ලංකාවේ විශ්ව විද්‍යාලවල මානව ශාස්ත්‍ර පීඨවල සිටින ගොන් නාම්බන්- මෙවැනි නාම්බෙකුට පසුගිය දිනෙක විසංයෝජනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ද සමන් පුෂ්පකුමාර, ඩෙස්මන් මල්ලිකාරච්චි අනුමත කර ඇති සන්දර්භයක – X කණ්ඩායමේ කතිකාව හැකි සෑම විටම අනුකරණය කිරීමට උත්සාහ කරති. මේ බුද්ධිමය මංකොල්ලය ගැන කතා කිරීම සමන්ට අනුව, ‘බුද්ධ පූජාව’ කලින් තබා ඕනෑ තරම් ඊට පසුව මංකොල්ල කා ගන්න යනුවෙන් එන සුපිරි අහමේ නියෝගය යි.
සුරත් ද මැල්ගේ ‘සී+’ නවකතාව අරබයා සමන් වික්‍රමාරච්චි මහතා යථාර්ථය පිළිබඳව වර නඟන නව ආකල්පය අර්බුද සමයක දී ඉතා වැදගත් ය. එක පැත්තකින්, ඔහුට අනුව යථාර්ථයේ ප්‍රබන්ධ මානය – reality is a fiction- අපගේ ජීවිතය ආක්‍රමණය කරමින් පවතියි. අනෙක් පසින්, මෙතෙක් කල් අපට පිටතින් පැවති ‘යථ’ (symbolic Real) අහෝසි වෙමින් පවතියි. ඉතා සරලව කිවහොත්, ‘තහංචි සමාජයක’ සිට සියල්ලට ඉඩ දෙන සමාජයකට [permissive] අප පරිවර්තනය වෙමින් පවතියි.
මේ නිසා, සිදුවිය හැකි සමාජීය ආචරණය කුමක්ද?
අප නූතන යැයි සිතන සමකාලීන සමාජය එහි ඇතුල් නුවණින් පරීක්ෂා කළ විට දී, අප ක්‍රමිකව ‘නව-පූර්වජ’ (Neo-Primitive) සමාජයකට පරිවර්තනය වෙනු පෙනේ. කිසිවෙකු අද දවසේ ස්ථාවර සංකේත අනන්‍යතාවයක් පතන්නේ නැත. තමන්ට සමාජය තුළ හිමිවිය යුතු ස්ථාවර ස්ථානයක් කිසිවෙකු සමකාලීනත්වය තුළින් ගවේෂණය කරන්නේ ද නැත. එම අර්ථයෙන්, අප සියලු දෙනා සංක්‍රාන්ති අනන්‍යතාවාදීන් ය. ලිංගික සංක්‍රාන්තිකයන් ය. අඛණ්ඩව සිදුවන ගෝලීය ධනවාදය යළි යළිත් සිදුවන ප්‍රතිව්‍යුහගත වීම් ඉදිරියේ (CD වෙනුවට Pen, Pen වෙනුවට Cloud) සමාජය යන්න දැන් ‘නිර්-සමාජයක්’ (Non-Societies) වෙයි. ස්ථාවර ලෝකය යන්න උන්මුල වශයෙන්ම ඛාදනය වෙමින් පවතියි. බහුතරය, මේ යුගයේ ස්ථාවර ගොඩනැඟිලිවල සිට ස්ථාවර දේශපාලන පක්ෂ දක්වා දිගු පරාසයක් පිළිකුල් කරයි. එසේ කරන්නේ මන්දැයි ඔවුන්ම නොදනියි. ‘නායකයන්’ නැති දේශපාලනය පතන්නන්ගේ ද්‍රවශීල ජීවිතයේ අනෙක් කොන වන්නේ, කොකේන් අන්තය යි. මෙවැනි ලෝකයක අනන්‍යතාවයන්ගේ සිට රැකියා දක්වා වූ සියල්ල ද්‍රවශීල වලාකුළකින් වැසී ඇත. මෙවන් ලෝකයක ස්ථිරත්වය පවතින්නේ, පන්ති භේදයකින් තොරව සම මත කොටන ලද පච්ච [tattoos] මත පමණි. අසාර ලෝකයේ එකම සාරය පවතින්නේ, මේ පච්ච කලාව තුළ පමණි. මිනිසුන්ගේ හිස් වූ අභ්‍යන්තරයට- ආයතනගත සමාජයෙන් ලැබෙන ලාංඡන නැති තත්ත්වයක් තුළ- එනම්, ආගම සහ රොමෑන්තික ආදරය- ස්ථිරසාර නමක් හිමි වන්නේ, මේ පච්ච හරහා ය. පච්ච මඟින් අතීතයේ නිරූපණය වූයේ, වීරත්වය නම් එමගින් දැන් සංඥා වන්නේ, ඉබාගාතේ යන චර්යාවයි. සමාජය තමන්ට ”නමක්”[Name] නොදෙන්නේ නම්, එය පච්ච කලාකරුවෙකු මගින් වේදනාව හරහා ලබා ගත යුතුය.
