මේක ලියන්න හිතුනේ (වෙන මාතෘකා දාහක් හිතේ නලියද්දි) ත්‍රිමානයේ  තිබ්බ ලිපියකට දාපු කොමෙන්ටුවක් දැකලා . ඒකෙ  කියල තිබෙනවා මා  වැනි ප්‍රගතිශීලින් (මන් දන්නෙත් නැහැ මං  ප්‍රගතිශීලි ද කියල) රනිල්ට සහයෝගය දක්වනවා කියලා . ඒ කියන්නේ මෙහෙම දෙයක්. “3මාන වෙබ් අඩවියට එම කමෙන්ටු යොමු කරනා “ප්‍රගතිශීලීන්” මූලික වශයෙන් අවබෝධ කොටගෙන ඇති ප්‍රධානතම කාරනාව වන්නේ එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒම යුගයේ ප්‍රගතිශීලීම කටයුත්ත බවය. මාගේද දේශපාලන ස්ථාවරය එය වේ.”
මගේ ලිපි වලින් වත් කොමෙන්ටු වලින් වත් එහෙම දෙයක් කොහෙවත් ලියවිලා තිබෙනවද කියල මම කල්පනා කලා  ඇත්තටම? මම දන්නා විධිහට නම් නැහැ. මේ කොමෙන්ටුවෙන්  ගම්‍ය වෙන්නේ මෙහෙම දෙයක්. එක්කෝ මේ ලියන තැනැත්තා එජාපය ට ලැදී කෙනෙක්. එහම නැත්නම් වෙන මාක්ස්වාදී පක්ෂයක සාමාජිකයෙක් පොඩි ටෙස්ට් එකකට ලියපු දෙයක්.
මගේ යහළුවෙක් ඉන්නවා බොබ් චැප්මන් කියල ඇමෙරිකානු ජාතික විශ්‍රාම ලත් ඉංජිනේරුවෙක්. ඔහුගේ වෙබ් අඩවියේ ලින්ක් එක මගේ ඉංග්‍රීසි බ්ලොගයේ තිබෙනවා. මිනිහ උග්‍ර දෙවියන් අදහන  ක්‍රිස්තියානි ආගමිකයෙක්. ඒ වගේම අමෙරිකන් තේ පක්ෂයේ  “tea party movement ” http://en.wikipedia.org/wiki/Tea_Party_movement   අනුගාමිකයෙක්. මාත් එක්ක ගිය ඊමෙල සංවාදයකදී මිනිහ කිව්වා අජිත් මම ඔබේ අදේව වාදය හා මාක්ස් වාදය පිළිගන්නේ  නැහැ කියල. මන් කිව්වා බොබ් ප්‍රශ්නයක් නැහැ. මට මේ ටික කියන්න. ඔබට මිනිස්සුන්ට රස්සා  දෙන්න ඕනේ නේද? ඔව් .  ඔබේ දෙවියෝ මිනිසුන් වහලුන්  කර ගන්න  එකට සූරා කන එකට විරුද්දයි නේද? ඔව්. ඔබට ඔබම ගත්ත නය ගෙවන්න ඕනේ නේද? ඔව් ඇමෙරිකාවේ මිනිස්සු හැමෝම නය වෙලා නේද? ඔව් . ධනපතියෝ තව පෝසත් වෙනවා නේද?  ඔව්. ධනපතියෝ ඔයිට වැඩිය අඩුම ගානේ   දෙවියෝ කිව විධිහටවත්  ඉන්න ඕනේ නේද? ඔව්. ඔබට ඇමෙරිකන් රාජ්‍ය මැදිහත්වීම අඩු කරන්න ඕනේ නේද? ඔව්. නය අඩු කරන්න ඕනේ නේද? ඔව් රජය අහෝසි වෙලා යනවට ඔබ කැමති නේද ? ඔව් ඔබේ පළාතේ මිනිස්සු පළාතේ වැඩ තම තමන් විසඳ ගන්න හදනවා  නේද?  ඔව් . ඉතින් බොබ් මාක්ස් කියන්නෙත් ඕකමනේ? …බොබ්   බොබ්…සුමානෙකට පස්සේ බොබ් ලියනවා  අජිත් ඒ වුනාට මම නිදහස් ආයෝජනයට, නිදහස් වෙළදාමට  කැමතියි. දියුණුවෙන්න පුළුවන් ඒකෙන් විතරයි. බොබ් යුරෝපේ හෙම නය වෙලා නිසා ආයෝජනය කරන්න එන්නේ අදේවවාදී චීන කොමියුනිස්ට් කාරයොයි රුස්සෝ ටිකයි නේද? ඔව්–බොබ් දැනට ඇමෙරිකාවේ ඔත්තු සංවිධාන මාක්ස්වාදීන් හොරෙන් ඝාතනය කරලා (බොබ් ඔබේ යහලුවත් එතනට ඇතුලත්) , නැති කරලා දාන නිසා අඩුම ගානේ  අන්ත දක්ෂිණාංශික බවක් පෙනුනත් රජය අහෝසි කරන්න කැප වෙලා ඉන්න නිසාත් , ඔබ හොඳ  පුද්ගලයෙකු නිසාත්  ඔය පක්ෂෙන් හරි ඇමෙරිකාවේ ඔය ක්‍රමයට හා ඔබාමාට විරුද්ධව සටන් කරන එකට මගේ වචනෙන් හරි සහයෝගය දෙනවා. අජිත් බොහොම ස්තුතියි. අදේවවාදියෙක් වුනත් ඔබ හිතන්නෙත් අපි හිතන විධිහට. පිස්සුද බොබ් මම කල්පනා කරන්නේ ඔබේ පවතින තත්වයට සාපේක්ෂව. ….

