හිතවත් දීප්ති.
මම මේ අහන ප්‍රශ්නයට පිළිතුරක් 3 මාන සඟරාවේ ජනාධිපතිවරණය ගැන ඔබේ යම්කිසි විශ්ලේෂණයකදී මතුවෙනු ඇති බලා සිටි නමුත්, තවම එසේ වුන් නැති නිසා මම ප්‍රශ්නය ඔබට පුද්ගලිකව ඉදිරිපත් කිරීමට සිතුවෙමි.
 
ප්‍රශ්නය:
ඔබගේ න්‍යායට අනුව “විනෝදය දේශපාලන සාධකයක්” (enjoyment as a political category) නම්, සජිත් මෙවර පරාදවීමට නියමිතයි නේද? මන්ද ඔහු විනෝදය ප්‍රබල ලෙස උල්ලංගනය කිරීමේ ප්‍රතිඥාවකින් තම චන්ද ව්‍යාපාරය කරගෙන යන නිසා? උදාහරණයක් වශයෙන්: ඔහු සමග දුෂ්කරක් ක්‍රියා කරන්නට මැති ඇමති වරුන්ට ආරාධනා කිරීම, වාහන තීරුබදු සහන නැතිකිරීම, වාහන ගෙන්වීම නැවැත්වීම, මන්දිරයේ නොසිට ජනාධිපතිවූ පසුව ‘ෆ්ලැට් එකේ’ දිගටම ජීවත්වීම,  පාන්දර 4සිට රෑ12 දක්වා වැඩ කිරීම, රබර් සෙරෙප්පු දාගෙන යාම…ආදී නොයෙකුත් දේවල්. 
 
දෙවනුව දේශපාලනයේදී “ස්ත්‍රී ශරීරයේ” භූමිකාව සලකා බලනකොටත්, සජිත්ගේ දේපාලන ව්‍යාපෘතිය වඩාත් අවධානම් තත්වයක ඇති බවක් පෙනෙන්නේ සජිත් වටකෙරගෙන ඉන්න ස්ත්‍රී චරිත දිහා බැලුවහම. එනම් ආර්චායාව ඇතුළු චාන්දනී, හිරුනිකා, තලතා, රෝසි ආදී වශයෙන්.
 
 මේ පිළිබඳව යම් විග්‍රහයක් ඔබගේ ඉදිරි 3 මාන ලිපි වලින් ඉදිරිපත් කරනු ඇති බලාපොරොත්තු වෙමි.
 
හර්දයාංගම සුභපැතුම් සමගින්
වසන්ත
========================]]]]]===================
FRANCE – SEPTEMBER 12: The writer Jacques Derrida in Paris, France on September 12, 1997. (Photo by Louis MONIER/Gamma-Rapho via Getty Images)
Social media politics is what people do when they don’t do anything. Quite symptomatic of the obsessive neurotic culture in which we live.

හිතවත් වසන්ත

අනෙකාගේ විනෝදය කියවිය හැකි ආකාර දෙකක් ලැකාන් පහදා දෙයි.

  • අනෙකාගේ විනෝදය පැහැරගැනීම
  • අනෙකාගේ විනෝදය තර්ජනයට ලක් කිරීම

මනොවිශ්ලේෂණය විසින් යෝජනා කරන්නේ විනෝද වීම නොව විනෝදය විචාරය කිරීමයි. මෙම අර්ථයෙන් ගත් විට සජිත් අනෙක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට වඩා විනෝදය තර්ජනයට ලක් කරයි.

සත්තාව යන පදයෙන් අදහස් වන්නේ භෞතිකයට මෙන් ස්ථිර භාවයක් අනෙකාට ආරෝපණය කිරීමටය. මෙහි පහත පළ වන්නේ මා විසින් රචිත “කලාව සහ විසංයෝජනය” නම් කෘතියට 2015 වර්ෂයේ ලියන ලද විචාරයකි. මෙහි කතුවරයා unknown වූවත් ඔහු පුරුෂයෙකි. අදාල විචාරකයා දීප්ති නම් කතුවරයා විසංයෝජනය කරයි. නමුත් ඔහු විසංයෝජනයේ මුල් පාඩම නොකියවා ඇත. ඔහු මගේ කෘතිය කියවන විට ඔහුට විද්‍යාමාණ වන කතුවරයා යනු(මහාඅනෙකා) කවුද? අප යමක් කියවන විට කතුවරයාට කසපහර දීමට අවශ්‍යනම් කියවන්නිය විපරිත මාර්ගෝපදේශ අපට යෝජනා කරයි.