අද දවසේ දේශපාලනය කරන්නට එන අය එසේ කරන්නට එන්නේ, පවතින බල රටාව ප්‍රශ්න කිරීමට නොව පවතින බල රටාවට අනන්‍ය වීම සඳහා ය. X දේශපාලනයට 90 දශකයේ අග පැමිණි අය දැන් යන්නේ, වෙනත් තැන්වලට ය. ෆ්‍රොයිඩ් ළඟට 20 වැනි සියවස මුල දී පැමිණි ස්ත්‍රීන් අද දවසේ ගමන් කරන්නේ, ඩේවිඩ් ලින්ච්, වොන් ට්‍රියර්, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැනි පිරිමි දෙසට ය. X දේශපාලනයට මිනිස්සු නො එන්නේ එහි ඇති සාරය අහෝසි වූ නිසා නොව, එහි මදය දැන් පිටත පවතින නිසා ය. නැතහොත්, සෑම දෙනාම දැන් රහසින් X වාදීන් වන නිසා ය.
අප නැවත සමන් වෙතට එන්නේ නම්, යථාර්ථය දැන් හොඳටම ප්‍රබන්ධ මානය උරාගෙන ඇත. මහා අනෙකා සතු වූ සමාජීය සංකේත මානය වියැකී යමින් දැන් ඊට කෘත්‍රීම මැෂිනික කාර්යක්ෂමතාව +1 දක්වා වර්ධනය වෙයි. ඔබට සැබැවින්ම උපන්දිනයට සුභ පැතීමට කිසිවෙකු අසළ නැත. නමුත්, Facebook මගින් ඔබ නොදන්නා ආගන්තුකයන් දහස් ගණනක් ඔබට සුභ පතයි. මේ VIRTUAL ‘සමරුපී ලෝකය’ නිසා අවමානුෂික විරූපී ලෝකය මැකී ගොස් ඇත. මන්දයත්, දැන් අපට බාහිරින් සංකේතීය යථක් – Symbolic Real- හමු නොවන නිසා ය. එම නිසා සිදු වන්නේ, යථෙහි මානය බාහිරත්වයෙන් ඇතුළට – inside-කඩා වැදීමයි. චින්තන ධර්මදාස ලියන ආකාරයේ ඉතිහාසයක් මංගල සමරවීරට 90 දශකයේ නොතිබුණත්, X නැතිව ඔහු මංගල ගැන ලියන ප්‍රබන්ධ මඟින් imaginary යථක් ඔහුටම සම්මුඛ කරවයි. ඒ යථාර්ථයේ ප්‍රබන්ධ මානය යි.
ජීවමාන මිනිසුන් ගොඩනඟන ගැටුම් සහිත සංකේත ලෝකය මිය ගියාට පසුව මාධ්‍ය මගින් ගොඩ නඟන නිශාචර ප්‍රබන්ධය ජීන් බෝද්‍රිලා හැඳින්වූයේ, ‘අධි ප්‍රබන්ධය’- Hyper real – කියා ය. මෙවැනි ලෝකයක සංකේතනය ක්‍රියාත්මක වන්නේ, තහනම දෙසට නොව උල්ලංඝනය දෙසට ය. ‘අරගලය සහ ජංගි’ යා වන්නේ, එතැනදී ය. වෙනදා සංකේතනය යොදා ගත්තේ, යථෙන් ගැලවීමට ය. අද සංකේතනය යොදා ගන්නේ, යථ කෙරෙහි අනුරාගයෙනි. එනම්, අද දවසේ සංකේත ප්‍රබන්ධය යනු ද විනෝදය වෙතට ගමන් කිරීමේ ගමන් පථයකි. ශාන්තිකර්ම දැන් රූපවාහිනී වැඩසටහන් ය.
