ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, August 22, 2017
You are here: Home » News » සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්.

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. 

syriza

 

පරිවර්තනය – අජිත් ධර්මකීර්ති

ස්තුතියි සහේදරයා !

සිරිසා යනු වමට පරම්පරාවකින් පසුව ලැබුන ජයක්. නමුත් සමාජවාදීන්ට අපහසුම කාර්යය ඇරඹෙන්නේ චන්ද දිනට පසුදා
සිරිසා බලය සඳහා ගමන අරඹා ඇති අතර අන්තර්ජාලයේ නොයෙකුත් ආකාරයේ විශ්ලේෂණ, මතවාද, සිරිසා අනුමත කිරීම්  මෙන්ම හෙළා  දැකීම්  ද දැකිය හැක. ස්ටදිස් කූවෙලකිස් සමග  මසකට පමණ ඉහත කෙරුණ මෙම සම්මුඛ  සාකච්චාවේදී  සිරිසා හි ආරම්භය, ගමන් මාර්ගය සහ ඉදිරි අභියෝගයන්   අප විසින් විවේචනාත්මක දුරස්ථ භාවයකින් යුක්තව අවබෝධ  කර ගැනීමට උත්සාහ කෙළෙමු.
මේ සඳහා ඉතාමත් විවිධාකාර  බෙදීම් සහිත ග්‍රීක රැඩිකල් වාමාංශයේ  සංකීර්ණ අභ්‍යන්තරයට කඩා වැදීමට අප පසුබට නොවීමු. නමුත් පක්ෂය බලයට පැමිණි පසු මුහුණ පාන්නට සිදුවෙන ඉතාමත් අභියෝගකාරී ප්‍රශ්න ගැනද කූවෙලකිස් අදහස් දක්වන ලදී.
කූවෙලකිස් සිරිසා  හි මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු මෙන්ම එහි වාමාංශික වේදිකාවේ ප්‍රධානතම නායකයෙකි. ඔහු දැනට ලන්ඩනයේ කිංග්ස් කොලේජයේ උගන්වන අතර “කාන්ට්  ගේ සිට මාක්ස් දක්වා දර්ශනවාදය සහ විප්ලවය” නමැති පොතේ කතුවරයාද වෙයි.  එසේම “ලෙනින් නැවතත්”, “නුතන මාක්ස්වාදයට විවේචනාත්මක සහයක් ”   පොත්වල සම කතුවරයායි.”වර්සෝ පොත්” වෙබ් අඩවියේ කතුවරයා සේම “ඓතිහාසික භෞතික වාදය ” සඟරාවේ කතෘ මණ්ඩලයේ සේවය කරන සෙබස්තියන් බජන් “ජැකොබින්”සඟරාව සඳහා   කූවෙලකිස් සමග සම්මුඛ සාකච්චාවක් කළේය.

අපට සිරිසා  ගැන කියන්න: කවදාද  කොහොමද මේ රැඩිකල් වාමාංශික පක්ෂ එකතු වුනේ?

සිරිසා  හැදුවේ 2004 දී  චන්දයට ඉදිරිපත් වීම සඳහාවූ සන්ධානයක් හැටියට විවිධ සංවිධාන කිහිපයක සහභාගිත්වයෙන්. එහි ප්‍රධානතම කණ්ඩායම තමා 1991 සිට වෙනම පක්ෂයක් ලෙස තිබු අලෙක්සිස් සිප්‍රස් ගේ සිනස්පිස්මොස් පක්ෂය. මුලදී “වමේ හා ප්‍රගතිශීලින් ගේ සන්ධානය ලෙස හැඳින්වුවත් පසුව වමේ සහ ව්‍යාපාරවල වල  සන්ධානය වශයෙන් නම වෙනස් කලා. එය මතු වුනේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ එක දිගටම ඇති වුනු බෙදීම් කිහිපයකින් පසුවයි. එසේම කුඩා සාමූහිකයන්ගෙන්ද සිරිසා  සමන්විත වෙනවා.  මෙම කුඩා සංවිධානවලින්  සමහරක් පැරණි  ග්‍රීක අන්තවාදී වමට  (far left) සම්බන්ධව තිබු ඒවා. ග්‍රීසියේ ප්‍රධානම මාඕ වාදී  සංවිධානයක් වන ග්‍රීක කොමියුනිස්ට් සංවිධානය (KOE) ඉන් සුවිශේෂයි. මෙම සංවිධානයේ තිදෙනෙක් 2012 මැයි  මාසයේ පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රදායේ ජාත්‍යන්තර කම්කරුවන්ගේ වාමාංශය  (DEA) සඳහා මෙන්ම අනිකුත් කොමියුනිස්ට්වාදී පසුබිමක්  සහිත කණ්ඩායම් සඳහාත් මෙය සත්‍යයක්. උදාහරණයක් වශයෙන්, “නැවත ගොඩනගන කොමියුනිස්ට් පරිසර විද්‍යාත්මක වාමාංශය ” සංවිධානය (AKOA) බිහි වුනේ පරණ “කොමියුනිස්ට් පක්ෂයේ (අභ්‍යන්තර කණ්ඩායම) “තුලින්.

සිරිසා  මුලින්ම ගොඩ නැගුනේ 2004දී. මුලදී  අපට  ලබා ගන්නට හැකි වුනේ  සුළු ප්‍රමාණයේ සාර්ථක භාවයක් පමණයි. නමුත් කෙසේ හෝ 3% සීමාව ඉක්මවමින් “සිරිසා”පවසන්නේ නම් සිරිසා යනු ග්‍රීක රැඩිකල් වමේ සාපේක්ෂව ඉතාම සංකීර්ණ සංයුතියක ප්‍රතිඵලයක්. 1968 සිට රැඩිකල් වම ධ්‍රැවයන් දෙකකට බෙදී තිබුනා. පලමුවැන්න වූ ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය (KKE) නැවතත් දෙකට බෙදුනා. පළමුවැන්න  , කර්නල් ගේ ආඥාදායකත්වය යටතේදී,” යුරෝ කොමියුනිස්ට්වාදී” නැඹුරුවක් සහිත KKE (අභ්‍යන්තරය) ලෙසත්, දෙවැන්න 1991 සෝවියට් දේශය බිඳ වැටීමේදීත්.

1972 දී යුරෝකොමියුනිස්ට් පක්ෂය බෙදී වෙන්වෙනවා නැවතත්. වඩා දක්ෂිණාංශික (වමෙන් මදක් දකුණට) “ග්‍රීක් වම” (EAR) සිනස්පිස්මොස් සමග කෙලින්ම සන්ධාන ගත වෙන අතර වඩා වාමාංශික කොටස  AKOA ලෙස ප්‍රතිසංවිධානගත වෙනවා. මෙම 1991 බෙදීමේදී ඉතිරි වුන KKE විශේෂයෙන්ම සම්ප්‍රදායික බවක් ඉසුලු දැඩි ස්ටාලින්වාදී රාමුවක සිර වුන පක්ෂයක් වුණා.  එම පක්ෂය නැවත ගොඩ නැංවුණේ සටන්කාමී මෙන්ම ඉතාම නිකායවාදී පදනමක් මතයි. එය වැඩකරන පන්තියේ සහ ජනප්‍රිය ස්ථරයන්හි මෙන්ම විශ්ව විද්‍යාල වලත් සැහෙන ක්‍රියාකාරීන් සමූහයක් දිනා ගැනීමට සමත් වුණා.

අනිත් ධ්‍රැවය වන සිනස්පිස්මොස්, මුලදී බෙදුණු KKE  කණ්ඩායම් දෙක එක්වී 2004 දී සැදුන  සිරිසා  තුලින් විවෘත භාවයට පත් වුණා.  සිනස්පිස්මොස් මේ වනවිට කාලයත් සමග සෑහෙන්න වෙනස් වෙලා තිබුනේ. ඒ කියන්නේ 1990 වගේ කාලයේදී  සිනස්පිස්මොස් මාස්ට්‍රික්ට් ගිවිසුම පවා අත්සන් කරන්න සුදානම් වෙච්චි වමේ පැහැය ඇති මධ්‍යස්ථ පක්ෂයක්.

