පසුගිය දිනක ඇඹිලිපිටියේ තරුණයකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් අරභයා සමාජය තුළ විවිධ අනුභූතික කාරණා ඉස්මතු වී තිබුණි. යථාර්ථය කුමක්දැයි ජනතාවට අවබෝධ කරගැනීමට නොහැකි වූ ප්‍රධානම සාධකයක් ලෙස එහිදී අප අත්දකින ලද්දේ යථාර්ථය නැවත නැවත ප්‍රතිප්‍රබන්ධගත කරන පාර්ශව විසින් මෙම සිදුවීමට අදාළ දෘෂ්ටිවාදයන් මෙහෙයවමින් සිටින බවයි. එම වාතාවරණය යටතේ අප මෙම සිදුවීම සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයන් සහ නිගමනයන් පහත ලිපියෙන් දැක්වේ. මෙම නිරීක්ෂණ කිසිදු ජාතික පුවත්පතක ප්රචාරය නොවීම සම්බන්ධයෙන් අප පුදුම වන්නේ ද නැත. මාධ්යවේදීන් අත්විදිමින් සිටින යථාර්ථය ඔවුන්ට ක්ෂිතිමය අත්දැකීමක් බව අපි හොදින් අවබෝධ කරගෙන ඇත්තෙමු.
මෙහිදී සදහන් කළ යුතු වැදගත්ම කරුණ වන්නේ මෙම නිරීක්ෂණයන් සිදු කිරීමට අප කිසිවකු ඇඹිලිපිටියට නොගිය බවයි. තමන්ගේ අනාගත ලාභය තකා ඇඹිලිපිටියට ගොස් කිරි හට්ටි මුදලාලිලාගේ සිට ගංජා හේන් ජාවාරම්කරුවන් දක්වා වන පරාසයක වන පුද්ගල සබදතා ගොඩනගා ගැනීමට ද අපට අවශ්ය නොවීය. මෙම ලිපියෙහි අන්තර්ගත කරුණු අසත්ය යැයි යමෙකු පවසන්නේ නම්, එම ප්රතිචාරයන් ද පළ කිරීමට ද අපි බැදී සිටින්නෙමු.
ඇඹිලිපිටිය නව නගරය ආසන්නයේ පිහිටි නිවසක පැවති සාදයක් අතරතුර ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් සහ සාදයට සහභාගී වූවන් අතර ඇති වූ බව කියන ගැටුමකින් ජීවිතක්ෂයට පත් වූ සුමිත් ප්රසන්න ජයවර්ධන (29) නැමැත්තාට අදාළව විභාග කෙරෙන පැමිණිල්ල මේ වන විට තල කිහිපයක් ඔස්සේ විමර්ශනය වෙමින් පවතියි. මෙම විමර්ශන වල සෑම ප්රතිඵලයක්ම එසැනින් වාර්තා කිරීමට මේ වන විට ලංකාවේ මාධ්ය ආයතන ඕනෑ තරම් තිබෙන නිසා ජනතාවට තොරතුරු දැනගැනීම සම්බන්ධයෙන් ඇත්තේ පුළුල් නිදහසක් යැයි පැවසිය හැකිය. එසේ වන නමුත්, ජනතාව අතර සන්සරණය වන මෙම තොරතුරු කෙතරම් නිවැරදි දැයි මැන ගැනීමට මිනුම් දණ්ඩක් ද පැවතිය යුතුය. මිනුම් දණ්ඩක අවශ්යතාවය පැන නගින්නේ බහුලත්වයකින් යුතුව ජනමාධ්ය විසින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු ( සමාජයේ සිදුවීම්-සමාජ යථාර්ථයේ පැතිකඩයන් ) එක් මාධ්ය ආයතනයකින් තවත් මාධ්ය ආයතනයකට වෙනස් වන බැවිණි. එනම් යම් නිශ්චිත සිදුවීමක් විවිධ ආකාරයෙන් වාර්තා කර තිබීමය. ඉකුත් ජනවාරි 4 වැනි දා සිදු වූ සුමිත් ප්රසන්න තරුණයා ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය මෙම ඝාතනයට සම්බන්ධ බව කියන සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා රිමාන්ඩ් බාරයට පත්කිරීම වාර්තා කළ ලංකාවේ ජාතික පුවත්පත් සහ විද්යුත් මාධ්ය වල පළ වූ තොරතුරු පිළිබද අවධානය යොමු කරන පාඨකයකුට එම සිදුවීමට අදාළ කථාන්දර කිහිපයක් සොයාගත හැකිය. එවිට ඇත්තටම සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබදව දැනගැනීම ඉතා අසීරු වේ. මේ නිසා පාඨකයාට තව තවත් තොරතුරු දැනගැනීමට අවශ්යතාවයක් උත්පාදනය වේ. පාඨකයා තුළ තොරතුරු දැනගැනීමට ඇතිවන මෙම පිපාසය මාධ්ය හිමිකරුවන්ගේ සාක්කු වලට වාසිදායක වන නමුත් ( මේ කාලයේ වැඩියෙන්ම ලාභ උපයන්නේ ෆේස්බුක් සමාජ ජාලයේ හිමිකරු ඇමරිකානු ජාතික සකර්බර්ග්ය ), එක් සිදුවීමක් පිළිබද කථාන්දර කිහිපයක් නිර්මාණය වන්නේ මන්දැයි දිනපතා පුරුද්දට පුවත්පත් කියවන ඔබ මදකට සිතුවාද ?
ඉහත පැනයට පිළිතුරු සෙවීම සදහා ඇඹිලිපිටිය සිදුවීම පිළිබදව පළ වූ මාධ්ය වාර්තා යම් වර්ගීකරණයකට ලක් කොට ඉදිරිපත් කළ විට ඔබට වඩාත් පහසු වනු ඇත. (මෙහිදී වර්ග කෙරෙන්නේ එම වාර්තා වල ස්වභාවයන්ය. ඉතිහාසයේ ගමන් මගට අනුව මෙම ස්වභාවයන් වල නිශ්චිත පිළිවෙලක් තිබුණ ද ලංකාව තුළ එම ගමන්මග අවුල් සහගතය.) ඒ අනුව මෙම සිදුවීමට අදාළ මාධ්ය වාර්තා,
1. යථාර්ථවාදී මාධ්ය වාර්තා.
2. නූතනවාදී මාධ්ය වාර්තා.
3. පශ්චාත් – නූතනවාදී මාධ්යව වාර්තා.
වශයෙන් වෙන් කොට ඉදිරිපත් කළ හැකිය. අපි මුලින්ම මෙම වර්ගීකරණයන් තුනෙහි නිරුක්තීන් හා ඊට අදාළ උදාහරණ ඔස්සේ ඉදිරියට යමු.
යථාර්ථවාදී මාධ්ය වාර්තා
මෙම මාධ්ය වාර්තා වල ස්වභාවය වූයේ, ඇඹිලිපිටියේ සිදුවීම පාඨකයාට සන්නිවේදනය කිරීමේ දී එම සිදුවීමේ පැතිකඩයන් කිහිපයක් නියෝජනය කරන මූලාශ්ර නිවැරදිව ගෙනහැර දැක්වීමයි. මේ නිසා ‘ පුවතක් යනු සිදු වූ දෙයක සැබෑම අර්ථය නොව, එහි පැතිකඩයන් කිහිපයක් නියෝජනය කරන ලියවිල්ලක්‘ යනුවෙන් පාඨකයාට අවබෝධයක් ලැබේ.
ඇඹිලිපිටියේ සිදුවීම පාඨකයාට වාර්තා කිරීම යනු සදාචාරවාදී ක්රියාවක් ( Moral Act) වශයෙන් එය වාර්තා කරන මාධ්යවේදියා විසින් හදුනාගෙන ලැබ තමා වාර්තා කරන දේ තුළින් සමාජයේ අනිකුත් කොටස් වලට සිදුවන බලපෑම පිළිබදව අවබෝධයකින් යුතුව ඊට වගවීමට බැදීසිටීමක් යථාර්ථවාදී මාධ්ය වාර්තා තුළින් ප්රකාශමාන වේ. (A moral is a message conveyed or a lesson to be learned from a story or event. The moral may be left to the hearer, reader or viewer to determine for themselves, or may be explicitly encapsulated in a maxim.).