දැන් රනිල් ඇතුළු විපක්ෂේ ඔය කියන තරම්ම හොඳ නැහැ. පුබුදු ජයගොඩ කියනවා වගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව රනිල් ගේනවා මටත් මතකයි. එහෙම කෙනෙක් මැරිලා උපදින්න විධිහක් නැහැ. රනිල් කවදාවත් පන්ති අරගලයකට සහයෝගය දෙන්නෙත් නැහැ. ඒ නිසා මම එජාපය බලයට ගෙන ඒම  හෝ රනිල් සජිත් බලයට ගෙන ඒම  ප්‍රගතිශීලි කියල කවදාවත් හිතන්නේ නැහැ.නමුත් පවතින අසාමාන්‍ය ලෙස බෙලහීන විපක්ෂයේ බෙල්ලට පොලුපාරවල්  දෙන්නත් මට ඕන කමක් නැහැ. ගහ මරා  ගන්නේ නැතුව ඕන දේශපාලනයක්.
ත්‍රිමාණ යේ කොමෙන්ටුව: http://104.244.127.152/~mana/%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8-%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D/#comment-6748

ඔබේ අදහස කියන්න...

17 COMMENTS

  1. පඩේ සද්දෙ වැහුවට ගද මකන්ඩ බෑ නේද? අරගලය තිබෙන්නේ සමාජවාදය හෙට ඇතිවීම පිණිස නෙමෙයි නේද? කොහෙන් කැරකිලා හරි මහින්දටම කෙලින්න කැමති අයට හෝ එසේ වීම පිණිස සිතන අයට මේ අදහස් හොදයි. පොන්න වම්මුන්ගෙ ඇස් 2009 දි පුකේද තිබුණෙ? ගහල හරි මරල හරි ලංකාව ඇමරිකාව කරමු. මගේ පැතුම එයයි. මම ජනාධිපති වුණොත් ලංකාව ඇමරිකාවෙ ප්‍රාන්තයක් කරල බාර දෙනව. එතකොට තොපිට ශිෂ්ට විදිහට කන්න හුකන්න නිදියන්න මැරෙන්න etc….පුළුවන්…

  2. එහෙම එකක්ද මිනිහෝ මේ කියන්නේ. කට තිබ්බට කියවන්න ඉගෙන ගෙන නැහැ වගේ. “ඒ නිසා මම එජාපය බලයට ගෙන ඒම හෝ රනිල් සජිත් බලයට ගෙන ඒම ප්‍රගතිශීලි කියල කවදාවත් හිතන්නේ නැහැ.” ඒ කෑල්ලත් කියෙව්වද ? කොහෙද කවුද කොතනද කියල තියෙන්නේ රට ඇමෙරිකාවේ ප්‍රාන්තයක් කරමු කියල ? තමන්ම පඩ ඇරලා ගඳේ ඉන්න එකාට අනිත් දේවල් තේරෙන්නේ නැහැ තමයි.

    • ගමරාලලට සිංහල ජාතියේ පිහිටයි. වාසනාවයි. තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සෙලාගෙ ආනුභාවයි. ලැබෙන්ට ඕනෙ. මයෙ පුතාට දෙගුණෙ නැත්තං මේ කතාව මෙහෙමයි. මගේ ඇමරිකන් කතාව මට අනන්‍ය එකක්. ඒක උඹේ නෙමෙයි. උඹේ ලිපියෙ තිබුණු ඇමරිකන් කතාව මගේ පැතුම නොවෙයි. උඹට වගේ ඇමරිකාව කියන කොට මට ඇගේ පලු දාන්නෙ නෑ. උඹේ කතාව වලංගු පුබුදු ජයගොඩලට, නිර්මාල්ලට, ජෙප්පන්ට මිසක් මට නෙමෙයි. පඩ කතාව වෙන එකක්. ඒක පරණ කතාවක්. හිස්තැන් පුරවන්ට මට ඕනෙ කමක් නෑ.

      ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ගැන මගේ ස්ථාවරය විෂම ලිංගික ප්‍රේමවන්තයන් අතර ඇති අවබෝධයක්. යූ.එන්.පී. එක ගැන මගේ ස්ථාවරය සමලිංගිකයන් සදහා මම දක්වන ප්‍රජාතන්ත්‍රවාදයයි. මම නියෝජනය කරන්නෙ තාත්තලාවයි. ඒක විතරක් දැනගනිං. මම තාත්ත කෙනෙක්. ළමයි පස්දෙනෙක්ගේ පියෙක්. උඹ තාම …….. ගහන කොල්ලෙක්.

      • මචන් ඇමෙරිකාවේ මතක් වෙනකොට පලු නගින තරම් භයක් වත් අලර්ජියක් වත් නැහැ. ඇමෙරිකන් ක්‍රමය මගේ ක්‍රමය නෙමේ. ඒක ශපිරෝ ලට කියහන්. අනික ළමයි පස් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක් නම් උඹත් දැන් ……ගහන පොරක් වෙන්න ඕනේ

  3. “යුරෝපා දියුණු රටවල සියලු ප්‍රශ්න විසඳා නැත. නමුත් නිතිය පිළිපදින පොලිසියක් , හමුදාවක් , ජනතාවක් හා දේශපාලකයන් ඒ රටවල් වල සිටිති.” AJITH