ඒ වගේම මෙය වෙනස් විධිහේ ප්‍රවණතා වලින් සමන්විත ඉතාමත් විෂමජාතීය පක්ෂයක්. ඉතා දැඩි ආකාරයෙන් පැවතුන අභ්‍යන්තර අරගලයේදී වාමාංශික පැත්ත දක්ෂිණාංශික පැත්තට එරෙහිව අරගල කල අතර ක්‍රම ක්‍රමයෙන් දක්ෂිණ ප්‍රවණතාවයේ  බලය ගිලිහි ගියා. සිරිසා හි බිහිවීම තහවුරු වීමත් සමගම සිනස්පිස්මොස් හි වමට හැරීම ස්ථිර වුණා.

සිනස්පිස්මොස් ට කොමියුනිස්ට් සම්ප්‍රදායෙන් ඇති වුන බලපෑම කුමක්ද?එතකොට ඔබ සිරිසා හි මාර්ගය  විස්තර කරන්නේ කෙසේද? මෙම සන්ධානය ධනවාදී විරෝධී මාර්ගයක් ගන්නවද එහෙමත් නැත්නම් වඩා  ක්‍රමික හා ප්‍රතිසංස්කරණවාදී පිළිවෙතක් ගන්නවාද?

KKE හි පසුබෑම පටන් ගත්තේ මෙම චන්ද කොට්ටාශ වල. KKE චන්ද දායකයන් සිරිසා  පැත්තට නැඹුරු වනු අප දුටුවා. මේ චන්ද වැඩ කරන ජනතාවගේ චන්ද – එනම් රැකියාවන් කරන උගත් , ශ්‍රම  වෙළඳ පලේ ක්‍රියාකාරී සේවකයන්ගේ චන්ද. අවුරුදු 18 සිට 24 දක්වා හා අවුරුදු 24 සිට 30 දක්වා වූ චන්ද දායකයන්ගේ  චන්ද ප්‍රමාණය සමස්තයක් වශයෙන්  ජාතික මධ්‍යගත   (national average) අගයට ලං වුණා . නමුත් වැඩකරන ජනතාවගේ අවුරුදු 30ට වඩා  වයස වැඩි ප්‍රධානම කොටසගෙන් මධ්‍ය  අගයට වඩා  චන්ද ලැබුණා.

රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන් කොපමන දුරකට සිරිසා ට සහයෝගයක් ලැබුණද?

අපි චන්ද වැටීම පිළිබඳව සමාජ විද්‍යාත්මකව බැලුවොත් සිරිසා ට රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන් 33% කුත් පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් 34% කුත් ලැබුන ජුනි 2012 දී. මේ චන්දය දීමේ පරිණාමය සලකා බැලුවොත් ජුනි 2012 සිට  යුරෝපීය සංගමයේ චන්දය දක්වා රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සහයෝගයේ වැඩි වීමක් තිබෙනවා. නමුත් ඉතාමත්ම හොඳම ප්‍රතිඵලය ආවේ ප්‍රධාන කාර්මික   හා වැඩකරන පන්තියේ ජනපදයක් වන දෙවන පිරෙයස් චන්ද කොට්ඨාශයේ  මෙන්ම උතුරු ග්‍රීසියේ ඛන්දි  (Xanthi) පළාතේ, මුස්ලිම් හා තුර්කි භාෂා කතා කරන බහුතරය අතර. සිරිසා මන්ත්‍රීන් දෙදෙනෙක් මේ තුර්කි බස කතා කරන මුස්ලිම් සුළුතරයෙන් තේරී පත් වුණා.

 මේක  ක්‍රිස්තියානි සහෝදරත්වයේ සාමුහිකත්වය වමට ආදේශ කලා වගේ ………

ඔව් සහතිකෙන්ම. සිරිසා හි අභන්තර ව්‍යුහය හා සමාජීය ව්‍යාපාරයන් ගැන එහි භාවිතය ගත්තම සිරිස කියන්නේ මෙවැනි යෝජනාවක් කරන්න සුදුසුම මුලාශ්‍රයක්. ඒ කියන්නේ, එක දේශපාලන පෙරමුණක් වගේම ඒක  ඇතුලෙම ප්‍රයෝගික  ප්‍රවේශයක් තිබෙනවා විවිධාකාර දේශපාලන කණ්ඩායම් වල සහජීවනයට. මම කියනවා  සිරසා කියන්නේ දෙමුහුන් පක්ෂයක්, සංකලනය වුනු පක්ෂයක්, එක කකුලක් සම්ප්‍රදායික ග්‍රීක කොමියුනිස්ට් ව්‍යාපාරයේත් අනික් කකුල මේ අවධිය තුල බිහි වුන නව රාමුවක රැඩිකල් වාදයේත්  තබාගෙන සිටින්නක්.

අපි දුටුව නගර චතුරශ්‍ර අයිති කර ගැනීමේ සමාජ ව්‍යාපාර සහ සිරිසා චන්ද ජයග්‍රහණ අතර සම්බන්ධයක් තිබෙනවද? 2012 ප්‍රාදේශීය හා පළාත්බද ආණ්ඩු සඳහාවූ චන්දයේ සිරිසා ප්‍රත්‍යක්ෂ වුනු අත්දැකීම් මොනවාද? ග්‍රීසියට ඇලෙක්සිස් සිප්‍රස් පෙනෙන්නේ කොහොමද?

මේ තුබුන පාරම්පරික අසාධ්‍ය  සැකිල්ලෙන් මිදිලා සිනස්පිස්මොස් එකේ හිටපු සභාපති අලෙකොස් අලවානොස් සිප්‍රස්  ට බලය දෙන්න කටයුතු කළා. සිප්‍රස් ජනප්‍රිය වෙලා හිටිය සිනස්පිස්මොස් නායකත්වයට එන්න කලිනුත්, ඒය ඇතැන්ස් නගර සභා ජන්දෙන් පක්ෂයේ  දිනු අයගේ ලේඛනයේ ඉදිරියෙන්ම සිටියා. සිප්‍රස් කියන්නේ ලොකු ජනකාන්ත ජනනායකයෙක් වත්, ප්‍රකට කථිකයෙක් වත් ජෝර්ජ් ගැලවේ හරි  ජොන්-ලූක් මිලන්ශොන්  වගේ කතාවේ ලොකු ව්‍යක්ත බවක් තිබුන අයෙකුත් නොවේ. ඔහුත් වැරදි කලා, උදාහරණයකට ගත්තොත් ග්‍රීක රැඩිකල් වමේ  බොහෝ අය කළ පරිද්දෙන්, මේ ජනතා ණය අර්බුදය කොපමණ දුරට සුභසාධන විරෝධී ක්‍රියාපිළිවෙත දියත් කරන්න හේතු වුනාද යන්න ගැන ඔහුත් ඉතා  අඩු ලන්සුවකයි හිටියේ.