මේ සදහා සරළ උදාහරණයක් ගෙනහැර දැක්විය හැකිය. උක්ත තරුණයාගේ මරණයට අදාළ පුවත වාර්තා කළ නෙත් ගුවන් විදුලි නාළිකාව එම සිදුවීමට අදාළ පාර්ශව කිහිපයකින් තොරතුරු ලබාගෙන ඒවා සමබර ආකාරයෙන් පෙළගස්වා තිබුණි. එපමණක් නොව එහි මාධ්ය වාර්තාව මගින් උත්සහ කළේ නීතිය හා සාමය ආරක්ෂා වන පරිදි සිදුවීමට සම්බන්ධ පාර්ශව ( මරණකරුගේ ඥාතීන් ඇතුලු හිතවතුන් ප්රමුඛ ඇඹිලිපිටිය සාමාන්ය ජනයා සහ ඇඹිලිපිටිය පොලිසිය ) එකිනෙකාට කුපිත නොවන අයුරින් සන්සුන් වන පරිදි සමෝදානයක්ය. ( බලන්න www.Nethnews.lk – ජනවාරි 4 වැනි දින සහ 7 වැනි දින ප්රවෘත්ති විකාශනයන් )
නූතනවාදී මාධ්ය වාර්තා
නූතනවාදී මාධ්ය වාර්තා මගින් ප්රකාශමාන වූයේ ඉහත නෙත් පුවත් වාර්තාව මගින් පෙන්නුම් කළ සදාචාරවාදී මැදිහත්වීම වෙනුවට ආචාරධර්මීය (Ethical) මැදිහත්වීමක් ඇඹිලිපිටිය සිද්ධිය වාර්තා කළ ප්රවෘත්තිය මගින් ඉදිරිපත් කිරීමය. එනම් මෙම සිදුවීම වාර්තා කිරීමේ දී ආචාරධර්ම පද්ධතියක් මගින් පාඨකයා වෙත යම් පණිවිඩයක් ලබා දීමයි. මේ තත්ත්වය හොදින් ප්රදර්ශනය කළ මාධ්ය වාර්තාවක් ඉදිරිපත් කර තිබුණේ www.bbcsinhala.com වෙබ් අඩවියයි. ඇඹිලිපිටිය සිද්ධිය වාර්තා කිරීමේ දී එහි මාධ්යවේදීන් ඊට සමාජයේ (මෙහිදී ආණ්ඩුව සහ වගකිව යුතු ආයතන හා පාර්ශව ) මැදිහත්වීමක් ඉල්ලා සිටි අතර ඇඹිලිපිටියේ දී සිදු වූ සැබෑ සිදුවීම සහ එය වාර්තා කළ සන්දේශයේ වාර්තාව අතර පවතින පරතරය පිළිබදව පාඨකයාව දැනුවත් කර ඔවුන් ලියූ දෙයින් ඔවුන් නිදහස් වී තිබුණි. ( Ethics is the branch of philosophy that involves systematizing, defending, and recommending concepts of right and wrong conduct.[1] The term ethics derives from the Ancient Greek word ἠθικός ethikos, which is derived from the word ἦθος ethos(habit, “custom”). The branch of philosophy axiology comprises the sub-branches of Ethics and aesthetics, each concerned with concepts of value )
මෙහි දී සන්දේශය මාධ්යවේදීන් පිළිපැදූ ආචාරධර්ම වල සැබෑ ස්වභාවය වන්නේ යථාර්ථය පරාවර්ථනය කිරීමට හැකිදැයි ප්රශ්න කරමින් ලිවීම හරහා ඊට විසදුම් ලෙස විවිධ යථාර්ථයන් ඉදිරිපත් කිරීමය.
පශ්චාත් – නූතනවාදී මාධ්ය වාර්තා
ඇඹිලිපිටිය සිද්ධිය වාර්තා කළ දිනපතා ජාතික පුවත්පත් සහ ටී.වී. චැනල් වල ප්රවෘත්ති විකාශනයන් පිළිබදව මදක් සිහියට නගන්න. මෙම ප්රවෘත්තිය වාර්තා කිරීම සදහා එම මාධ්ය ආයතන අතර පැවතියේ ඉතා තියුණු තරගකාරීත්වයකි. ඊට ප්රධානතම හේතුව වන්නේ මේ වන විට පුවත්පත් හා ටී.වී චැනල් යනු ප්රාග්ධනය ප්රසාරණය කිරීමට යොදාගන්නා ප්රධානතම මෙවලම් වී ඇති නිසාය. ඔවුන් වෙළද දැන්වීම් ලබාගෙන ඒ ඔස්සේ සිය ලාභය අපේක්ෂාවෙන් සිටින්නන් වන අතර ප්රවෘත්ති හා විවිධ විශේෂාංගයන් ඇතුළත් කරන්නේ වෙළද දැන්වීම් පමණක් පාඨකයාට විකිණිය නොහැකි නිසාය.
වෙළද දැන්වීම් ලබා ගැනීමේ තරගයක නිරත වී සිටින මාධ්ය ආයතන තුළ ඉහතින් සදහන් කළ සදාචාරය හෝ ආචාරධර්ම ගැන සළකා බැලීමට ඇත්තේ ඉතා කුඩා අවකාශයකි. ඒ මන්ද ඔවුන්ගේ ප්රධාන අරමුණ වන්නේ පාඨකයාට තොරතුරු සන්නිවේදනය කිරීමට වඩා ලාභ ඉපයීමය.
මෙම මාධ්ය ආයතන ප්රාග්ධනය ප්රසාරණය කිරීම සදහා සිය මාධ්ය භාවිතාව යොදාගනිමින් සිදු කරන්නේ ප්රවෘත්තියකින් යථාර්ථය සම්පූර්ණයෙන් ආවරණය කළ නොහැකි බව දැන දැන සැබෑව (Real) ප්රතිව්යුහගත කිරීමය. මෙයින් සරළව අදහස් වන්නේ මෙයයි. ඇඹිලිපිටියේ සිදුවීම යනු නිශ්චිතව සිදු වූ එක් සිද්ධියකි. නමුත් සියළු මාධ්ය ආයතන එම සිදුවීම එකම ආකාරයකින් වාර්තා කළහොත් එම ප්ර්වෘත්තිය කෙරේ පාඨකයාගේ ආකර්ශනය අඩු වී යනු ඇතැයි ඔවුහු සිතති. ඒ නිසා විවිධ සිත් ඇදගන්නා ශීර්ෂ පාඨ යොදා ගනිමින් එකිනෙකට වෙනස් ලෙස ඔවුහු එකම සිද්ධිය වාර්තා කරති. ඇඹිලිපිටිය සිදුවීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර මාධ්ය වාර්තා පළ වන්නේ මේ හේතුවෙනි. එකිනෙකට පරස්පර මාධ්ය වාර්තා පලවීම කරණකොටගෙන සිදුවන්නේ සමාජයේ සංගතභාවය බිදවැටීමය. මෙම මාධ්ය වාර්තා සියුම්ව අධ්යනය කරන අයෙකු හැර බොහෝ පාඨකයා සිතන්නේ ඇඹිලිපිටියේ සිදුවීම යනු, මනුෂ්ය ඝාතනයක් වන බවත්, එය සිදු කළේ ඇඹිලිපිටිය පොලිස් බල ප්රදේශය බාරව සිටි සහකාර පොලිස් අධිකාරීවරයා බවත්ය. අධිකරණය තවමත් ඔහු විත්තිකරුවකු කර නොමැති අතර ඔහු තවමත් සැකකරුවකු බව පිළිගන්නේ විචාර බුද්ධිය ඇති අයෙක් පමණි. සැකකරුවකු තාර්කික පදනමක් නැතිව අද්භූත යම් දෙයක් පරිද්දෙන් විත්තිකරුවකු ලෙස බොහෝ දෙනා සිතන්නේ ජනමාධ්යය විසින් සිය ප්රවෘත්ති මගින් කලින්ම වැරදිකරුවන් තීන්දු කර ඇති බැවිණි. ජනමාධ්යන්ගේ වගකීම එය නම් අධිකරණ පද්ධතියක් කුමකට ද ? මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්රියාවලිය තවම අවසන් නැත. මේ වන විට ලඝු නොවන විමර්ශනයක් සිදු කෙරෙන අතර ඊට අදාළව මහේස්ත්රාත් මරණ පරීක්ෂණයට සාක්ෂි ලබා ගැනීම මේ වන විට සිදුවෙමින් පවතියි. ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්රාත් ප්රසන්න ප්රනාන්දු මහතා ඉදිරියේ මරණකරුගේ බිරිද සාක්ෂි ලබා දී තිබුණි. එම සාක්ෂි ඇතුළත් කොට දිනපතා ‘ලංකාදීප‘ පුවත්පත සකස් කළ අධිකරණ වාර්තාවේ ශීර්ෂ පාඨය ලෙස ‘‘ ඒ.එස්.පී. මහත්තයා මගේ මහත්තයා උඩතට්ටුවෙන් පහළට තල්ලු කළා – මියගිය සුමිත්ගේ බිරිය සාක්ෂි දෙමින් කියයි ‘‘ ( දිනපතා ලංකාදීප පුවත්පත 2016.ජනවාරි 29 සිකුරාදා – 12 වැනි පිටුව ) යනුවෙන් සදහන් කර ඇත.