එබැවින් විචාරකයා යෙදෙන්නේ විසංයෝජන ක්‍රියාවක නොව අනෙකාගේ(කතුවරයා විඳිතැයි ඔහු/ඇය සිතන විනෝදය යළි පැහැර ගැනීම) විනෝදය තර්ජනයකට ලක්කිරීමකි. ඔහුගේ/ඇයගේ තර්කය මෙසේය. ”ඔහු [me-deepthi] පොතක් ලියා මා නොවිඳි විනෝදයක් ලබයි”. මට එය දරාගන්නට බැරිය.

මම නැවත නැවත කියා ඇති පරිදි මම දේශපාලකයෙක් වෙමි. මම ඇකඩමික චින්තකයෙක් නොවෙමි. දර්ශනය හෝ අර්ථකතනවේදය පිළිබඳ අහමක්(Ego) මට නැත. දාර්ශනික භාවයේ වඩාත්ම තදබල අහම ලංකාවේ ඇත්තේ වංගීස සුමනසේකරටය. ඩෙරීඩාට දර්ශනය ගැන ඇති ‘අහම’ මට නැත. නමුත් මා ලියා ඇති කිසිවක වැරදි පෙන්වීම ඇකඩමික බුද්ධිමතෙකුට පහසු නැත. උදාහරණයක් ලෙස Phenomenology යන ඉංග්‍රීසි පදයේ අර්ථය ජර්මානු හෝ සංස්කෘත මූලයකින් අහවර වේ යැයි සිතන්නට තරම් මම වාගීශ්වර-Logocentric– නොවෙමි. ඩෙරීඩාට අනුව Absolute Reference නැත. ඇත්තේ විමර්ශක නැති සලකුණය. (Mark). ව්‍යුහවාදය-structuralism- ගැනද කියන්නට ඇත්තේ එච්චරය. ව්‍යුහය යනු භාෂාවේ අර්ථයට ඌනනය කළ නොහැකි භෞතිකයක්-gap,delay,aporia-  මගින් මිනිස් ලෝකය පාලනය වන බව හැඟවුම්කරණය වීමයි. හැඟවුම්කරණය යනු අවබෝධය හෝ අර්ථය නොවේ. කෙනෙකු මගේ රචනාවක ‘හැඟවුම්කාරක තර්කය’ අනුනාද කරන්නේ නම් එයට මා රුචිය. එතන මට ඉගෙන ගන්නට දෙයක් ඇත. ‘විද්‍යාමානයන්ගේ පාරභෞතික’ යනු සංඥාව පිටුපස දෙයක් ඇත හෝ නැත යනුවෙන් සමපේක්ෂණය කිරීමයි. ඩෙරීඩා කිසිදා ‘විනෝදය’ නම් සංකල්පය ගැන දැන සිටියේ නැත. මගේ ලිවීම් තුළ විනෝදය සොයන අය තමන්ගේ විනෝදය නිරාවරණය කරයි. ප්‍රපංචය යනු මානසික අත්දැකීමයි. එහි අයිතිකරුවා කවුදැයි මම නොදනිමි.

deepthi

Back cover Blurb
=========================]]]=======================
PHILOSOPHER JACQUES DERRIDA AT HOME (Photo by © Richard Melloul/Sygma/CORBIS/Sygma via Getty Images)

කලාව සහ විසංයෝජනය

Posted on Updated on

ඩෙරීඩා
ඩෙරීඩා
දීප්ති කුමාර ගුණරත්න ගේ කලාව සහ විසංයෝජනය නමැති පොත පිලිබඳව අපට එවූ සටහනක් මෙහි පල කරමු.