2010 සහ 2011 මුල හරියේ ඔහු සිද්ධීන් හි  පිටුපසින් සිටි බවකුයි පෙනුනේ.  ඉන් පස්සේ පාසොක් ආණ්ඩුවට හා විශේෂයෙන් අගමැති ජෝර්ජ් පපන්ඩ්‍රෝව් එරෙහිව ඔහු ඉතා රණකාමී ස්වරුපයෙන් පාර්ලිමේන්තුවෙදී මැදිහත් වුණා. ඉන් පස්සේ “සුභසාධන කපා හැරීමට විරෝධී” බලවේග හා රැඩිකල් වම එකතු කිරීමට ගෙන ආ ඔහුගේ යෝජනාව තුලින් 2012 මැයි  මැතිවරණයට ඔහු  ප්‍රථමවරට ජයග්‍රාහීව  කඩා වැදුනා.
2012 චන්දය අවසන් වූ සැනෙන්ම සන්ධාන පක්ෂයන් ටික එක්සත් කිරීම ඇරඹුනා. පළමුවෙන්ම ජාතික සම්මන්ත්‍රණයේදී නායකත්ව මණ්ඩලයක් පත් කර ගෙන ආරම්භක සම්මේලනය (කොන්ග්‍රසය) හැදුව ජුලි 2013 වෙත්දී. පක්ෂයේ ව්‍යුහය පිළිබඳව සහ ආකාරය පිළිබඳව ඉතාමත් වැදගත් තීරණ ගත්තේ මේ අවධියේදී, නමුත් ප්‍රමුඛත්වය දුන්නේ වේගවත් ක්‍රියාවලියකට මිසක් ගැඹුරු දේශපාලන සංවාදයකට නොවේ. මේ ක්‍රියාවලිය යොමු වුනේ සාමාජිකයන්ගේ පක්ෂයක් සැදීමට මිස පක්ෂ ක්‍රියාකාරීන්ගේ පක්ෂයක් හෝ ක්‍රියාකාරී සාමාජිකයන් සැදීමට නොවෙයි. “a parti d’adhérents rather than a parti de militants”.  තව විධිහකට තේරුම් කළහොත් සංවිධානයක් වශයෙන්  ක්‍රියාකාරීත්වය හෝ අනුග්‍රාහක තත්වයෙන්   ග්‍රීක සමාජයේ තවමත් ශක්තිමත්,  ප්‍රාදේශීය වශයෙන් හා එමෙන්ම සම්ප්‍රදායික ද වන ශක්තිමත් දේශපාලන  බල ජාලයන්  යම්තාක් දුරට අවශෝෂණය  කර ගත්  පක්ෂයක් තමා සිරිසා.

ගුණාත්මකව මේ දේවල් ටිකක් වෙනස්, එයට  හේතුව තමයි – මේක ටිකක් සිත් ගන්නා කාරණයක් –  කොමියුනිස්ට් පක්ෂය දැන් වුනත් වඩාත් සංවිධිත ඒකීය පක්ෂයක්, එහි  බලකොටු තිබෙන්නේ  වඩා ක්‍රියාකාරී නැති වෘත්තීය සමිති ව්‍යාපාරවල,  එහෙමත් නැත්නම් පෞද්ගලික අංශය පැත්ත වඩාත් නිහඬ නිසා ආණ්ඩු විරෝධී ව්‍යාපාරවලට ගොනු නොවුණු පැතිවල.

ඔබට කියන්න පුලුවන්ද 2012 සිට “වාමාංශික වේදිකාවේ” (Left Platform)විකාශනය  ගැන පොඩ්ඩක්: එහි කොටස්, එහි වර්ධනය, එහි ගැලපීමේ මට්ටම ආදී වශයෙන්?

කොමියුනිස්ට් සම්බන්ධතා ජාලය පක්ෂයේ බහුතරයකගේ සමාජීය සම්බන්ධතා තුල පැහැදිලිව ග්‍රහණය වෙන දෙයක්.  යුරෝකොමියුනිස්ට් බලපෑම මත ඉදිරියට පැමිණි එක කොටසක් නව සමාජ ව්‍යාපාරයන් සඳහා 1970 සිට විවෘත වුණා.   මේ අනුව නව ආකාරයේ විප්ලවීය තත්වය මුලින් පැවතුන කොමියුනිස්ට් සැකිල්ල සමග බද්ධ කරමින් තමන්ට සංවිධානයට ආශ්‍රිත හා න්‍යායවාදයට ආශ්‍රිත ලකුණු නව්‍ය භාවයකින් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව ඔප්පු කළා. මේ පක්ෂය කාන්තාවාදී සංවිධාන, තරුණ සංගම්, ගෝලීයකරණය වෙනස් කිරීමට පෙනී සිටින්නන්, වර්ගවාදී විරෝධී සංවිධාන  LGBT (පිරිමි සහ ගැහැණු සමරිසි, ද්විලිංගික, විෂම ලිංගික චර්යාවාදීන්) ධාරාවන් සමග පහසුවෙන් ගනදෙනු කරන අතරම කම්කරු සමිති ව්‍යාපාරයටද ප්‍රබල ලෙස මැදිහත් වුනා. 1981 දී KKE යෙන් ඉවත්වී පැමිණි කේඩර සහ සාමාජික ස්ථරයන් වාමාංශික ධාරාවේ සිටින අතර නායකත්වයේ බහුතර කණ්ඩායම හා කේඩරයන්  බොහොමයක් සමන්විත වන්නේත් මොවුන් ගෙන්.අපි සිහියට ගත යුතු කරුණක් වන්නේ පක්ෂයේ කේඩර්වරු සහ ක්‍රියාකාරී පදනම ප්‍රධාන වශයෙන් උගත් පඩි ලබන්නන් (රැකියා කරන) – උපාධිදාරින් බව.   මෙය ඉතාමත් නාගරික ඡන්ද කොට්ඨාසයක් වගේම බුද්ධිමතුන් අතරේ මුල් බැස ගත්  පක්ෂයක්.KKE මෙන් නොව මෑතක්  වෙන තුරුම සිනස්පිස්මොස්ට  උසස්  අධ්‍යාපනිකයන්ගේ සංගමයේ බහුතර බලයක් තිබුනා. 1989-1991 බෙදීමේ සිට බුද්ධිමත් කණ්ඩායම් අතර KKE ට තිබුණු විශේෂ සම්බන්ධය නැති වුණා.පක්ෂයේ නායකත්වය කොමියුනිස්ට්වාදී ලකුණ  දරාගෙන සිටිනවා කියා කිව හැකියි. සිප්‍රස් ගේ වයස ගැන කලබල වෙන්න එපා, 1990 මුල හරියේ  KKE තරුණ සංවිධානයේ ක්‍රියාධරයෙක් හැටියට ඔහු පටන් ගත්තේ. හුඟක් වැඩිහිටි කේඩර්වරු හා නායකයන් රහසිගත අවධියේදී උරෙන් උර ගැටී සටන් කලා  වගේම සිර ගෙවල් වල හා පිටුවහල් කඳවුරු වල පළපුරුදු කාරයන්.
මේ නිසාම තමා  සහෝදර ඝාතක වාතාවරණයක්  ග්‍රීක විප්ලවීය (radical) වමේ තිබෙන්නේ. දැනට මෙය පවත්වාගෙන යන්නේ KKE විසින් පමණයි. ඔවුන් සිනස්පිස්මොස් හා සිරිසා ද්‍රෝහීන් ලෙස නම් කර ඔවුන්ගේ ප්‍රධාන සතුරා වශයෙන් පෙනී සිටිනවා. මේ නිසා තමා 2012 චන්දයෙන් පසු පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ සමග සිරිසා  ද්විපාර්ශ්වික සම්බන්ධතා ඇති කරද්දී KKE ඔවුන් මුණ ගැසීම පවා ප්‍රතික්ෂේප කලේ.

එහි ප්‍රතිපත්තීන් හා මතවාදීමය ස්වරූපයෙන් ගත හොත් සිරිස ප්‍රබල ලෙසම ධනවාදී විරෝධී පිළිවෙතක් අනුගමනය කරන අතර ඉතා තියුණු ලෙස සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් තමන්ව ඉවත් කර ගන්නවා.