‘රාවය‘ සතිඅන්ත පුවත්පත යනු ආචාරධර්ම පද්ධතියක් පිළිපැද සිය ප්රවෘත්තීන් සහ විශේෂාංග රචනා කරන මාධ්යවේදීන් සිටි පුවත්පතකි. නමුත් එහි සේවය කරන වත්මන් මාධ්යවේදීන්ට ආචාරධර්ම යනුවෙන් දෙයක් පවතින බව මතක් කර දීමට අපට සිදු වී ඇත.
ඉකුත් ජනවාරි 17 වැනි දින රාවය පුවත්පත විසින් ‘‘ ඇඹිලිපිටිය පොලිස් උමතුව සහ තරුණ ජීවිතයක අවසානය ‘‘ යන මැයෙන් සකස් කර තිබූ විශේෂාංගයකින් උපුටා ගත් කොටසක් පහත දැක්වේ.
‘ තුන්වැනි තට්ටුවෙන් දෙවැනි තට්ටුවටත්, එතනින් පොළවටත් වැටෙන සුමිත් රෝහලකට ගෙනියන්න සෑහෙන කාලයක් යනකම් කිසිවකු සිට නැත. ‘‘ (උපුටා ගැනීම අවසන්)
ලඝු නොවන විමර්ශනයට අදාළව අධිකරණයට සාක්ෂි ලබා දෙන මරණකරුගේ බිරිද වන ශෂිකා නිශාමනී මුණසිංහ නැමැත්තිය උපුටා දක්වන දිනපතා ‘ලංකාදීප‘ පුවත්පතේ අධිකරණ වාර්තාවේ මෙසේ සදහන් වේ.
‘‘ ඊට පස්සෙ මගේ මහත්තයට පොලු වලින් ගහ ගහ දෙවන මහළට ඇදගෙන ගියා………..
ඒ.එස්.පී. මහත්තයා පළමු මහළේ තල්ලු කළ ස්ථානයේ ……….‘‘
( 2016.ජනවාරි.29 දිනපතා ලංකාදීප- පිටුව 12 )
රාවය මාධ්යවේදියාට අනුව මරණකරු තුන්වැනි තට්ටුවේ සිට දෙවැනි තට්ටුවටත් එතනින් බිමටත් වැටී ඇති නමුත් මෙම සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකාරියක් බව කියන මරණකරුගේ බිරිද අධිකරණයේ සාක්ෂි ලබා දෙමින් පවසන්නේ දෙවැනි තට්ටුවක් පිළිබදවය.. රාවය එකක් කියයි.. ලංකාදීපය තවෙකක් කියයි. මෙම පුවත්පත් දෙක කියවන පාඨකයා කුමන පුවත්පත නිවැරදි දැයි යන්න පිළිබද සිතමින් උභතෝකෝටිකයක සිර වෙයි.
ඇඹිලිපිටිය සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්ය පළ කළ වාර්තා සම්බන්ධයෙන් ඉකුත් 28 වැනි දින පාර්ලිමේන්තුව අමතන නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්ය සාගල රත්නායක පවසන්නේ මෙසේය.
‘‘ ඇඹිලිපිටිය සිද්ධිය ඇතැම් මාධ්ය වාර්තා කළ විදිහ පිළිබද ගැටළු පවතිනවා. ජනමාධ්ය සාධාරණ විය යුතුයි. ජනතාව වෙනුවෙන් ජනමාධ්ය සිය වගකීම ඉටුකළ යුත්තේ. වැරදි ලෙස වාර්තා කිරීම හරහා ජනතාවට අසාධාරණයක් වෙනවා…. ‘‘
සාගල රත්නායක අමාත්යවරයා පාර්ලිමේන්තුවේදී කළ කථාව සම්බන්ධයෙන් සහ ඇඹිලිපිටිය සිදුවීම අදාළා ඊට පසු දින (ඉකුත් 29 ) දිනපතා ලක්බිම පුවත්පතේ කතුවැකියෙන් සදහන් කර තිබුණේ මෙලෙසය.
‘‘ මාධ්යවේදීන් යම් පුවතක් ඇසගැටුණු සැනින් වාර්තා කරන්නේ නැත. වරක් නොව දෙවරක් තෙවරක්ම එහි නිරවද්යතාවය පිරික්සනු ලබයි. ඒ තමන් සතු කාර්යභාරයේ වගකීම නිසි ලෙස ඉටුකළ යුතු බැවිණි. රටට වගකියන ඇමතිවරුන්ට ද තම නිලධාරීන් ගැන දෙවරක් සිතන්නට වී තිබෙන බව පැවසිය යුතුය. ඒ ඇඹිලිපිටියේ පොලිස් හුටපටය රටම පැටලවූ තරමද පාඩමක් කරගනිමිණි. ‘‘
රාවය සහ ලංකාදීප පුවත්පත් වල පල වූ පරස්පර විරෝධී ප්රවෘත්තීන් මෙන් නොව සාගල රත්නායක අමාත්යවරයාගේ සහ ලක්බිම කතුවැකියේ ඇති කරුණු අපට නව මානයක් පෙන්නුම් කර දෙයි. මෙම උදෘත දෙක මගින් ඉතා සුපැහැදිළිව පෙනෙන කරුණක් නම්, ඇඹිලිපිටිය සිද්ධියට අදාළ කලාප අයත් අමාත්යවරයා සහ ජනමාධ්යය අතර පවතින ගැටුම. මෙහිදි එකිනෙකා උත්සහ ගන්නේ තම තමන් නියෝජනය කරන ක්ෂේත්ර නිවැරදි යැයි කීමට මිස මෙම පරීක්ෂණ වලට අදාළ කලාපයන් සහ අධිකරණ ක්රියාවලිය කාර්යක්ෂම කිරීමට නොවේ. ඔවුන්ට මෙය තවත් එක් සිදුවීමක් පමණි. අධිකරණ ක්රියාවලියේ දී ප්රථමයෙන්ම පමණක් නොව සතියකට අඩු ඉතා කෙටි දින කිහිපයකින් රස පරීක්ෂක වාර්තා, ඩී.එන්.ඒ වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ සී.සී.ටී.වී කැමරා වල සටහන් ලබාගත යුතු නමුත් මෙරට පවතින අඩු තාක්ෂණික සම්පත් හේතුවෙන් ඒවා ලැබීමට බොහෝ කල් ගත වෙයි. මෙහිදී වඩාත් අසාධාරණයක් සිදුවන්නේ සැකකරුවන් ලෙස නම් කරන පිරිසටය. නීතිය තිබෙන්නේ අපක්ෂපතීව පැමිණිළි පාර්ශවයට මෙන්ම විත්ති පාර්ශවයට ද අදාළව පාර්ශවීය මැදිහත්වීමක් කිරීමටය. සමාජය තුළ අධිකරණ ක්රියාවලිය කඩිනම් කිරීමට වඩා මිනිසුන් උනන්දු වන්නේ ජනමාධ්යයෙන් සන්නිවේදනය කරන දේ වලින් ඔලුව පුරවාගෙන අතාර්කිකව පූර්ව නිගමන වල නිමග්න වීමය.