    ඉහත වාක්‍යන් දෙකින් ගම්‍ය වන්නේ අජිත් නමැත්තාගේ දේශපාලන ස්ථාවරය වේ. එබැවින් වැඩි වැඩි කතා අවශ්‍ය නැත. ඔබගේ දේශපාලන ස්ථාවරයේ පදනම සහ ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ දේශපාලන ස්ථාවරයේ පදනම එක සමානය. ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ දේශපාලන ස්ථාවරය වන්නේද “ශිෂ්ටත්වයේ සිහිනයයි”. එනම් බටහිර ශිෂ්ටත්වයයි. පිරිවෙන හන්දියෙන් ඇතුලට ගිය විට ඇති නිවසේ පවත්වාගෙන යන ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයත් ඊට ටිකක් එහායින් පිහිටි බෙලෙක් කඩේ අන්දියේ පිහිටා ඇති සීමා සහිත ජිප්සීස් එන්ට්‍රප්‍රයිසස් ආයතනයේ දේශපාලන ස්ථාවරයත් යනු දෙකක් නොව එකකි. ජිප්සීස් යනු සුනිල් පෙරේරාය. ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය යනු දීප්තිය. “සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු….බලාලා ඉගන ගන්න කියමු අපි…. කියන ගීතය මුලින්ම ගායන කරන ලද්දේ X කණ්ඩායම විසිනි. ඒ “ශිෂ්ටත්වයේ සිහිනය” නම් තේමාව යටතේය. එහිදී X කණ්ඩායම ගෙන ආ මූලික සංවාදය වුයේ “සංකේත පියා ” සංවාදයයි. ඒ අනුව යමින් ඔවුන් කියා සිටියේ ලාංකිකයින් අශිෂ්ට බවත් යෝරෝපීයන් ශිෂ්ට බවත්, යෝරෝපීයන්-ඇමරිකානුවන් දිවුණු බවත්, ලාංකිකයන් නොදියුණු බවත්, එහි උසස් කළා කෘතීන් ඇති බවත් මෙහි නැති බවත් ලාංකික සිංහලයින් මෝඩ කම්මැලියන් බවත් යෝරෝ- ඇමෙරිකානුවන් බුධිමත් කාර්යශූර මිනිසුන් බවත්, ඔවුනට මහා සම්ප්‍රධායන් ඇති බවත් අපට නැති බවත්ය. අවශ්‍ය නම් ඉහත කාරනා තවත් දිගු කල හැකිය.

    ඒ අනුව X කණ්ඩායම තම දේශපාලන ව්‍යාපෘතිහි මූලික කල එලි බැසීම වුයේ මූලික අවශ්‍යතාවයක් ලෙස නීතිය සහ පිළිවෙල ස්ථාපිත කල යුතුය යන්නයි. එදා මෙදා තුර ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ එම ස්ථාවරය වෙනසකට ලක්වී නොමැත. ඒ සඳහා දීප්ති මහතාගේ නාරද සමග වන අලුත්ම සංවාදය බලන්න ( ඊට අදාළ කමෙන්ටුවක් මා විසින් යොමු කොට ඇත එය මෙම කමෙන්ටුව අවසානයේ නැවතත් පහතින් දක්වමි).

    මා දීප්ති කුමාර මහතාගේ දේශපාලන ස්ථාවරය සමග සපුරා එකඟය. නමුත් දීප්ති කුමාර මහතාගේ පක්ෂයේ සාමාජිකයෙකු ෆේස් බුක් චැට් එකකදී මා සමග ප්‍රකාශ කොට සිටියේ “පක්ෂය” යනු දීප්ති නොවන බවය. දීප්ති යනු එක් අයෙකු පමණක් බවය. තවද එම පක්ෂයට සම්බන්ධ තවත් අයෙකු මා සමග දුරකතනයෙන් කතා කරමින් එම අදහසම ප්‍රකාශ කරනා ලදී. ඒ අනුව මට හැඟී යන්නේ දීප්ති මහතා සහ පක්ෂය අතර පරතරයක් පවතිනා බවය. නමුත් එය එසේ නම් ඒවා කතා පමණක් හෝ වෘෂණ කෝෂ තුල ශුක්‍රානු සිරවී දඟලීම්ය. පසුගිය දිනක 2004 දී ඉවත් වූ X කණ්ඩායමේ පැරණි සාමාජිකයෙකු මා සමග ප්‍රකාශ කොට සිටියේ දැන් නැවතත් දීප්තිගේ කට්ටියගේ කන්ඩනයක් බලාපොරොතු වීමට කාලය හරි බවය. මා එවිට ඔහුගෙන් ප්‍රශ්න කොට සිටියේ 10 වසරකට වරක් එසේ වීමට නියමිත වන්නේ කෙස්ද යන්නයි. ඔහු එවිට අපූරු තර්කයක් මා වෙත ගෙන ආවේය. එය මෙසේය. “දැන් අපි ඇවිල්ල අවුරුදු 10ක් වෙනවා. අපි එන කොට ඉතුරු උන අය සහ පසුව ආපු අය ඒ වෙනකොට වයස 20, 22, 24 වගේ නම් දැන් 30, 32, 34, 37 වයස් වල ඉන්නේ. දැන් උන්ට බඳින්න ඕන. අන්න ඒකයි ලොජික් එක කියලා හිනා උනා.

    2004දී ඉවත් වූ පතාක යොදයන් මේ වන විට පවුල් වී ළමා ළපටින් සමග ජීවත් වේ. නමුත් දීප්ති කා සමග හෝ එකතුවී හැදෑරීමේ සහ තම පොත් ලිවීමේ කටයුතු කරමින් සිටී.

    රත්මලානේ බෙලෙක් කඩේ හන්දියේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ එදා මෙදා තුර නොනැසී පවතිනා සුවිශේෂී චරිතය වන්නේ සුනිල් පෙරේරාය. ඔහුගේ කණ්ඩායමේ සිටි ඔහුගේ සහෝදරයින් පවා කණ්ඩායම හැරදා ගියද ජිප්සීස් තවමත් පවතී. ඒ ජිප්සීස් යනු සුනිල් පෙරේරාම වන බැවිනි. සියල්ලන් කණ්ඩායම හැරදා ගියද ජිප්සීස් නොනැසී පැවතීම මෙන්ම සියල්ලම දීප්ති හැරදා ගියද ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය එසේම පවතිනු ඇත.

    2004 කන්ඩනයෙන් පසුව දීප්ති මහතා අපූරු කතාවක් ලිවීය. ඒ නයි සහ නයි නටවන්නාගෙ කතාවය. නයි නටවන්නේ දීප්ති මහතාය එබැවින් නයින්ගේ කාර්ය වන්නේ නැටීමය. නයි නටවන්නාගේ කාර්ය වන්නේ නයි ඔහු හැරදා ගිය පසු අලුත් නයි ටිකක් සොයා ගන්න එක පමණකි.