එම තත්වය ඉතාමත් වැදගත් වන්නේ  සිනස්පිස්මොස් හි ඉතිහාසය තුල සමාජ ප්‍රජාතන්ත්‍ර වාදීන් සමග සන්ධානගත  වීමට  තිබුණු ප්‍රවණතාවයන්   සමග එවන් සන්ධාන ගතවීම්  වලට සම්පුර්ණයෙන් එදිරි වුනු ප්‍රවණතාවයන් විසින් එකෙනෙකාට එරෙහිව  ප්‍රාදේශීය මට්ටමින් හා වෘත්තීය සමිති මට්ටමින් කල අරගල පිරි තිබීමයි.  සිනස්පිස්මොස් හි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායමට  2006 අලෙකොස් ඇලවානොස් සභාපති ලෙස පත් කර ගත පසු  පක්ෂයේ බලය අහිමිවුණා.  ෆොටිස් කුවාලිස් විසින් මෙහෙයවූ මෙම දක්ෂිණාංශික (සිරිසා වමට සාපේක්ෂව) කණ්ඩායම  EAR  එකෙන් පැමිණි දක්ෂිණාංශික යුරෝකොමියුනිස්ට් කණ්ඩායමෙන් පැවත එන්නක් වූ අතර අවසානයේදී සිනස්පිස්මොස් පක්ෂයෙන් ඉවත් වී “ප්‍රජාතන්ත්‍රවාදී වම “(Dimar) පිහිටුවා ගත්තා. මෙම කණ්ඩායම පාසොක් හා විප්ලවවාදී කණ්ඩායම අතරමැද සිටින පක්ෂයක් වශයෙන් හඳුන්වා ගන්නවා.

ඒ නිසා සිරිසා යනු  බලය පිලිබඳ ප්‍රශ්නය ඇමතීමේදී  චන්ද සඳහා  වූ සන්ධානයන්ගේ  දයලෙක්තිකය  චන්ද පෙට්ටියේ ජයග්‍රහණය හා  බිම් මට්ටමේ සහභාගිත්වය සමග සම්බන්ධ කර අවධාරණය කරන ධනවාදී විරෝධී සන්ධානයකි.
මේ නිසා සිරිසා  සහ සිනස්පිස්මොස් තමන් පන්ති අරගලයේ පක්ෂ ලෙස මෙන්ම විශේෂ පන්ති අවශ්‍යතා නියෝජනය කරන පක්ෂ ලෙස හඳුන්වා ගන්නවා.
 ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ වර්තමාන ක්‍රමයට එරෙහිව මුලික ප්‍රතිවිරෝධතාවයක් වැඩි දියුණු කිරිමටයි. මෙවැනි විප්ලවාදිත්වයක් ප්‍රකාශනය කිරීම පක්ෂයේ අනන්‍යතාවයට අතිශයින් වැදගත්.

සිරිසා ක්‍රියාකාරීන්ගේ ප්‍රබලත්වයේ (ප්‍රමාණය අතින්)  සම්බන්ධය කුමක්ද? මෙම සන්ධානයේ එක ධාරාවක (කාණ්ඩයක) කීදෙනා බැගින් සිටිනවාද?

2012 දී සිනස්පිස්මොස් හට 16,000 ක සාමාජිකයන් සංඛ්‍යාවක් සිටියා .මාඕ වාදී  KOE එකට 1,000-1,500 පමණ ක්‍රියාකාරීන් සංඛ්‍යාවක් සිටි අතර AKOA එකටද එවැනිම සංඛ්‍යාවක් සිටියා.  සිනස්පිස්මොස් හි භාවිතය හා සංවිධානාත්මක ව්‍යුහය එහි මතවාදී ස්ථාවරය සමග එකට දියුණු වෙන්නක්. සම්ප්‍රදායිකව එය ක්‍රියාකාරීන්ගේ පක්ෂයක් නොව ප්‍රසිද්ධ නම් කීපයක් හා චන්දයක් දිනීම සඳහා පමණක් යොමු වූ එකක්.
නමුත් පක්ෂයේ සංවිධානාත්මක  තත්වයන් හා ක්‍රියාකාරීත්වය එකිනෙකෙට අසමාන මට්ටම් දෙකකින් සෑහෙන තරමකට වෙනස් වී තිබුණි.

පළමුවෙන්ම ගෝලීයකරණය වෙනස් කිරීමේ ව්‍යාපාරය (alter-globalization) හා වර්ගවාදයට එරෙහි ව්‍යාපාරය තුලින් මතුව පැමිණි ඉතා ක්‍රියාශීලි තරුණ සංවිධානයක් දියුණු කර ගත්තා. එය මේ පක්ෂයට තරුණයන්ගේ සහභාගිත්වය රඳවාගන්න හේතුවක් වුණා වගේම එයට සම්ප්‍රදායිකව වැඩි බලයක් නොතිබූ ශිෂ්‍ය ව්‍යාපාරයට ඇතුලත් වෙන්නටත්  හැකි වුණා.  පක්ෂයේ තරුණ සංවිධානයේ දැන් සාමාජිකයන් දහස් ගණනක් සිටිනවා. මෙම තරුණ පාර්ශ්වයෙන් පැමිණි කේඩරයන්ගෙන් බොහෝ පිරිසක් සිප්‍රස් ගේ පිරිවරේ සිටිනවා. ඔවුන් නියම රැඩිකල්වාදී මතවාදයෙන් ඇල්තුසේරියන් වර්ණයේ සන්නද්ධ මාක්ස්වාදී අනන්‍යතාවයකින් යුත් අයයි.

දෙවනුව 2000 වසරේදී සිට වෘත්තීය සමිතීන්  පක්ෂයේ වාමවාදී ප්‍රවණතාවයේ නැංගුරම බවට පත් වුණා. මේ වාම ප්‍රවණතාවයේ  වැඩිදෙනෙක් පරණ  KKE යෙන් පැමිණි,  වැඩ කරන පන්තියට  (කම්කරු යන වචනය ඕනෑ කමින් මග හැර ඇත – පරිවර්තක )  සම්බන්ධ,  සම්ප්‍රදායික  පන්ති-අරගල මතවාදයකට  හැඩ ගැසුණු යුරෝපා සංගමය දැඩි ලෙස විවේචනය කරන අයයි.  නමුත් මධ්‍යස්ත මතවාදය ඇත්තන් පක්ෂයේ නැතැයි  මින් අදහස නොකෙරේ. උදාහරණයක් වශයෙන්,  ප්‍රධාන පෙලේ ආර්ථික ප්‍රකාශකයකු වන යානිස් ද්‍රගස්කිස්   මෙන්ම ෆොටිස් කුවලිස් සමග ලඟින් සිටි නමුත්,  ඔහු සමග පක්ෂයෙන් ඉවත් වී ඩිමර් (Dimar) පක්ෂයට නොගිය කේඩර හැඳින්විය හැකියි.

 ඔබ කිව්වා මේ දක්වා සිරිසා තුල නාගරික ක්‍රියාකාරීන් හා චන්ද පදනමක් පමණයි තිබුනේ කියල. සිරිසා 2012 මැයි මාසයේ අනපේක්ෂිතව ලැබූ 16.7% ක චන්ද ජයෙන් ග්‍රීසියේ දෙවන විශාලතම පක්ෂය බවට පත් වුණා  පසොක් පරදවා. එවිට මෙය (නාගරික චන්ද පදනම)  වෙනස් වුනාද?

අනිවාර්යයෙන්ම එහෙමයි. සිරිසා  2012 දී ගත් චන්ද සමාජ විද්‍යාත්මකව වටහා ගැනීම තීරණාත්මකවම වැදගත්. ප්‍රමාණාත්මක පිම්ම තරමටම ගුණාත්මක රුපන්තරණයත් භුමි කම්පාවක්. 2012 මැයි  සහ ජුනි මාසයේ කුමක් සිදුවුනේද යන්න ඉතා පහසුවෙන් වටහා ගත හැකියි. එය අතවශ්‍ය ලෙසම පන්ති චන්දයක්.  සාමාන්‍යයෙන් පසොක් එකට චන්දය දෙන, නගර මාධ්‍යයන්හි වැටුප් ලබන වැඩ කරන පන්තිය හදිසියේ එක වරම සිරිසා එකට ප්‍රසාදය පල කලා.