ජනමාධ්‍ය විසින් යම් ප්රවෘත්තියක් සමාජයට මුදාහළ පසු ඒ සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ කතිකාවන් නිර්මාණය වේ. බොහෝ මිනිසුන් සිතීමේ සිට තීන්දු තීරණ ගැනීම දක්වා වූ පරාසයක කටයුතු මෙහෙයවනු ලබන්නේ ජනමාධ්ය ගොඩනගන කතිකාවන් තුළිනි. ඇඹිලිපිටියේ සිදුවීම අළලා උදාහරණයක් මගින් මෙම තත්ත්වය පැහැදිළි කළ හැකිය. එම සිදුවීම මුල්වරට වාර්තා කළ මාධ්ය ආයතන සදහන් කළේ, මත්පැන් බෝතල් දෙකක් නොදුන් බැවින් පොලිසිය මෙම ඝාතනය සිදු කළ බවයි. ඉන් පසු නැවත වෙනත් කෝණයකින් ප්රවෘත්තියක් නිර්මාණය කෙරුණු අතර එහිදී මාධ්ය කියා සිටියේ අදාළ තරුණයා ඝාතනය කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයා බවයි. මෙම ප්රවෘත්තීන් දෙක කියවන පාඨකයා තුළ ආත්ම මූලිකව සහ වාස්තවිකව යථාර්ථයන් දෙකක් නිර්මාණය විය. එක් යථාර්ථයක් වන්නේ අරක්කු බෝතල් දෙකකට පොලිසිය මිනී මරන බවයි. අනෙක් යථාර්ථය වන්නේ එවැනි ක්රියාවලට සහකාර පොලිස් අධිකාරීවරුන් වැනි උසස් නිලධාරීන් ද සහභාගි වන බවයි. ඇඹිලිපිටිය ප්රදේශවාසීන් පිරිසක් සහ දේශපාලඥයන් පිරිසක් එක්ව ඉන්පසු මෙම සහකාර පොලිස් අධිකාරීවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක් මෙහෙයවීය. එම සිද්ධිය ජනමාධ්ය වාර්තා කළ අතර ඒ මගින් යථාර්ථය නැවත වෙනස් විය. සහකාර පොලිස් අධිකාරීවරයා මෙම ඝාතනය සිදු කර ඇති බවට වූ යථාර්ථය වඩාත් තහවුරු වන අයුරින් ජනමාධ්ය එම උද්ඝෝෂණයට ලබා දුන් ප්රචාරණය නිසා වාස්තවික යථාර්ථය බවට එසේත් නැතහොත් සමාජයේ බහුතරයක් පිළිගන්නා මතය බවට පත්වූයේ සහකාර පොලිස් අධිකාරීවරයා මෙම ඝාතනය සිදු කළ බවයි. අධිකරණය තුළ විධිමත්ව සාක්ෂි මෙහෙයවා, මෙම සිදුවීමට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව ලැබීමටත් මත්තෙන් ජනමාධ්ය විසින් සමාජය තුළ නිර්මාණය කළ මතයක් නිසා එකී සහකාර පොලිස් අධිකාරීවරයා වරදකරුවකු බවට පත්විය. යම් හෙයකින් රස පරීක්ෂක වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මගින් මෙම මරණය ඝාතනයක් නොවන බව පැවසුනහොත්, එකී සහකාර පොලිස් අධිකාරීවරයාගේ ගෞරවයට වූ කැළල ජනමාධ්යට නැවත මකා දැමිය හැකි ද ?
එසේ නම් ජනමාධ්ය විසින් ප්රචාරය කරනු ලබන ප්රවෘත්තීන් ඔස්සේ සමාජය තුළ නිර්මාණය වන යථාර්ථයන් අප වටහා ගත යුත්තේ කෙලෙසදැයි සළකා බලමු.
මෙහිදී අප දැනගත යුතු වැදගත් කරුණ වන්නේ යථාර්ථයට වාස්තවිකත්වයක් සහ ආත්ම මූලිකත්වයක් ඇත්තා සේම යථාර්ථයට ඕපපාතිකව ද පැවතිය හැකි බවය. ඒ මන්ද ජනමාධ්යය නිර්මාණය කරන යථාර්ථය ඔස්සේ අපව නොදැනුවත්ව ද පාලනය වන බැවිණි.
මේ අනුව යථාර්ථය අපට කියවිය හැකි ආකාර තුනකි.
1. ආත්ම මූලිකව ( in-itself )
2. වාස්තවිකව ( for-itself )
3. ඕපපාතිකව ( in-and-for-itself )
මෙහිදී වඩාත් වැදගත් වන්නේ ඕපපාතිකව අපව පාලනය වන යථාර්ථයයි.
එනම් දෘෂ්ටිවාදයයි. ( Idealogy ).
මෙම ආකාර තුන ඔස්සේ අපි යථාර්ථය ග්රහණය කරගැනීමට උත්සහ කරන විට අතාර්කිකත්වයට එසේත් නැතහොත් හිස් හැගවුමකින් අපව පාලනය වීමට ඇති ඉඩ ඇහිරේ. එසේ වන විට එකී සහකාර පොලිස් අධිකාරීවරයා මෙම ඝාතනය සිදු කර ඇතැයි ජනමාධ්ය පවසන විට අධිකරණ ක්රිියාවලිය මගින් සැකකරුවන් විත්තිකරුවන් බව මේ වන තෙක් සදහන් නොකර තිබිය දී සැකකරුවන්ටද කථාවක් තිබෙන බව අපට වැටහෙනු ඇත. එවිට ඔබ හැරෙන්නේ නීතියේ ආධිපත්ය දෙසට මිස හිස් හැගවුමකින් පාලනය වන ප්රචණ්ඩත්වයක් කරා නෙවන බව තේරුම් ගනු නියතය.
– පෙරටුගාමී පක්ෂයේ නව අධ්යපයන කවයේ සාමූහික ප්රයත්නයක ප්රතිඵලයකි –
ලිපියට පාදක කරගත් ආශ්රිත ග්රන්ථ නාමාවලිය.
1. පෘතිවිකරණය සහ හෙජමොනිය – දීප්ති කුමාර ගුණරත්න ප්රමුඛ X කණ්ඩායම
2. ප්රාග්ධනය – කාල් මාක්ස් ( පරිවර්තනය – ජයතිලක ද සිල්වා )
3. පශ්චාත් නූතනත්වය – පෙරටුගාමී පක්ෂය
4. ජලයෙන් යට වූ ලින්ච්ගේ ලෝකය – පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ………………………… ………………………… ………………………… ………………………
ඇඹිලිපිටිය සිදුවීම සහ පශ්චාත් තත්ත්වය පිළිබදව එම ප්රදේශවාසීන් සමග දුරකථන සංවාද ඔස්සේ ලබා ගත් තොරතුරු –
* ඇඹිලිපිටිය ශ්රී් බෝධිරාජ ධර්මායතනයේ මහ නායක පූජය ඕමල්පේ සෝභිත හිමි.
‘‘ ජනමාධ්ය ඇඹිලිපිටිය සිදුවීම වාර්තා කළ ආකාරය ගැන හරිම කණගාටුයි. මාධ්ය කවුරු සදහා ද ? මාධ්ය ජනතාව සදහා ද ? මාධ්ය මාධ්ය. සදහා ද ? යන සියලු ප්රශ්න වලට එහිදී මාධ්ය හැසිරුණු ආකාරයෙන් පිළිතුරු ලැබුණා. එක මාධ්ය ආයතනයක් අඩෝ ! කියල කියද්දි අනෙක් මාධ්ය ආයතනය කුණුහරුපයක් කියනවා. ප්රවෘත්ති වාර්තා කරන්නේ ඔය විදිහට තමයි. මම තමයි ඇඹිලිපිටිය ප්රාදේශීය ජනමාධ්ය සංගමයේ නිර්මාතෘ. සෑම වෘත්තියකටම අදාළව ආචාරධර්ම සහ සදාචාරයන් තිබෙනවා. මාධ්යටත් ඒ දේ අත්යවශ්යයි.
