ශිෂ්ටත්වයේ සිහිනය...|Sunday, September 24, 2017
You are here: Home » Lifestyle » වමේ තක්කඩි

වමේ තක්කඩි 

62631_483814301691362_997547815_n

සුගිය වසර 20 පුරාම මැයි දිනය සමරන්නට කොළඹ එන වාමාංශික නරුමයන් ගෙන් අඩුවක් වූයේ නැත. මේ අය මේ වසර 20 පුරාම කීවේ එකම එක පල් හෑල්ලකි. එය මෙසේය. දැන් ධනවාදය හොදටම රෝගී වී ඇත. තව ටික කලකින් මේ රෝගියා මිය යනු නියතය.

නමුත් අවාසනාවකට මෙන් 1982 දී විජේවීර විසින් ලියා පල කරන ලද දෙමළ ඊලාම් අරගලයට විසිදුම කුමක් ද? යන කෘතිය ද ප්‍රකාශ කළේ ලංකාවේ ධනවාදය චතුර්විධ අර්බුදයකට ලක් වී ඇති බවයි. මේ කෘතිය ලියා මේ වන විට වසර 30 ක් පමණ ගත වී ඇත. රෝගියෙකු යැයි කියූ ලාංකේය ධනවාදය තවමත් ඇදි ඇදී ඉදිරියට යයි. එහි අර්බුද පෙන්වා දුන් තැනැත්තා ඇතුළු ඔහුගේ පක්ෂය අර මිය යන්නට නියමිත යැයි පුරෝකථනය කළ ධනවාදය විසින් හැම අතින්ම බිලි ගත්තේය. ‘‘ අර්බුද ඇති‘‘ ධනවාදයට ‘‘ අර්බුද නැති‘‘ වාම බුද්ධිමතුන් පරාජය කළ හැකි වූයේ කෙසේද? රෝගියා අතින් සැත්කම කරන්නට ගිය රෝගියා මිය ගියේ ඇයි?

මැයි පළමුද්‍රාට රතු කමිසයක් හැද කෙළඹට එන එක මැට්ටෙකු තමන් ගේ හෘර්දසාක්ෂියෙන් නොඅසන්නේ ඉහත ප්‍රශ්නනයි. වටිනාකමක් නැති මිනිසුන් ලෙස අතීතයට එකතු වීමට බිය වමේ මැටිටන්ට වඩා මැයි දිනය දා ආතල් ගන්නා ගායක දයාසිරිලා යථාර්ථවාදීය. මන්දයත් දයාසිරිලාට ධනවාදය රෝගයක් ලෙස නොපෙනෙන නිසාය. දැන් එය එලෙස පෙනෙන අය අතරට විමල්, චමිපික, සහ ඩලස්ද ඇතුලත් වී ඇත. වමේ මැටිටන්ට සිදුව ඇත්තේ අවස්ථාදීන්ගේ පුන්නක්කු බාල්දි ගිල ගෙදර ගොස් ගැහැණුන් ගේ බැනුම් අසන්නටය. වම්මුන්ට ගැහැණු කියන්නේ මෙවැනි කතාය. ‘අනේ යනවා ඕයි  යන්න මම දන්නැද්ද තමුසෙගේ බම්බු විප්ලවය’

 

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...