THE TRIAL- Sinhala Kafka

ලිපිය ආරම්භයේ දී ම කර්තෘ ප්‍රපංචවේදය ගැන ‘හිතමු’ යැයි ඒ ගැන යමක් කියයි. එසේ ලියා ඇති ඡේදයට මූලාශ්‍ර කිසිවක් දී නැත. ඒ නිසා අමතරව කියවා ඒ ගැන පැහැදිළි කර ගැනීමට අවශ්‍ය කෙනෙකුට ඊට මගක් කර්තෘ සපයන්නේ නැත. මෙය සමස්තයක් වශයෙන් පොත පුරා දකින්නට ලැබෙන ලක්ෂණයකි. නිසි මූලාශ්‍ර සපයා ඇති අවස්ථා ඉතා අල්පය. පොත අගට ‘Note on References’ නමින් පොත් 11 ක නාමාවලියකි. නමුත් References නැතහොත් එම පොත් ආශ්‍රය කෙරුණු අන්දම පොතේ මැද දක්වා නැති බැවින් පාඨකයාට ඉන් එතරම් පිහිටක් නොවේ. (මෙය කර්තෘ විසින්ම ඩෙරීඩා හරහා විවේචනයට ලක් කරන ‘පුරුෂ” මානසිකත්වයේ ම ලක්ෂණයක් ද? බලන්න පහත සටහන්). මෙම ඡේදයේ ප්‍රපංච විද්‍යාව ගැන කර්තෘ සඳහන් කරන කරුණු හුසර්ල් ගේම අදහස් දැයි කර්තෘ නොකියයි. එසේ නොමැතිව ඒවා, කර්තෘ ප්‍රපංච විද්‍යාව පෝෂණය කළවුන් ලෙස හඳුන්වා හෛඩගර් හෝ මර්ලෝ-පොන්ටි ගේ අදහස් දැයි, නැතහොත් ස්කෙලර් (Scheller) ගේ අදහස් දැයි නොකිය යි. මෙය ප්‍රපංචවේදය පිළිබඳ සවිස්තර සාකච්ඡාවකට තැන නොවේ. නමුත්, “Phenomenology is the study of human experience and of the ways things present themselves to us in and through such experience” (Solokowski, 2000:2, Introduction to Phenomenology, Cambridge University Press) යන්න, කර්තෘ ප්‍රපංචවේදය ගැන ඉදිරිපත් කරන විස්තරය හා කොතරම් ගැළපේ දැයි අපට ආරම්භයක් වශයෙන් සිතිය හැක. ඉහත වාක්‍යයේ සිංහල අරුත මෙසේ කිව හැක. “ප්‍රපංචවේදය යනු මානව අත්දැකීමත්, එවැනි අත්දැකීම් සහ ඒ තුළින් දේවල් ඒවාම අපට ඉදිරිපත්වන ආකාරයෙනුත් අධ්‍යයනය කිරීමයි.”