ග්‍රීක ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ජිවත් වන මහා ඇතන්ස් වල (ඇතන්ස් නගරයෙන් පිට නමුත් ඇතන්ස් ප්‍රදේශයට අයත් භුමිය – පරිවර්තක)  මෙන්ම නාගරික ප්‍රදේශ වලත් සිරිසා  පළමු ස්ථානයට පැමිණුනා විතරක් නොවේ ඔවුන් පසුගිය මැයි මාසයේ පැවති ප්‍රාදේශීය චන්දයෙන් ප්‍රාදේශීය සභා වලටත් තේරී පත් වී ඒවා පාලනය කරනවා. ඔවුන් හොඳම ප්‍රතිඵල ලබා ගත්තේ වැඩකරන පන්තියේ හා ජනප්‍රිය දිස්ත්‍රික්කවල පසොක්  හා KKE බලකොටු ලෙස සැලකෙන ප්‍රදේශ වල.

සිරිසා එකට චන්ද අඩුවෙන්ම ලැබුනේ ආර්ථික වශයෙන් නිෂ්ක්‍රිය , ග්‍රාමීය ජනතාවගෙන් (ගොවියන්ද ඇතුළුව) විශ්‍රාමිකයන්ගෙන් , ගෘහණියන් ගෙන්, ස්වයං රැකියාවල නිරත වූවන්ගෙන් සහ ස්වාධීන  වෘත්තීය වේදීන් ගෙන්. මේ අනුව සිරිසා ට ලැබුණු සහයෝගයේ ගාමක බලවේගය පඩි ලබනා පන්තියේ අයගේ චන්දයයි. එහි ඉහල ස්ථරයේ මෙන්ම ජනප්‍රිය ස්ථර වල චන්දද, නාගරික  රැකියා විරහිත වුවන්ගේ චන්දද ඔවුන්ට ලැබුණා.

සිරිසාහි 2012 ක්ෂණික චන්ද ජයග්‍රහණය ඔබ පහදන්නේ කොහොමද?

සාධක තුනක් සලකා බැලිය යුතුයි.  පළමුවැන්න නම් ග්‍රීක රජය ට්‍රොයිකාව  (ජාත්‍යන්තර මුල්‍ය අරමුදල- IMF, යුරෝපියන් මහා බැංකුව – European Central Bank,  යුරෝපා කමිටුව  European Commission – පරිවර්තක) සමග ඇති කරගත් ගිවිසුමෙන් මිනිසුන්ගේ පටි තද කර ගැනීමට බල කිරීමෙන් අනතුරුව 2010 සිට පැන  නැගුනු ප්‍රචණ්ඩ සමාජ ආර්ථික අර්බුදයයි. මේ ගිවිසුම ඇති කර ගත්තේ රටේ ණය  ගෙවීමේ හැකියාව සුරක්ෂිත කිරීමට බව ඔබ දන්නවා.

දෙවැනි සාධකය නම් ස්පාඤඤයේ මෙන්ම ග්‍රීසියේ ත් සිදුවුනේ සමාජ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පෙරලීමයි. පක්ෂයන් දෙකක ද්වි-අධිකාරිත්වය පදනම් කරගත් පරණ දේශපාලන ක්‍රමයම බිඳ වැටුනා.

තෙවන සාධකය නම් ජනප්‍රිය ලෙස ජනතාව ගොනු කිරිමය. රැඩිකල් වම නැවත පැන  නැගුනු යුරෝපියානු රටවල් දෙක ග්‍රීසිය සහ ස්පාඤඤය බව අහම්බයක් නොවන අතර පසුගිය වසර කීපය තුල ප්‍රබලතම ජනතා රැලි ඇතිවුනෙත් මේ රටවලය. ස්පාඤඤයේ ඉන්ඩිග්නඩොස් ව්‍යාපාරයත් ග්‍රීසියේ සමාජීය වශයෙන් විවිධාකාරවූ සංවිධානත් මේ සඳහා පෙරමුණ ගත්තා.

සම්ප්‍රදායික නියෝජිත දේශපාලනයේ නියැලුණු බලවේග රැඩිකල් වමට හැරුණු අතර , මේ ගාමක බලවේගයන්ගෙන් පිටත සිටින සමාජ ස්තරයන් ගෙන් සමහරක් දේශපාලනයෙන් වැලකි සිටිද්දී , ඉතිරිය අර්බුදය හට ගත් දිනවල සිටම අන්ත දක්ෂිනාන්ශයට එනම් නව නට්සි රන් උදාව දෙසට හැරුනා. නමුත් සිරිසා හි මැතිවරණ හා දේශපාලන ජයග්‍රහණ ලැබීමට නිරවද්‍යම  හේතුව නම් ජනතාවගේ ඉහත කී සුභ සාධන කපා හැරීමේ අත්තකිලමතානුයෝගී ගිවිසුමට එරෙහිව පක්ෂය විසින් මුල සිටම සටන් කිරීමයි.  එසේම දීර්ඝ විවාදයකින් පසු විශේෂයෙන්ම සිනස්පිස්මොස් තුලදී, සිරිසා විසින් පසොක් සමග  සමග සභාගයකට යාම ප්‍රතික්ෂේප කිරීමයි. එලෙසම  ජනතා  ව්‍යාපාර කෙරහි ඔවුන්ගේ ඇති සංවේදීතාව හේතුවෙන් ඉතාමත් ස්ථිරව හා ප්‍රයෝගික ලෙස තමන්ට මෙම සමාජ ව්‍යාපාර වල රැඳී සිටීමට හැකි බව ඔවුන් ඔප්පු කලා. ඔවුන් මෙසේ කලේ මෙම ජනතා ව්‍යාපාරවල ස්වාධිනත්වයට ගරු කරමින් ඉතාමත්  නව්‍ය හා නිරයාසාත්මක ජනතා පෙළ ගැස්සවීම් වලට සහභාගී වීමෙන්. උදාහරණයක් වශයෙන් 2011 දී නගර චතුරශ්‍ර අත්පත් කර ගැනීමේ  ව්‍යාපාරයේදී  KKE  එය  අදේශපාලනික, සුළු ධනේශ්වර හා කොමියුනිස්ට් විරෝධීන් මෙහෙයවන ව්‍යාපාර වශයෙන් ප්‍රතික්ෂේප කරද්දී සිරිසා කළේ එයට සහයෝගය දීමයි.
මේ පක්ෂය ප්‍රාදේශීය  මට්ටමින් සහයෝගිතා ජාලයන් වලට ප්‍රබල සහයෝගය දෙමින්  දුෂ්කර වූ මෙම සමාජීය අර්බුදයට හා මිනිසුන්ගේ දෛනික දිවියට ඉන් ඇති වුනු අනිවාර්ය බලපෑම සමග ගනු දෙනු  කිරීමට පියවර ගත්තා. එය ජාතික දේශපාලන තලයේ බලවේගයන් සමපාත  කිරීමට ආයතනිකව අවශ්‍ය තරමේ දෘශ්‍යමය භාවයක් තිබෙන සංවිධානයක්.

