90 දශකය අගභාගයේ  අපගේ දේශපාලනය ව්‍යාපාරය විකසිත වෙමින් තිබු අවධියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ යු,එන්.පී ලෙස සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙකක් විය. එකල වම යනු පරාරෝපනයට ලක් වූ දේශපාලන ව්‍යාපාරයක් විය. එනම් වම පිළිබද බොහෝ දෙනාට පැවතියේ නොදනුමකි. වමේ අනාගතය පිළිබද කිසිවෙකුට පැහැදිලි මතයක් නොවිණ. ඒ වෙනුවට වම යනු පවතින දේශපාලනයට ‘වඩා දෙයක්’ විය. එය බොහෝ විට සමීප වුයේ රැඩිකල් සංස්කෘතිය සමගය. එකල ලෝකය පුරා බිහිවෙමින් තිබු නව සමාජ සංවිධාන (New Social Movements) වම සදහා පැවති ආදර්ශය විය.  ස්ත්‍රීවාදී ව්‍යාපාර, පරිසරවාදය, සුළු ජාතිකයන් වෙනුවෙන් වූ ව්‍යාපාර, සාම ව්‍යාපාර ,සමලිංගිකයන් වෙනුවෙන් වූ ව්‍යාපාර ආදිය නව සමාජ ව්‍යාපාර සදහා උදාහරණ වේ.

නව සමාජ ව්‍යාපාර සම්ප්‍රදායික දේශපාලන ව්‍යාපාර(දේශපාලන පක්ෂ) වලට වඩා වෙනස් වේ. එය එම සංවිධාන වල අභ්‍යන්තරික සීමාවකි. විටෙක  මෙවැනි සංවිධාන බලාපොරොත්තු වන්නේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට වඩා අඩුවෙන් යමක් වන අතර තවත් විටෙක ඒවා මගින් දේශපාලන පක්ෂ වලට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙයි. ඒ අනුව මෙම සංවිධාන දේශපාලන පක්ෂ බවට පරිවර්තනය වෙමින් බල අරගලයට එකතු වීමට නොකැමැත්තක් දක්වයි. ඒ හා සමගාමීව ඔවුන් තමන් දේශපාලනය  පක්ෂ වලට වඩා රැඩිකල් බව ප්‍රකාශ කරයි. දේශපාලන මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට මෙවැනි සංවිධාන උත්සහ කරනු ලබන්නේ ජීවන ක්‍රියාවලියේ  රැඩිකල් වෙනසක් ඇති කිරීම සදහාය . පුරුෂවාදයට විරුද්ධ වන ඔවුන් බහුවිධතාවය වෙනුවෙන් පෙනී සිටී. පරිසරවාදියෙකුට හෝ ස්ත්‍රීවාදිනියකට එම ආස්ථානයේ සිට සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකු වීමට නොහැක. ප්‍රජාත්‍රන්ත්‍රවාදී අරගල සහ නව සමාජ ව්‍යාපාර අතර පසමිතුරුතාවයක් ඇතිවන අතර එම පසමිතුරුතාවය  නව දේශපාලන යුතෝපියාවක පැවතිය යුතු දෙයකි. 

නව සමාජ ව්‍යාපාර වල සන්දර්භයට වෙනස් වෙමින් අපගේ දේශපාලන ව්‍යාපාරය පදනම් වුයේ දෙමුහුම් දේශපාලන ප්‍රවාහයන් දෙකක් මතය. ග්‍රාම්ස්චි, ලැක්ලාවූ , මුෆ් ආදී වූ දාර්ශනිකයන් මුලික කරගනිමින් බිහිවන කතිකා විශ්ලේෂණ න්‍යාය එක් දේශපාලන මතවාදයක් වූ අතර ජාක් ඇලන් මිලර් ගේ සිට ස්ලෝවේනියානු පාසල දක්වා වර්ධනය වූ ලැකාන් සහ හේගල් මත පදනම් වූ මාක්ස්වාදී  සමාජ විශ්ලේෂණය අනෙක් දේශපාලන ප්‍රවාහය විය. මෙම දෙවන කතිකාවේ මුලික අණු තුනකි.

හේගල්[Dialectics], මාක්ස්[Critique of Ideology] සහ ලැකාන්[Enjoyment] යනු එම අණු තුනයි.