සංකේත ප්‍රබන්ධය සතු කාර්යක්ෂමතාවය බිඳවැටී ඇති සමයක ‘මාස්ටර්ලා’ නම් ප්‍රතිරූපය ද සමාජයෙන් අතුරුදන් වෙමින් පවතියි. සරලව කිවහොත්, මාස්ටර්ලා මෙකල දුර්ලභ ය. සිටියත් එක්කෝ විපරීත ය. නැතහොත්, සයිකෝසික ය. එවිට වඩාත්ම අර්බුදයට යන්නේ, හිස්ටෙරිකයන් ය. ඔවුහු මාස්ටර්ලා හැංගි සිටින ගුල්වලට අත දමා මාස්ටර්ලාගේ වලිගයෙන් එළියට ඇද, වේදිකා මත පණ පිහිටුවයි. නමුත්, මේ ”මාස්ටර්ලා” මාස්ටර්ලා නොව බියෙන් ගැහෙන මීයන් ය. එවිට, හිසටෙරිකයන් සීමා මායිම් බොඳ වී ගිය ආතතීන්ට මුහුණ දෙති.[Borderline personality disorder is a mental health disorder that impacts the way you think and feel about yourself and others, causing problems functioning in everyday life.Their feelings for others can change quickly, and swing from extreme closeness to extreme dislike. These changing feelings can lead to unstable relationships and emotional pain.] යථාර්ථය ‘සැබෑව’ නිමවා නොදෙනවා නම්, එය තමාම සාදාගත යුතුය. එවිට, ඔවූහු තමන්ටම කියා ගුලක් හාරා ගනියි. මෙය, පුංචි ගුලකි.
දිල්හාරා සමරනායක යනු, ‘සංයුක්ත ගණිතය’ උගන්වන සුන්දර ගුරුවරියකි. ඇය නිළියක් වීම වෙනුවට සංයුක්ත ගණිතය ඉගැන්වීම තෝරාගෙන ඇත. දැන් යථ ඇත්තේ, Reality show, සුපර් ස්ටාර් තරඟ, ටෙලිනාට්‍ය, අනියම් සබඳතා, රූපරාජිනී තරඟ තුළ නොවේ. සංයුක්ත ගණිතය යනු, කිසි දවසක විනෝදය නොතිබුණු තැනකි. එය, වියුක්ත විෂයකි. නමුත්, දිල්හාරා ගණිතය ආශා කරන තැනක් කර ඇත. ඇය සරල රේඛාව, වෘත්තය වැනි සංකේත ‘චරිත’ බවට පෙරළා ඇත. ඇය මෙසේ කියයි; ‘අපි ඒ අයට නම් දෙමු’. ඇගේ ඉගැන්වීම් සහිත වීඩියෝවක් පහත ඇත. එහි එක කොමෙන්ටුවක මෙසේ ලියා ඇත. (සංයුක්ත ගණිතයේ රඹුටන් ඇටය-ආශාව)
17.14 – අම්මෝ ඉන්න බැරි කරන්න හදන්නේ මැට්ටියේ….
එක අතකට, X කණ්ඩායමට ආ හිස්ටෙරිකයන් දැන් කොහෙද ඉන්නේ? සංයුක්ත ගණිතය?, නැටුම්?, ගෘහ නිර්මාණය?, විදේශ සබඳතා?, සාගර විද්‍යාව?, චිත්‍ර කලාව?, ලෙස්බියන් ලිංගික සබඳතා?, ස්වපීඩාව?, බහු දිශානත පිරිමි රංචු?, ප්‍රාදේශීය දේශපාලනය?, ශාක විද්‍යාව?, භාවනාව?, ජිම්නාස්ටික්?, කෙටිකතාව?, මාධ්‍යවේදය?
