පසුගිය 29 වනදා මහවැලි කේන්ද්‍රයේ පැවති මහේෂ් හපුගොඩ විසින් රචිතමගේ ලෝකයෙන් පසු ලෝකයඅරබයා පැවති සම්මන්ත්‍රණයේ දෙවන වීඩියෝව පහත පළ කර ඇත.  2004 වර්ෂයේ පැවති ”හිස්ටීරියාව” කෘතිය ප්‍රකාශයට පත් වීමට පසුව අප විසින් පැවැත් වූ සාර්ථකම සම්මන්ත්‍රණය මෙය බව ඊට සහභාගී වූවන්ගේ මතයයි. ඔක්තෝබර් විප්ලවය සිදු වී දින 100 ඉක්මවූ වහාම ලෙනින් හිම මත නැටුවේ ”බොල්ෂෙවික් බලය” පැරිස් කොමියුනට වඩා පවතින බව සහතික වූ නිසාය. ලෙනින්ට තරම් සුභවාදී පැතුමක් අපට නැතත් අපට ද දැන් සතුටක් ඇත.මිනිස් සංහතියේ නපුරුම පාවාදීම් වලට ලක් වූ අපගේ ව්‍යාපාරය තවමත් මිහිතලය මත පැවතීම ගැන අපටම සතුටුය. එය තව කෙතරම් කල් පවතීදැයි අප නොදන්නෙමු.

Mahesh

Intro

නලින් ද සිල්වා  මහාචාර්යවරයාගේ ‘ මගේ ලෝකය’ කෘතිය නිෂ්පාදනය වී මේ වන විට දශක තුනක් පමණ ගතවී ඇත. දේශපාලන පක්ෂයක්  මත පදනම් වෙමින් මහේෂ් හපුගොඩ විසින් ‘ මගේ ලෝකයෙන් පසු ලෝකය’ යනුවෙන් කෘතියක් අලුතින් නිෂ්පාදනය කොට ඇත. නලින් ද සිල්වාගේ කෘතිය සාරාංශගත කර කියන්නේ නම් ඒ මෙසේ ය. “භෞතිකය යන සංකල්පය අසම්පූර්ණ ය”.මෙම මූලික ප්‍රස්තුතය මත පදනම් වෙමින් ඔහු නිගමන විශාල ප්‍රමාණයක් කර ඇත. උදා: යථාර්ථය අසම්පූර්ණ ය , ඥානවිභාගය සංස්කෘතික අදහසකි ,  කාලය සහ අවකාශය ඉන්ද්‍රියගෝචර සම්මුතියකි, අයින්ස්ටයින්ගේ කාල අවකාශය අලුතින් නිර්මාණය කළ මානසික සංකල්පයකි, සමහර නිරීක්ෂණ භෞතිකවාදී ය, සමහර නිරීක්ෂණ quantum භෞතිකවාදී ය, සංස්කෘතියක් ඒ ගැන සිතන විට පශ්චාත්-නූතන වාදය හමු වේ.

ඔහු ‘යථාර්ථය’ කියන තැනට අප කියන්නේ ආකෘතිය-Form- කියා ය.

ධර්මය යනු වියමනකි [Text]. බුදුදහම ඇත්තේ බෞද්ධ කතිකාව තුළ නොව ත්‍රිපිටකය තුළ ය. බෞද්ධ සංස්කෘතිය යනු පෘථග්ජන අදහසකි.  ධර්මය ග්‍රන්ථකරණය කල විට එය වියමන්වාදීය -Textual- .ඉන්පසු එයට අනුභූති-උත්තරමය පැවැත්මක් නැත. ‘මගේ ලෝකය’ යනු  ආගමික ලෝකය ලෞකිකකරණය කිරීමක් පමණි. නලින් ද සිල්වා සමග අප එක එකඟ වන තැන් දෙකක් තිබේ. එකක් නම්, ඔහුට මෙන්ම අපට ද සන්දර්භ දෙකක දී පශ්චාත්-නූතනවාදය හමු වීම යි.  ඔහුට එය සිතීම නිසා හමු වී ඇති අතර අපට එය ධනවාදී වෙළෙඳපොළ නිසා හමු වී ඇත. ඔහුට අනුව අවකාශය සහ කාලය නිර්මාණය වී ඇත්තේ වස්තු ලෝකය විසින් මිනිස් චින්තනය නිපදවා ඇති නිසා ය.  කාලය ගලා යන්නේ වස්තු අතර පරතරය නිසා ය.

