[dropcap color=”red”]රු[/dropcap]සියානු සාහිත්‍යෙය් පුරෝගාමී ලේඛකයෙකු වන ලියෝ ටෝල්ස්ටෝයි ගේ මෙතෙක් පළ නොවු කතාවක අත් පිටපතක් ඇසුරින් අපි ඔබට කතාවක් කියන්නට අදහස් කලා.

රුසියාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් විසින් වසර තිහකට ආසන්න කාලයක් ජාතිවාදය පෝෂණය කිරීමට විශාල කාර්ය භාර්යක් ඉටුකලා. එම පුවත් පත මගින් ඉටුකළ සේවය අති විශාල බව එරට ජාතිවාදි ප්‍රජාව විසින් පිළිගත්තා. එහි ප්‍රධාන කතුවරයා ජාතිවාදය වැපිරීම පිණිස ඉඩම් මිලදී ගත්තේ අක්කර ගනණිනි. ඒ අකාරයෙන් ඔහු ජාතිවාදය වපුරවනු ලැබුවා. පසුව එම කතුවරයා එරට ජාතික ච්ත්‍රපට වාරණ මණ්ඩලයේ ප්‍රධානියෙකු බවට පත් වුනා. මේ අතර හදිසියේ තම පෞද්ගලික ව්‍යාපාරික වැඩ කටයුතු අධික වීම නිසා ඉන් වෙහෙසට පත්ව ඔහුට නිදන්ද ගිය මොහොතක ඔහුටත් නොදැන එක්තරා ච්ත්‍රපටියක් සම්මත වුණා. මේ ච්ත්‍රපටිය එරට එක්තරා ච්ත්‍රපට උළෙලකදී ප්‍රදර්ශණය සදහා ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම ච්ත්‍රපටිය මගින් හමුදාවට සහ රාජ්‍ය අරක්ෂාවට තර්ජනයක් ඇතිවිය හැකි බැවින් වහාම ච්ත්‍රපටය තහනමට ලක් කලා. මෙහිදි අපූරු සිදුවීමක් සිදුවුනා. සාමාන්‍යෙයන් මාර්ටින් නිලමෝර් පියතුමාගේ කියමන අනුව අවසානයේ සොයා යන සියළු පුද්ගලයන් ජාතිවාදයට විරුද්ධ අය වුවත් මෙහිදී ජාතිවාදය පෝෂණය කළ පුවත්පත් කතුවරයෙකු ගේ පවා අවසානයේ පස්ස පැත්ත නැති වන්නට ගිය අතර ඒ නිසා පුද්ගලයන් රැසකගේ පස්ස පැත්ත නැති වී තිබෙනවා.

මෙම ච්ත්‍රපට උළෙලදී පිළිගැනීමේ කතාව කළ එක්තරා ජනප්‍රිය නිළියක් මෙතෙක් හිතා සිටි යථාර්ථය වඩා යථාර්ථය වෙනස් බව අවබෝධකර ගත් බව මේ කතාවේ සදහන් වෙනවා. අවසානයේ ජාතිවාදය සහ ජාතිවාදයට විරුද්ධ අය කවුරු වුවත් ඕනෑම මොහොතක ඕනෑම අයෙකුගේ පස්ස පැත්ත නැති වන්නට පුලුවන් බව මේ කතාවෙන් අපට පැහැදිලි වෙනවා. මේ පිළිබදව වැඩි දුර විස්තර අවශ්‍ය අයෙකුට මේ දිනවල කොළඹ සැරිසරන ලියෝ ටෝල්ස්ටෝයි ගේ කතා මගින් ච්ත්‍රපට කරුවන් වන්නට මාන බලන අපතයන් ගෙන් අසා දැන ගන්නට පුලුවන. එවැනි අපතයන්ට මෙය පහදන්නට බැරිනම් පහත Alejandro González Iñárritu ගේ babel ච්ත්‍රපටිය නරඹන්න යැයි අපි කියන්නෙමු.

babel movie link

 

ඔබේ අදහස කියන්න...