ඊලඟට කර්තෘ කතා කරන්නේ ව්‍යූහවාදය ගැනයි. කර්තෘ මෙහි ඉදිරිපත් කරන ‘ව්‍යූහවාදය’ කාගේ ව්‍යූහවාදය ද? ව්‍යුහ මඟින් මිනිස් විෂයයන් පාලනය වන්නේ ය යන්න, දෙන ලද සත්‍යයක් ද? (කර්තෘ එසේ භාෂාව සංස්කෘතිය සහ සමාජය සැදුම්ගත් ව්‍යුහයන්ගෙන් පාලනය වන්නෙක් ද? ඒවායින් අදහස් වූවෙක් ද? ඒ කෙසේ ද?) මිතුරන් දෙදෙනෙකු ගේ සම්බන්ධයේ ඇති ව්‍යුහය කුමක් ද? ‘මානසිකත්වය තුළ මිනිස් සබඳතා දැක්වීම දුකක් වුවත්, ව්‍යුහවාදය තුළ එය සන්දර්භ වෙනස් වීම නිසා සිදුවන අර්ථ වෙනස්වීමක්’ යැයි කර්තෘ කියයි. මේ අනුව ව්‍යූහවාදය තුළ මිනිස් සබඳතා ඇති – නැති වීම ‘ස්වභාවික’ දෙයකට වැඩි දෙයක් ලෙස පෙනිය නොහැක. එනිසාම මිනිස් සබඳතාවල දී එකිනෙකා කෙරෙහි වගකීමකින් ක්‍රියා කළ යුතු වන්නේ ද නැත. සියළු මිනිස් සබඳතා එක ය. එක් සුවිශේෂ මිනිස් සබඳතාවක් පවත්වාගෙන යාම සඳහා උත්සාහ දැරීම වටිනා දෙයක් නොවේ. මේ අනුව සියළු මිනිසුන් කොයි මිනිසාත් එක සමාන ය. වෙනස් සන්දර්භ තුළ බිහිවන අර්ථ අනුව පමණක් මිනිස් සබඳතා වෙනස් වෙයි. මෙයින් කියැවෙන්නේ, පවුලේ අයට වැදගත් මිනිස් සබඳකම වන්නේ පවුල ඇතුලේ සබඳකමයි. කණ්ඩායමේ අයට එය තුළ සබඳකමයි. පවුලට එරෙහිව ගියොත්, ඒ සම්බන්ධකම තවදුරටත් නැත. කණ්ඩායමට එරෙහිව ගියොත්, ඒ සම්බන්ධකම තවදුරටත් නැත, යන්න නොවේ ද? මෙය සම්ප්‍රදායිකව පවතින මිනිස් සබඳකමක් ද? පැවතිය යුතු එකද? මේ තුළ මිනිස් සබඳතා දිගින් දිගට පවත්වාගෙන යාමට උත්සාහ ගත යුතු නොවේ. “මිනිස් සබඳතා දැක්වීම දුකක් වුවත්” යනුවෙන් කර්තෘ අදහස් කරනුයේ ව්‍යුහවාදය පිළිගන්නවුන්ටත් දුක වැනි භාවයන් දැනෙන බවද? එසේ වන්නේ මන්ද? පූර්ව – ව්‍යුහවාද අවධියේ ශේෂයන් විය යුතුය.

ප්‍රපංචවේදී විසිනි- [No Name.]

සටහන්:

කර්තෘ මෙම සටහනින්, ඩෙරීඩා ගේ “සිටීමේ[?-My Emphasis-] පාරභෞතිකය” (Metaphysics of Presence) නමැති අදහස පාඨකයාට කියා දෙන්නට උත්සාහ කොට ඇති නමුදු, මෙම සටහන තුළින් ඒ පිළිබඳ වැටහීමක් පාඨකයාට ලබා ගත හැකි දැයි ගැටළුවක් පැන නගී. ඒ කියන දේට වඩා නොකියන දේ වැඩි නිසා ය. වැඩිදුර කියවන්නට කැමති කෙනෙකුට වුණත්, කර්තෘ උපුටා ගන්නා අදහස් කුමණ කෘතියේ කොතැනින් උපුටා ගත්තේ දැයි නොදැක්වෙන හෙයින්, කෘතියෙන් පිටුවහලක් නැත. නමුත් අපි මෙය කියවා තේරුම් ගන්නට උත්සාහ කරමු.

ඉන්ද්‍රිය නිරුක්තියට අනුව යෝනිය ‘භෞතික මුඛය’ වන අතර කට ‘උච්චාරන මුඛය’ වන්නේ, මන්දැයි කර්තෘ පැහැදිළි නොකරයි. මේ විග්‍රහයට අනුව ‘භෞතිකය’ වන මිනිස් කය පිළිසිඳගැනීම‍ට හා බිහිවීමට තිබූ සම්ප්‍රදායික මුඛය යෝනිය වන නිසා ද? ආහාර ගැනීමේ මුඛය වන ‘කට’ ‘භෞතික’ නොවන්නේ යැයි ඩෙරීඩා අදහස් කරතියි අපට සිතිය නොහැකි ය.

‘මේ ක්‍රියාව වැසීම (Cloture) සහ අනාවරණය (decloture)’ යැයි කර්තෘ සඳහන් කරන විට එය ‘මේ ක්‍රියාව යනු, මුඛයන් අතර “වෙනස තුළ විසංයෝජනය ක්‍රියාත්මක වන අයුරු” ද? එසේ නම් එහි ක්‍රියාත්මක වන ‘විසංයෝජනය’ කුමක්ද?