අපේ ගමේ තරුණයගෙ අවමගුලෙදි මාධ්ය ඉස්සරහට ආපු ගංජා හීන් කියන සුරතල් නාමයෙන් හදුන්වන දේශපාලඥයා කෑ ගහල කියනවා, ඕමල්පේ සෝභිත හිමි මේ මරණයට වගකිව යුතු බව. නමුත් කිසිදු පදනමක් නැතිව එවැනි පුද්ගලයන් කියන දේවල් ප්රසිද්ධියෙ මගෙ නමත් පාවිච්චි කරල මාධ්ය වල ප්ර්වෘත්ති පළ කරන එක සදාචාරාත්මක නැහැ. මට පිටරටවල පන්සල් වලට වෙලා ඉන්න පුලුවන්. එහෙමත් නැතිනම් කොළඹට වෙලා ඉන්න පුළුවන්. මම ඒ කිසි තැනකට යන්නෙ නැතිව මම උපන්න ඇඹිලිපිටියට වෙලා ඉන්නෙ මේ ගම තුළ සදාචාරය ගොඩනගන්නයි. මම අවුරුදු ගාණක ඉදල මේ ගම ගැන දන්නවා. මේකෙ හිටපු පොලිස් නිලධාරීන් දුරාචාරයේ යෙදිල සතර අගතියෙනුත් අගතියට පත්වෙලයි හිටියෙ. ඒ වගේ අවස්ථාවක තමයි ඒ.එස්.පී. මේ ප්රදේශයේ වැඩ බාරගත්තෙ. ඔහු ආවට පස්සෙ ඇඹිලිපිටියෙ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා.
දැන් ඔය අපේ ගමේ පිරිසක් මේ ඒ.එස්.පී ට විරුද්ධව උද්ඝෝෂණය කළා. මම ඒ පිරිසව හම්බ වෙන්න එදා හවස 6 ට විතර ටවුමට ගියා. ඔවුන්ගෙන් සියයට අනූවක් විතර පිරිමි වෙරිවෙලයි හිටියෙ. මේ වෙරි වෙච්ච මිනිස්සු හිටපු විදිහ ගැන පෙන්නන්න ඕන තරම් ෆොටෝ සහ වීඩියෝ ඇති මාධ්ය ලග. සාමකාමී ජනතාව එතන හිටියේ නැහැ. කඩවල් ඔක්කොම වහල තිබුණට තැබෑරුම් ඔක්කොම ඇරලයි තිබුණෙ. ඒ.එස්.පී. ටවුන් එක මැද සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් හයි කරලා තිබුණා. උද්ඝෝෂණයට ආපු පිරිස මුලින්ම කරල තියෙන්නෙ ඒව කඩල බිදල දාන එකයි. සාමකාමී මිනිස්සු කාගෙත් ආරක්ෂාවට හයි කරල තියෙන කැමරා වගේ පොදු දේපළ විනාශ කරනවද ?‘‘
ඇඹිලිපිටිය රෝහලේ සේවය කරන නම හෙළි කිරීමට අකමැති විශේෂඥ වෛද්යපවරයෙක් –
‘‘ ළමයින් සම්බන්ධ කරණා වලදි මම මේ ඒ.එස්.පී එක්ක වැඩ කරලා තිබෙනවා. නමුත් කිට්ටු ඇදුනුම්කමක් නැහැ. ඇඹිලිපිටිය නගරයෙ ළමා අපයෝජන හා ළමයින් දම්මල සිගමනේ යෙදීම් වගේ වැඩ ඉස්සර තිබුණා. ඒ.එස්.පී. ආවට පස්සෙ ටවුමෙ හිගා කන සියලුම ළමයින්ව පොලිසියට අරගෙන ගියා. ඔහු නීතිය හරියටම ක්රියාත්මක කරන තද පුද්ගලයකු වුවත් මේ ළමයින් සම්බන්ධ කාරණයෙදි කටයුතු කළේ ප්රසන්න ආකාරයකින්. ඔහු මේ ළමයින්ව රෝහලට අරගෙන ඇවිත් අපට බාර දීල මුලින්ම ඔවුන්ට අවශ්ය භෞතික හා මානසික ප්රතිකාර ලබා දුන්නා. ඊට පස්සෙ ඒ ළමයින්ගෙ දෙමාපියන් හොයල ඔවුන්ට අවවාද කරල කරුණු පහදල දීල සල්ලිත් දීල තමයි යැව්වෙ.
එක් අවස්ථාවක මේ ටවුමේ වයස අවුරුදු 16 ක ගෑණු ළමයෙක් තරුණයෙක් එක්ක පැනල ගිය සිදුවීමක් වුණා. මේ සිද්ධියෙදිත් මට ඔහු සමග වැඩ කරන්න සිදුවුණා. ඔහු පුද්ගලිකව මැදිහත් වෙලා ඒ ගෑණු ළමයව හොයාගෙන රෝහල වෙත රැගෙන විත් පරීක්ෂා කරල ඇයව පරිවාසයකට යවන්නේ නැතිව ඇගේ දෙමාපියන්ට බාර දුන්නා.
ඔය පාටිය තිබුණ ඉකුත් 4 වැනිදා රාත්රී 9.30 ට විතර මම ඔය නිවස ඉදිරියෙන් ෆුඩ් සිටියට ගියා. ඒ නිවස අවට විශාල ඝෝෂාකාරී තත්ත්වයක් තිබුණා. අදනම් අනිවාර්යෙන්ම මෙතන ලොකු රණ්ඩුවක් වෙනවා කියලා එතනදි මම බිරිදට කීවා. ඒ වගේම රෑ 12 වෙද්දි කැෂුවල්ටි ආව රෝහලට.
මම ඊට පහුවදා නිව්ස් බලද්දි මියගිය පුද්ගලයගෙ බිරිද ටී.වී එකේ ප්රවෘත්ති වල කථා කරනවා මම දැක්කා. ඇය කීවා, ඒ.එස්.පී මහත්තය මුකුත් කළේ නැහැ, අත්දෙක බැදගෙ හිටියා කියලා. ඊට දවස් තුන හතරකට පස්සෙ ඇය තමන්ගෙ සැමියව ඒ.එස්.පී තල්ලු කරල මැරුව කියල මාධ්ය වලට කියනවත් මම දැක්කා.
වෘත්තිකයෙක් විදිහට අපි ඒ.එස්.පී ගැන කණගාටු වෙනවා. ඔහු මෙහෙන් මාරු කලාට පස්සෙ ඒ.ජී ගෙ ගෙදරට හොරු පැන්න. තව අපේ ලේඩි ඩොක්ටර් කෙනෙක්ගෙ ගෙදරට බලෙන් ඇතුලු වුණ පුද්ගලයෙක් ඇයව දූෂණය කළා. ඒ වගේම මේ දවස් වල බීල වාහන හප්පගෙන රෝහලට අරගෙන එන පුද්ගලයන්ගේ ගාණත් වැඩියි. මේ ඒ.එස්.පී හිටපු කාලෙ සල්ලි තියෙන ගොඩක් මිනිස්සු වැරදි කරල කූඩුවල ඉදලා තියෙනවා. මම පෞද්ගලිකව පොලිසියට කැමති නෑ. ඒත් මේ සිද්ධියෙදි මේ ඒ.එස්.පීගෙ අවංක සේවය ගැන අත්සන් කරපු ලියුමකට මාත් අත්සන් කළා. ‘‘
ඇඹිලිපිටියේ ගුරුවරයකු වන තිලක් පණාමුර –
‘‘ පොලිසිය හා අපේ ගමේ මිනිස්සු අතර ඇතිවුණ ගැටුම විමර්ශනය කළ යුත්තෙ අධිකරණය මිසක් ජනමාධ්ය නෙවෙයි. දැන් අර කොණ්ඩයා කියන තරුණයගෙ සිද්ධිය ගන්න. ඒ මනුස්සයගෙන් ඡන්දෙ ඉල්ලනවද කියල අහසු මාධ්යවේදීන් ඉන්න රටක් ලංකාව කියන්නෙ. අපිට හරි ආඩම්බරයි.
