Inbox
2015-2019 කාලය තුළ දී අපගේ සංවිධානය තුළ පැවති ක්‍රියාකාරීත්වය පිළිබඳව අජිත් ධර්මකීර්ති සහෝදරයා ප්‍රශ්න කිහිපයක් මතු කර ඇත. ඒ යුගය, අපගේ සංවිධානයේ පැත්තෙන් ඉතාම දුෂ්කර යුගයකි. සංවිධානයේ කටයුතු සිදු වුයේ, වැටී වැටී නැගිටීමෙන් ය. කුමන ගැටලු පැවතියත්, ඒ කාලයේ අප වෙනුවෙන් වැඩ කළ රෝහිත, දිනුක, මහේශ් ඇතුළුව තවත් බොහෝ සහෝදර-සහෝදරියන්ට (ජානකී ද ඇතුළත්ව – තේ කොළ, සීනි, පිටි ගේනාවාට ඔබට ස්තූතියි) මේ අවස්ථාවේ අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. X දේශපාලනය කියා කියන්නේ කුමකට දැයි හඳුන්වා දීම දුෂ්කර ය. ලංකාවේ වමේ දේශපාලනය සමඟ දීර්ඝ කාලයක් හැපෙමින් පැමිණි යුගය අවසන් වී ඇත. සමසමාජ සහ JVP යුගය අවසන් වෙමින්, මහලු වෙමින් පවතියි.
මේ පහත පළ වන්නේ, අජිත් ධර්මකීර්ති විසින් පොදුවේ අසන ප්‍රශ්නාවලිය යි. සමහර විට, එය තවත් අයගේ ද ගැටලු විය හැකි ය. පිළිතුරු ලිපිය ඊළඟට බලාපොරොත්තු වන්න!
]]]]]]]]]]]]]]]]]]]]]]]]]]=====================
මම කාලයකට කලින් මගේ ලෝකයෙන් අහවල් ලෝකය හා ගෙල්මන් ගේ අරී අට මග නමින් ලිපියක් ලීවෙමි.ඒ “මගේ ලෝකයෙන් පසු ලෝකය” කෘතිය පිලිබඳව පැවති සංවාදයක් ගැන ලිපියකි. මේ ලිපියට පිළිතුරක් ලියන හපුගොඩ සහෝදරයා සැලකුවේ එය ඔහුට කරනා විවේචනයක් ලෙසය. මේ නිසා ඔහු අපූරු පිළිතුරක් දී තිබුණි. ඒ පිළිතුරේ වැදගත්ම වාක්‍යය වූයේ මෙයයි.
“මා පිටරට සිට මෙරට ට චන්ඩි පාට් දමන වමේ දේශපාලනයක ද නිරත නොවෙමි. මා ඉන්නේ මේ ගෙන්දගම් පොළොවේ ය. ” (ම.හ.)
ඉන්පසු ඔහු මෙසේද ලියා තිබුණි.
මා අසන්නේ ‘කුමන හේතුවකට හෝ ලංකාවේ භූමියෙන් වි-ප්‍රදේශගත වූ නුඹලා එම රටවල ඇති වාමාංශික අරගල සමග ඒකාත්මික වන්නේ නැතිව ගෙදරින් විසිකළ ගෙම්බන් මෙන් නැවත නැවත ආපසු ගෙදර දෙසට ම හැරී ලංකාවේ ඇති බිබික්කම ගැන සොයන්නේ මන්ද?’ යන්නය.
ඒ කියන්නේ ඔහු සිතා සිටියේ මම පිටරට සිට ලංකාවට තග දමන්නෙකු හැටියටය. ඔහුගේ ෆිලොසොෆිය සමහර බයියන්, සමහර ටොයියන්, සමහර ජෙප්පන්/පෙසපන් ගෙන් වෙනස් වන්නේ නැතිබවට මම පිළිතුරු දුනිමි.
ඒ ලිපිය “අකුරු මැකී නෑ කොළ ගැළවී නෑ හපුගොඩ – මහේෂ් හපුගොඩ ට පිළිතුරක් “ මැයෙන් පළ කලෙමි.
එහිද සඳහන් කළ පරිදි මම කෝබින් ගේ කම්කරු පක්ෂයේ සාමාජිකයෙක්ව සිටියෙමි. එයින් ඉවත්වුනේ ඇයිද යන්න තවම ලීවේ නැත.
මගේ පිළිතුරෙන් කොටසක් මෙසේ විය. /මම නම් කියන්නේ දීප්ති වගේ කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් ජිවිතේට අහන්නේ නැහැ කියල. මහේෂ් මේක ටිකක් බොළඳයි කියල හිතෙන්නේ නැත්ද? විවේචනයට උත්තර දෙනවා මිසක් උඹල මොනවාද කරන්නේ යකෝ අපිනේ භුමියේ දේශපාලනය කරන්නේ කියන තර්කය ඉස්සර මට දැම්මේ සහ පෙසප සහෝදරවරු. දැන් ඔයත් පටන් ගත්තද? වැඩේ කියන්නේ මේකයි. අපි කරන හුඟක් දේවල් එළියේ ඉන්න අය දන්නේ නැහැ . දැනගන්න දෙන්නෙත් නැහැ. ඉතුරු ටිකට පිළිතුරක් බ්ලොග් එකෙන් දෙන්නම්. මගේ ලිපියේ උඩම කියල තියනවා මම දීප්ති සහ හපුගොඩ ගේ අදහස් වලට එකඟයි කියල . ඒක ඔයාට මිස් වුනේ කොහොමද දන්නේ නැහැ. මගේ ලිපියේ අදහස මොකක්ද කියලවිස්තර කරලා ලිපියක් බ්ලොග් එකේ දානවා.//
එම ලිපියේම මහේෂ් හපුගොඩ දුන් පිලිතුරද තිබේ. ඔහු ගමෙන් පැමිණි බව ඔහුම පිලි ගැනීම හැර අනිකුත් ඔහුගේ පැහැදිලි කිරීම් මම පිලි ගත්තා යයි නොසිතමි.