කථාවේත්, ලිවීමේ දී මෙන්ම ‘පරතර’ (space) තිය තියා ‘ප්‍රමාද’ වෙමින් (differ and differed), වචන කියැවෙන හෙයින් කථාවත් ලිවීම බඳු යැයි කර්තෘ කියයි.

ඩෙරීඩා differance යන වචනය හැදුවේ differ (ප්‍රමාද කරනවා) සහ difference (වෙනස) යන වචන දෙකේ අරුත් එකතු කරන වචනයක් ලෙසට යි. ඒ අනුව එහි ‘ප්‍රමාදය’ සහ ‘වෙනස්’ යන අරුත් දෙකම ගැබ් වේ.

ඉතින් ඩෙරීඩා අනුව යමින් කර්තෘ කියන්නට උත්සාහ කරන්නේ, කථනයේ කර්තෘ අප අභිමුව සිටින්නේය යන කරුණ මත කථනය ලිවීමට වඩා වරප්‍රසාදිත කළ නොහැකි බවයි. කථනයත්, ලිවීමත් දෙකම කියවෙන්නේ අහන කෙනා ‘ප්‍රමාදය’ සහ ‘වෙනස’ අතර (ඇති දේ, තමා එහි) කියවන දේ අනුව හෙයින් කථාවත් ලිවීම මෙන් කියවන්නාගේ කියවීමක් මිස කියන්නාගේ හෝ, ලියන්නාගේ හෝ ‘තනි කේණ්ද්‍රයකින්’ පාලනය වන්නක් නොවන බවයි. ‘කෙනෙක් කියන දේ වෙනුවට අහන කෙනා වෙන දෙයක් අහන්නේය’ යන්නේ අදහස මෙයයි.
ඩෙරීඩා මේ කියන්නට හදන්නේ, කර්තෘ කෙනෙකු, තමන් කියන දේ, ලියන දේ පිළිබඳ ව තනි කේණ්ද්‍රයකින් පාලනයක් බලපවත්වන ‘තමා (self) කෙනෙකු නැති බවයි.
කර්තෘට අනුව පැරණි දර‍්ශනවාදයන් , කථනය තුළ ආත්මවාදයක්, එනම් ‘තමා’ කෙනෙකු සිටින්නේය යන්න ගොඩනංවා ඇත. ඒ අනුව කතා කරන ‘තමා’ කෙනෙකු ඇතැයි සිතීම ‘පාරභෞතිකයකි’. පසුව කියැවෙන පරිදි එය පාරභෞතිකයක් වන්නේ භෞතිකයට පසුව එන නිසා ය. ඉහත අදහස අපි මදක් විමසමු.
ඩෙරීඩා දක්වන ‘ව්‍යුහාත්මක’ වෙනස කථනයටත්, ලිවීමටත් පොදු ලක්ෂණ ප්‍රකට කරන බව සැබෑය. නමුත් කථනය ලේඛනයෙන් වෙනස් වන ප්‍රධාන ස්වරූපය නම් කතා කරන්නා අප හමුවේ සිටීම නිසා, ඊටත් වඩා, අප එකිනෙකා හමුවේ සිටින විට අපට එකිනෙකාට කතා කිරීමේ භව්‍යතාව ඇති නිසා ‘ප්‍රමාදය’ සහ ‘වෙනස’ තිබියදීත්, මිනිසුන් එකිනෙකා අතර සන්නිවේදනයක් කිරීමට උත්සාහ කරමින්, අන්තර්-වෛෂයීකභාවයක් (inter subjectivity) ගොඩනගමින්, පොදු ලෝකයක් ගොඩනගමින් පවත්වාගෙන යන්නේය යන කරුණයි. මිනිසාගේ පොදු ජීවිතය ගොඩනැගී ඇත්තේ එවැනි අන්තර්-වෛෂයීකභාවයක් මත පදනම්වන ක්‍රියාකාරකම් මත නොවේ ද? මිනිසා දේශපාලන සත්වයෙකු කරන්නේ කථනය යැයි ග්‍රීකයන් විශ්වාස කළේ දේශපාලන තලය තුළ මිනිසාගේ ඉහළම ඉන්ද්‍රිය දක්ෂතාව කථනය යැයි ඔවුන් ඒත්තුගෙන තිබුණු හෙයිනි. දේශපාලකයන් කථනය තුළින් ජනයා අමතන විට ඔවුන් තම මතයට පොළඹවා ගන්නට උත්සාහ කරන විට අසන්නා දේශපාලකයා සමඟ එකඟ වන විට එසේ වන්නේ දේශපාලකයා යමක් කියන විට අසන්නා වෙනත් දෙයක් අසන නිසාද? මෙහිදී සැබවින්ම සිදු වන්නේ කුමක්ද? දේශපාලකයා යමක් කියන විට එක් එක් අසන්නක් රාශියක් ඒ තුළින්, එක් එක් වෙනත් දේ අසා, නමුත් ඒ සියළුදෙන දේශපාලඥයා සමඟ බැ‍‍ඳෙන්නේ නම්, එයින් ප්‍රකාශ කෙරෙන්නේ කුමක්ද?