පොලිසිය මිනී මරණව කියල පුන පුනා කියන මාධ්ය නිසා ඇඹිලිපිටිය තුළ පසුගිය දින කිහිපයේ ඇති වූ අනාරක්ෂිත වාතාවරණය නිසා මෙහෙ වෛද්යවරියක සිය නිවසටම පැමිණ අයෙක් විසින් දූෂණය කර ඇති බව වාර්තා කරන්න කොළඹ මාධ්යවේදීන්ට තියා අපේ ගමේ ඉන්න ප්රාදේශීය මාධ්යවේදීන්ටත් අමතක වෙනවා. ඒ වගේම දැනට දවස් හතරකට කලින් ඇඹිලිපිටිය නගරය මැද තියෙන මහවැලි කාර්යාලය අසළ තිබෙන කඩයක තිබුණ කසිප්පු ස්කාගාරයක් අහුවෙනවා. ඔන්න ඕකයි මෙහෙ තත්ත්වය.
මැරුණ කොල්ල මගෙ දුරින් නෑයෙක්. ඒත් මම උගෙ පැත්ත ගන්නෙ නැහැ තවම. උසාවිය තීන්දුවක් දුන්නට පස්සෙයි මම තීන්දු කරන්නෙ පොලිසිය මේකට සම්බන්ධ බව. මම මේ විදිහට හිතන්නෙ නීතියේ ආධිපත්යෙට ගරු කරන හින්දා.. ඒත් අද ජනමාධ්ය ඒකට ගරු කරන්නෙ නැහැ. ඒක කඩනවා. ඒක ප්රශ්න කරනවා. ඒකට උඩින් ඉන්නවා. එතකොට සමාජයට මොකද වෙන්නෙ කියලා ඔවුන් හිතන්නෙ නෑ. මොන පොලිස් ලොක්ක හිරේ ගියත් අපිට එකයි. අපි නීතියට ගරු කරනවා. එච්චරයි.
ඇඹිලිපිටියෙ බාර් තුනක් තියෙනවා. මේ බාර්වල එක අයිතිකාරයෙක් තමයි ඇඹිලිපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක. අනිත් අයිතිකාරය ශ්රී් ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයා. මේ මිනිස්සු එකතු වෙලා අර පොලිස්කාරය එක්ක තියෙන තරහට අපේ අහිංසක කෙල්ලව පාවිච්චි කරනවා. ඒක අර මැරුණ කොල්ලට කරන අසාධාරණයක්. මේක කොටදෙණියාව නෙවෙයි. ඇඹිලිපිටිය බව ඔය මාධ්ය මතක තියාගන්න ඕන.
දැන් ඔය ඒ.එස්.පී ගෙ සිද්ධියෙදි යටිගිරියෙන් කෑ ගහන ඇඹිලිපිටියෙ උසාවියේ ඉන්න නීතීඥ සංගමයේ ලොක්කාට අවශ්ය අර ඒ.එස්.පී ගෙන් පළිගන්න මිසක් නීතිය හරියට ක්රියාත්මක කරවන්න නෙවෙයි. ඇඹිලිපිටියෙ හැමෝම වගේ දන්නවා ඔය නීතීඥයා අර ඒ.එස්.පී එක්ක ජන්මාන්තර වෛරයකින් ඉන්න විත්තිය. දවසක් ඔය නීතිඥයගෙ මාම බීල ටවුම මැදින් යද්දි පොලිසියට අහුවෙනවා. ඊට පස්සෙ මේ නීතීඥය මාමට නඩු දාන්නෙ නැතිව නිදහස් කරන්න කියල අර ඒ.එස්.පී ට කෝල් කරලා කියනවා. ඒත් ඒ.එස්.පී. එහෙම කරන්නෙ නැහැ. නඩු දාන්නෙ නැතිව නිදහස් කරන්න බැහැ කියනවා. ඊට පස්සෙ මේකට තරහ යන නීතීඥය කුණුහරුපෙන් බැනල තර්ජනය කරනවා. ඒ.එස්.පී. ඒක රෙකෝඩ් කරල, රාජකාරියට බාධා කළා කියලා පහුවෙනිදා අර ලෝයර්ට විරුද්ධව ඇඹිලිපිටිය මහේස්ත්රාරත්ට පැමිණිල්ලක් කරනවා. ඊට පස්සෙ ඒ සිද්ධියට අදාළ නඩුවක් (188/2015) ගොනු වෙනවා.
ඔන්න ඕකයි තත්ත්වය. ඒත් කොළඹින් එන නීතීඥයො මේ කාරණය දන්නවා කියලා මම හිතන්නෙ නැහැ.
මම දැක්කා, කොළඹින් එන නීතීඥයන්ට අර මගෙ ඥාතියගෙ පාර්ශවයේ අය හොදට සළකනවා. අපිට ඒවයින් වැඩක් නැහැ. අපි කියන්නෙ නීතිය ක්රියාත්මක කරන්නෙ උසාවිය. ඒ කටයුතු වලට නීතීඥයන්ටවත්, දේශපාලඥයන්ටවත්, ජනමාධ්යටත්, ඕන ඕන විදිහට බලපෑම් කරන්න බැහැ. ජනතාව ප්රශ්න කරන්න ඕන ඒ කාරණයි.
———————————————————————————————————————————
මෙම සිද්ධියේ යථ වන්නේ ඉතිහාසය පුරාම ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ සාමූහික ආශාව කුමක්ද යන්න නොදැනීමයි. ඔවුන් ද ඔවුන්ගේ ආශාව නොදනී. ඒ අනුව ඇඹිලිපිටිය යනු ඔවුන්ගේ මානසික අවපාතයයි. මෙම මානසික අවපාතය අර්ථකථනය කරන්නට එක පසෙකින් රාජ්‍ය ආයතන උත්සහ කරන අතර අනෙක් පසින් දේශපාලන පක්ෂ උත්සහ කරයි. ගැටළුව ඇත්තේ වාස්තවික යථාර්ථය තුළ නොව ඔවුන්ගේ ආශාවේ අයිතිහාසික ප්‍රහේළිකාව තුළය. ඔවුන්ට අවශ්‍ය කරන්නේ කොළඹට අවශ්‍ය ආකාරයට තමාව ‘අපරාධකරුවන්’ ලෙස ෆැන්ටසිගතකරණය සදහා විවිධ රංගනයේ යෙදීමයි. කොළඹ ශීලාචාර මැදපන්තික නීතීඥයාගේ අලස නීරස දෛනික ජීවිතයට අවශ්‍ය කරන්නේ ග්‍රාමීය අපරාධකරුවන් සේ හැසිරෙන ජනතාවක්ය. ඇඹිලිපිටිය ජනතාව රග දක්වමින් සිටින්නේ නාගරිකයාගේ මෙම ෆැන්ටසියට අවශ්‍ය කරන ආකාරයටයි.
හොඳ විශ්ලේෂණයක්
දීප්ති කුමාර ගුණරත්න ට යමක් කිව යුතුයි.
ඇඹිලිපිටියේ හිටපු ASP අත්අඩංගුවට පත්වෙන්න දින කීපෙකට කලින් ඔබව හමුවෙන්න සත් හඬ කාර්යාලෙට ආවනේ.
ඒ ඇවිත් ලොකු විස්තරයක් කියල ඔබෙන් ලොකු ඉල්ලීමක් කළානෙ ඔහුව මේකෙන් ගැලව ගන්න උදවු කරන්න කියල.