මෙම දාර්ශනිකයන් තිදෙනා විසින් ඉදිරිපත් කරනු ලැබූ සමාජ න්‍යායන්හි වැදගත්ම දෙය වන්නේ සමාජ අසම්බන්ධතා[අසම්පාත න්‍යාය] න්‍යායයි (Non Social Relations). ලිංගික සබදතා යනුවෙන් දෙයක් නැත, පන්ති සබදතා යනුවෙන් දෙයක් නැත, ස්වභාවදහම සමග සම්බන්ධයක් නැත, ඩිජිටල් සබදතා යනුවෙන් දෙයක් නැත ආදී  වූ අසම්බන්ධතා පිලිබදව අප විසින් හදාරනු ලබන්නේ එම න්‍යාය සමාජගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. මෙම න්‍යායයන් මගින් ජනිත කරනු ලබන අර්ථයන්  පවතින්නේ සම්ප්‍රදායික අර්ථයට ඔබ්බෙන්ය යන්නය. සමාජ සබදතා භ්‍රමණය වන්නේ අර්ථය වටා නොව විනෝදය වටා බව මෙම හැදෑරීමත් සමග අප විසින් අවබෝධ කරගනු ලැබිණ.

1996 සිට 2002 වර්ෂය දක්වා අපගේ දේශපාලන සංවිධානය තුල මෙම කතිකාවන් දෙක දෙමුහුන් වී පැවතින. රෝහානියානු ස්වාමිහැගවුකාරකයෙන් වෙන් වූ පසු අපට ඇති වූ මුඛ්‍ය ගැටළුවක් වන්නේ මෙම අන්ත දෙකෙන් අනාගතය සදහා තෝරා ගනු ලබන්නේ කුමක්ද යන්නයි. 2002 – 2004 වකවානුව තුල සෙනසුරාදා උදැසන පැවති දීප්තිගේ දේශපාලන පන්තියේ සාකච්ජා වුයේ මෙම දේශපාලන අන්ත දෙක අතර ඇති අනවරත ගැටුමයි. මෙම අන්ත දෙකෙන් වඩා ප්‍රයෝගික කුමක්ද යන්න තීරණය කිරීම අපගේ දේශපාලන හැදෑරීම් විශ්වවිද්‍යාල පාඨමාලාවක් නොවූ නිසා ඉතා අපහසු විය. මෙම දේශපාලන අන්ත දෙකෙන් ධනවාදය සමතික්‍රමණය කිරීමට වඩා සුදුසු දේශපාලනය කුමක්ද යන විවාදය නිම වීමට පෙර 2004 දෙසැම්බර් 26 වැනිදා  සංවිධානය දෙකඩ විය.

සංවිධානයේ මෙම ඛණ්ඩනයත් සමග එක් පිරිසක් කතිකා විශ්ලේෂණ න්‍යාය නිවැරදි බව පවසමින් සංවිධානයෙන් පිටත විවිධ ව්‍යාපාර ගොඩනගන ලදී.  ග්‍රාම්ස්චි මධ්‍යම පන්තියට ආශ්වාදයක් ගෙන දෙන චින්තන  පරමාදර්ශයක් විය… x කණ්ඩායම පීඩිත පන්තිය සංස්කෘතියෙන් සන්නද්ධ කිරීමේ සංස්කෘතික මාක්ස්වාදයක් ප්‍රගුණ කල බව මෙකී ඛණ්ඩනයත් සමග සංවිධානයෙන් ඉවත් වූ පිරිස උපකල්පනය කරන ලදී. මේ නිසා ඔවුන් x ව්‍යාපාරයෙන් උගත්තේ සම්ප්‍රදායික සංස්කෘතිය බිද දමා නුතනත්වයේ සංස්කෘතිය ඊට ආදේශ කිරීම පමණි. දැන් අප කතිකා විශ්ලේෂණ දේශපාලන න්‍යායේ වර්තමාන තත්වය කුමක්ද යන්න සැකෙවින් සලකා බලමු.