මෙසේ කීවත් ජනමත සමීක්ෂණ වල සිරිසාට කැමැත්ත වැඩි වෙන්නේ 2012 චන්ද ව්‍යාපාරයේ අන්තිම සති කීපයේ. නියම ජයග්‍රාහී මොහොත උදාවුනේ  “සුභසාධන කැපීමට විරෝධී වමේ රජයක් ” මැයෙන්  සිප්‍රස් කල දේශනයේදී. ඔහු ඉදිරිපත් කලේ සන්ධානයකට එකතු වෙන්න කියන යෝජනාව  KKE එකට, ආන්තික වමට, පාර්ලිමේන්තු වමට සහ පසෝක් පක්ෂයෙන් කැඩුණු කුඩා කණ්ඩායම් වලට. අන්න ඒක තමා අන්තිමට මේ චන්ද ව්‍යාපාරයේ දිශාව වෙනස් කළේ, සම්පුර්ණයෙන්ම අලුත් න්‍යාය පත්‍රයක් සකස් වීම. මෙන්න මෙතැනදී අපට ඇහුනා මේ කැළඹෙන සද්දේ – අතට අහුවෙන භෞතිකමය යමක් වගේ – සිරිසාහි  චන්ද ගාන සීග්‍රයෙන් ඉහල නගින්න ගත්ත.  මෙන්න මේ මොහෙතේ  ඉඳන් අනිකුත් පක්ෂ වලට තීරණාත්මක දේශපාලන දැක්මක් වුන, සාක්ෂාත් කරගන්න පුළුවන් කියල හිතෙන සිරිසා යෝජනාවට ප්‍රතික්‍රියා දක්වන්න සිදු වුණා විතරක් නොවේ,  ඉන් ග්‍රීසියට අර ට්‍රොයිකාව හා ඔවුන්ගේ ගිවිසුමේ වියදණ්ඩෙන් නිදහස් වීමට ඉඩ සලසා ගැනීමට පුළුවන් කමක් ලැබුනා.

සත්තකින්ම, සමහර අය විශ්වාස කලේ මේ විරෝධතා ව්‍යාපාර ක්ෂණිකව පැන නගින බව විතරක් නෙමේ ඒවා අදේශපාලනිකයි කියලත්. මේ විරෝධතා  (දේශපාලන ලෝකයෙන්) එළියේ ඇති (සම්ප්‍රදායික) දේශපාලනයට විරෝධී ඒවා කියල. මේ විරෝධතා ව්‍යාපාර තමන් ඉදිරියේ ඇති දේශපාලනය ප්‍රතික්ෂේප කලත් ඔවුන් වෙනස් දෙයක් සොයමින් හිටියා. ස්පාඤඤ යේ පොදෙමොස් අත්දැකීම  වගේම ග්‍රීසියේ සිරසා පෙන්වන්නෙත් රැඩිකල් වම් විසින් හොඳ යෝජනා සමුහයක් ගෙන ආවොත් මෙවැනි විරෝධතා ව්‍යාපාර සමග කිසියම් අවබෝධයකට  පැමිණ ඔවුන්ගේ ඉල්ලීම් දේශපාලනය තුලට කැටි කර ගත හැකියි කියල.

1990 සිට 2000 දක්වා රැඩිකල් වම පසොක් සමග කිසිම සන්ධානයකට එළඹීම ප්‍රතික්ෂේප කරලා තිබුනේ. මේ නිසා මේ මෑතක් වන තුරුම සිරිසා වත් KKE වත් පළාත් ආණ්ඩු වල හෝ ප්‍රාදේශීය ආයතන වල නියෝජනය උනේ නැහැ. නමුත් සිරිසා  ජාතික හා යුරෝපියන් තලයට කඩා වැදුන නිසා ප්‍රාදේශීය තත්වය හා එය අතර තියුණු වෙනසක් තිබෙනවා.

පක්ෂයට 2014 මැයි 25 පැවැත්වුන ප්‍රාදේශීය හා පළාත් මැතිවරණ වලින් චන්ද ලැබුනේ 18% පමණ වුනත් ජාතික හා යුරෝපියන් පාරිලිමේන්තු මැතිවරණයේදී 27% ලැබුන.   ඒ කෙසේ වතත් පක්ෂය ප්‍රධාන වශයෙන් ඉදිරියට ගියා 40% පමණ ග්‍රීක වැසියන් වෙසෙන  පළාත් දෙකක “ඇටිකා” ඇතුළුව.

සිප්‍රස් ගේ ප්‍රතිරූපයේ ප්‍රධානම අංගය තම ඔහුගේ වයස. ඔහු තරුණයෙක්. ග්‍රීක රැඩිකල් වමේ කේඩර සහ නායකත්ව කණ්ඩායම් වල තහවුරු වෙලා ඉන්නේ අවුරුදු හැටට ලංවෙමින් යන පරම්පරාවක්. එහෙමත් නැත්නම් වැඩිමහලු මිනිසුන් පවා කල්නල් ගේ ඒකාධිපති රජයට විරුද්ධ අරගලයේ දිගු කලක් සිටීමේ වරප්‍රසාදයට කැමතියි තවම.

අවශ්‍ය සමාජ ව්‍යාපාරයක් ලෙස කවුරුත් සැළකු, නමුත් අර්බුදයෙන් මිදීමට මගක් යෝජනා කරන ඓතිහාසික වගකීම  සඳහා තමන්ට බලයක් නැති යයි සිතු පරණ ග්‍රීක රැඩිකල් වමේ මුණත්තහඩුව ඔහු ගලවා දැමුවා. එසේම 20 වන සියවසේ කොමියුනිස්ට්වාදයේ පරාජයෙන් පීඩාවට පත්ව සිටි ග්‍රීක රැඩිකල් වමේ හැරවුම් ලක්ෂ්‍ය වුණා. අද ඔවුන්ට ඒ සදාකාලික සුළුතරයේ සිටීම අනවශ්‍ය වෙලා තියෙන්නේ, ඒ කියන්නේ හැම වෙලේම  විරුද්ධ වීම විතරක් කරන විපක්ෂයක සිටීම.

ඔබ ළඟ කිසියම් සංඛ්‍යාත්මක දත්ත තිබෙනවද සිරිසා හි සාමාජිකත්වය ගැන සහ 2012 සිට එහි සාමාජීය කාර්ය භාරය ගැන? ඒ වගේම අපට කියන්න සිරිසා හි අභ්‍යන්තර ගාමක බලවේගයන් ගැන , වමේ වේදිකාව, එහි ඇති එකිනෙකට වෙනස් කාණ්ඩයන් ගැන මෙන්ම විරුද්ධ පක්ෂය සහ දකුණ ගැන?

ජාතික තලයේ ආයතනික පක්ෂ ප්‍රති ව්‍යුහගත වෙනවා. ඒවා මධ්‍යගත පක්ෂ වශයෙන් සෑදී නැහැ. ඉතාමත්ම බලවත් පක්ෂ යාන්ත්‍රණයක් තිබ්බ පසොක්  සම්පුර්ණයෙන්ම වගේ බෙදිලා වෙන්වෙලා, දක්ෂිණාංශික ජනතා ව්‍යාපාරයක් වන “නව ප්‍රජාතන්ත්‍රවාදය” සෑහෙන්න දුර්වල වෙලා. නමුත් ප්‍රාදේශීය මට්ටමින් මේ පක්ෂ වල සම්බන්ධ ජාලයන් තවමත් ශක්තිමත්.   මේක අපි දැක්කේ පසුගිය මැතිවරණයේදී, ප්‍රාදේශීය චන්දයන්ට ඇති බලපෑම හා ප්‍රාදේශීය  සභා ජය ගැනීම අතර වෙනස ඉතා වැදගත් කියල. අනිත් සෘණාත්මක කාරණය තමා  සිරිසා පැහැදිලිවම නායකයා මධ්‍ය කර ගත් පක්ෂයක් වුණා.
 පක්ෂයේ අභ්‍යන්තර ව්‍යුහයන් අති විශාල සහ අවුල් සහගත භාවය  නිසා මෙය  වැඩි දියුණු වුනා විතරක් නොවේ ප්‍රතිපත්ති සම්පාදන හා තීරණ ගැනීමේ  මධ්‍යස්ථාන ලෙස වැඩ කිරීමත් අඩු වුණා. සාමුහික නායකත්වය නෙමේ, අඩුම ගණනේ වඩා සීමිත වුනු නායකයන් කණ්ඩායමක් හෝ නැතිව මුළු තීරණ ගැනීමේ ක්‍රියාවලියම මධ්‍යගත, පාරාන්ධ, අනියම් නායකයන් කාණ්ඩයක් සමග සම්බන්ධව නායකයා ඉතා තීරණාත්මක භූමිකාවක් රඟපාන එකක් බවට පත් වුණා.

