[dropcap color=”red”]ප[/dropcap]සුගිය වසර 20 පුරාම මැයි දිනය සමරන්නට කොළඹ එන වාමාංශික නරුමයන් ගෙන් අඩුවක් වූයේ නැත. මේ අය මේ වසර 20 පුරාම කීවේ එකම එක පල් හෑල්ලකි. එය මෙසේය. දැන් ධනවාදය හොදටම රෝගී වී ඇත. තව ටික කලකින් මේ රෝගියා මිය යනු නියතය.

නමුත් අවාසනාවකට මෙන් 1982 දී විජේවීර විසින් ලියා පල කරන ලද දෙමළ ඊලාම් අරගලයට විසිදුම කුමක් ද? යන කෘතිය ද ප්‍රකාශ කළේ ලංකාවේ ධනවාදය චතුර්විධ අර්බුදයකට ලක් වී ඇති බවයි. මේ කෘතිය ලියා මේ වන විට වසර 30 ක් පමණ ගත වී ඇත. රෝගියෙකු යැයි කියූ ලාංකේය ධනවාදය තවමත් ඇදි ඇදී ඉදිරියට යයි. එහි අර්බුද පෙන්වා දුන් තැනැත්තා ඇතුළු ඔහුගේ පක්ෂය අර මිය යන්නට නියමිත යැයි පුරෝකථනය කළ ධනවාදය විසින් හැම අතින්ම බිලි ගත්තේය. ‘‘ අර්බුද ඇති‘‘ ධනවාදයට ‘‘ අර්බුද නැති‘‘ වාම බුද්ධිමතුන් පරාජය කළ හැකි වූයේ කෙසේද? රෝගියා අතින් සැත්කම කරන්නට ගිය රෝගියා මිය ගියේ ඇයි?

මැයි පළමුද්‍රාට රතු කමිසයක් හැද කෙළඹට එන එක මැට්ටෙකු තමන් ගේ හෘර්දසාක්ෂියෙන් නොඅසන්නේ ඉහත ප්‍රශ්නනයි. වටිනාකමක් නැති මිනිසුන් ලෙස අතීතයට එකතු වීමට බිය වමේ මැටිටන්ට වඩා මැයි දිනය දා ආතල් ගන්නා ගායක දයාසිරිලා යථාර්ථවාදීය. මන්දයත් දයාසිරිලාට ධනවාදය රෝගයක් ලෙස නොපෙනෙන නිසාය. දැන් එය එලෙස පෙනෙන අය අතරට විමල්, චමිපික, සහ ඩලස්ද ඇතුලත් වී ඇත. වමේ මැටිටන්ට සිදුව ඇත්තේ අවස්ථාදීන්ගේ පුන්නක්කු බාල්දි ගිල ගෙදර ගොස් ගැහැණුන් ගේ බැනුම් අසන්නටය. වම්මුන්ට ගැහැණු කියන්නේ මෙවැනි කතාය. ‘අනේ යනවා ඕයි  යන්න මම දන්නැද්ද තමුසෙගේ බම්බු විප්ලවය’

 

ඔබේ අදහස කියන්න...

7 COMMENTS

  1. ඒත් පුංචි නෝනා ඒක කාටවත් කියන එකක් නැත. පුංච් නෝනා කොළඹ ගොස් හෝ ටවුං ගොස් දැක්ක දේවල් පොඩිකාලෙ ලොකු කර කර කියනවා වගේ මමද කොළඹ ලස්සන පුංචි නෝනට කිව්වේය. ලබන අවුරුද්දෙත් නිල්පාට උන් එක්කම යන්න ඕනි..කෑමත්හොදයි අරක්කු ටිකත් හොදයි..බස් එකේ ඉඩත් තිබුනා… නෙලුං පොකුනත් බැලුවා. ටිකක් වැස්ස තිබුනාට පංකාදු ටිප් එක..
    XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX Edited
    ගමේ බයියා දකින මැයිදිනය…

  2. ‘අනේ යනවා ඕයි යන්න මම දන්නැද්ද තමුසෙගේ බම්බු විප්ලවය’ …මේකට තමයි ඩවුන් ටවුන් පල්ස් කියන්නෙ!