යුරෝපය ඇතුළු බටහිර ලෝකය පුරා අතෘප්තිය වැඩි වෙමින් පවතී. සමස්ත ඇමරිකාවම පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරයි. Elite සමාජ පන්තියට ධනය සහ බලය රැස් වීම සහ බහුතර ජනතාවක් ඒ සදහා දුක් විදීම ඇතැම් පිරිස් විසින් ප්‍රශ්න කරනු ලබයි. තවත් පැත්තකින් මෙකී අතෘප්තිය විසින් එකී රටවල දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් සිරිසා, පොඩේමෝස් වැනි සංවිධාන බිහි වෙමින් පවතී. ශන්තාල් මුෆ්ට අනුව නව ලිබරල්වාදය වම විසින්  ධනවාදයට වෙනත් විකල්පයක් නැතැයි පවසමින් පිළිගෙන ඇත. ධනවාදය සහ එහි නරකම ස්වරූප සදහා වෙනත් විකල්පයක් නැති බව වම පිළිගෙන ඇත. කර්මානතශාලා කේන්ද්‍ර කරගනිමින් බිහි වූ සමාජ පන්තිය දැන් සුපිරි වෙළදසැල් වටා රොක් වී ඇත. පුද්ගලයෙකුට අවුරුද්දට රැකියා දෙක තුනක් කිරීමට සිදුවී ඇත. විරැකියාව, අර්ධ කාලීන රැකියා, තාවකාලික රැකියා කරන වැඩකරන පන්තියක් බිහි වී ඇති අතර ස්වයං රැකියා වල නියැලෙන පිරිස ඉහල යමින් පවතී. පෙර සිටි කම්කරු බලකාය දැන් කැඩී ගොස් ඇත.

අඩු වැටුප් සහිත කම්කරුවන් රැකියා වියුක්තිකයන් නුරුස්සයි. දේශීය කම්කරුවන් සංක්‍රමණිකයන් නුරුස්සයි. මෙම නුරුස්සනසුළු බව අවසානයේ ධනපති පන්තියේ බලය රැකගැනීමේ ක්‍රීඩාව හා සම්බන්ධ වේ. රජයට  වෙළදපලට ඇති වගකීමක් නොමැති අතර වඩා වැදගත් තීරණ ගනු ලබන්නේ ජනතාවගේ  කැමැත්තෙන් තේරීපත් වූ අය නොව දුරස්ථ කක්ෂයක සිටින පිරිසක් විසිනි. දේශපාලනය කිරීම යනු තමන් නියෝජනය කරන අය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට වෘත්තියක් බවට පත් වී ඇත. ස්ත්‍රීවාදය , පරිසරවාදය, සුළු ජාතිකයන් වෙනුවෙන් වූ  අරගල,  සම ලිංගික ව්‍යාපාර ආදිය සම්ප්‍රදායික මාක්ස්වාදය විසින් හරිහැටි හදුනානොගත් බව මුෆ් ගේ මතයයි. ඒවා ප්‍රමුඛතාවය ලැබිය යුතු දේශපාලනික ප්‍රපංච  නොවුනද ඒවායේ ඇති වැදගත්කම හදුනාගත යුතුය.

න්‍යායිකව ලක්ලාව් සහ මුෆ් ගේ දේශපාලනික ප්‍රවේශය සදහා බලපානු ලැබුවේ පසමිතුරුතාවය සහ හෙජමොනිය යන සංකල්පයි. දේශපාලනයෙන් පසමිතුරුතාවය ඉවත් කල නොහැකි අංගයකි. තාර්කික විසදුමක් නැති අරගල පවතින බව පසමිතුරුතාවය නම් සංකල්පය මගින් පෙන්නුම් කරයි. සෑම සමාජ සංවිධානයකම හෙජමොනික ස්වභාවයක් පවතී. සෑම සමාජයක්ම යනු ආපතික සන්දර්භයක් තුල ගොඩනැගීමට උත්සහ කරන සංවිධානය වීමකි. මෙම භාවිතය අප හෙජමොනිය ලෙස හදුන්වයි. සෑම හෙජමොනික සංවිධානය වීමක්ම ප්‍රති -හෙජමොනික සංවිධානය වීමක් මගින් පරිවර්තනයකට ලක් කිරීම සදහා විභවතාවයක් පවතී. සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික හෙජමොනිය බිද වැටී නව ලිබරල් හෙජමොනිය බිහි වීම පිළිබද හැදෑරීම සදහා ලැක්ලාවූ සහ තමන් විසින් ඉදිරිපත් කල හෙජමොනිය නම් සංකල්පය තව දුරටත් වැදගත් බව මුෆ්ගේ වර්තමාන මතයයි.