    ලෙනින්ගෙන් ස්වායත්ත බෝල්ෂෙවික් පක්ෂයක් නොවීය. ප්‍රභාකරන්ගෙන් ස්වායත්ත LTTEයක් නොමැත. එබැවින් ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය යනු දීප්තිය. දීප්තිගන් ස්වායත්ත “පක්ෂයක්” පවතින්නේ කොහෙද? ඔවුන් ලියා ඇති දෑ මොනවාද ? ඔවුන් කවුද? එවන් අය නොමැත.

    එබැවින් දීප්ති මහතා අනුව යමින් මෙම යුගයේ අප සියලු දෙනාගේ කාර්ය විය යුත්තේ එකසත් ජාතික පක්ෂය බලයට ගෙනවිත් නීතිය සහ පිළිවෙල ස්ථාපිත කොට යහ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගා ගැනුමය.
    දීප්ති කුමාර ගුණරත්නට ජයවේවා.

    දීප්ති මහතාගේ පිපාසයට දිය පොදක් වෙත යොමු කරන ලද කමෙන්ටුව.

    ඉතාමත්ම කාලෝචිත විග්‍රහයකි. පැහැදිලි කර ගැනීමේ පහසුව තකා මෙම විග්‍රහය මූලික කොටස් තුනකට බෙදා වෙන් කොට ගත හැකිය.

    1. පවතින්නේ නව ලිබරල් වාදයෙන් පසුව ඇතිවී ඇති ධනවාදී සත්වාදයකි ( Capitalist Realism ). නමුත් එය මෙහයවීම සඳහා ඇමරිකාව විසින් ගොඩනගන ලද Counter-insurgency යන්න ගොඩනැගුනේ ජිමී කාටර්ගේ පාලන සමයෙහිය. ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් ඇප කැප වූ නායකයෙකු වන කාටර් දුර දක්නා නුවණකින් යුතුව කට උතු කොට යථාමය සමාජයක් සඳහා අදාළ වන න්‍යායක් ගොඩ නගා ඇත්තේ එවැනි තත්වයක් ඇති වීමට බොහෝ කලකට පෙටය. ඒ 1977 සිට 1981 දක්වා වූ ඔහුගේ පාලන සමයෙහිය. එනම් රොනල්ඩ් රේගන්ටද ප්‍රථමයෙනි.

    2. මේ වන විට පවතින්නේ ධනවාදී සත්වාදයකි ( Capitalist Realism ) එය නව ලිබරල්වාදයට පසු තත්වයකි. ඒ අනුව මෙවැනි සත්වාදී සමාජයක ධනවාදී පාලන තන්ත්‍රයක් කටයුතු කල යුතු අකාරය පිළිබඳව න්‍යාය ගොඩ නැගී ඇත්තේ දැනට වසර 36කට පමණ පෙරදීය. ඒ පිළිබඳව හොඳින් හදාරා ඇති රාජපක්ෂ රෙජීමය දැන් එය ක්‍රියාවේ යොදවති. Counter-insurgency යන්න ගොඩනැගුනේ ක්‍රම විරෝධී අර්ථයක් දරාගත් වාමාංශික ව්‍යාපාර දුර්වල කිරීම සඳහාය. ඒ අනුව යමින් දැන් ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් රාජපක්ෂලා එම න්‍යාය භාවිතා කරයි. ඉහත විග්‍රහයට රාජපක්ෂලා ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් ඇප කැප වන විට රනිල් ඇතුළු විපක්ෂය ධනවාදයට එරෙහි වාම එකමුතුවකි. නමුත් ධවාදයට එරෙහි රනිල් ප්‍රමුඛ විපක්ෂයට රාජපක්ෂ රෙජීමය පෙරලා දමන්නේ කෙසේද යන්න පිලිබඳව අවබෝධයක් නොමැතිව ඔබ මොබ ඇවිදිමින් සිටී. ඒ අනුව වාමාංශික රනිල්ලා ධනවාදී රාජපක්ෂ රෙජීමයට එරෙහිව අලුත් විදියට සංවිධානය විය යුතුය.
    3. සිංහලයෝ මෝඩයෝය. සුද්දන් එසේ නොමැත. ලාංකීය සමාජයේ දැවෙන ප්‍රශ්නය වන්නේ රාජපක්ෂ රෙජීමය විසින් පවත්වාගෙන යන ධනවාදයයි. එබැවින් එය පෙරලා දැමීම සඳහා එක්කෝ රනිල් ඇතුළු බුද්ධිමතුන් කාමර තුලට වී හැදෑරිය යුතුය. නැතිනම් ඒ පිළිබඳව කෙල පැමිණ ඇති දීප්ති කුමාර මහතා උපදේශක කොට ගත යුතුය. නමුත් මාගේ අවබෝධය අනුව රාජපක්ෂ රෙජීමය පෙරලා දැමිය හැකි කෙටිම මාර්ගය වන්නේ දීප්ති මහතා විපක්ෂ සන්ධානයේ උපදේශක කර ගැනීම බවය. ඉහත විග්‍රහය තුලින් මා ලැබූ මහඟු අවබෝධය එයයි.

  4. නොතේරෙන අයට: දක්ෂිණාංශික පක්ෂයක සාමාජිකයකු වුවත් , දෙවියන් ඇදහුවත් , සමාජයට හොඳක් සිදුවිය යුතු යයි හිතන , මිනිසුන් සූරා නොකන. අනවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම් හෙලා දකින පිරිසක් සිටිති. ඔවුන් ගේ සහයෝගය අවශ්‍යයි. ඔවුන්ට සහයෝගය දීම යනු ඔවුන්ගේ සාධනීය මැදිහත් වීමට සහය දීමයි.
    ඒ අතරේ අතීතය ප්‍රශ්න කාරී වන , වර්තමානය අවුල්, අනාගතය දැකිය නොහැකි රනිල්ලාත් සිටිහි.
    නමුත් ප්‍රජාතන්ත්‍ර වාදී යයි කියන රජයකට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. නැත්නම් එය ප්‍රජාතන්ත්‍ර වාදී වන්නේ කෙසේද?