  3. That is true. The basic matter with all kind of Leftist party Marxists of Sri Lanka is the way that they understand Capitalism. They can recite Marx, Engels, Lenin and Luxemburg but they forget the basic logic, that is they are living in a Capitalist world. The mode of production for a socialist moment has been matured a long time ago and even now it has been expired. According to them, re-thinking of capitalism is a bourgeois effort or other wise they know nothing about that. The left has been dead as an ideological movement. Then the New-left came but brutally surpassed by the essence of capitalism. Post-left (not the post-left anarchism) is in progress of re-analyzing capitalism in highly academic and a social approach. But our “May-day Marxists” are dead.

    To listen an interesting glance at Capitalism, browse through the following links.

    http://www.youtube.com/watch?v=7lpUTmvQLb8

    http://www.youtube.com/watch?v=Z2g66ckIm0U

  4. මේ කමෙන්ට් කරපු හාදයො ටික හරියට අර ලොකු අය කතා කරනකොට අවධානය ගන්න සෙල්ලං බඩු පොලවෙ ගහන පොඩි එවුන් වගේ.. දේවල් කොච්චර හෑල්ලු කරන්න පුළුවන්ද කියන එකට මේ තුෂාර,තුසිත වගේ බයියො හොඳ සාක්ෂි

  5. මේ දිනවල විපක්ෂයේ පොදු සන්ධානයක් හැදීම පිළිබඳ කතා පවත්වමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘මහජන’ කණ්ඩායමේ නායක මංගල සමරවී ර කියන පරිදි ආණ්ඩුවක් පිහිටුවා දින 180ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ද සන්ධාන ප්‍රතිපත්තිවලට ඇතුළත් කිරීමට නියමිතය. 1994දී බලයට පැමිණි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු පෙරමුණ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වූ අතර ජවිපෙට වූ පොරොන්දුවක් අනුව 1994 ජනාධිපතිවරණයේදී ජවිපෙ තම අපේක්ෂකයා ද ඉවත් කර ගත්තේය. ඒ සන්ධානයේ ද මංගල නායකයෙකි. ඉන්පසු 2005 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ මංගල සමරවීරගේ ප්‍රබල දායකත්වයකින් සකසන ලද මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සඳහන් වේ. එකී ප්‍රතිපත්ති ප්‍රතාශනය මත පදනම්ව රාජපක්ෂ බලහවුලට කඩේ ගිය ජනතා විමුක්ති පෙරමුණ ද පසුගියදා නින්දෙන් අවදි වී මේ පොරොන්දුව මතක් කර යළි නිදි කිරා වැටෙමින් සිටියි. 2003 නොවැමිබර් මාසයේදී විධායක ජනාධිපති බලතල පාවිච්චි කර එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ පැවති කැබිනට් ඇමති තනතුරු තුනක් පවරා ගැනීමට කේවට්ට උපදෙස් දුන් ප්‍රධානියෙකු වන්නේ ද මංගල සමරවීරයි. මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ මංගලගේ තුන්වන ව්‍යායාමයයි. චන්ද්‍රිකා විධායක ජනාධිපති ධුරය හෙබවූ එකොළොස් වසර පුරාම මංගල අම්බානකකට එහි රසය වින්දේය. මහින්ද යටතේ එය කිරීමට මංගලට බැරි වුණේ ඔහු මහින්දගේ එක බඩවැල කඩාගෙන ආවකු නොවන නිසාය. රනිල් හෝ මීළඟ විධායක ජනාධිපති වන කවුරු හෝ යටතේ නම් මංගල විධායක ජනාධිපති ක්‍රමය භංග කර දමන බව කොක්කුන්ට නම් ෂුවර් ඇන්ඩ් ෂොට්ය.

Comments are closed.