඩි නොවුණ පසු­බි­මක ඉඳ­ගෙ­නයි. මේකට විස­ඳු­මක් විදි­යට මංගල සම­ර­වීර ඇම­ති­ව­රයා බදු ක්‍රමය වෙනස් කරන්න ගියා. එහෙම කරන්න ගියාම මහින්ද මහ­ත්තයා කෑ ගැහුව්වා; දුප්පත් ජන­තාව මත බදු පන­වන්න යනවා කියල. එයාගේ කාලෙදි තමයි විශාල වශ­යෙන් රාජ්‍ය සේව­යට බඳවා ගත්තේ. ඒ අදූ­ර­දර්ශී ක්‍රියාවේ ප්‍රති­ඵ­ල­යක් විදි­යට තමයි අද මේ තත්ත්ව­යට රට මුහුණ දී තිබෙන්නේ. ඒක අද මහින්ද මහ­ත්තයා අම­තක කර­නවා. එයා මුදල් ඇමති විදි­යට හිටි­යට අඩුම තරමේ මේ රටේ ආදා­යම් විය­දම් විස්ත­ර­ය­වත් හරි­යට දැන­ගෙන ඉඳලා නෑ. ඒ නිසා මේවට ඇත්ත ස්ථීර වැඩ පිළි­වෙ­ලක් නැතුව මේ කවුරු පත් කළත් වෙන­සක් වෙන්නේ නැහැ.

• රාජ්‍ය සේවය නවී­කා­රක නොවී­මත් අකා­ර්ය­ක්ෂ­ම­තා­වත් මේ තත්ත්වය තවත් උග්‍ර කර­නවා නේද?

පැහැ­දි­ලි­වම, අපේ රාජ්‍යය මුහුණ දී සිටින නිද­න්ගත රෝගය ඒක තමයි. රාජ්‍ය සේව­කයො අති­ශය අකා­ර්ය­ක්ෂ­මයි. නිෂ්පා­ද­න­යක් වෙන්නේ නැහැ; ඒ හින්ද රාජ්‍ය­යට ආදා­ය­මක් එන්නේ නෑ; විය­ද­මක් විත­රයි. ලෝකයේ දියුණු රට­වල රාජ්‍ය සේව­කයෝ වර්ග දෙකක් ඉන්නවා. එක පිරි­සක් තමයි ජන­තා­වට සේවය සප­යන අය. අනෙක් පිරිස රාජ්‍ය­යට ආද­යම් උප­ද්ද­වන අය. ඒ සඳහා ඒ අයව පුහුණු කරල තියෙන්නේ. උදා­හ­රණ විදි­යට සිංග­ප්පූ­රුව ගත්තොත් ඒ රටේ දේශීය ආදා­ය­ම්බදු දෙපා­ර්ත­මේ­න්තුව, රේගුව වැනි ආය­ත­න­වල සේව­ක­යන්ට විශේෂ පුහු­ණු­වක් ලබා දී තිබෙ­නවා. ඔවුන් තමයි රාජ්‍ය­යට ආදා­යම් එකතු කරන්නේ.

අපි ඉති­හා­ස­යට ගියොත් සුද්දගෙ ආණ්ඩුව කාලේ දිස්ත්‍රික් ආදා­යම් නිල­ධා­රීන් පත් කළේ ඒ සඳහා. පස්සේ කාලේ දිසා­පති උප­දි­සා­පති කියල කිව්වේ ඒ අයට. අදත් රාජ්‍ය සිවිල් නිල­ධා­රියා කියන්නේ ඒ වගේ බදු එකතු කරන කෙනෙක්. ඔහුට එත­නින් එහාට හිතන්න බැහැ. ඒවගේ කෙනෙ­ක්ගෙන් රාජ්‍ය­යට මුදල් උප­යන්නේ කොහො­මද? අපට තිබෙන ගැට­ලුව ඒකයි. අද ඩිජි­ටල් තාක්ෂ­ණය ඇවිත් තියෙ­නවා. නමුත් මේ තාක්ෂ­ණය උප­යෝගී කර­ගෙන කාර්ය­ක්ෂම සේව­යක් සල­සන්න මේ අයට බැහැ. ඉතින් කොහො­මද රාජ්‍ය යන්ත්‍රය දුවන්නේ. තුවාලෙ තරම දන්නේ නැතුව තමයි මේ අය බෙහෙත් දාන්න යන්නේ. ‘එළිය’ ‘වියත් මඟ’ වැනි වැඩ­ස­ට­හ­න්වල මේ දේවල් ගැන කතා කර­න­වද? නැහැ; ගෝඨා­භය මහ­ත්තය කියන්නේ අලු­තින් රැකියා දෙන්නේ නැහැ කියල විත­රයි. ඒ හැර ඔහු කොයිම මොහො­ත­ක­වත් “ලංකාවේ රාජ්‍ය සේව­කයා අකා­ර්ය­ක්ෂ­මයි; මම ඇවිත් රාජ්‍ය ව්‍යූහය වෙනස් කර­නවා; ඒ අයට මේ මේ වැඩ­ස­ට­හන් අපි ගේනවා” කිය­න­වද? නෑ. අනික් අතට අද ඉන්න සිවිල් නිල­ධා­රී­න්ගෙන් 40% ක් කාන්තා­වන් බවට පත්වෙ­මින් තිබෙ­නවා. මේ නිසා තව­දු­ර­ටත් මේ තත්ත්වය අවුල් ජාලා­වක් බවට පත් වී තිබෙ­නවා. ඒ‍ ඔ­වුන් කාන්තා­වන් නිසා නෙමෙයි. ඒ අයට විශේ­ෂිත පුහු­ණු­වක් ලබාදී නැති නිසා. ඇත්තම කිව්වොත් දැන් ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­වල ඉන්නේ රත්ත­රන් සෙරෙප්පු දාන මන­මා­ලියෝ. ඒ අයට මේවා තේරෙන්නේ නැහැ.