අප අමතන කථිකයා අප හමුවේ සිටින විට කථිකයා කියන දේ සහ අප අහන දේ අතර ඇති ‘ප්‍රමාදය’ සහ ‘වෙනස‘ අඩු කර ගැනීමේ අවස්ථාව අපට තිබේ. කථිකයාට මුහුණට මුහුණ ලා කතාබහ ගෙන යාමට අපට හැකි වන මෙම අවස්ථාව කෙනෙකුට ‘තමා’ සහ ‘අනෙකා’ අතර තිබිය හැකි සම්බන්ධයේ වැදගත්ම ආචාර-ධර්මීය මොහොතකි. ඒ, තමා කියන හෝ කරන දේ පිළිබඳව මුහුණට මුහුණ ලා ශිෂ්ට ආකාරයට පැහැදිළි කිරීමට එහි දී අවස්ථාව ලැබෙන හෙයිනි.

නමුත් ඩෙරීඩාගේ අවශ්‍යතාව, තමා (self) කෙනෙකු නැතැයි පෙන්වීමට වන හෙයින් ‘තමා’ ගොඩනැගීමට මුල් වන්නේ, ‘තමා’ යන කේන්ද්‍රය සහිත කථනයෙන් හෙයින් කථනයත් ලිවීම මෙන්ම, කියන්නාගෙන්, අසන්නාට සෘජු නිශ්චිත අරුත් සන්නිවේදනය කිරීමේ සහතිකයකින් තොර හෙයින්, කථනය තුළින් ‘තමා’ කෙනෙකු ඇතැයි, ගොඩනගා ගැනීම පාරභෞතිකයක් බව ඩෙරීඩාගේ තර්කය වන ලෙසකි. මිනිසා හැමවිටමත් මුහුණපාන, භාෂාව පිහිටෙන් අනෙකාට තම අදහස් සන්නිවේදනය කිරීමේ අභියෝගය මිනිසාට ඇතිවන බව වටහාගත් පළමු දාර්ශනිකයා ඩෙරීඩා ද?