පක්ෂ නායකත්වයේ එක එල්ලයක් වුනේ පක්ෂයේ වාමාංශික නැඹුරුව කොන් කිරීම. ඒගොල්ල බරපතල ලෙස හිතුව විවිධ පක්ෂවල මණ්ඩලයක් වුන පරණ සිරිසා (2012 ට කලින් )  එකේ අපි සාපේක්ෂව සෑහෙන ශක්තිමත් කියල. හැබැයි  අලුත් සාමාජිකයන් විශාල වශයෙන් එනකොට අපේ බලපෑම සාපේක්ෂව හුඟක් අඩු වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත්,  අවසාන සම්මේලනයේදී  ඩිමාර් ඉවත් වුනාට පස්සේ අලෙවනොස් මෙහෙයවූ  වාමාංශික ධාරාවට ලැබුනේ 25% ක චන්දය ප්‍රමාණයක් පමණයි.
සිරිසා 2012 නොවැම්බරයේ පැවැත්වූ සමාරම්භක ජාතික සම්මේලනයේදී “වමේ වේදිකාව (Left Platform)” 25% ක චන්ද ලබා ගැනීම ලොකු පුදුමයක් වුනා නායකත්වයට. සිරිසාහි පදනම ගොඩ නැගීමේ සම්මේලනයේදී වමේ වේදිකාව 30% චන්ද ගත්තම ඔවුන් තවත් පුදුම වුනා. මොකද චන්ද පදනම වැඩි වෙලා.  මේ අතරතුරේදී සිරිසා හි සාමාජික සංඛ්‍යාවත් දෙගුණයක් වුණා. ඒ කියන්නේ 17,000–18,000 සිට 35,000–36,000 දක්වා සාමාජිකයන් ගණන වැඩි වුණා.

භූගෝලීය වශයෙන් ගත්තම පක්ෂය වර්ධනය වුණා සෑහෙන්න, නමුත් චන්ද දායකයන්ට ඇති  බලපෑම හා සංවිධානාත්මක බලය අතර තවමත් විශාල පරතරයක් තියෙන්නේ  එසේම පක්ෂය සහ එහි අරටුව වන නාගරික වැඩ කරන පන්තිය අතර සම්බන්ධය තවමත් දුර්වලයි.

සිරිසා තවමත් බුද්ධිමතුන් ගේ ස්තරයන්ගෙන් වැඩි බලපෑමක් ලැබෙන්නක්: ඒ ඉහල තත්වයේ නිපුණතා ඇති උසස් අධ්‍යාපනය ලත්  රාජ්‍ය අංශයේ සේවකයන්.  වයස පැත්තෙන් බැලුවාම ඒකත්  ප්‍රශ්නයක්, මොකද තරුණ ස්තරවල බලපෑම සාපේක්ෂව මදි.

තරුණ සංවිධානයක් තිබෙනවද?

ඔව්, සිරිසා හි සන්ධානයේ සියලුම කොටස් වල තරුණ සංවිධාන එකතු කර සෑදූ විශේෂ තරුණ සංවිධානයක්  තියෙනව. නමුත් මෙය සාපේක්ෂව කුඩා නිසා ඉන් තරුණ චන්දදායකයන්ට වැඩි බලපෑමක් නැහැ. වඩාත් උද්‍යෝගයට කාරණයක් වන්නේ ඉතාමත් පහල මට්ටමකින් පටන් ගත්  වෘත්තීය සමිති   වල බලපෑම දෙගුයණයක් වුණා. නමුත් නැවතත් KKE සමග බැලුවහම වෘත්තීය සමිති ව්‍යාපාරය තුල සිරිසා හි ශක්තිය හුඟක් අඩුයි.

ජනතාව ගොනු කිරීම ප්‍රධාන තැන ගත් වඩාත් ක්‍රියාශීලි සමිති තුල සිරිසා බලවත් පමණක් නෙවෙයි  සිරිසා වර්ධනය වීමත් වුණා. එය දැන් ග්‍රීක වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රධානම සමිතියක් වන  ද්විතිය අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ගුරු වෘත්තීය සමිතියේ ප්‍රධාන බලය  වී හමාරයි.  එසේම අතිවාම වාදී කණ්ඩායමේ බලයත් සාපේක්ෂව මේවායේ වැඩියි.  සිරිසා  හා අන්ටස්‍යා වලින් පැමිණි ජනතාවගෙන්  සැදුනු, එක්තරා ආකාරයක වෘත්තීය සමිති  පෙරමුණුත් තිබෙනවා.
පසුගිය කාලයේ වෘත්තීය සමිති  ව්‍යාපාරය තුල හා විශ්ව විද්‍යාල වල වර්ධනය වුනු රැඩිකල් වටපිටාව  තුල රැඩිකල් වම තමන්ගේ ස්ථානය වැඩි දියුණු කරගත්ත. KKE සහ අති වාමාන්ශයද තමන්ගේ ස්ථානයන් දියුණු කර ගත්ත. රැඩිකල් වුනු වාම වාදී ශිෂ්‍යන්ගේ වටපිටාව තුල විශ්ව විද්‍යාල වල සිරිසා  එක තැන පල් වුනත් (බහුතරයක් ශිෂ්‍යන් විශ්ව විද්‍යාල තුල චන්ද වලට සහභාගී වෙන නිසා මේක හොඳ මාපකයක්)  , එසේම මේ ශිෂ්‍යයන් අන්ටස්‍යා අය වැඩිපුර සිටින නම ලේඛන වලට චන්දය දුන්නත්, ජාතික තලයේදී ඔවුන් සිරිසාට චන්දය දීමට පටන් ගැනුණා.

අපිට  මේ ද්විත්ව ප්‍රකාශනය තහවුරු වුනා ප්‍රාදේශීය චන්ද වලදී හා යුරෝපියානු හා පළාත්  මැතිවරණ වල පරතරයේදී. පළාත් බද මැතිවරණයේදී අති -වාම සන්ධානය වූ අන්ටස්‍යා ජාතික වශයෙන් 2% චන්ද ප්‍රමාණයක් ගත අතර යුරෝපියානු පාර්ලිමේන්තු  මැතිවරණයේදී එය 0.72%ක් වුණා.
මෙහිදී ඉතාමත් පැහැදිලියි සමහර කොටස් ජනතාව රැස්  කිරීමේ ව්‍යාපාර  හා වෙනත් සමාජ ව්‍යාපාරවලදී ඔවුන්ව  අති-වාමවාදී කණ්ඩායම් මගින් මෙහෙයවන බව. වෘත්තීය සමිති මට්ටමේදීත් ඒක එහෙමයි. නමුත් දේශපාලන නියෝජනයේදී මේ බලවේගවල මුලික දේශපාලන නියෝජිතත්වය භාර ගන්නේ සිරිසා.
 මෙහි ප්‍රතිපලය නම් පසුගිය කාල පරිචේදයේ වැදගත්ම පරිණාමය වන,  ග්‍රීක රැඩිකල් වමේ අවසන් බෙදීම දැන් ඇත්තේ නිකායවාදී, ආරක්ෂණවාදී හා ඉතාමත් හුදෙකලා KKE හා ඉතිරි සියල්ල අතරයි. (සිරිසා, අන්ටස්‍යා ආදිය )