  5. ඇයි මගේ කමෙන්ටුව දැම්මේ නැත්තේ ? මම අපහු ඒක එවනවා.

  6. “යුරෝපා දියුණු රටවල සියලු ප්‍රශ්න විසඳා නැත. නමුත් නිතිය පිළිපදින පොලිසියක් , හමුදාවක් , ජනතාවක් හා දේශපාලකයන් ඒ රටවල් වල සිටිති.” AJITH

    ඉහත වාක්‍යන් දෙකින් ගම්‍ය වන්නේ අජිත් නමැත්තාගේ දේශපාලන ස්ථාවරය වේ. එබැවින් වැඩි වැඩි කතා අවශ්‍ය නැත. ඔබගේ දේශපාලන ස්ථාවරයේ පදනම සහ ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ දේශපාලන ස්ථාවරයේ පදනම එක සමානය. ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ දේශපාලන ස්ථාවරය වන්නේද “ශිෂ්ටත්වයේ සිහිනයයි”. එනම් බටහිර ශිෂ්ටත්වයයි. පිරිවෙන හන්දියෙන් ඇතුලට ගිය විට ඇති නිවසේ පවත්වාගෙන යන ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයත් ඊට ටිකක් එහායින් පිහිටි බෙලෙක් කඩේ අන්දියේ පිහිටා ඇති සීමා සහිත ජිප්සීස් එන්ට්‍රප්‍රයිසස් ආයතනයේ දේශපාලන ස්ථාවරයත් යනු දෙකක් නොව එකකි. ජිප්සීස් යනු සුනිල් පෙරේරාය. ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය යනු දීප්තිය. “සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු….බලාලා ඉගන ගන්න කියමු අපි…. කියන ගීතය මුලින්ම ගායන කරන ලද්දේ X කණ්ඩායම විසිනි. ඒ “ශිෂ්ටත්වයේ සිහිනය” නම් තේමාව යටතේය. එහිදී X කණ්ඩායම ගෙන ආ මූලික සංවාදය වුයේ “සංකේත පියා ” සංවාදයයි. ඒ අනුව යමින් ඔවුන් කියා සිටියේ ලාංකිකයින් අශිෂ්ට බවත් යෝරෝපීයන් ශිෂ්ට බවත්, යෝරෝපීයන්-ඇමරිකානුවන් දිවුණු බවත්, ලාංකිකයන් නොදියුණු බවත්, එහි උසස් කළා කෘතීන් ඇති බවත් මෙහි නැති බවත් ලාංකික සිංහලයින් මෝඩ කම්මැලියන් බවත් යෝරෝ- ඇමෙරිකානුවන් බුධිමත් කාර්යශූර මිනිසුන් බවත්, ඔවුනට මහා සම්ප්‍රධායන් ඇති බවත් අපට නැති බවත්ය. අවශ්‍ය නම් ඉහත කාරනා තවත් දිගු කල හැකිය.
    ඒ අනුව X කණ්ඩායම තම දේශපාලන ව්‍යාපෘතිහි මූලික කල එලි බැසීම වුයේ මූලික අවශ්‍යතාවයක් ලෙස නීතිය සහ පිළිවෙල ස්ථාපිත කල යුතුය යන්නයි. එදා මෙදා තුර ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ එම ස්ථාවරය වෙනසකට ලක්වී නොමැත. ඒ සඳහා දීප්ති මහතාගේ නාරද සමග වන අලුත්ම සංවාදය බලන්න ( ඊට අදාළ කමෙන්ටුවක් මා විසින් යොමු කොට ඇත එය මෙම කමෙන්ටුව අවසානයේ නැවතත් පහතින් දක්වමි).
    මා දීප්ති කුමාර මහතාගේ දේශපාලන ස්ථාවරය සමග සපුරා එකඟය. නමුත් දීප්ති කුමාර මහතාගේ පක්ෂයේ සාමාජිකයෙකු වන ඩස්කොන් මහතා ෆේස් බුක් චැට් එකකදී මා සමග ප්‍රකාශ කොට සිටියේ “පක්ෂය” යනු දීප්ති නොවන බවය. දීප්ති යනු එක් අයෙකු පමණක් බවය. තවද එම පක්ෂයට සම්බන්ධ තවත් අයෙකු මා සමග දුරකතනයෙන් කතා කරමින් එම අදහසම ප්‍රකාශ කරනා ලදී. ඒ අනුව මට හැඟී යන්නේ දීප්ති මහතා සහ පක්ෂය අතර පරතරයක් පවතිනා බවය. නමුත් එය එසේ නම් ඒවා කතා පමණක් හෝ වෘෂණ කෝෂ තුල ශුක්‍රානු සිරවී දඟලීම්ය. පසුගිය දිනක 2004 දී ඉවත් වූ X කණ්ඩායමේ පැරණි සාමාජිකයෙකු මා සමග ප්‍රකාශ කොට සිටියේ දැන් නැවතත් දීප්තිගේ කට්ටියගේ කන්ඩනයක් බලාපොරොතු වීමට කාලය හරි බවය. මා එවිට ඔහුගෙන් ප්‍රශ්න කොට සිටියේ 10 වසරකට වරක් එසේ වීමට නියමිත වන්නේ කෙස්ද යන්නයි. ඔහු එවිට අපූරු තර්කයක් මා වෙත ගෙන ආවේය. එය මෙසේය. “දැන් අපි ඇවිල්ල අවුරුදු 10ක් වෙනවා. අපි එන කොට ඉතුරු උන අය සහ පසුව ආපු අය ඒ වෙනකොට වයස 20, 22, 24 වගේ නම් දැන් 30, 32, 34, 37 වයස් වල ඉන්නේ. දැන් උන්ට බඳින්න ඕන. අන්න ඒකයි ලොජික් එක කියලා හිනා උනා.
    2004දී ඉවත් වූ පතාක යොදයන් මේ වන විට පවුල් වී ළමා ළපටින් සමග ජීවත් වේ. නමුත් දීප්ති කා සමග හෝ එකතුවී හැදෑරීමේ සහ තම පොත් ලිවීමේ කටයුතු කරමින් සිටී.

