[dropcap color=”red”]අ[/dropcap]ද දවසේ මහා වැඩ වර්ජනයක් සදහා වෘත්තීය සමිති විසින් කැදවීමක කර ඇත. මෙම වැඩ වර්ජනයේ කොටස්කරුවෙකු වන ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් අපේ රට ජාතිවාදයට දැක්වීම ගැන මේ දක්වා ස්වයං-විවේචනයක් කර නැත. ඔලුව කල්පනා කරන ඕනෑම කෙනෙකුට අනුව අපේ රට මේ අගාධයට වැටුනේ ඇයි කියා හොදින් දනිති. ඊට ප්‍රධාන හේතුව වූයේ දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රශ්න මගහැර ඔවුන්ට ඇත්තේ පරිපාලන ප්‍රශ්නයක් බව යළි යළිත් තහවුරු කිරීමයි. දේශපාලන ප්‍රශ්න ත්‍රස්තවාදී ප්‍රශ්න බවට පරිවර්තනය කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණයි. හාස්‍ය වන්නේ අද ඔවුන්ටම එම ලේබලය ඇලවී යාමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇත්ත ජාතිවාදයට පරිවර්තනය කරේ ද ජනතා විමුක්ති පෙරමුණයි.

ඉහත පසුබිම අමතක කර එවැනි ප්‍රශ්ණ love and hate  ප්‍රශ්න ලෙස නිර්වචනය කරන අයගේ දේශපාලන අනාගතය අදුරුය. විදුලි බිලට වඩා මේ මොහොතේ වැදගත් වන්නේ බලය බලය බෙදීමට ඔබ පක්ෂද නැද්ද යන්නයි. මෙම ප්‍රශ්ණය කෙලින් අහන්න බැරි ඕනෑම අයෙක් අයිති වන්නේ ගල් යුගයටයි. සියළුදෙනාට අමතක වී ඇත්තේ විදුලි බිල වැඩි වූයේ යුද්ධය නිසා විනාශ වූ ආර්ථිකය සහ එහි අනිටු විපාක නිසා බවයි. අපේ අදහස ජනප්‍රිය නොවන බවද අපි දනිමු.

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. අද වමේ පක්ශ කරන්නෙත් දකුනේ පක්ශ කරන එකමයි. ජනතාවට ඇත්ත වමක් අවශ්යයි. කල්යනකොට පල් නොවෙන මනුස්සකමක් සහිත දේශපාලනයක් අවශයයි.

  2. බලය බෙදීම සහ විදිලි බිල ගැන …බලය බෙදීම ගැන කතා කරන එක අද දවසේ කේන්ද්‍රීය වන අතර විදුලි බිල පරිදියේ හමුවන සාදකයක් ලෙස දකින අය වෙත අහන්නට තියන ප්‍රශ්නය වෙන්නේ හුදෙක් බලය බෙදීමෙන් විදුලි බිල අඩුකරගත හැකිද යන්න කියන ප්‍රශ්නය. ජාතියට, ආගමට, පක්ෂයට බෙදී ඇති කම්කරුවන් සමගිකරමින් කම්කරුවන් ගේ එකමුතුකම ඉදිරියට ගැනීම සහ ඔවුන් තම පන්ති අවශ්‍යතාව හදුනාගැනීමට නායකත්වය දීම අද දවසේ ඇති ප්‍රදානම කාර්ය යන්න මගේ අදහසයි. බලය බෙදීම නැවත වතාවක් කරලියට ඇවිත් තියෙනේ උතුරේ පවත්වන්නට අදහස් කරන ජන්දය, උතුරේ ජන්දය ඉදිරියට එන්නේ මහරැජින ලංකාවට වැඩම කරවගන්න දගලන වල්බුරු දේශපාලනය..නැවතත් ජනතාව ජාතිවාදී හොර සළුපිලි වලින් වසා දමන්නට දරන උත්සාහය..එත් එක්කම රටේ දැවෙන අනෙකුත් ප්‍රශ්න අමතක කරන්න දරන උත්සාහය..නැවතත් ජනතාව ජාතිවාදී මතවාදයකට ගෙනියන්න දරන උත්සාහය. පක්ෂ , ජාති , ආගම් බේද අමතක කරමින් එක්වන ජනතාව නැවතත් ඔවුනොවුන්ගේ ආවේනික කොටු තුල සිරකරවන්න ගන්න උත්සාහය. මෙය පරාජය කලයුතු අතර අද දවසේ ප්‍රයෝගික ගැටලුව වන්නේ මෙය කරන ආකාරයයි. මේවා පොත්පත් වල නම් හොදින් ලියවිලා තියෙන්න පුළුවන්, නමුත් අද සමාජයට ගැලපෙන ප්‍රයෝගික ක්‍රියාවලියක අවශ්‍ය තාවය තමයි සාකච්චාව ගත යුත්තේ.

  3. e kiyanne yuddaya nathiva arthikaya hondata thibunanam viduli bill vadi venne naha kiyana ekada ? ammapa evage danavadaee samajayaka full A/c dagena inna tharam pinak apata nathi hati,,,,,,,

  4. ගැටලුවේ පළමු අර්ධය ඇන්ටනී මහතාගේ මරණයයි. දෙවන අර්ධය ධීවර උද්ඝෝෂණයයි. ඇන්ටනී මහතාගේ මරණයට වගකිවයුත්තේ උද්ඝෝෂණය සංවිධානය කළ විපක්ෂයයි. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණයි. මේ පෙරමුණ වනාහි දේශපාලන වශයෙන් විනාශය හා මරණය අපේක්ෂා කරන සංවිධානයකි.

Comments are closed.