මේ මෑතක දී අරගලයට පැමිණි එක් ස්ත්‍රියක්, ‘විපරිත සහ සයිකෝසික’ මාස්ටර්වරයෙකුට තමන්ගේ රුධිරය චිත්‍රයක් ඇදීමට පාරවියලනය කරන ලදී. ඇය, මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකි. බාහිර ලෝකයේ ‘යථ’ නොමැතිනම්, එය තම අභ්‍යන්තරයේ දුවන රුධිරය හෝ එළියට ඇද ‘යථ’ බවට පත්කර ගත යුතුය. 19 වන සියවසේ අග දී, ඇනා O ට ෆ්‍රොයිඩ් හමු වීම නිසා, ඇගේ ශරීරය කෙතරම් රෝගී වී ඇත්දැයි ඇය උගත්තාය[phallic meaning] . සමාජයේ පවතින පසමිතුරුභාවයන් පිරිමින් මෙන් නොව ස්ත්‍රීන් තම ශරීරයට විස්ථාපනය කර ගනිති. ඇය ඒ නිසා, විඳවන්නේ මනසින් නොව ශරීරයෙනි. පසු කලෙක, ඇනා O සමාජ සේවිකාවක් වී, තමන්ව සූරා කෑවා යැයි ෆ්‍රොයිඩ්ට දෝෂාරෝපණය කරන ලදී.
Samabima party.
සමාජ යථාර්ථයේ වෙස් මුහුණු ගලවන සී +
සමන් වික්රමාරච්චි
‘අනිද්දා’ 19.06.22
මනෝ විශ්ලේෂණය කාලාන්තරයක් තිස්සේ අපට කියා දෙමින් සිටින්නේ සමාජය සහ පුද්ගලයා අතර පරතරයක් පවතින බවත් එම ඉඩ වසා දැමීමට දරණ ප්රයත්නය තුළ සංකේතීය සත්වයකු බිහිවන බවත්ය. ඊනියා සමාජ යථාර්ථයේ ව්යාජ බව වසා දැමීමට සංකේතීය වෙස් මුහුණු සමාජය විසින්ම අපට ඇති පදම් සපයා දී ඇත. මේ අතරින් කැපී පෙනෙන්නේ මුහුණු පොතයි. යථාර්ථය යනු ප්රබන්ධයක් බව මුහුණු පොත පුනරාවර්තනීය ලෙස තහවුරු කරමින් සිටී.
තමාගේ නවකතාව ට සමකාලීන බව (Contemporaneity) වැද්ද ගැනීමට සිතන කවර හෝ නවකතාකරුවකු ට යටකී ප්රවාදය මග හැර යා නොහැක. සමකාලීන ලාංකීය සමාජය නිරූපණය විය යුත්තේ සමකාලීන ලාංකීය ආත්මය විදාරණය කිරීමෙනි. විප්ලවයට පෙර ටෝල්ස්ටෝයිගේ සිට ගොගොල්,පුෂ්කින්, ඩොස්ටොව්ස්කි සහ ගෝර්කි වැනි රුසියානු නවකතාකරුවන් සමාජ පෙරළියකට දායක වූයේ එලෙස තම නවකතා මගින් තත්කාලීන රුසියානු මිනිසාගේ ආත්මීය ස්වරූපය (subjectivity) සොයා ගැනීමෙනි. විප්ලවයට පෙර අප කවර වූ සත්ව කොට්ඨාශයක්ද යන්න පිළිබඳ වැටහීමක් අපට තිබිය යුතුය.
එහෙත් අද්යතන ලාංකීය නවකතාව තාවර වන්නේ කවර ඉසව්වක ද? ඔව්හු අදේශපාලනික ලෙස යථාර්ථවාදයේ වෙස් මුහුණ ඔප මට්ටම් කරති. නාසිසස්ගේ තඩාගය බඳු වූ මුහුණු පොත, රියැලිටි විගඩම් ආදියේ සිට ඊනියා අරගලය දක්වා මේ ඔප දැමූ වෙස් මුහුණු පැළඳගත් දෘෂ්ටිවාදී සමාජයක් අපට හඳුනා ගත හැක. දෘෂ්ටිවාදය යනු යථාර්ථය වසා දමන කිසිවක් නොව යථාර්ථය පිළිබඳ සංකේතීය ගොඩ නැංවීමක් බව මෙහිදී සිහි කටයුතුය.
යටකී සංන්දර්භීය රාමුව තුළ සුරත් ද මැල්ගේ සී+ නවකතාව කැපී පෙනේනේ එයට රියැලිටි වැඩ සටහනක් ප්රස්තූත වන බැවිනි. එක් අතෙකින් එලෙස රියැලිටි ෂෝ නම්වූ වෙස්මුහුණ සුරත් ට හසුවීම ප්රශස්තය. රියැලිටි (Reality) යන වදනෙහි ශබ්ද කෝෂ අර්ථය යථාර්ථය යන්නය. මෙය එක්තරා ආකාරයකින් උත්ප්රාසනීය යෙදුමකි. එය උත්ප්රාසනීය වන්නේ අත්යන්තයෙන්ම ප්රබන්ධනීය වූ සංසිද්ධියක් යථාර්ථයක් ලෙස තොරොම්බල් කරණ බැවිනි. යථාර්ථය යනුම ප්රබන්ධයකි. මෙම නවකතාව තුළ සිදුවන්නේ එකී ප්රබන්ධය වර නැගීමය.