• මේ අධ්‍යා­පන ක්‍රමය හරහා අප තව­මත් නිර්මා­ණය කරන්නේ වර්ත­මාන ගෝලීය අව­ශ්‍ය­තා­වන්ට මුහුණ දිය හැකි තාක්ෂ­ණ­යෙන් පිරි­පුන් පුර­වැ­සි­යන් පිරි­සක් නෙමෙයි. ඒකත් මේ ප්‍රශ්නය වර්ධ­නය වෙන්න හේතු­වෙ­නවා නේද?

ඇත්ත; දැන් ඔය වගේ සජිත් මහ­ත්ත­යත්, ගෝඨා­භය මහ­ත්ත­යත්, අනුර මහ­ත්ත­යත් මේ අධ්‍යා­පන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියල කිය­නවා. ඒක හොඳ අද­හ­සක්. ශිෂ්‍යත්ව ක්‍රමය අයින් කරල පොදු අධ්‍යා­පන රාමු­වක් හදල මේ අය එක­තු­වෙලා පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කරල සම්මත කර ගත්තොත් අනා­ග­තයේ ඩිජි­ටල් තාක්ෂ­ණ­යෙන් ඉදි­රි­යෙන් ඉන්න මානව සම්ප­තක් හදන්න අපට පුළු­වන්. හැබැයි ඒක කතාවේ තිබු­ණට වැඩක් නැහැ. ඒක ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක වෙන්න ඕන.

• අපි මේ මොහොතේ බල­යට ගේන්න ඕන ලිබ­රල් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී කඳ­වු­රද? එහෙම නැත්තම් සර්වා­ධි­කාරී කඳ­වු­රද?

මෙත­නදි ප්‍රධාන අපේ­ක්ෂ­කයෝ දෙන්න ගත්තොත් සජිත් ප්‍රේම­දාස මහ­ත්තයා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වෙනු­වෙන් පෙනී ඉන්නවා. අනික් පැත්තෙන් ගෝඨා­භය මහ­ත්තයා සර්වා­ධි­කා­රය වෙනු­වෙන් පෙනී ඉන්නවා. නමුත් මෙතන ගැට­ලුව වෙන්නේ මහ­ජ­නයා රාජ්‍ය පාල­නය පිළි­බ­ඳව ලොකු අස­හ­න­ය­කින් පසු­වී­මයි. අද රාජ්‍ය ව්‍යූහය මේ විදි­යට කඩාගෙන වැටිල තියෙන්නේ මං මුලින් සඳ­හන් කළ හේතු නිසා මිසක් දේශ­පා­ල­ක­යාගේ ගති­ගුණ නිසා නෙමෙයි. අකා­ර්ය­ක්ෂ­තාව එන්නේ රජයේ සේව­ක­ය­න්ගෙන් සහ රාජ්‍ය යන්ත්‍ර­යෙන්. අපි දැක්කා පහු­ගිය කාලේ ගෝඨා­භය මහ­ත්තයා හමු­දාව ගොඩක් තැන්ව­ලට කැඳ­වල වැඩ ගත්තා. නමුත් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ඇතුළේ හමු­දාව ඒ විදි­යට යොදා ගන්න බැහැ. මිනිස්සු හිත­නව වගේ ගෝඨා­භය මහ­ත්තයා ආවොත් හමු­දාව දාල හරි කෝච්චි දුව­වයි; වෘත්තීය සමිති ව්‍යාපා­රය රාජ්‍ය සේවය ත්‍රස්ත කරල අඩාල කරල තමන්ගෙ ඉල්ලීම් දිනා ගන්න තග දැමීම නව­ත්වයි. හැබැයි එහෙම කළා කියල රටේ ආර්ථික සංව­ර්ධ­න­යක් වෙන්නේ නෑ. ආදා­යම එකතු වෙන්නෙත් නෑ.