“වාමාංශික වේදිකාව”ට  (Left Platform) කොටස් දෙකක් තිබෙනවා. “වාමාංශික ධාරාව “(Left Current), ඒ කියන්නේ සම්ප්‍රදායික කොමියුනිස්ට් ධාරාව – වෘත්තීය සමිති වලින් සමන්විත වුනු මේ ධාරාව සිරිසා හි වෘත්තීය  සමිති වැඩි හරියක්  පාලනය කරනවා. මෙයට අයත් වැඩි හරියක් KKE එකෙන් ආපු කට්ටිය, ඒ කියන්නේ 1991 බෙදුන වෙලාවේ. ඊළඟට ට්‍රොට්ස්කිවාදී ප්‍රවණතාවය. (ලඟදි එකතු වුන DEA සහ KOKKOINO)
වාමාංශික වේදිකාවට පක්ෂ  නායකත්වයෙන්, වගේම එක්සත් විමෙන් පසුව පක්ෂයේ ක්‍රියාකාරීත්වය  හා පක්ෂ ව්‍යුහය වර්ධනය වුනු ආකාරයෙනුත් තදබල බලපෑමක් එල්ල  වුණා. පක්ෂ බහුතරයේ මේ පීඩනය, පක්ෂයේ  පරිණාමනය සමගත් ග්‍රීසියේ පසුගිය සමයේ ජනතාව ඒකරාශී කිරීමේ ව්‍යාපාරවල පසුබැසීම සමගත් බද්ධ වුණා.

මේ හැම සාධකයකින්ම සෘණාත්මක බලපෑමක් ආවත් වාමාංශික වේදිකාවට ඒවාට මුහුණ දීමේ හැකියාව තිබ්බ. එහි විවිධත්වය තමා ශක්තියකට තිබුනේ.  ඒ කියන්නේ වාමාංශික වේදිකාව හැදිලා තිබ්බේ දේශපාලන සංස්කෘතීන් දෙකකින් වුනත් එහි ඒකාබද්ධතාවය පක්ෂයේ බහුතර කොටස අතර තිබු ඒකාබද්ධතාවයට වඩා වැඩියි.
පක්ෂයේ බහුතර කණ්ඩායමේ එක එක දේශපාලන සංස්කෘතීන් වල විෂමතාවය වැඩියි.

මේ බහුතරයේ,  ඔබට දකින්න පුළුවන් ප්‍රධාන පෙලේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දහරාවෙන් එන අය, එතකොට අති -වාම පැත්තට බර ක්‍රියාකාරීන්, නව සමාජ ව්‍යාපාරයන්ට ඇලුණු අය, එතකොට යුරෝකොමියුනිස්ට් හෝ KKE එකෙන් ආපු  ඉතාම සම්ප්‍රදායික ප්‍රතිසංස්කරනවාදී  කට්ටිය, පසොක් වලින් ආපු වාම ජාතිකවාදීන්, ග්‍රීක වර්ගයේ ජර්මන්-විරොධී ප්‍රපංචය වැනි  අන්තවාදී ජාතිකවාද විරෝධීන් වශයෙන්.

මාඕයිස්ට්ස් (මාඕවාදීන්) ලා (KOE) ගැන කතා කරන්නේ නැත්ද?

මාඕවාදීන් වාම-ජාතිකවාදී ධ්‍රැවයට වඩා සමීපයි. ඒ නිසා කියන්න තියෙන්නෙ බහුතර කණ්ඩායමේ විවිධත්වය සමස්තයක් වශයෙන් ගත්තම වැඩියි කියල.

මම හිතනවා, 2012 මැතිවරණය හා පක්ෂය ගොඩ නැගීමේ සම්මේලනය  අතර තුර කාලයේදී වාමාංශික ධාරාව හෝ ට්‍රොට්ස්කිවාදීන් සමග සම්බන්ධයක් නැති බොහෝ , ඒ වෙනස්කම් ගණන් ගන්නේ නැති ක්‍රියාකාරීන් සමුහයක් අද්දව ගන්න වාමාංශික වේදිකාව සමත් වුණා. ඒ ගොල්ල අවධානය යොමු කරන්නේ පක්ෂ අභ්‍යන්තරයේ වාම විපක්ෂයට හෝ වාම  දෘෂ්ටිකෝණයට සහයෝගය දෙන්න, සිරිසා තුල ඉතා පැහැදිලි වාම ප්‍රවණතාවයකට. මේ නිසා තමා ගොඩ නැගීමේ සම්මේලනය අතරවාරයේ බහුතරයේ අනිසි හැසිරවීම් වලට ඇතිවුන විරෝධතාවයේදී  වාමාංශික වේදිකාව බලවත් වෙන්නේ. ඒකෙන්  වුනේ පක්ෂය ඇතුලේ චන්ද ප්‍රමාණයට සංසන්දනය කලහම අපිට නියෝජිතයන්ගේ කාරක සභාවේ අඩු නියෝජනයක් තිබ්බත්,  30% කට වඩා  නියෝජිතයන් ප්‍රමාණයක් ලැබීම. මේකට දැන් එකතු කරන්න පුළුවන් කොමියුනිස්ට් වේදිකාව ලබපු 1.5%ත්. (ඇලන් වුඩ් හා ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවය අනුගමනය කරන)

පක්ෂය ගොඩ නැගීමේ ප්‍රථම සම්මේලනයෙන් පස්සේ පක්ෂ බහුතරය පළාත් හා යුරෝපියානු මැතිවරණයෙන් අනතුරුව ඛණ්ඩනය වුනා, ඒක වාමාංශික වේදිකාවට මෙන්ම සිරිසා හි අභ්‍යන්තර බලවේග වලටත් ධනාත්මක වුණා.  හරියටම කියනවානම්, බහුතරයේ වාමාංශය හෙවත්  බහුජන ව්‍යපාරවාදීන් හා සිප්‍රස් ගේ එක්සත් වමෙන්  ( Left Unity) බිඳී ආ අය  තමන්ගේ සීමාව  වෙන් කරගත්ත අනිත් අයගෙන්. (නියම ග්‍රීක ආකාරයෙන් කියනවා නම්, මේ ක්‍රියාවලියෙන් පස්සේ අපට සිප්‍රස් ගේ වටේ  එක්සත් වමේ වමක්  (Left Left Unity (sic) ) හා එක්සත් දකුණේ වමක් (Right Left Unity (sic) ) තිබෙනවා. )

යුරෝපියන් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම වාගේ “බහුතරයේ” වම “පනස්තුන් දෙනාගේ කණ්ඩායම් වේදිකාවට ” එකතු වුණා.   “පනස්තුන් දෙනාගේ වේදිකාව” කියන්නේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 53ක් හා 2014 ජුනි මස එකතු වීමට අත්සන් කල සමහර මන්ත්‍රී ලා ගේ කණ්ඩායමක්.  ඔවුන්, සිප්‍රස් විසින් ආයතනගත සම්ප්‍රදායික දේශපාලකයන් අද්දවා  ගැනීම ගැන තදින් විවේචනය කල අතර , සමාජ බලවේග සේවයේ යොදවා ගැනීම හා සමාජ  ව්‍යාපාර සංවිධාන කිරීමට වැඩි අවධානයක් යොමු නොකරන  ව්‍යාපාරයකට නායකත්වය දෙන බවටත් චෝදනා කලා. එසේම සිප්‍රස් තමන් වටා වැඩි බලයක් රැඳෙන,  පුද්ගලිකත්වය දියුණු කරන උපක්‍රම භාවිතා කරමින් ප්‍රචාරක විදි උපයෝගී කරගත් සංවිධානයක් ගෙන යමින්, ණය ගනුදෙනු , බැංකු ජනසතුව  ආදිය  ගැන මෘදු ලෙස ක්‍රියා කරන බවටත් චෝදනා කලා.

-(මතු සම්බන්ධයි. )

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...