මේ නවකතාව ගෙතී ඇත්තේ හිස්ටෙරික ස්ත්රීන් තිදෙනෙකු මැදිකර ගනිමිනි. මා ඔවුනට හිස්ටෙරික යන නාම විශේෂණය එල්ලන්නේ ඔවුන් අනවරතව අනෙකාගෙන් තම අනන්යතාවය ප්රශ්න කරණ ස්ත්රීන් තිදෙනෙකු වන බැවිනි. දිල්,මානසී සහ මුතු යනුවෙන් හැඳින්වෙන ඔවුන් තිදෙනා සරසවි සිසුවියන් ය. දිල් සුපර් ස්ටාර් රියැලිටි වැඩ සටහනකට ලක ලෑස්ති වද්දී ඇගේ මිතුරියන් වූ මානසී සහ මුතු ඇගේ ජයග්රහණය වෙනුවෙන් කැප වෙති. (ඇත්තටම නම් ඔවුන් යුහුසුළු වන්නේ තමන්ගේම වූ ආත්ම රාගී ව්යාපෘතියක් වෙනුවෙනි) කතාව කියන්නිය වන්නේ මානසීය. ඇය යළි යළිත් අනෙකගෙන් අසමින් සිටින්නේ තමා ස්ත්රියක්ද පුරුෂයකුද යන්නයි. දිල් ගායනා කළ යුතු ගීත තෝරන්නේත්, ඇය වෙනුවෙන් සමහර ගීතයක් ප්රබන්ධ කරන්නේත් ඇයයි.
ඇත්ත නම් මේ තිදෙනා එකිනෙකා කෙරේ වන පැවැත්ම ඔවුන්ගේ ආත්මීය හිස් බව ප්රකට කරන බවය. සමාජය සහ තමා අතර ඇති පරතරය පිරවීම සඳහා ඔවුහු ෆැන්ටසි යථාර්ථ නිර්මාණය කරති. දිල්ගේ එකම අපේක්ෂාව සුපිරි තරුව බවට පත්වීමය. මේ නිසා ඇය තම මිතුරියන් දෙදෙනා තමාගේ ජයග්රහණය වෙනුවෙන් කැපව සිටියදීම තමාගේම වූ වැඩ පිළිවෙලක්ද ක්රියාවට නංවයි. එනම් ඒ සඳහා බලපෑම් කළ හැකි පිරිමින් සමග නිදි වැදීමය. ප්රශ්නය නම් ඇගේ අවිඥානක ආශාව කුමක්ද?යන්නය. ඇය තථ්ය සමාන ලෙස ජයග්රහණ ලබා ගත්තද ඒ සඳහා යම් මිලක් ගෙවීමට ඇයට සිදුවෙයි. මේ නිසා ඇගේ පැත්තෙන් ෆ්රොයිඩියානු යථාර්ථ මූලධර්මය (Reality Principle) කළමනාකරණය කර ගැනීමේ ලා ඇය අසමත් වේ.එවිට ඇය තුළ වන පෙළඹවීම නම් මෙම පරතරය කෙසේ හෝ පුරවා දැමීමය. එය ඇගේ මරණයෙන් කෙලවර වීම (death drive) සහ මානසී මුතු දෙදෙනා රට හැරයාම මේ කථා පුවත මනෝ විශ්ලේෂණීය ලෙස තර්කානු කූල අවසානයක් කරා ගෙන යයි.
මේ කාලයේ ලියවෙන බොහෝ නවකතා වල ජනප්රිය තේමාව වී ඇත්තේ උන්නතිකාමයයි. එක අතෙකින් සී+ නවකතාවද උන්නතිකාමය පිළිබඳ කතාවක් කියයි. තැපැල් පත් මගින් ගීත ඉල්ලන තරුණයකු අවසානයේදී නාලිකා ප්රධානියකුගේ තැනට ඉහලට ගිය සැටි කියවෙන පුවතක් කුරුළු හදවත නම් නවකතාවේ එයි. එම නවකතාව වූ කලී උන්නතිකාමය පිළිබඳ මහඟු ආදර්ශයකි. එහෙත් එම තරුණයා තමාගේ විවාහ උත්සවය සංවිධානය කරමින් සිටියදී ජලාශයකට වැටී මිය යයි. සුරත් ද මැල් ගේ සී+ හි දිල් සියල්ල දිනාගත් පසුවත් දිවිනසා ගැනීම දෙසට තල්ලු වීම උන්නතිකාමය කෙලවර වන්නේ මරණය හඹා යාමෙන් බව සනාථ කරයි.
