ශිෂ්ටත්වයේ සිහිනය...|Tuesday, September 26, 2017
You are here: Home » News » සුද්දිලාගේ කතාවෙන් හෙළිවන බලය බෙදීම

සුද්දිලාගේ කතාවෙන් හෙළිවන බලය බෙදීම 

images
සු

ද්දිලාගේ කතාව කියන්නේ 80 දශකයේ ප්‍රකාශයට  පත් වෙච්ච නවකතාවක්. ඒක ලිව්වේ සයිමන් නවගත්තේගම ඒක ඒ නමින්ම ච්ත්‍රපටියකට නැගුවේ ධර්මසිරි බණ්ඩාරනායක. ච්ත්‍රපටියේ ඉතාම සිත් ගන්නා සුළු දර්ශණය තමයි කුසගින්නේ ඉන්න සුද්දිව හැළඹ ගහක් යට මුදලාලි විසින් දූෂණය කිරීම. අපි මේ දර්ශණය නරඹන්නේ නදීෂා හේමමාලිගේ අඩ නිරුවත් ඡායාරූප නරඹනවා වගේම කෑදරකමකින්.නමුත් අධ්‍යක්ෂකවරයා මුදලාලි විසින් සුද්දිව දූෂණය කරනවා පෙන්නන්නේ බොහොම ටිකයි. ඊට පස්සේ කැමරාව විශාල ගහක අත්තක් දිගේ ගමන් කරලා අහස පෙන්වනවා. අපිට අම්මට කියලා නිකම්ම කියවෙනවා.

නමුත් අධ්‍යක්ෂකගේ උපාය මොක්කද? ඔහු කරන දෙය ගැන අපිට මෙහෙම හිතන්න බැරිද? සුද්දිව දූෂණය කරන දර්ශණය ටිකක් පෙන්වලා ඉක්මනට ඉන් ඉවතට යාම නිසා ඒ දූෂණය කරන විධිහ අපිටම හිතාගන්න ඉඩ හරිනවා. උදාහරණයක් හැටියට ඉතුරු ටික විපරීතයෙකුට ගුද රමණයක් දක්වා ෆැන්ටසිකරණය කරන්න පුළුවන්. තව කෙනෙකුට ඇයට පිහිට වෙලා කෑම කන්න දෙන්න පුළුවන්. තව කෙනෙකුට ඇයට පදිංචි වෙන්න නිවසක් හදලා දෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඇගේ අයි.ආර්.සී සැමියා වන රොමියල්ව පුනරුත්තාපනය කරන්න පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් ඇයට විදේශාධාර ලබා දෙන්න. තවත් කෙනෙකුට පුළුවන් ඇගේ කතාව කොටස් වශයෙන් මාධ්‍යයට ලියන්න.ච්ත්‍රපටි අධ්‍යක්ෂකවරයා විසින් ලිංගික දර්ශණයට දෙන වාරණ ආකෘතිය නිසා ඒ ගැන අපි කැමති දෙයක් හිතීමේ, විනෝද වීමේ අයිතිය අපිට තියෙනවා. ඉතිං අපි ජීවත් වෙන්නේ නිදහස් ලෝකයක.

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...