ඉහත සදහන් කල කතිකා විශේල්ෂණ දේශපාලන සංකල්ප සමගින් සංවිධානයෙන් ඉවත් වූ පිරිසට අමතරව තවත් පාර්ශවයක් සංවිධානය දෙකඩ වීමේදී බිහි වෙයි. ඔවුන් විසින් මනෝවිශ්ලේෂණය දෘෂ්ටිවාදය විශ්ලේෂණය කිරීමේ විප්ලවවාදී ආයුධයක් ලෙස සලකනු ලබයි. කෙසේවෙතත් මෙම පාර්ශවයද 2008 දී නැවත කොටස් දෙකකට කැඩී වෙන් වෙයි. මින් එක් කොටසක් හේගල් (මුලික අණු තුනෙන් එකක්)  අතහැර දමන අතර මාක්ස් ධනවාදී ආර්ථිකය පිළිබද විශ්ලේෂකයෙකු ලෙස සලකයි. එමෙන්ම ලැකාන් වැරදි ලෙස අර්ථකථනය කරමින් ඔහු හදුන්වාදුන් රෝග ලක්ෂණය යනු සුවකරගත යුතු දෙයක් බව සලකයි.

2008 සිට 2013 දක්වා අප මීට පෙර ලිපි වල  සායනික වස්තුවක් ලෙස සැලකු සමන් පුෂ්පකුමර සමග හේගල් යලි දේශපාලන ව්‍යාපාරය සදහා එකතු කිරීමේ වෑයමක නිරත වූයෙමු. මෙහිදී අප වැදගත් කොට සැලකුවේ හේගලියානු සංකල්පයක් වන නිශේධනය දේශපාලනික ආයුධයක් වන්නේ කෙසේද යන්නයි. කෙසේවෙතත් 2014 දී නැවතත් මෙම පාර්ශවය දෙකඩ වී යයි. ඉන් ඉවතට යන පිරිස නැවතත් විනයගත සමාජ සංවිධානයක්- Red-ගොඩනැගීම පිළිබද හෙජමොනික අදහසක් කරා ලඝු වෙයි. මෙවැනි සංවිධාන රාමුවක් යනු ව්‍යධවේදීමය-Pathological- අදහසකි.

2014 න් පසු අපට ඉතුරු වන්නේ සංකේතීය තුවාලය පමණි. එහෙත් මෙම සංකේතීය තුවාලය යනු ඛේදවාචකයක් නොවේ. පවතින සංකේතනය වෙනුවට අළුත් සංකේතනයක් ගොඩනැගීම සදහා වන උපායමාර්ගය ගොඩනැගෙන්නේ මෙම තුවාලය හරහා පමණි. මෙම තුවාලය ඇතිවූ හේතුව මගින්ම තුවාලය සුව කිරීමට හැකි බව අප තේරුම්ගෙන ඇත. ආත්මයේ අදුර මැකිය හැක්කේ ප්‍රබුද්ධත්වය මගින් පමණි.

විසිඑක්වන සියවස මුල සංවිධානයේ සාමාජිකයන් එක්ව නැරඹූ චිත්‍රපටයකි The Piano Teacher. සංස්කෘතික දේශපාලනයක් පිළිබද දෘෂ්ටිවාදයක සිටි ඔවුන් බොහෝ දෙනෙකුට Piano Teacher විසින් රැගෙන එනු ලැබුවේ ස්ත්‍රිය පිළිබද නොදන්නා ෆැන්ටසියකි. ඉහල පන්තියේ පියානෝ වාදනය සමග මුසු වූ අශ්ශීල ෆැන්ටසි ( ශරීරය කපා ගැනීම, ශිෂ්‍යන්ට බෝතල් කටු දැමීම,  ශිෂ්‍යන් සමග ලිංගික සබදතා පැවැත්වීම ආදී වූ) සමුහය විසින් ප්‍රේක්ෂකයන්ගේ ජීවිත අශ්ශීලත්වයේ අනන්තය කරා රැගෙන ගිය අතර සංවිධානය විසින් බලාපොරොත්තු වූ අධ්‍යාපනික වටිනාකම් බිංදුවටම ඇදවටින. පියානෝ ගුරුවරිය යනු ‘ඔබට  මොකක්දෝ වන මම කවුද’ යන ප්‍රශ්නය අසන හිස්ටෙරික ස්ත්‍රියකි. අපට ඇයට දීමට ඇති  පිළිතුර වන්නේ ඔබ කවුද යන්න ඔබවත් නොදන්නා බවයි. ඊජිප්තු වාසීන්ගේ රහස ඊජිප්තු වාසීන් පවා දන්නේ නැත.