මරණය හඹායාම නැතහොත් මරණාශය (death drive) යනු සියල්ල මරණයෙන් කෙලවර වනු දැකීමේ ආශාව නොවේ. ඉන් ප්රාර්ථනා කරන්නේ සදාකාලික ආත්මයක් බවට පත්වීමය. එනම් යථාර්ථය හඳුනා ගැනීම ප්රතික්ෂේප කිරීමය. තමන්ගේම රෝග ලක්ෂණ තම චරිත ලක්ෂණය ලෙස ගත් සමාජයක් තුළ කෙනෙකු සුරත් මේ ලියන්නේ මගේම කතාව නොවෙදැයි සිතීම අහම්බයක් නොවේ.
ඇත්ත. මෙම නවකතාව ස්ත්රිය නින්දිත ලෙස ලිංගික සූරා කෑමට බඳුන් වන සංසිද්ධියක් ලෙස කියවනු ලැබීමේ අවදානම ඇත. යථාර්ථවාදී සාහිත්ය විචාරයේ රෝගලක්ෂණ ගැන අපට කළහැකි කිසිවක් නැත. එය දිල් ගේ ආත්ම රාගී පරිකල්පිත යථාර්ථය පවත්නා දේශපාලන යථාර්ථයෙන් විගලිත වූ කිසිවක් බව කල්පනාවට නොගැනීමෙන් කරණ කියවීමකි. ඇය තමාගේ පරිකල්පිත යථාර්ථය පිටතද පවතින ඇත්තක් ලෙස ගනී. එහෙත් එය එසේ නොවන බව වැටහී යන විට ඇය කරන්නේ ස්වයං විනාශකාරී ෆැන්ටසි නිර්මණය කර ගැනීමය.
ඇය අර X කණ්ඩායම ඒ කාලයේ දෛව ස්ත්රිය (seductress ) ලෙස නාමකරණය කළ හිස්ටරික ගැහැනියව උපදින්නේ එලෙසය. ඇත්තටම නම් ඇය කරන්නේ තමාට ආකර්ෂණය කරගත යුතු පිරිමියා ආශා කරණ ආකෘතිය තමා බවට පත්වීමය. කොහොමටත් මෙවැනි හිස්ටෙරික ස්ත්රීන් ආකර්ෂණය වන්නේ විවාහක පිරිමින්ට තමයි. දිල් යනු ගමෙන් නගරයට පැමිණෙන තරුණියකි. මම ඔබට ගෙදර වැඩක් පවරමි. පහත දැක්වෙන උපුටා ගැනීම ට අදාල සම්බන්ධය සොයන්න. එවිට අපගේ මෙම කියවීම් වල මුල් තිබෙන්නේ කොහේදැයි ඔබට හමුවනු ඇත.
“මෙවැනි හිස්ටෙරිකයන් ධනවාදී අවසාන යුගයේ කුකුල් පැටවු මෙන් අනුරාධපුරය, ඇඹිලිපිටිය, පස්සර වැනි පරිවාර කලාප වල අභිජනනය වෙයි. චීත්ත ගවුමක් සහිතව කොළඹ විත් වැලේ වැල් නැතුව සිට එක් වරම මොවුන් සමාගම් අධ්යක්ෂවරුන්ගේ අනියම් බිරින්දන්, සරසවි සම්මාන ලබන සහය නිළියන්, රාජ්ය යන්ත්රය පිස්සු නටවන ඇමති අනියම් බිරින්දන් බවට විපරිණාමය වෙයි. මන්ද යත් ඇයට ඇත්තේ අඳුරු පැත්තක් පමණක් නිසාය.”