ඇත්ත­ටම ඔහු එහෙම කර­නව නම් “මම ආපු ගමන් බදු ව්‍යූහය වෙනස් කර­නව; බදු ටික හරි­යට එකතු කර­නව; දේශීය ආදා­යම් බදු දෙපා­ර්ත­මේ­න්තුව රැමීෂ් වැඩ­ස­ට­හන අනුව ක්‍රියා­ත්මක කර­නවා. බුද්ධි අංශය හරි වෙන මොකක් හරි ආර­ක්ෂක අංශ­යක් හරි ස්ථාපිත කරල රේගු ආදා­යම එකතු කර­නවා. මොකද රේගුව කියන්නේ හොර ගුහා­වක්. අනෙක් පැත්තෙන් පාඩු ලබන එයාර් ලංකා එක විකු­ණන්න ඕන. මොකද ඒක නඩත්තු කරන්න රුපි­යල් බිලි­යන 130 විතර වැය කරන්න වෙනවා ඒක පාඩුයි. ඒවා අපි ගෙවන්නේ ජන­තා­ව­ගෙන් ලබා ගන්න බදු ආදා­ය­ම්ව­ලින්. අනික් පැත්තෙන් ඛනිජ තෙල් එක සෙනග පුර­වල පුර­වල ඒකත් පාඩුයි. විදු­ලි­බල මණ්ඩ­ලයේ ඉහළ නිල­ධා­රීන්ගේ වැටුප් විත­රක් නෙමෙයි ඒ අයගෙ ආදා­යම් බදු ගෙව­න්නත් ඕන මේ බදු මුද­ල්ව­ලින්. එච්ච­රට වෘත්තීය සමිති මාෆි­යාව බල­වත් වී තිබෙ­නවා. ‍මෙන්න මේ රාජ්‍ය මුදල් නාස්තිය සහ අව­භා­වි­තය නැත්නම් අක්‍ර­ම­වත් විය­දම් නතර කරන්න ඕන. මේ අය ඒක ගැන තාම මුකුත් කියල නැහැ. ඒ නිසා අරයා යවල මෙයා ගෙනාව කියල මේ ඇත්ත ප්‍රශ්න­යට විස­ඳුම් ලැබෙන්නේ නැහැ. හරි­යට ඔළුව කැක්කු­මට කොට්ටය මාරු කර­නව වගේ වැඩක් තමයි.

• මේ රටට ඇත්තට ම ආදා­යම ගෙනත් දෙන්නේ විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන්. විශේ­ෂ­යෙන් ම ගෘහ සේවි­කා­වන් මේ පහළ සමාජ ස්ථරය ගැන මේ අපේ­ක්ෂ­ක­යින් අව­ධා­නය යොමු කර තිබෙ­න­වද?

මේ රටට ආදා­යම උපයා දෙන පාර්ශ්ව තුනක් ඉන්නවා. ගෘහ සේවයේ නියුතු අම්මලා, තේ දලු කඩන අම්මලා, ඇඟ­ලුම් සේවයේ නිර­තව සිටින තරු­ණි­යන්. මෙතන මාර වැඩක් වෙන්නේ; ස්ත්‍රීන් දහ­දුක් විඳල අපට ඩොලර් ගෙනත් දෙනවා. පිරිමි ටික එකතු වෙලා ඒ ඩොලර් ටික ඔක්කෝම විය­දම් කර­නවා. කොහො­මද මේවා විය­දම් කරන්නේ. මේ රටේ ස්ථීර ආදා­යම් මාර්ග තියෙන්නේ ලක්ෂ 15කට 20කට අඩු පිරි­ස­ක­ටයි. එක්කෝ රජයේ රැකියා නැත් නම් පෞද්ග­ලික රැකියා. මේ අය­ගෙන් ලක්ෂ 14-15 ක් ම ඉන්නේ රජයේ රැකියා කරන අය. නමුත් ලක්ෂ හැට­ප­හක් ම කිසිම ස්ථීර ආදා­ය­මක් නොල­බන උද­විය. සම­හරු ත්‍රීවිල් එළ­ව­නවා, තවත් අය අද බත් පැකට් විකු­ණ­නවා; නැත්තම් මුට්ට කර­ග­හ­නවා, හෙට ගංජා විකු­ණ­නවා; අනිද්දා කුඩු විකු­ණ­නවා; ඉන් අනිද්දා මර්ඩර් එකක් දෙනවා,… ඔය වගේ මොකක් හරි අප­රා­ධ­කාරී ක්‍රියා­ව­කින් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මේ විදියේ ඡන්ද­යක් එන­කොට අඩෝ කියල ගහ­මරා ගන්නේ; හූ කියන්නේ ඒ අය තමයි. අපි මේ අයව ලුම්පන් පන්තිය කියල හඳු­න්ව­නවා.