නමුත් අප කතා කරන වස්තු ලෝකය තුළ පුටුව, බංකුව, ගස වෙනුවට ඇත්තේ මිනිස් සත්වයා ට තමන්ම නිර්මාණය කළ සම්මුති ලෝකය තුළ ඇති ආශාවකි. මෙම ආශාව ස්වයං විනාශකාරී මරණීය ආශාවකි. ඒ ආශාවට අනුව මිනිසාට ‘තමාව ම’ වස්තුවක් කොට නැරඹීමට  අවශ්‍ය වනු ඇත. පුද්ගලයාට තමාව ම යළිත් වස්තුවක් කොට නරඹන්නට යාමේදී වස්තුව නම් කර ඇත්තේ පංචේන්ද්‍රියයන් ට ග්‍රහණය නොවන වස්තුවක් ලෙසිනි. භෞතික විද්‍යාවේ භාෂාවෙන් කියනවා නම් පුද්ගලයෙක් තමාවම තෘෂ්ණාව කොටගෙන උත්පාද කරගන්නා වස්තුව quantum වස්තුවකි. මෙම මනෝවිශ්ලේෂණ වස්තුව – object a- ගැන ත්‍රිපිටකයේ  සඳහන් වී නොමැත. නලින් ද සිල්වා ද එම වස්තුව හඳුනාගෙන නැත. සම්භාව්‍ය මාක්ස්වාදය හෝ සම්භාව්‍ය දර්ශනයද හඳුනාගෙන නැත. නලින් ‘වස්තුව’ කියා කියන දෙයට අප කියන්නේ ‘ආශාව’ වන අතර අප ‘වස්තුව’ කියා කියන්නේ අවිඥානයේ කතිකාව තුළ ඇති වස්තුවට යි. නලින් ද සිල්වා සහ සිංහල මාක්ස්වාදීන් ”අවිඥානය” යනුවෙන් දෙයක් පවතින බව පිළිගන්නේ නැත.

              ඉහත හේතුව නිසා ත්‍රිපිටකයේ නැති  දෙමළා නම් ප්‍රශ්නය නලින්ට හමු වී ඇති අතර එය එසේ වීම සම්බන්ධයෙන් සිංහල චින්තනය නිහඬ ය. විනෝදය නොහොත්  වේදනාවෙන් සතුටු වීම නම් පශ්චාත්-මානසික ප්‍රපංචය ගැන විග්‍රහයක් ‘මගේ ලෝකය’ කෘතිය තුළ නැත. ‘මගේ ලෝකයට පසු ලෝකය’ තුළ අන්තර්ගත වන්නේ  යථාර්ථයේ අසම්පූර්ණ බව සංගත කරන්නේ විනෝදය නම් දේශපාලන සාධකය බව- fantasy- තහවුරු කිරීම යි. ඒ අනුව යථාර්ථය බිහිකරන හේතුව අපට හමුවන්නේ පසු ආවර්තිතව ය.

භාෂාවට එහි  තුළ වූ භෞතික ගුණය නිසා සාරයන් නිපදවීමට නො හැකි ය. භාෂාව සතු මෙම සාරාත්මක නොවන ගුණය යථාර්ථය, කාලය සහ අවකාශය, කාල-අවකාශය, මනස යන ප්‍රපංච සඳහා අදාළ කල විට  නලින්ට ‘මගේ ලෝකය’ යනුවෙන් විසංයෝජන ව්‍යාපෘතියක් හමු වේ. නමුත් ජාතිය, පිට – ජාතිය, සංස්කෘතිය යන්න ද භාෂාව විසින් නිපදවන විවිධ පාරභෞතිකයන් ය. ‘කාලය’ භාෂා නිර්මිතයක් නම් එය විසංයෝජනය කළ හැකි ය.  එය එලෙසින්ම ජාතියට සහ චින්තනයට ද අදාළ වේ. අප කර ඇත්තේ ඔහු නවත්වන තැනින් එහාට ගොස් විසංයෝජන ව්‍යාපෘතිය පුළුල් කිරීම පමණි. ඔහු අතින් බටහිර දැනුම විචාරය වන විට අප අතින් ධනවාදය විචාරය වන්නේ ඒ නිසා ය. කාලය, අවකාශය මෙන්ම ධනවාදය ද  සම්මුතියකි. එය අස්වාභාවිකය.

Deepthi

අප සමඟ එකතු වීමට ඔබට කාලය එළඹී ඇත. නිශ්චිත වැඩපිළිවෙළ සහිතව පක්ෂය ඉදිරි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නේ 2020 වසරේය. නමුත් දැන් සිට ඔබට අප සමඟ එකතු විය හැක.

තොරතුරු, ලිපි, යෝජනා සඳහා පහත ඊ ලිපිනයට ලියන්න.