එක කියපු කෙනාගෙන් එවෙලේම මම ඇහුවේ “මචන් දීප්තියා ඌට බැනල එලව ගත්තද?” කියල.
ඒ මට ඔබ ගැන තිබූ යම් අදහසක් නිසා..
කොහොම උනත් ඍජුවම ඔබ කොහෙවත් ඔහුව නියෝජනය කරන්න ගිහින් තිබුන මම දැක්කේ නැහැ.
නමුත් ඔබ ඇසුරු කරන්නන් ,ඔබට සම්බන්ද වෙබ් අඩවි නිර්ලජ්ජිත ලෙස ඒ කාර්ය ඉටු කළා.මේ ලිපිය වගේ ඒවායිනුත් කරමින් ඉන්නවා.
නිර්දෝෂී භාවයේ පුරව නිගමනය හැමෝටම තිබෙනවා.එක වෙනම කතාවක්.නමුත් මෙතන හැපෙන්නේ දැවැන්ත police දෙපාර්ත මෙන්තුවක් හා අසරණ පුංචි ගැහැනියක්.
මෙතන හැමෝම පටල ගත්තු තවත් කාරණයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ASP සුමිත් තල්ලු කලාද ?නැත්ද ? කියන එක නෙවි.
අවුරුදු 29ක සාමාන්‍ය තරුණයෙක් සාමාන්‍ය විදියට ඉන්න වෙලාවක “එක තට්ටුවකින්” පහලට තවත් කෙනෙක් විසින් තල්ලු කළහොත් ඔහුගේ අතක් පයක් උපරිම කොන්ද කැඩුනොත් මිස මේ අයුරින් මිය යාවි කියල ඔබ හිතනවද?
සුමිත් මිය ගියේ පොලු පහරවල් බරපතල කැපුම් තුවාල හා අධික ලේ වහනය නිසා.එවැනි තුවාල ඔහුට සිද්ද උනේ තට්ටුවෙන් පහලට වැටීම නිසා විතරක් නෙවෙයි.තට්ටුවෙන් පහලට වැටීම ඔහුට එතරම් අසීරු වුනේ ඒ වෙනකොටත් ඔහු බරපතල ලෙස තුවාල වෙලා හිටපු නිසයි.
මේක නඩු විභාගයේදීත් අපි ගෙන එන්න බලාපොරොත්තු වෙන එක කරුණක්.
.ASP හා HQI එතනට ඇවිත් සුමිත්ට පොලු වලින් ගහමින් උඩට ඇදගෙන ගිය හැටි ,පසුව පළමු තට්ටුවේ එක කොනක සිට අනිත් කොනට ලේ පෙරෙමින් හිටි සුමිත්ව ඇදගෙන ආපු හැටි දැකපු හා camera phone වල තියෙන video සාක්ෂි ගණනාවක් තියෙනවා.
ඔබටත් ASP කියල තිබුනනේ මම එතනට ගියා තමයි ,ගැහුවා තමයි නමුත් ඔය කියන විදියට තල්ලුනම් කලේ නැහැ.. ඒ නිසා මාව බේරලා දෙන්න කියලනේ.
ඒ වගේම ඔහු එදා ඇවිත් ඇඹිලිපිටියේ නීතීඥ පුංචිහේවා මහත්තය ගැන කතාවක් කියල නඩු අංක (188/2015) යටතේ පවතින නඩුවක් ගැනත් කියනවා.
මේ කතාව මුලින් ගියේ NETH එකෙයි.එතනටත් මේ වගේ ම දෙන්න ඇති.ඊ ලඟට ඔබේ සමීපතමයන් වන Tharaka rajapakse ගේ හා Dasun rajapakse FB පිටු වල ඒවා ලියවෙනවා..
ඊ ලගට කවුදෝ ගුරුවරයෙක් කිව්වා කියල අපිත් ආසාවෙන් කියවන ඔබගේ ත්‍රිමාන වෙබ් අඩවියෙත් දැන් පලවෙලා..
මට මේක තේරුම් ගන්න ලොකු අමාරුවක් නැහැ සහෝදරයා.මොකද ASP මාව හමුවෙන්නත් උත්සාහ කලා ඇතුලට යන්න කලින්.
මට අනුව ඔබ වටිනා මිනිහෙක්.ඔබට මේක හොඳ නැහැ.ඔබ මේක පැහැදිලි කල යුතුයි.
උදුල් සහෝදරයා, කරුණාකර මෙම නඩුවට වාස්තවිකව ගැටෙන්න ඉඩ දෙන්න. මෙතන තිබෙන්නේ ධනේෂ්වර නීතිය පිළිබද සාරාත්මක ප්රශ්නයක් නෙවෙයි. මෙම නඩුවට අදාළව ඔබ ෆේස්බුක් පෝස්ටුව තුළ ඉදිරිපත් කරන පූර්ව නිගමනය පූර්ව අගතීන්ගෙන් ගහන බව අනාගතය ඔබට කියා දේවි. ඉතිහාසය අපට අවලාද නගන වර්තමානය මෙන් නොව දයලෙක්තිකය. ඒ නිසා අනාගතය අපව නිදහස් කරනු ඇත.
දැන් උදුල් කියන දේවල් වලින් වැටහෙන තවත් කරුණක් තමයි, ලංකාදීප සහ අනෙක් පත්තර වල මේ සිද්ධිය සම්බන්දයෙන් පල වූ ලිපි සියල්ල ඉතා නිවැරදි බව. ඒ හින්ද උදුල් එක් කරුණක් සදහන් කරන්නම්,
ලංකාදීප පත්තරේ සිටින මාධ්‍යවේදියකු හෝ මාධ්‍යවේදිනියක සිරි රණසිංහ ගැන දැන් ඔබට දීප්ති ගැන කරුණු කී පරිදි කීවා නම් ප්‍රධාන කර්තෘ කරන්නේ පසුවදාම එම මාධ්‍යවේදියාව පත්තරයෙන් එළවා දැමීමය. අනිත් කරුණ තමයි ප්‍රධාන කර්තෘ විසින් කර්තෘ මණ්ඩලයට දෙන ලිපියක් පල වෙලා තිබුණෙ නැතිනම් පසුදින කර්තෘ මණ්ඩලයටම කුණුහරුප ඇසීමට සිදු වේ. නමුත් දීප්ති සත්හඩ කර්තෘ මණ්ඩලයට නිදහස දී තිබේ. එපමණක් නොව දීප්ති ගැන කේලම් කියන පුද්ගලයන් කවුරුන්දැයි හොදින් දැනගෙ සිටියත් ඔවුන් සේවයෙන් ඉවත් කරන්නේ ද නැත. මෙය දීප්තිගේ දුර්වලකමක් නොව, සමාජ අරගලයක් කරන පුද්ගලයකුගේ ගති ලක්ෂණයකි. එක අතකින් අපි ලැජ්ජා වෙනවා සත්හඩ පුවත්පතේ වැඩ කරන මාධ්‍යවේදීන්ම එහි ප්‍රධාන කර්තෘවරයා සම්බන්ධයෙන් තැන තැන කේළම් කිය කිය යන එක ගැන. පුලුවන් නම් වෙන පත්තරේකට ගිහින් ඔය ජරා වැඩේ කරල බලපල්ලා. පුකට පයින් ගහල පත්තරෙන් පන්නල දාන්නෙ එහෙම වුණොත්. ඊලගට මෙහෙම කරන ගමන්ම ඒ මාධ්‍යවේදීන් හිතනවා මේ කල්ලිවාදය තමයි වමේ සම්ප්රදාය කියලා. මාක්ස්ගෙ ලෙනින්ගෙ උරුමය කියලා. යකෝ, කල්ලිවාදී යටිකූට්ටු වැඩ කළා නම් ලෙනින්ලට පුලුවන් වෙයි ද ලොක මට්ටමේ විප්ලව කරන්න කියල කල්පනා කරපල්ලා. අපි සටන් කරන්නේ මෙන්න මේ මාධ්‍ය සම්ප්රදායට විරුද්ධවයි.
