ශිෂ්ටත්වයේ සිහිනය...|Friday, July 28, 2017
You are here: Home » News » තමා තමාට ම අහිමි වූ මිනිසෙක්

තමා තමාට ම අහිමි වූ මිනිසෙක් 

banana-fb

 

නින්දත් සමඟ මට දැනුණේ මගේ උපන් බිම වූ ද පසු කලෙක මා විසින් අත්හැර දැමුවා වූ ද ඒ බිමෙහි තුරුලට ම යළි පැමිණි මා යළිත් එහි ම කොටසක් බවට පත්වී ඇති බවෙකි. එය හරියට ම ගසක් එහි මුල් බිමෙන් උදුරා ගෙන ගොස් නැවත ඒ මුල් බිමෙහි සිට වූ කලෙක ඉක්මනින් හා යහපත් ලෙසින් ඒ ගස ඒ බිමෙහි සාරය උරාගෙන වැඩෙන්නාක් මෙනි. නැවත කොළ දලු දමා ඒ ගසේ මල් පූදින්නාක් මෙනි. සැබවින් ම අපි ගස් වෙමු. මිනිසුන් නොවෙමු. නැතහොත් අපි සැබවින් ම මිනිසත් බවට වඩා පැලෑටි වෙමු. අප ට මේ ශක්තිය ලැබී ඇත්තේ අන් කිසි ක්‍රමයකින්වත් නොව අප උපන් බිමෙන් ය. කිසියම් ආකාරයකින් අපි එය අතහැර ගියහොත් තව දුරටත් අපි පැලෑටි හෝ මිනිසුන් නොවෙමු. අපි නිකම් ම සුළඟ ට ඒ මේ අත වැනෙන පිදුරු ගස් පමණක් වනු ඇත.

ගැහැනුන් දෙදෙනෙක්

ඇල්බටෝ මොරාවියා
පරිවර්තනය- දීප්ති මංගලා රාජපක්ෂ

මෙම තීරුවට ලියූ පළමු ලිපියට ප්‍රස්තුත වූයේ උම්බර්තෝ එකෝගේ රෝසමලේ නම (Name of the Rose) නමැති නවකතාවය.‍ එම ලිපිය ත්‍රිමාණ (3 mana) වෙබ් අඩවියෙහි නැවත පළකර තිබුණි. ලිපි‍ෙය් සිරස සමඟ ලෙබනන පඬිවරයකු වූ නාසිම් නි‍ෙකාලස් තාලිබ්ගේ උධෘතයක් ද දක්වමිනි.

ඉන් කියවුණේ තමා විසින් නොකියවන ලද ග්‍රන්ථ 30000 කින් පමණ සමන්විත පෞද්ගලික පුස්තකාලයක් එකෝ සතු බවය. එකෝට අනුව කියවන ලද පොත් නොකියවූ පොත් තරම් වටින්නේ නැත. විශේෂිත දේ නම් එකී වෙබ් අඩවිය ලිපිය සමඟ පළ කරන්නේ එකෝගේ රුව නොව තාලිබ්ගේ පින්තූරයක් වීම ය. කෙනෙකුට තාලිබ්ගේ පින්තූරය එකෝ ගේ ලෙස වරදවා කියවීමට ඉඩ හැරීම මෙම ලිවීමේ කේන්ද්‍රීය අරමුණට උත්ප්‍රාසනීය අරුතක් එකතු කර ඇතැයි මට කල්පනා විය.

උම්බර්තෝ එකෝගේ පෞද්ගලික පුස්තකාලය පිළිබඳ පුවත මට සිහිපත් කළේ ඔහුගේ The Mysterious Flame of Queen Loana නමැති නවකතාවය‍. මේ නවකතාවෙන් කියවෙන්නේ බාහිර ලෝකයට ඇති අපගේ බැඳීම්වලින් නිදහස් වූ විට අනන්‍යතාවය (identity) යනුවෙන් වූ කිසිවක් ඉතිරි නොවන බව ය. ‍එම සංකේතීය ලෝකය නැතහොත් වාස්තවික යථාර්ථය (Objective reality) ඉවත් කළ විට ආත්මය (Subject) මුහුණදෙන ගැටලුව එකෝගේ නවකතාවෙන් නිරූපණය වේ.