දේශපාලනය කරන විට අනන්‍ය වීමට සංස්කෘතික මහා අනෙකෙකු නැත. There is no big other. මේ තත්වය අප විසින් තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස 2004 දී සංවිධානයෙන් ඉවත් වූ සුමිත් චාමින්ද රැඩිකල් චරිතයක් වන විට 2018 දී සංවිධානයෙන් ඉවත් වූ දිනුක විහිළුවක් බවට පත් වෙයි. අපගේ පක්ෂය පිළිබද මේ වන විට පශ්චාත් පරමාදර්ශී හැගවුම්කාරකයක් ගොඩනැගී ඇත. පක්ෂය යනු ක්‍රිස්තියානි සත්‍ය සනාථ කරන්නකි. දෙවියන් නැත. ඒ නිසා ඔබ සියලු දෙනා එකතු වන්න.  මේ මොහොතේ වැස්සේ තෙමීගෙන මෝටර් සයිකලයෙන් දේශපාලන පංතියට එන සාමාජිකයාගේ එම කැප කිරීමම යනු දේශපාලනික මොහොතකි. මන්ද ඔහු පැමිණෙන්නේ  ඒ වෙනුවෙන් පෙරලා යමක් (අඩු තරමේ ලුබ්දිමය දෙයක්, අශ්ශීල ෆැන්ටසියක් වැනි දෙයක් හෝ ) නොලැබෙන බව දැනගෙනය. අද අපගේ පක්ෂ සමාජිකයා සිටින්නේ  සැබෑ ලෙසම නව වාමාංශිකයෙකුගේ ආස්ථානයකය.  අපට සුළු පිරිසක් නිර්මාණය කිරීමට දිගු කාලයක් ගත වූ බව සැබෑවකි. නමුත් එම පිරිස දස දහස් ගුණයකින්  වැඩි කර ගැනීමට එතරම් කාලයක් ගත නොවනු ඇත.

ජනප්‍රිය තලයේ දේශපාලනය යනු බොහෝ දෙනා මගහැර යාමට උත්සහ කරන දෙයකි. වාමාංශිකයන් ලෙස අපට ඒ පිළිබද ඇති විවේචනය වන්නේ බොහෝ දෙනා එලෙස මග හැරීමට උත්සහ කරනු ලබන්නේ තමාගේම ජීවිතයේ සත්‍ය මානය බවය. ජනප්‍රිය දේශපාලන  අවකාශය සදහා අප පක්ෂය ආදේශ වූ මොහොතක එකී සියලු දෙනාට ජීවිතය පිළිබද නව මානයක් හමුවනු ඇත.

Anushka

 

 

 

 

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. මට ඇත්තටම ඔබෙ පක්ශෙයෙ අභ්‍යන්තර ගතිකයන් පිලිබන්දව ආනුභූතික නිරීක්ෂණය යක්වත් නැ.නමුත් මම කියන්නෙ උත්සහ කරන්නෙ ඔබ කියනවා
    “පක්ෂය යනු ක්‍රිස්තියානි සත්‍ය සනාථ කරන්නකි. දෙවියන් නැත. ඒ නිසා ඔබ සියලු දෙනා එකතු වන්න” Lacanian මනොවිශ්ලේශන (ලංකාවට මනොවිශ්ලෙශනය, දෘෂ්ටිවාදය විවේචනය සඳහා හඳුන්වාදීම දීම ගැන දිප්ති සහෝදරයාට ස්තූතිය ) අර්තයකින් කිව්වොත් “Subjective Destitution” කියන්න පුලුවන්(https://www.youtube.com/watch?v=tABnznhzdIY),
    ඊලගට ඔබ මෙහෙම කියනවා “මේ මොහොතේ වැස්සේ තෙමීගෙන මෝටර් සයිකලයෙන් දේශපාලන පංතියට එන සාමාජිකයාගේ එම කැප කිරීමම යනු දේශපාලනික මොහොතකි. මන්ද ඔහු පැමිණෙන්නේ ඒ වෙනුවෙන් පෙරලා යමක් (අඩු තරමේ ලුබ්දිමය දෙයක්, අශ්ශීල ෆැන්ටසියක් වැනි දෙයක් හෝ ) නොලැබෙන බව දැනගෙනය” මම ඔබ ඔය කියන සාමාජිකයාගේ කැප කිරීම අවතක්සේරු නොකරන අතර ඔබ ඉහත කියපු ආත්මීය ආස්තනය සමග ඔවුන්ගේ කිසිම සම්බන්දයක් නැ බටහිර ක්‍රිස්තියානි මොහොත සමග මට වඩා මේ දක්වා පක්ශයට ආ ගිය සමාජිකයන් ගැන ඔබ දන්නවා 2004 සිටම. මක්නිසාදයත් එම බටහිර ක්‍රිස්තියානි මොහොත යනු දයලෙක්තිකය ක්‍රියාවලියක නිශ්පාදනයක් (Spirito Assoluto, La Fenomenologia dello Spirito di Hegel GWF).යම් හෙයකින් Audi මොටෙර් රථයකින් යම් සහෝදරයෙක් පක්ශයට අවොත් ඔහු අනාගත වාම දේශපාලනයේ ආරම්භය වෙවි.