කලාව සහ විසංයෝජනය
කලාව සහ විසංයෝජනය

කටින් පිටකරන වචන වලින් ලෝකය නැවත නම් කිරීමේ බලය පිරිමි චින්තනයට ඇතැයි කර්තෘ කියයි. මෙය ෆැල්ලසයේ බලයැයි කීමෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද? කර්තෘ කියන පරිදි පිරිමි සහ ස්ත්‍රී සංකේත වෙනස් ය. ‘ස්ත්‍රිය බොහෝ විට දකින සිහිනවල “සර්පයා” ‘සංකේතවත්’ වන බව කර්තෘ කියයි. ඒ මන්දැයි ඔහු පහදන්නේ නැත. ස්ත්‍රී-පුරුෂ ලිංගයන්ගේ භෞතික ස්වභාව විස්තර කිරීමෙන් කර්තෘ යෝජනා කරන්නේ මේ දෙපාර්ශ්වයේ සංකේත ලෝකය තීරණය වීමට මේ ලිංගිකත්වයන් බලපාන බවද? ‘ස්ත්‍රියගේ දරුවා තමන්ගේ භෞතික ශරීරයේ නිර්මාණයක් නිසා ඇයට ඇගේ දරුවා සමඟ ‘පරාරෝපණයක්’ නොමැත යැයි කර්තෘ කියයි. මෙයින් කියැවෙන්නේ ස්ත්‍රිය භෞතිකය යන්න ද? පුරුෂයා එසේ නොව කටින් මවන ආත්මයක් (self) තමාට ඇතැයි සිතයි. ඉන් කියැවෙන්නේ ස්ත්‍රියට තමා (self) පිළිබඳ එවැනි සිතීමක් නැති බවද? පුරුෂ ‘ආත්මය’ සහ ශරීරය අතර විසන්ධි වීමක් ඇතැයි කීමෙන්, ස්ත්‍රියගේ ආත්මයත් ශරීරයත් එකක්ම යැයි කියැවෙන්නේ ද? ස්ත්‍රියට ‘තමා’ වශයෙන් දැනෙන්නේ තම ඇඟට දැනෙන දේ පමණක් ද? නැත්නම් ස්ත්‍රියට තමා (self) පිළිබඳ හැඟීමක් ඇත්තේ ම නැද්ද? එසේ නොව, ඇයට ‘තමා’ පිළිබඳ හැඟීමක් ඇත්නම් එය පුරුෂ ‘තමා’ පිළිබඳ හැඟීමෙන් වෙනස්වන්නේ කෙසේද? ස්ත්‍රිය මනසින් කිසිත් නොතනන, කය පමණක් දන්නා තැනැත්තිය ද?

මින් කියැවෙන්නේ, ස්ත්‍රිය හා පුරුෂයා අතර, ජීව විද්‍යාත්මක, භෞතික තත්ත්වයන් පදනම් කොටගත් ‘ආත්මීය’ වෙනසක් ඇති බව ද?

පුරුෂයාට ස්ත්‍රියට නැති, ‘ආත්මය’ නැතහොත් ‘තමා’ පිළිබඳ හැඟීමකුත් (පුරුෂයාට එය ඇති වන්නේ මන්ද?), එම ආත්මය අමරණීය කරගැනීමේ අවශ්‍යතාවයකුත් ඇතිවෙයි. ස්ත්‍රියගෙන් බිහිවන දරුවාට පියාගේ නම තැබීම මෙම අමරණීයත්වය සඳහා වන උත්සාහයේ ආරම්භයයි.

‘සර්පයා’ අර්ථ කථනය කෙරෙන වෙනත් ස්ත්‍රී සහ පුරුෂ දෘෂ්ඨිකෝණ දෙකකි. දෘෂිඨිකෝණ අතර මෙම වෙනස මිනිසුන් අතර – ආරම්භවන්නේ කුමක් හේතුකොට ගෙනද?