මේ අය නන්න­ත්තා­රයි; මේ ලක්ෂ 65ට අග්‍ර­හාර, විශ්‍රාම වැටුප්, ඕටී,බටා, බෝනස්, ඊ.ටී.එෆ් මේ මොක­වත්ම නෑ. එහෙම බැලු­වම සමාජ ආර­ක්ෂණ දැලක් තියෙන්නේ ලක්ෂ 14-15කට විත­රයි. මේ ලක්ෂ පහ­ළො­වට තමයි අද මේ සියලු අපේ­ක්ෂ­කයෝ අම­තන්නේ; අරව දෙන්නම් මේවා දෙන්නම් කියන්නේ ඒ අයට. රාජ්‍ය අදා­ය­මෙන් වැටුප් ලබන්නෙ මේ පිරිස විත­රයි. අනෙක් ලක්ෂ හැට­ප­හම මඟ ඇරෙ­නවා. ඒ අය දිගින් දිගට ම දරි­ද්‍ර­තා­වයේ ඉන්නවා. මේ අය පවුල් විදි­යට දළ­ව­ශ­යෙන් ගත්තොත් ලක්ෂ තිහ­කට වැඩියි.

එහෙම බැලු­වම පවුල් ලක්ෂ තිහක් විතර ඉන්නේ නිද­න්ගත ආර්ථික අස්ථා­වර භාව­යක. ඔවුන්ගේ මාන­සි­ක­ත්වය හැම මොහො­තක ම අවුල් වෙලා තියෙන්නේ. ඔවුන් නිශ්චිත මාන­සි­ක­ත්ව­යක නැහැ. මේ ප්‍රශ්න ටික ඔය කියන වියත් මඟට හරි, යුතු­කම සංවාද කව­යට හරි එළි­යට හරි පේන්නේ නැහැ. දැන් පිළි­වෙ­ලට විධි­මත්ව එනව කියන ගෝඨා­භය මහ­ත්ත­යගේ මේසෙට මේවා එන්නේ නැත්තේ ඇයි? එයා කියන ඔය වියත් මඟ අර මඟ මේ මඟ නියෝ­ජ­නය කරන ආර්ථික විශේ­ෂ­ඥයෝ කෝ. ඒ අය මොන­වද මේ ගැන කියන්නේ? මුකුත් නැහැ.

• එහෙම වෙන්නේ ඇයි?

ඒ අය ජන­තාව කියන්නේ මං ඉස්සෙල්ල කියපු ලක්ෂ හැට­පහ නෙවෙයි. අර ලක්ෂ පහළොවට තමයි ඒ අය ජන­තාව කියල විශ්වාස කරන්නේ. අන්න ඒ නි­සයි ඒ අයට ඔවුන් ව මඟ ඇරෙන්නේ. මෙන්න මේක ජන­තාව හොඳින් සිහි­යට ගන්න ඕන.

ඒ ලක්ෂ පහ­ළවේ ප්‍රශ්න­යක් තමයි ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය කියන්නේ. මේ ලක්ෂ හැට­පහේ ඇත්ත ප්‍රශ්නය දෛනික ආදා­යම; ඉන්න හිටින්න තැනක් නැති කම; තමන්ගේ පවුලෙ කෙන­කුට හරි­හ­මන් රස්සා­වක් නැති එක. මේ බහු­ත­රයේ ප්‍රශ්න ටික මේ වේදි­කා­වට ඇවිත් නැහැ. අද හැමෝම කතා කරන්නේ වර­ප්‍ර­සා­ධිත සුළු­ත­රයේ ප්‍රශ්න ගැන පම­ණයි.

ඔබේ අදහස කියන්න...