.
ලිපි පෙලේ සඳහන් වූ මගේ ලෝකය පොත මා දැන් කියවා තිබේ. එයට පිළිතුරක් ලෙස මහේෂ් හපුගොඩ හා ජයසිරි අලවත්ත එක්ව ලියු “මගේ ලෝකයෙන් පසු ලෝකය” පොතද කියෙව්වෙමි. එම පොත සැබවින්ම “මගේ ලෝකය ” පොතට පිළිතුරක්ද නැත්නම් තමන්ගේ ම දැනුම විවරණය කිරීමක් ද යන්න තවමත් සිතමි.
ඊට කලින් ජිජැක් ගැන ඔවුන් දෙදෙනා ලියු පොතේ අග දීප්ති ගුණරත්න මෙසේ ලියා තිබුණි.
//“මේ තරම් පොත් කියවපු සංවිධානයකින් මෙච්චර මැට්ටෝ බිහි වුනේ කොහොමද? දෙවියන් අපිට ලබා දුන් තෑග්ග වන මහේෂ් හපුගොඩ හරහා එම ප්‍රශ්නයට පිළිතුරු ලැබී ඇත. ජීසස් ගේ කියමන වූයේ “දෙවියනේ ඔබ කොහිද?” මැට්ටන්ගෙන් මගේ ව්‍යාපෘතිය වෙන් කිරීමට මේ ලෝකයට එවූ තෑග්ගට දෙවියන්ට ස්තුති වේවා. ප්‍රාතිහාර්ය බලාපොරොත්තු නොවන්නා යථාර්ථවාදියෙක් නොවේ. මාක්ස්වාදය අද දවසේ ඉල්ලන්නේ භෞතිකවාදයද නොවේ. එය ඉල්ලන්නේ “රැඩිකල් විඥානවාදය’ ය.”- (පුනර්ජීවනය -ජිජැක් අධ්‍යයනය)//
ඇත්තටම ගතහොත් භෞතික විද්‍යාව, අභ්‍යවකාශ භෞතික විද්‍යාව වැනි විෂයයන් අද ඇත්තේ මහාචාර්ය නලින්ද සිල්වා මහතා ඔහුගේ පොත ලියන කාලයටත් වඩා පුළුල් පරාසයකය.
මේ ගැන මම තව ලිපියක් “හපුගොඩ ගේ කතාවක් ” මැයෙන් ලීවෙමි.
ඔය හපුගොඩ /අලවත්ත සහෝදරයින්ගේ පොත් දෙක පිටුපසම දීප්ති ගුණරත්න ගේ අවතාරය හොල්මන් කරන බව මම කියමි.
හැබැයි පසුව මට පෙනී ගියේ මහේෂ් හපුගොඩ නමැති දර්ශනවාදියා දීප්තිගේ ත්‍රිමානය තුල තව දුරටත් හොල්මන් නොකරන බවය. ඊට හේතුව වුයේ හපුගොඩ ගේ ලිපි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හා ජවිපෙ සහෝදරවරු ෆේස්බුක් එකේ හෝගා බෙදා හදා ගන්නා බැවිනි. මේ සංසිද්ධිය මම ඊට කලින්ද දැක තිබේ. එක්ස් කණ්ඩායමෙන් හෝ පරණ පෙරටුගාමී (දැන් සමබිම) පක්ෂයෙන් යමෙකු වෙන්වූ වහාම අනිකුත් වාමාංශික පක්ෂ දෙකට ඔවුන් ඉබේම මාහැඟි වස්තූන් වේ. නමුත් කුමන හෝ හේතුවකට ඒ බව ඔවුහු ප්‍රසිද්ධියේ පිලිගැනීමට මැලි වෙති.
එසේම මම හපුගොඩ සහෝදරයාගේ ලිපි “ලංකා නිව්ස් වෙබ් ” අඩවියේ මෙන්ම ලංකා ලීඩ් නිව්ස්, ලීඩර් වැනි ප්‍රකාශන වලද දුටුවෙමි. ඔහුට වැඩි ඉඩකඩක් ලැබෙනවා කියන්නේ ඔහු දීප්ති සමග නැති බව බොහෝ දුරට අනුමාන කලෙමි. මම මහේෂ් හපුගොඩ ට සුභ පතමි. ගමෙන් නගරයට එන අය එකතැන පල්විය යුතු නැත.
බලාගෙන යනවිට සියල්ල නැවතත් අවුල් වී ගොස්ය. අවුල ලිහන්නට කෝවිඩ් 19 හොඳ අවස්ථාවක් දී තිබේ.
පිළිතුරු බලා සිටිමු
පොඩ්ඩක් ඉන්න.
Comments are closed.