    රත්මලානේ බෙලෙක් කඩේ හන්දියේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ එදා මෙදා තුර නොනැසී පවතිනා සුවිශේෂී චරිතය වන්නේ සුනිල් පෙරේරාය. ඔහුගේ කණ්ඩායමේ සිටි ඔහුගේ සහෝදරයින් පවා කණ්ඩායම හැරදා ගියද ජිප්සීස් තවමත් පවතී. ඒ ජිප්සීස් යනු සුනිල් පෙරේරාම වන බැවිනි. සියල්ලන් කණ්ඩායම හැරදා ගියද ජිප්සීස් නොනැසී පැවතීම මෙන්ම සියල්ලම දීප්ති හැරදා ගියද ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය එසේම පවතිනු ඇත.
    2004 කන්ඩනයෙන් පසුව දීප්ති මහතා අපූරු කතාවක් ලිවීය. ඒ නයි සහ නයි නටවන්නාගෙ කතාවය. නයි නටවන්නේ දීප්ති මහතාය එබැවින් නයින්ගේ කාර්ය වන්නේ නැටීමය. නයි නටවන්නාගේ කාර්ය වන්නේ නයි ඔහු හැරදා ගිය පසු අලුත් නයි ටිකක් සොයා ගන්න එක පමණකි.
    ලෙනින්ගෙන් ස්වායත්ත බෝල්ෂෙවික් පක්ෂයක් නොවීය. ප්‍රභාකරන්ගෙන් ස්වායත්ත LTTEයක් නොමැත. එබැවින් ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය යනු දීප්තිය. දීප්තිගන් ස්වායත්ත “පක්ෂයක්” පවතින්නේ කොහෙද? ඔවුන් ලියා ඇති දෑ මොනවාද ? ඔවුන් කවුද? එවන් අය නොමැත.
    එබැවින් දීප්ති මහතා අනුව යමින් මෙම යුගයේ අප සියලු දෙනාගේ කාර්ය විය යුත්තේ එකසත් ජාතික පක්ෂය බලයට ගෙනවිත් නීතිය සහ පිළිවෙල ස්ථාපිත කොට යහ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගා ගැනුමය.
    දීප්ති කුමාර ගුණරත්නට ජයවේවා.

    දීප්ති මහතාගේ පිපාසයට දිය පොදක් වෙත යොමු කරන ලද කමෙන්ටුව.

    ඉතාමත්ම කාලෝචිත විග්‍රහයකි. පැහැදිලි කර ගැනීමේ පහසුව තකා මෙම විග්‍රහය මූලික කොටස් තුනකට බෙදා වෙන් කොට ගත හැකිය.

    1. පවතින්නේ නව ලිබරල් වාදයෙන් පසුව ඇතිවී ඇති ධනවාදී සත්වාදයකි ( Capitalist Realism ). නමුත් එය මෙහයවීම සඳහා ඇමරිකාව විසින් ගොඩනගන ලද Counter-insurgency යන්න ගොඩනැගුනේ ජිමී කාටර්ගේ පාලන සමයෙහිය. ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් ඇප කැප වූ නායකයෙකු වන කාටර් දුර දක්නා නුවණකින් යුතුව කට උතු කොට යථාමය සමාජයක් සඳහා අදාළ වන න්‍යායක් ගොඩ නගා ඇත්තේ එවැනි තත්වයක් ඇති වීමට බොහෝ කලකට පෙටය. ඒ 1977 සිට 1981 දක්වා වූ ඔහුගේ පාලන සමයෙහිය. එනම් රොනල්ඩ් රේගන්ටද ප්‍රථමයෙනි.

    2. මේ වන විට පවතින්නේ ධනවාදී සත්වාදයකි ( Capitalist Realism ) එය නව ලිබරල්වාදයට පසු තත්වයකි. ඒ අනුව මෙවැනි සත්වාදී සමාජයක ධනවාදී පාලන තන්ත්‍රයක් කටයුතු කල යුතු අකාරය පිළිබඳව න්‍යාය ගොඩ නැගී ඇත්තේ දැනට වසර 36කට පමණ පෙරදීය. ඒ පිළිබඳව හොඳින් හදාරා ඇති රාජපක්ෂ රෙජීමය දැන් එය ක්‍රියාවේ යොදවති. Counter-insurgency යන්න ගොඩනැගුනේ ක්‍රම විරෝධී අර්ථයක් දරාගත් වාමාංශික ව්‍යාපාර දුර්වල කිරීම සඳහාය. ඒ අනුව යමින් දැන් ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් රාජපක්ෂලා එම න්‍යාය භාවිතා කරයි. ඉහත විග්‍රහයට රාජපක්ෂලා ධනවාදයේ ආරක්ෂාව වෙනුවෙන් ඇප කැප වන විට රනිල් ඇතුළු විපක්ෂය ධනවාදයට එරෙහි වාම එකමුතුවකි. නමුත් ධවාදයට එරෙහි රනිල් ප්‍රමුඛ විපක්ෂයට රාජපක්ෂ රෙජීමය පෙරලා දමන්නේ කෙසේද යන්න පිලිබඳව අවබෝධයක් නොමැතිව ඔබ මොබ ඇවිදිමින් සිටී. ඒ අනුව වාමාංශික රනිල්ලා ධනවාදී රාජපක්ෂ රෙජීමයට එරෙහිව අලුත් විදියට සංවිධානය විය යුතුය.
    3. සිංහලයෝ මෝඩයෝය. සුද්දන් එසේ නොමැත. ලාංකීය සමාජයේ දැවෙන ප්‍රශ්නය වන්නේ රාජපක්ෂ රෙජීමය විසින් පවත්වාගෙන යන ධනවාදයයි. එබැවින් එය පෙරලා දැමීම සඳහා එක්කෝ රනිල් ඇතුළු බුද්ධිමතුන් කාමර තුලට වී හැදෑරිය යුතුය. නැතිනම් ඒ පිළිබඳව කෙල පැමිණ ඇති දීප්ති කුමාර මහතා උපදේශක කොට ගත යුතුය. නමුත් මාගේ අවබෝධය අනුව රාජපක්ෂ රෙජීමය පෙරලා දැමිය හැකි කෙටිම මාර්ගය වන්නේ දීප්ති මහතා විපක්ෂ සන්ධානයේ උපදේශක කර ගැනීම බවය. ඉහත විග්‍රහය තුලින් මා ලැබූ මහඟු අවබෝධය එයයි.

