පසුගිය 29 වනදා මහවැලි කේන්ද්‍රයේ පැවති මහේෂ් හපුගොඩ විසින් රචිතමගේ ලෝකයෙන් පසු ලෝකයඅරබයා පැවති සම්මන්ත්‍රණයේ තෙවන වීඩියෝව පහත පළ කර ඇත.

2004 වර්ෂයේ පැවති හිස්ටීරියාව කෘතිය ප්‍රකාශයට පත් වීමට පසුව අප විසින් පැවැත් වූ සාර්ථකම සම්මන්ත්‍රණය මෙය බව ඊට සහභාගී වූවන්ගේ මතයයි.ඔක්තෝබර් විප්ලවය සිදු වී දින 100 ඉක්මවූ වහාම ලෙනින් හිම මත නැටුවේ බොල්ෂෙවික් බලය පැරිස් කොමියුනට වඩා පවතින බව සහතික වූ නිසාය.ලෙනින්ට තරම් සුභවාදී පැතුමක් අපට නැතත් අපට ද දැන් සතුටක් ඇත.මිනිස් සංහතියේ නපුරුම පාවාදීම් වලට ලක් වූ අපගේ ව්‍යාපාරය තවමත් මිහිතලය මත පැවතීම ගැන අපටම සතුටුය.එය තව කෙතරම් කල් පවතීදැයි අප නොදන්නෙමු.

ශ්‍රී ලංකාවේ දේශපාලනයට මිනිසුන් ආකර්ෂණය වීම පිටුපස ගැඹුරු හෝ අභ්‍යන්තර අර්ථයක් ඇතැයි පිළිගැනීමක් දේශපාලන සාහිත්‍යය තුළ ඇත. උදාහරණයක් වශයෙන් 83 වර්ෂයේ ජාතිවාදී කෝලාහල නිසා එල්.ටී.ටී.ඊ.යට බොහෝ දෙමළ තරුණයන් එකතු වූ බවට මතයක් ඇත. 80 දශකය අග ඉන්දියානු මැදිහත් වීමට එරෙහිව ජාතිය ගොඩනගන්නට එකල ජවිපෙට සිංහල තරුණයන් එකතු වූ බවට මතයක් අතීත දේශපාලන සාහිත්‍ය තුළ ගොඩනැගී ඇත. මේ තත්ත්වය අප සංවිධානයට ද අදාළය. අප සමග එක් වූ අයට ද ඒ සඳහා පසුබිම් වූ අභ්‍යන්තරික හේතුවක් ඇතැයි 90 දශකයේ දී අනුමාන කරන ලදී.
නමුත් අද අප ජීවත් වන සමකාලීන යුගයට එන විට මිනිසුන් දේශපාලනයට එන්නේ එවන් ගැඹුරු අර්ථයක් නිසා නොවන බව සත්‍යයකි. එය සමකාලීනත්වයට පමණක් නොව, 80 දශකයේ සිට වලංගු සත්‍යයකි. දේශපාලනයට මිනිසුන් එන්නේ කිසිදු තේරුමකට නොවන බව වටහා ගැනීම වඩා විද්‍යාත්මකය. 
වාමාංශික දේශපාලනය කරන ලංකාවේ බොහෝ වාමාංශිකයන් දේශපාලනයේ හරය ලෙස සලකන්නේ ”බල – දේශපාලනයයි”. මෙම ක්‍රීඩාව පිරිමින්ට වඩා හොඳින් ස්ත්‍රීන් අභ්‍යාස කරන බව මොවුහු නොදනිති. වාමාංශිකයන් බල දේශපාලනයට අවධානය යොමු කරන විට ස්ත්‍රීන් සහ ලිබරල්වාදීන් අවධානය යොමු කරන්නේ ‘විනෝදයට’ යි. 
]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]]

අප සමඟ එකතු වීමට ඔබට කාලය එළඹී ඇත. නිශ්චිත වැඩපිළිවෙළ සහිතව පක්ෂය ඉදිරි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නේ 2020 වසරේය.නමුත් දැන් සිට ඔබට අප සමඟ එකතු විය හැක.

තොරතුරු, ලිපි, යෝජනා සඳහා පහත ඊ ලිපිනයට ලියන්න.

Vanguard Party <slvanguardparty@gmail.com>

 

ඔබේ අදහස කියන්න...