Alchemy- බාල ලෝහ වර්ග රත්තරන් බවට පරිවර්තනය කිරීමේ ගුප්ත විද්‍යාව

Alchemist-එසේ කරන්නා

‘මයිල්ස් ෆෝර්මාන්’  නම් චෙක් ජාතික ච්ත්‍රපටකරුවා ඇමරිකාවට සංක්‍රමණය  වීමට පසුවත් ඔහු ‘මහා-අනෙකා’  ලෙස සැලකුවේ පැරණි චෙක්ලන්තයේ ‘මහා-අනෙකාය’. සහමුලින්ම සමාජ-ක්‍රමය වෙනස් වූවාට පසුවත්, අවශ්‍ය නම් කෙනෙකුට පැරණි ‘මහ-අනෙකාගේ’ දැක්මට අනුව තම ප්‍රතිරූපය සකස් කර ගත හැක.

1996 දී පමණ නිර්මාණය වූ මාතොට සහ 2000දී බිහිවූ  ලන්ඩන් සගරා වලට අදාල ‘මහා- අනෙකා’ දැන් ලංකාව තුළ මිය ගොස් ඇත.L.L.P  යනු එම මහා අනෙකා මිය ගිය බව නොදැන කළ සගරාවකි. නමුත් ඉන් අදහස් වන්නේ 90 දශකයේ ‘මහා-අනෙකාගේ’ දැක්මට අනුව සගරාවක් වර්ථමානයේ නිපදවිය නොහැකි බව නොවේ. එවැන්නක් කළ හොත් අපට ඒවා පෙනෙන්නේ කලින් කී පිරිදි ‘මයිලස් ෆෝර්මන්’ ගේ ඇමරිකානු ච්ත්‍රපටි මෙන් අද්භූත ආකාරයටය. සමහර විට ‘අනූව’ දශකයේ මහා-අනෙකාගේ දෘෂ්ටිකෝණයෙන් වර්ථමානයේ සිට අතීතය  නැරඹූ විට එකළ වීරයන් වූ මිනිසුන් අද දවසේ අපට පෙනෙන්නේ අද්භූත මිනිසුන් ලෙසිනි. එක් යුගයක් මිය ගොස් ඇත. අලුත් ලෝකය තවම බිහි වී නැත. ඒ අතර මැද අප දකින්නේ අද්භූත ලෝකයකි.

photo(40) photo(39)

 

ඔබේ අදහස කියන්න...