  2. බටහිර යුදෙවි කිුස්තියානු අර්ථයකින් ලංකාව තුල මහ අනෙකෙකු නොමැති හෙයින් (ලංකාවෙ මහ අනෙකා. ඇතතේ CCTV කැමරා තුල) යමි කෙනෙක් බටහිර අර්ථයකින් දේශපාලනික විම යනු හුදෙක් ආත්මිය තෘප්තිය සදහා පමනයි එහෙයින් වියුක්තයි,සංකල්පයකට ගත නොහැකියි(unhappy consciousness). But the Idea is truth in itself. it means “Logic”
    “පක්ෂය යනු ක්‍රිස්තියානි සත්‍ය සනාථ කරන්නකි. දෙවියන් නැත. ඒ නිසා ඔබ සියලු දෙනා එකතු වන්න” Lacanian මනොවිශ්ලේශන (ලංකාවට මනොවිශ්ලෙශනය, දෘෂ්ටිවාදය විවේචනය සඳහා හඳුන්වාදීම දීම ගැන දිප්ති සහෝදරයාට ස්තූතිය ) අර්තයකින් කිව්වොත් “Subjective Destitution” කියන්න පුලුවන්(https://www.youtube.com/watch?v=tABnznhzdIY),
    ඊලගට ඔබ මෙහෙම කියනවා “මේ මොහොතේ වැස්සේ තෙමීගෙන මෝටර් සයිකලයෙන් දේශපාලන පංතියට එන සාමාජිකයාගේ එම කැප කිරීමම යනු දේශපාලනික මොහොතකි. මන්ද ඔහු පැමිණෙන්නේ ඒ වෙනුවෙන් පෙරලා යමක් (අඩු තරමේ ලුබ්දිමය දෙයක්, අශ්ශීල ෆැන්ටසියක් වැනි දෙයක් හෝ ) නොලැබෙන බව දැනගෙනය” ඔබ ඔය කියන සාමාජිකයාගේ කැප කිරීම අවතක්සේරු නොකරන අතර ඔබ ඉහත කියපු ආත්මීය ආස්තනය සමග ඔවුන්ගේ කිසිම සම්බන්දයක් නැ බටහිර ක්‍රිස්තියානි මොහොත සමග මට වඩා මේ දක්වා පක්ශයට ආ ගිය සමාජිකයන් ගැන ඔබ දන්නවා 2004 සිටම. මක්නිසාදයත් එම බටහිර ක්‍රිස්තියානි මොහොත යනු දයලෙක්තිකය ක්‍රියාවලියක නිශ්පාදනයක් (Spirito Assoluto, La Fenomenologia dello Spirito di Hegel GWF).යම් හෙයකින් Audi මොටෙර් රථයකින් යම් සහෝදරයෙක් පක්ශයට අවොත් ඔහු අනාගත වාම දේශපාලනයේ ආරම්භය වෙවි. මෙහිදි පෙරදිග ආත්මය බටහිරින් වෙනස් වන්නෙ පෙරදිගට සත්‍ය යනු පරම සත්‍යකි කලින්ම සියල්ල දනි එහෙයින් පක්ෂයෙන් ඉගෙනිම වෙනුවට පක්ෂ නායක්වයේ දැනුම පරික්ෂා කරයි.

  3. “ආත්මීය ආස්තනය සමග ඔවුන්ගේ කිසිම සම්බන්දයක් නැ”- Can you describe this further

Comments are closed.