Vanguard Party <slvanguardparty@gmail.com>

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. බටහිර දාර්ශනික දැනුමෙ සිමාව එනමි මිනිසා දාර්ශනිකව තේරැමි ගැනිම තව දුරටත් ආතාර්කික විය. මිනිසා යනු දර්ශනය ගැන කතා කරත් ක්රියාවෙදි දර්ශනය වෙනුවට “Intensionality” (දිප්තිට අනුව ආශාව)ආදේශ වෙ ලොකය තේරැමි කිරිම වෙනුවට ලොකයට ආශා කරයි.
    මෙම නිශ්චිත මොහෙතෙ දි “මම”දෙකට පැලේ එනමි
    The empirical ego and ,The ego at the horizon of transcendental knowledge. ඉන් පසුව දර්ශනය මිනිසා තේරැමි ගැනිමෙදි එය පමනක්ම අසමත්ය, භාවිතාව සහ න්‍යාය අතර පිරවිය නොහැකි හිඩසක් අපි දැනදැනම පවති Hussler නමි එය මිනිසාගේ නිදහස පිලිබද ගැටලුවකි නමුත් දර්ශනය අසත්‍ය කියා කිසසේත්ම අදහස් නොකරයි.
    මෙම අධ්‍යනය විසි වන සියවසේදි Edomond Hurssel විසින් ඩෙකාටිසියානු සැක කරනා කොජිටොවට වෙනස්ව The Fenomenoligy ලෙස සංකල්ප ගත කරයි පිලිවෙලින් හයිඩගර් ජස්පර් සහ Sartre යන චින්තකයන්ට Fenomenoligy දැඩි ලෙස බලපාන අතර මෙයිනුත් ජින් පොල් සාර්තෙ විශෙශ්ෂත්වක් ගනි මක්නිසාද මොහු හෙගල්ව සහ මාක්ස් වෙත නැවත ගමන් කරයි. සැබැ නිදහස යනු සැබැ අරගලයයි.(Master-Slave Antagonism)
    ජාක් ලකාන් Freud වෙත නැවත ගමන් කරන්නේද ඉහත චින්තකයිනග ඉගැන්වීම් වල බලපැමෙනි.
    දිප්ති සහ මහේශ් ගේ අදහස එය සමග කොතරමි කාලොචිතද.

  2. ඉහත අවස්ථා 2 ක වෙනුනට පහත සංස්කරණය ටිකක් දිර්ග යි
    බටහිර දාර්ශනික දැනුමෙ සිමාව එනමි මිනිසා දාර්ශනිකව තේරැමි ගැනිම තව දුරටත් ආතාර්කික විය. (Solipsism-A Philosophical attitude according to which the thinking subject can not affirm that his individual existence as all other reality is resolved in his thought)
    මිනිසා යනු දර්ශනය ගැන කතා කරත් ක්රියාවෙදි දර්ශනය වෙනුවට “Intensionality” (දිප්තිට අනුව ආශාව)ආදේශ වෙ ලොකය තේරැමි කිරිම වෙනුවට ලොකයට ආශා කරයි.
    මෙම නිශ්චිත මොහෙතෙ දි “මම”දෙකට පැලේ එනමි
    The empirical ego and ,The ego at the horizon of transcendental knowledge. ඉන් පසුව දර්ශනය මිනිසා තේරැමි ගැනිමෙදි එය පමනක්ම අසමත්ය, භාවිතාව සහ න්‍යාය අතර පිරවිය නොහැකි හිඩසක් අපි දැනදැනම පවති.Edmund Husserl නමි දර්ශනිකයාට අනුව එය මිනිසාගේ නිදහස පිලිබද ගැටලුවකි නමුත් ඔහු දර්ශනය අසත්‍ය කියා කිසසේත්ම අදහස් නොකරයි.
    මෙම අධ්‍යනය විසි වන සියවසේදි Edmund Hursserl විසින් ඩෙකාටිසියානු සැක කරනා කොජිටොවට වෙනස්ව The Fenomenologia ලෙස සංකල්ප ගත කරයි.
    පිලිවෙලින් හයිඩගර්,ජස්පර් සහ Sartre යන චින්තකයන්ට Fenomenologia දැඩි ලෙස බලපාන අතර මෙයිනුත් ජින් පොල් සාර්තෙ විශෙශ්ෂත්වක් ගනි මක්නිසාද මොහු හෙගල්ව සහ මාක්ස් වෙත නැවත ගමන් කරයි. සැබැ නිදහස යනු සැබැ අරගලයයි.(Master-Slave Antagonism)
    ජාක් ලකාන් , “Freudian subconscious”වෙත නැවත ගමන් කරන්නේද ඉහත චින්තකයිනග ඉගැන්වීම් වල බලපැමෙනි.
    දිප්ති සහ මහේශ් ගේ අදහස එය සමග කොතරමි කාලොචිතද.

Comments are closed.