ඒ වගේම අපි ඇඹිලිපිටියෙ ගිහින් එහෙ ගංජ මුදලාලිගාගෙනුයි කිරිහට්ටි කාරයන්ගෙනුයි කප්පම් ගත්තෙත් නැහැ. නමුත් උදුල් එක්කන් ගිය නීතීඥයකු ඇඹිලිපිටි ගොඩ් මිනිස්සුන්ගෙන් අරගත්ත දේවල් ගැන අපි කලින් ලිපියක ලීවා. අපි උදුල්ට එමගින් පණිවිඩයක් ලබා දුන්නේ බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන බවයි.
ඒ වගේම අපට තොරතරු ලබා දුන් ගුරුවරයා ඇඹිලිපිටියේ ප්රසිද්ධ පුද්ගලයකු වන අතර
ඔබ ඇඹිලිපිටි ගිය විටෙක ඔහු ගැන තොරතුරු දැනගත හැකිය.
ඒ වගේම (188/2015) නඩුව ගැනත් හොයල බලන්න.
අපේ ලිපියේ අන්තර්ගතය ඒ.එස්.පී නෙවෙයි. දෘෂ්ටිවාදය. දැන් අපිට ප්‍රශ්නයක් එනවා, උදුල් මේ දේවල් දන්නවද කියලා. ඔයාගෙ වාර්තා මහ ඉහළින් විකුණන ජනමාධ්‍ය වාර්තා නොකරන පැත්ත අපි ලියල පෙන්වල දීල තිබෙනවා.ජනමාධ්‍ය නිශ්පාදනය කරන දෘෂ්ටිවාදයට යටත් නොවී යථාර්ථය අවබෝධ කරගන්නෙ කොහොමද කියල අපි පාඨකයාට පෙන්වල දීල තිබෙනවා. ඔබට ඒ කලාපය වැටහෙන්නෙ නැති බව අපිට තේරෙනවා ඉහත පුද්ගලකේන්ද්‍රවාදී කොමෙන්ටුව බැලුවම. ඒ නිසා අපිට මාධ්‍ය ආයතන ගැන කියල දෙන්න එපා. ඔයා අන්තරේ හිටිය කාලෙත් රිමාන්ඩ් බාරයේ හිටිය කාලෙත් නීතීඥයකු වෙලා නඩු කථා කරන කාලෙත් අපි ඒ දේවල් ඔය ජාතික පුවත්පත් වලට වාර්තා කරල තිබෙනවා. නමුත් ඒ පුවත්පත් අපි ලියන කථා වලින් බාගයක් හලල තමයි පත්තරේ පල කරන්නෙ.
ලංකාදීපෙ සිරි රණසිංහයි දීප්තියි කියන්නෙ එකවගේ කර්තෘවරුන් කියලද උදුල් හිතන්නෙ ? ඒත් ජේ.වී.පී ඒකෙන් ආපු පරණ පුරුද්ද නිසා ඔයා දීප්ති කියල කෙනෙක්ගෙ කන්‍යාභාවය පරික්ෂා කරන්න හදනවා.
අපි ලියපු කරුණු සම්බන්ධයෙන් ඔබට යමක් පැහැදිළි කරන්න අවශ්‍ය නම් ඒකට අවස්ථාව තිබෙනවා කියා අපි මේ ලිපියේම සදහන් කර තිබෙනවා. ඒ නිසා ෆේස්බුක් ආතල් ගන්නෙ නැතිව ලිපියේ අන්තර්ගතය නිවැරදිව වටහාගෙන අගතියට පත් වූ පාර්ශවයේ නීතීඥවරයා වශයෙන් ඔබට පැවසීමට ඇති දේ කියන්න. දීප්ති සත්හඩ පුවත්පතේ ප්‍රධාන කර්තෘ. ඔහුට අවශ්‍ය නම් මේ ලිපිය පුවත්පතේ අනිවාර්යයෙන්ම දාන්න කියා ඒකෙ වැඩකරන සහ ඔබට ඔය විස්තර කියූ මාධ්‍යවේදීන්ට නියෝග කරන්න තිබුණා. අනිත් කර්තෘවරුවන් නම් එහෙමයි. නමුත් දීප්ති එතනදිත් අදාළ වැඩේ කරන අයට නිදහස දීල තිබෙනවා. මිනිස්සුන්ට නිදහස දෙන එක දීප්තිගෙ දුර්වලකමක් නෙවෙයි, සමාජ අරගල කරන සැබෑ නායකයන්ගෙ ලක්ෂණයක් කියන එක නැවත අපි උදුල්ට මතක් කරල දෙනවා.
උදුල් අමතක කරන්න එපා, සමාජවාදය හා කොමියුනිස්ට්වාදය තුළත් පොලිස් දෙපාර්තමේන්තු පවතින බව. සමාජය කියන්නෙ පසමිතුරුතාවයක් මිස ගැටුම් නොමැති ස්ථානයක් නෙවෙයි.
අද වෙනකම් අපි ඇඹිලිපිටියට ගියේ නැහැ. නමුත් දැන් නම් අපිත් ඇඹිලිපිටි යනවා. ඒ වගේම උදුල්ට මුවා වෙලා ඉන්න හොර නීතීඥයවත් අපි අවශ්‍ය වෙලාවෙදි බෙල්ලෙන්ම අල්ලගන්නම්.
– පෙරටුගාමී පක්ෂය –
You want only a tree, but you are searching the forest, without finding any.
You are wandered in the forest, Deepthi Kumara Gunarathne and his friends! 🙁
පොලිස් අධිකාරි තුමා ගේ භූමිකාව සුද්ද කිරීමේ යම් යම් උපායයන් මේ ලිපියේ විද්‍යාමාන වෙනවා.. දැන් අපි ලොකු ගැටලුවට ආයෙ ගියොත් එතැනදී පොලිසියේ හැසිරීම…සහ තරුණයාගේ මරණය..
පොලිසිය එම අවස්ථාවේ නීතිය ක්‍රියාත්මක කරලා තිබෙන ආකාරයේ යම් කිසි ලොකු වරදක් තිබෙනවා.. පොලිසිය එවැනි තැනකට වැටෙන්නේ ඇයි…බීමත් පිරිසක් මෙල්ල කිරීමෙකදි පොලිසියේ ක්‍රියාවලිය සහ භූමිකාව කෙසේ විය යුතුද?
නීතිය පැත්තකින් තබලා නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පෛාලිසිය ඒ සදහා යොදාගන්නා ක්‍රියාමාර්ග සහ ක්‍රමවේද ගැන ලොකු ගැටළුවක් තිබෙනවා..
අපි සමාජය සුවපත් කරන්න උත්සාහ කරන්න ඕනි පුලුල් මනසක ඉදන්.. මෙතැනදී එක් සිදුවීමක් වුවත් හරියට අධ්‍යනය කලොත් මේක සමාජයේ ව්‍යසනයක් ඇඹිලිපිටියේ ව්‍යසනයක් පමණක් නොවෙයි නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන ආයතනයේ සහ එහි වැඩපිලිවෙලවල් වල ව්‍යසනයක්ද තිබෙන බවක් ඔබට වැටහේවි..
අනික් කාරණය තමයි මෙතනදි පොලිස් අධිකාරි කියන මනුස්සයා ගේ නම අපිට වැදගත් නෑ.. පොලිස් අධිකාරි වරයෙක් කියන්නෙ මේ නීතිය හරියට ක්‍රියාත්මක කරන හොද චිත්‍රපටි චරිතයක් වගේ එකක් විය යුතු නෑ.. පොලිස් අධිකාරී එතුමාට අයිති රාජකාරිය අයිති ප්‍රමාණයට කරන්නට ඕනි.. එතනින් එහාට ගිහින් එයා රගපාන්න ගියාම කොහොමත් එයාටත් සමාජයකටත් ලොකු පස්න වලට මුහුන දෙන්න සිද්ද වෙනවා..
එක පැත්තකින් අපි හොද සමාජයක් බලාපොරොත්තු වන අතරේ පොලිස් අධිකාරි තනතුර තනතුරක් නොවී ඒක අස්සේ සාන්තුවරුන් සිටිය යුතුයි කියලා සිතනවා..
Comments are closed.