මේ ලැයිස්තුව ට ගණනය වී නැත්තේ රියැලිටි වැඩ සටහන් වල සුපිරි තරුව වීමේ සිහිනය දකින්නන් පමණකි. සුරත් ද මැල් එක්තරා විදියක යථාර්ථ වාදී කියවීමක් කරයි. එහෙත් මෙය ලියන ආකෘතිය යථාර්ථවාදය සමතික්රමණය කරයි. අපගේ මේ කියවීම එකී ඊනියා යථාර්ථය මයිම් නොකරයි. යථාර්ථය දිල්ගේ මරණයත් සමග මාධ්ය මගින් ලොවපුරා පතුරුවා හරිනු ලැබේ එහෙත් එහි යට ඇත්තේ පත්ලක් නොපෙනෙන බිහිසුනු අගාධයකි. එනම් යථාර්ථය මගින් නිරතුරුව වසා දමා තිබෙන යථයි. යථාර්ථමය ප්රබන්ධය තුළ මග හැර සිටින ක්ෂතිමය අවස්ථාවයි.
මෙම නවකතාවේ දේශපාලනික මානය සොයන්නකුට හමුවනු ඇත්තේ අදේශපාලනයයි. එනම් ආත්ම රාගය ඉහවහ ගිය මුහුණු පොතෙහි දේශපාලනයයි. අපට එහිදී හමුවන්නේ පන්ති දේශපාලනය නොව අනන්යතා දේශපාලනයයි. සමකාලීන සමාජ ආකෘතිය ආත්මරාගය වන බැවින් මුහුණු පොතේ සිට ඊනියා අරගල භූමිය දක්වා මේ අනන්යතා දේශපාලනය දිව යයි. තමන්ගේ එළවළු කොරටුව පවා මුහුණු පොතෙහි දමමින් විකාර කරණ සරසවි ඇදුරන් සිටින රටක දෙශපාලනයට අවශ්ය මමායනය පමණකි.
සුපිරි තරුව වීමට සිහින මවන දිල් ඊට පෙර සරසවියේ ශිෂ්ය සංවිධානයක ක්රියා කාරිනියක් ලෙස ඡන්දයට පවා ඉදිරිපත් වෙයි. ඇය සුපිරි තරුව වීමේ සටනේ සෑහෙන දුරක් ගමන් කර ජනප්රියව සිටියදී ඇයට ඡන්දය ඉල්ලීමට ආරාධනා ලැබේ. සරසවියේ ශිෂ්ය ව්යාපාර වල ඡන්ද සටන් සහ සුපිරි තරුව වීම උදෙසා වූ ඡන්ද සටන අතර වෙනසක් නැත. එම සටන් දෙකම පරායත්ත වන්නේ ආත්ම රාගයටය.
මේ මැද පන්තික කිරිල්ලියන්ගේ දේශපාලනය අරගල භූමිය පුරා දෝරේ ගලන අනන්යතා දෙශපාලනයට සමරූපී වේ. රියැලිටි වැඩ සටහන් යනු පන්ති දේශපාලනය වෙනුවට අනන්යතා දේශපාලනය තෝරා ගත් අරගලයේ වෙනත් ප්රකාශනයකි. රියැලිටි වැඩ සටහන් වල ප්රමුඛ කාර්ය භාර්ය ඉටු කරන්නේ මුහුණු පොතයි. අරගලයට පක්ෂව මුහුණු පොතේ පෝස්ටුවක් දමා ගැනීම රියැලිටි වැඩ සටහන් වල ඡන්ද දැමීම වැන්නකි.
නන්දා මාලිනිගේ පවන ගීත ගැයීමෙන් පමණක් අරගලය විප්ලවීය ව්යාපාරයක් බවට පත් නොකෙරේ. ඉන් සිදුවන එකම දේ නම් එය විකට රූපයක් බවට එළිදරව් වීම පමණකි. සජිත්ගේ පෙලපාලි වලත් පවන ගැයෙන බව සිහියට නගන්න. මෙහිදී අවධාරණය කළයුතු දේ නම් මේ විවෙචනය මගින් අසමත් ජනාධීපති වරයකු ප්රධාන පාලක පිරිසකගේ දුර්දාන්ත ක්රියා කලාපය සාධාරණීකරණය නොකරන බවය. මා මෙහි ලා සළකුණු කරන්නේ සුරත් රියැලිටි වැඩ සටහන් වල ආත්ම රාගී ස්වරූපය විදාරණය කිරීම මගින් පසු ආවර්තිත ලෙස අරගලයේ දේශපාලනය පිළිබඳ නිර්දය කියවීමක් කරණ බවය.