‘සර්පයා’ පිළිබඳ කර්තෘ ගෙනහැර දක්වන අර්ථ කථන වලින් කියැවෙන්නේ ‘තමා’ කෙනෙකු හදාගන්නා ‘පුරුෂ’ මනස ඇති වන්නේ ස්ත්‍රී ලිංගිකත්වයේ ස්ත්‍රී සිරුරේ ගුප්තභාවය තුළ තමා ගිලී යාම පිළිබඳ බිය ජයගැනීමේ උත්සාහයක් තුළ බවද? පූජකයන්, බුද්ධිමතුන් කරන්නේ මනසින් ලෝක ‍ගොඩනැගීම බව කර්තෘ කියයි. පොත් ලියන ඩෙරීඩාත් මෙම කර්තෘත් කරන්නේත් පූජකයන්, බුද්ධිමතුන් කරන එකම දෙය නොවේ ද?
මෙම පොත ලියන කර්තෘ ගේ නම පොතේ සඳහන් වෙයි. පිට කවරයේ එය අඳුරු පසුබිමක, දීප්තිමත් නිල් පැහැයකින් ලියා ඇත. ඊට දකුණට වන්නට යටින් තරමක් අඳුරු පැහැයකින් කණ්ඩායමේ නම ඇත. පොතේ ඇතුළත මුල් පිටුවේ – සිරස්තල පිටුවේ – පොතේ නමට යටින් උප මාතෘකාව දක්වන්නේ ‘ x කණ්ඩායම සහ ජගත් වීරසිංහ චිත්‍ර ගුරුකුලය අතර දේශපාලන සංවාදය’ යනුවෙනි. ඊට පහතින් කර්තෘ ගේ නම වෙනම ඇත. තව ද ඊලඟට එන පිටුවක ඇති පොත පිරිනැමෙන සටහනත්, ඊට යටින් ඇති, සිරිංජයක් තුළින් රුධිරයෙන් ලියැවෙන ලිවීමක සිහිනය පිළිබඳව ඩෙරීඩා ගේ උද්ධෘතයත්, කෘතිය තුළ තැනින් තැන කර්තෘ ගේ මමායනය පොලා පනින සියළු අවස්ථාත් බලන්න.
මේවායින් මතු කරන පොතේ මෙන්ම කණ්ඩායමේත් කර්තෘ ගේ කර්තෘභාවය පාඨකයාට සටහන් කරන්නේ කර්තෘ පහත සටහනින් විවේචනය කරන ‘තමා’ කම පිළිබඳ පිරිමි ලෝකය මනසින් ගොඩගැනීමේ උත්සාහය ද?
දේශපාලනය තුළ බලය ලබා ගැනීමට වෙහෙසෙන්නන් කරන්නේත් එයම නොවේද? [is it wrong ? is it moral /Ethical ? –His Liberal Politics – My Emphasis] තම බුද්ධිමය කටයුතු පිරිමි මනසින් ගොඩනැගූ ලෝකයට එරෙහිව යන්නක් යැයි තර්ක කිරීමට ඩෙරීඩාට සහ මෙම කෘතියේ කර්තෘට හැකි නමුත්, භාවිතාවෙන් එය එසේ වන්නේ හෝ විය හැකි යැයි පෙන්වා දිය හැකිද? සම්ප්‍රදායික අර්ථයෙන් දේශපාලනය කියන්නේම පිරිමි මනසේ ගොඩනගන ලෝකයක් නොවේද?

ඊටත් වඩා වැදගත් ප්‍රශ්නය ‘තමා’ පිළිබඳව සංකල්පයක් මුල් කොටගෙන පිරිමියා ගොඩනැඟූ ක්‍රියාකාරකම් නොවන්නට, ඇතැම් දේශපාලඥයන් ඉතා ඉහළින් අගය කරන නවීකාරක ලෝකයක් බිහිවිය හැකිව තිබුණි ද?

ලිංගිකත්වය පිළිබඳ භෞතික කරුණක් මුල් කරගෙන ගොඩනැගෙන ‘පුරුෂ’ ‘තමා’ මානසිකත්වය පිරිමි වැඩක් වන බුද්ධිමය ‘විසංයෝජනය’ තුළින් ලොවින් තුරන් කළ හැකි යැයි සිතීම සියළු පිරිමිකම්වල ‘මව’ බඳු මහාම පිරිමිකම නොවන්නේ ද?

ස්ත්‍රියගේ ලිංගිකත්වය හා ඇගේ සිරුර ඇගේ භෞතිකය නම්, තමාගේ භෞතිකය වන ලිංගිකත්වය, හා ‘පිරිමි’ මානසිකත්වයෙන් පිරිමියා සම්පූර්ණයෙන් මිදීම අපට අපේක්ෂා කළ හැක්කක්ද?

ඒ වෙනුවට සාධනීයව සිදුවිය හැකි දෙය නම් තමා (self) පිළිබඳ හැඟීම ජනිත කරන අනෙකා (the Other) ගෙන් තොරව ‘තමා’ ඇතිවිය නොහැකි බව වටහා ගැනීමෙන් පිරිමියාට සහමුලින්ම ස්වායත්ත ‘තමා’ කෙනෙකු සිටිය නොහැකිය යන අවබෝධය වර්ධනය වීම නොවේද?

ඩෙරීඩාගේ මෙම විග්‍රහය තුළ ස්ත්‍රිය මිනිස් ලෝකයේ ‘ව්‍යූහය’ ද? පුරුෂයාගේ ‘තමා’ත් ඒ මුල්කොට ගෙන තැනෙන ලෝකයන් මෙම ව්‍යූහයෙන නිශ්දය කෙරෙන දේ ද?

ඔබේ අදහස කියන්න...