    • Remember, this is your interpretation. There are some others. A leader can’t just walk in and do things their way.
      Question is without Deepthi , you are enable to do anything.
      Party and leadership are two different things. One is empty and other is knowledge. To some extend Leader is a analytic Master.
      Why don’t you talk about Champika , FUTA former Leader Dr. Nirmal , Mahinda Rajapakshe, P. M. Jayasundera, Dammika
      Perera, Sumal Perera, Ravi Wijeratne, Kathika Don Kumudu Kusum and others….. Did you say Hela Urumaya is Champika ?
      Did you say UNP is Ranil ?……Why don’t you tell something about yourself ? Why did you worry about Our Party ?
      Opinions and theories are having two Ontos . Your stand is a opinion….. Opinion of a x past….

    • වාක්‍ය දෙකකින් කාගේ හරි දේශපාලන ස්ථාවරයක් හෙළිදරව් කරගන්න ඔබ අතිදක්ෂ දර්ශනවාදියෙකු වෙන්න ඕනේ. එහෙම නැත්නම් සතරකරයෙක් වෙන්න ඕනේ. මට නම් පෙන්නේ සාස්තර කාරයෙකු විදියට. “වාක්‍ය බලා සාස්තර කියනු ලැබේ” කියල බෝඩ් එකක් ගහ ගන්න.
      මෙන්න මේ මගේ ලිපිය බලල කියන්න පුලුවන්ද මම ඇමෙරිකාව ගැන හිතන හැටි: http://kolambagamaya.blogspot.co.uk/2014/04/1_29.html
      මට ලංකාව පිලිබඳ අමුතු ශිෂ්ටත්වයේ සිහිනයක් වත් ලංකාව යුරෝපයක් වෙන්න ඕනේ කියලවත් අදහසක් නැහැ. මම ලිව්වේ බොහොම සරල දෙයක්. එංගලන්තයේ සහ ජර්මනියේ දැනට වඩාත්ම ප්‍රචලිත වීගෙන යන දහම තමා බුද්ධ දර්ශනය.මම ජර්මන් ගමකට ගිය වෙලාවේ එහි යුවලක් දුවගෙන ආව මාව හමුවෙන්න. ඔවුන්ට බුද්ධ දර්ශනය ගැන අහ ගන්න. මම ලංකාවේ වැව දාගැබ ගම ගැන කියා දීල මිනිස්සු ආගම ඇදහු හැටි කියා දුන්න. හැබැයි මම කිව්වා ටැටූ ගහ ගෙනනම් යන්න එපා ලංකාවට ත්‍රීවිල් කට්ටියයි පොලිසියයි අදහන්නේ ටිකක් වෙනස් ආගමක් කියල.
      මන් කියන්න යන දේ වටහා ගන්න පුලුවන්ද?
      ඊළඟට ඔය ඔබ රකින ශිෂ්ටත්වය පාරේ බල්ලෙක් දැක්කොත් ගලකින් ගහනවා., අලුත උපන් බලු පැටව් පන්සල් වත්තට ගිහින් දානවා. එහෙම නැත්නම් නොදැක්ක වගේ වෑන් එක කපනවා. හැබැයි ඊට පස්සේ පන්සලට ගිහින් පානතිපාතත් කියනවා. එංගලන්තේ පාරේ බල්ලෙක් දැක්කොත් RSPCA එකට කතා කරලා දෙනවා. ලංකාවේ බල්ලන්ට ඉන්න තැනක් හදන්න සල්ලි එකතු කරන කනතවකුත් මට හමු වුණා. මේ වෙනස ඔබ තේරුම් ගන්නේ කොහොමද?
      අපරාධකරයෙකුට නිතිය ඉදිරියට පමුණුවා දඬුවම් දීම අගය කරන ජනතාවක් , හා ආයුධ පෙන්වන්න ගිහින් අපරාධකාරයා තමන්ට වෙඩි තබා ගැනීම අගය කරන ජනතාවක් හඳුනා ගන්නේ කෙසේද?

      මම මගේ බ්ලොගයේ වැදගත් සාකච්චාවක් යනවා සමාජ සුභ සාධක ලියන බ්ලොගයේ මිතුරා සමග. මාක්ස් ගේ ලාභය පිලිබඳ නියමය ආදිය ගැන. ඒ නිසා මිට වඩා දිග උත්තරයක් ලියන්න වෙලාවක් නැහැ.

  7. ජයන්ත සමන් මහතා වැරදි කරුනු ඉදිරිපත් කරන බව පෙනේ.එක්ස් කන්ඩායම මා දන්නා තරමින් කරුනු ඉදිරිපත් කලේ නිශ්පාදන ආර්තිකයකට අදාලව එම තත්වය විස්තර කිරීමටය.එහිදී ඉදිරිපත් කල කරුනු උඩින් පල්ලෙන් කියවූ විට ඔය වැනි අදහසක් ඇතිවීම සාමාන්ය දෙයකි.අවුරුදු දහයක් කියෙව්වා කිව්වත් වටහාගෙන ඇත්තෙ වැරදියට බවයි පෙනෙන්නේ

  8. ඉතා හොඳ සංවාදයක් දිග හැරී තිබේ. Ajith නමැත්තාට පිළිතුරු දීමට මම නොදනිමි. එබැවින් ඒ සඳහා වද නොවෙමි. Ramal නැමැත්තා විසින් පැරණි මාතොට, සහ LONDON සඟරා නැවත කියවන්නේ නම් ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනු ඇත.

