ශ්‍රී ලංකාවට මනෝවිශ්ලේෂණ සංවිධානයක්
මාක්ස්වාදය ශ්‍රී ලංකාවට ආනයනය වූයේ 20 වන සියවසේ තෙවෙනි දශකයේය. එය ලංකා සමසමාජ පක්ෂය විසින් ට්‍රොස්කිවාදී ආකෘතියට ලංකාවට දායාද කරන ලදී. යටත් විජිතයක් වූ  ශ්‍රී ලාංකිකයන්ට මාක්ස්වාදය තවමත් දිරවාගත නොහැකි බුද්ධිමය සම්ප්‍රදායකි. පශ්චාත් යටත් විජිත සංස්කෘතිය සහ කතිකාව යනු ද අවසන් සිතිජයක් ලෙස සැලකූ විට බටහිර ඉංග්‍රීසි ජාතිකයාගේ චින්තනයයි. මේ හේතුව නිසා සිංහල මිනිසාට දෙමුහුම් සංස්කෘතියක් හිමි වී ඇත. එකක් බටහිර සංස්කෘතිය සහ පරිභෝජනයයි. අනෙක අතීතය දෙසට වර්තමානයේ සිට ගලා බසින අතීත වේදනාත්මක බව. ”දේශීය සංස්කෘතිය” මෙම ප්‍රවාදයන් දෙක නිසා බටහිරට ණය ගැති වන අතර මේ අන්ත දෙක අතර පවතින ආත්මය පමණක් ස්වදේශිකයාය. මනෝ විශ්ලේෂණය විධිමත් චිත්තයක් ලෙස අප හමුවන්නේ විසි එක් වැනි සියවසේ පළමු දශකයේ ය. X කණ්ඩායම ලෙස අපට එම විද්‍යාව හමුවූ අතර අවිඥාණයට ඇති සිංහල බිය නිසාම එය විනාශ කරන්නට සියලූ දෙනාම කැප වූයේය. විශේෂයෙන් සිංහල වාමාංශිකයන් අවිඥාණය නිසා බියෙන් වෙව්ලා යන අතර මනෝවිශ්ලේෂණය ගර්භිත බුර්ෂුවා සංස්කෘතියේ එලයක් ලෙස විග්‍රහ කරයි. ශ්‍රී ලංකාවේ මනෝවිශ්ලේෂණය පිළිබඳ විධිමත් ශික්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට 2005-2010 කාලයේ අප දැරූ සියලු උත්සහයන් නිෂ්එල වූයේද ගතානුගතික ගැමියන්ගේ  අතීතවේදනාත්මක බිය නිසාය.
ලංකාවේ වාමාංශිකයන් කියා ගන්නා බහුතරදෙනා සායනික මට්ටමේ බරපතල මානසික රෝගීන් බව අප දන්නෙමු. මානසික රෝග යනු ලංකාවේ සැඟවිය යුතු දෙයක් ලෙසින් මිස විද්‍යාවක් මගින් අර්ථකථනය කරගත යුත්තක් ලෙසින් සලකනු නො ලැබේ. මානසික රෝග යනුවෙන් ප්‍රපංචයක් ගවේෂණය කිරීම නිසාම බඩුකාරයන් විසින් අපව ගර්භාවට පත් කරන ලදී. ඩ්‍රැකි්‍යුලා සූර්යයා දුටු විට බියෙන් සැලෙන්නාක්මෙන් ‘ස්ත්‍රිය’ ප්‍රායෝගික පථයක් හෝ වේගයෙන් ගමන් කරන වාහනයක් ලෙස සලකන ස්වපීඩාකාමීන් රැසක්ද මනෝවිෂ්ලේශණයට ප්‍රතිප්‍රහාර දෙයි. දශකයකට වැඩි කාලයක් අප තනිවම ගමන් ගත් මාර්ගයට දැන් නිෂ්චිත ආකෘතියක් අවශ්‍යය. ලංකාවේ දැනට සායනික මට්ටමින් මනෝවිෂ්ලේෂණය භාවිතා කරන වෛද්‍යවරුන් නොමැත. මීට අමතරව ලංකාවේ වෛද්‍ය විද්‍යාල වල මනෝවිෂ්ලේෂණය උගන්වන්නේද නැත. අපගේ සංවිධානය තුළ මේ වන විට සම්භාව්‍ය ෆ්‍රොයිස්ට්වාදය-Freud- ඉගැන්වීම ආරම්භ කර ඇත. 21 වැනි සියවසේ නව ව්‍යාපාරයට මෙම අලුත් විද්‍යාව අවශ්‍ය බව අවිවාදිකය. අවිඥාණය සහ අශ්ලීලත්වය ආත්මය කොටගත් වාමාංෂිකයන් නරුමයන් මනෝවිශ්ලේෂණයට එරෙහිව නැගූ අවලාද අප බොහෝ අසා ඇත්තෙමු. තමන්ගේ අතපය කපා ගත් ස්ත්‍රීන් ජනතා විමුක්ති පෙරමුණේ බහුජන පෙරමුණ තුළට ගාල් වූ යුගයක, සදාචාරය අතහැර දැමූ ගතානුගතික වම වෙනුවට ජාත්‍යන්තර වමක් අප අනාගතයේ නිර්මාණය කළ යුත්තෙමු. අරගලයේ නියම අදියර ඇත්තේ ඉදිරි යුගයේය.
Sri Lanka Psychoanalytic Society – ශ්‍රී ලංකා මනෝ විශ්ලේශන සංගමය
*********************************************************************************

අළුතින් ආරම්භ කිරීමට යන ශ්‍රී ලංකා මනෝ විශ්ලේශන සංගමය සඳහා සාමාජිකයන් බඳවා ගනු ලැබේ. මනෝ විශ්ලේශන පිලිබඳව කැමැත්තක් දක්වන සහ ඒ පිලිබඳව යම් දැණුමක් තිබෙන පුද්ගලයන්ට අයදුම් කල හැක. කරුණාකර ඔබගේ ජීව දත්ත මේ ඊමේලයට එවන්න ; ruwanmjayatunge@gmail.com

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.