    News Editor විසින් ඉංග්‍රීසියෙන් ලියා ඇති දෑ මට නොවැටහේ. ඒ මා හට ඉංග්‍රීසි බැරි බැවිනි. නමුත් ඉතා අමාරුවෙන් යමක් තේරුම් ගන්නා ලදී. ඒ පහත දක්වා ඇති කොටසය “Why don’t you talk about Champika , FUTA former Leader Dr. Nirmal , Mahinda Rajapakshe, P. M. Jayasundera, Dammika
    Perera, Sumal Perera, Ravi Wijeratne, Kathika Don Kumudu Kusum and others….. Did you say Hela Urumaya is Champika ?
    Did you say UNP is Ranil ?……Why don’t you tell something about yourself ? Why did you worry about Our Party ?”
    මා කරුණු දැක්වීමේදී සිදුවන දුර්වලතා ඇත්තනම් ඒවා නිවැරදි වන්නේ 3මාන වෙබ් අඩවිය සමග කරනා මෙවැනි සංවාද වලිනි. මා දැනුම ලබාගන්නේ දීප්ති කුමාර ගුණරත්න මහතාගේ ලේඛන සහ දේශනා වලිනි. ඒවා මාගේ දැනුමෙහි ප්‍රභවයන්ය.

    ඔබ සමග මමද එකඟය. නමුත් රනිල් සම්බන්ධ කාරණය පිළිබඳව මා හට ප්‍රශ්නයක් ඇත. නමුත් ඔබ එය එසේ නොවේ යයි කියන්නේ නම් එයද මා පිළිගැනීමට සුදානම්ය. චම්පික යනු හෙළ උරුමයයි. පී බි ජයසුන්දර යනු 1988 සිටම ලංකාවේ ආර්ථිකය හසුරවන්නාය. නමුත් මට අනුව රනිල් යනු UNPය නොවේ. ඒ UNPය යනු ව්‍යාපාරිකයින්ගේ නියෝජිතයින්ගේ එකතුවක් බැවිනි. රනිල් යනු මෙම යුගයේ ව්‍යාපාරික ප්‍රජාවගේ කැමැත්තය. ඒ අනුව රනිල් යනු UNPය නොවේ.

  9. ජයන්ත සමන් මහතා පලමුව කියා තිබුනේ ඔහු පෙරටුගාමී පක්ශයේ ලිපි කියවන්නේ වසර 10 සිට කියායි.හෙවත් 2004 පමන සිට විය යුතුයි.නමුත් 2004න් පසු එක්ස් කන්ඩායමක් තිබුනේ නැත.ඒ අනුව ඔබ මාතොට ලන්ඩන් සගරා කියවූයේ කෙසේද.ඔබ පටන්ගෙන තිබෙන්නේම බොරුකාරයෙක් ලෙසයි.ඔබ මාතොට හෝ ලන්ඩන් සගරා හදාරා තිබෙනවා නම් ඔවැනි ප්‍රශ්න අසන්නේ නැත.

  10. ඔබ අවංකම කතා කිරීම අගය කරමි. එසේම “ඒ UNPය යනු ව්‍යාපාරිකයින්ගේ නියෝජිතයින්ගේ එකතුවක් බැවිනි. රනිල් යනු මෙම යුගයේ ව්‍යාපාරික ප්‍රජාවගේ කැමැත්තය. ඒ අනුව රනිල් යනු UNPය නොවේ.” මෙය පවතින ධනවාදී ක්‍රමය හොදින් හඳුනා ගැනීමක් බව පෙනේ. අනුර කුමාර දිසානායක ව්‍යාපාරික ප්‍රජාව හමුවී “දැක්ම” ඉදිරිපත් කිරීම ඔබ දකින්නේ කොහොමද?

  11. මේ සංවාද අතර මම කැමති දෙයක් තිබේ. එනම් අප දීප්තිගේ පිරිමිකමට පක්ෂ විය යුතුය යන්න මේ සියලු දෙනාගේම විශ්වාසය බව පෙනෙයි. ඇත්තටම කොනෑන් මෙන් නැත්නම් කින්ග් ආතර් හෝ ප්‍රින්ස් වැලියන්ට් මෙන් මම ද ඔහුට ගරු කරමි. ඔහු හැරදා ගිය සියල්ලන්ම මොන දේ කීවත් ඔවුන් බය වූයේ දීප්තිගේ පිරිමි කමටය. මගේ පුළුල් විශ්වාසය මේන් රෝඩ් හෙවත් ස්ත්‍රී පුරුෂ සම්භෝගයයි. දීප්තිට පක්ෂ වීම යනු පවුල් සාමූහිකයේ පාරිශුද්ධත්වය ආරක්ෂා කිරීම යැයි මම සිතමි. ශුක්‍ර‍ානු ශුක්‍රානු අතර ප්‍රේමයක් ඉන් ගොඩනැගෙනු ඇත. දීප්තිට බය වූ ………වැනි පොන්නටන්ට කිසිදා සංස්කෘතික පියෙකු වීමට නොහැකි වනු ඇත. ජෙප්පන්, පුබුදු, නිර්මාල්, ශපිරෝ හෝ තව තවත් අයගේ ගැටලුව උන්ට නැති දීප්තිට තිබෙන පාරිශුද්ධ බවයි. මගේ මිත්‍රත්වය ඒ වෙනුවෙනි. මම Jonah Hex මෙන් ස්තීර මිත්‍රත්වයක් සහිතව බලා සිටිමි.

    • Look at ‘ x files’ Facebook profile. Then study his friend’s list . Unconscious is outside.
      Pubudu , udul , Nadie , Sandaruwan , Basil [HR activist] , Lasantha , Vibhavi , Karu paranawithana , Tharaka…..
      Thanks for Free information – Counterinteligence analysis by NSA.

Comments are closed.