මෙම නවකතාවේ ප්‍රධාන චරිතය යාම්බෝ නම් වූ දුර්ලභ පොත් සොයා නැවත මුද්‍රණය කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකි. ඉතා විශාල වශයෙන් පොත් කියවීමට ඇබ්බැහි වුණ ඔහුගේ පුස්තකාලය පවා පොත් පත් දහසකටත් වඩා පොත් වලින් පිරුණ තැනකි. බරපතළ මනෝව්‍යාධියකට ගොදුරු වන යාම්බෝට එක්වරම තම අනන්‍යතාවට අදාළ සියලු මතක අහිමි වෙයි. නවකතාවේ එන ඇරඹුම දළ සිංහලට නඟන්නේ නම් මෙහිදී ය.

“හරි ඉතින් ඔහේගෙ නම මොකක්ද?”

“පොඩ්ඩක් ඉන්න. මේ දිව අග තියෙනවා.”

හැමදේම සිදුවීමට පටන් ගත්තේ එලෙසය.”

තම අනන්‍යතාවට අදාළ සියලු මතක අහිමි වුව ද ඔහුට තමා කියැවූ පොත්වල සඳහන් සියල්ල මතකයේ ඇත. තමාගේ නම පවා අමතක වූ මේ මිනිසා සමඟ වෛද්‍යවරයා වරක මීදුම පිළිබඳ කතා කරයි‍. එවිට යාම්බෝ කෙනන් බොයිල් ගේ හවුන්ඩ් ඔෆ් බැස්කර්විල් නවකතාවේ එන මීදුම පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරයි. වෛද්‍යවරයා අසරණ ලෙස මෙසේ පවසයි.

“මම නිකම් වෛද්‍යවරයෙක් විතරයි. ඒ නිසා මම ඕව ඔය කියන පොත්වල තියෙන දේවල් දන්නෙ නැහැ. අනෙක මේ අප්‍රේල් මාසෙ නිසා මට ඔබට මීදුමක් පෙන්වන්නත් බැහැ.”

වෛද්‍යවරයා ගේ බස් අසන යාම්බෝ ගත් කටටම මෙසේ පවසයි.

“අප්‍රේල් තමයි කුරිරුම මාසය (April is the cruelest month)

ඔහු එලෙස උපුටා දක්වන්නේ ටී.එස්. එලියට්ගේ The Wasteland කාව්‍යයේ එන පළමු කවි පදයයි.‍ ඒ අනුව යාම්බෝට තමාගේ ජීවිතය යනු තමා කියවූ පොත් ය. පසුව ඔහු තමා කියවූ පොත් පත් සඟරා පත්තර ආදිය පීරමින් තම අහිමිවූ අනන්‍යතාවය ගවේෂණය කිරීම වෙනම කතාවකි.

සැබවින් ම මෙම නවකතාව සමකාලීන සාහිත්‍ය විචාරයේ ඊනියා සමාජ විද්‍යාත්මක මානය වෙනුවට දාර්ශනික කියැවීමක් ඉල්ලා සිටින වියමනකි. එකෝ මෙහිලා ප්‍රශ්න කරන්නේ යථාර්ථයේ ව්‍යාජ ස්වරූපයයි. අපගේ සමාජ යථාර්ථය පෝෂණය වන්නේ සංකේතික ප්‍රබන්ධ හෝ ෆැන්ටසි ගොඩනැඟීම් මඟිනි. එබැවින් නිර්මාණකරණයේ පරම කාර්ය සිද්ධිය (Ultimate achievement of art) යථාර්ථය නැවත නිර්මාණය කිරීමවත්, ප්‍රබන්ධයක් යථාර්ථයක් ලෙස (වරදවා) ගැනීමට පෙලඹවීමවත් නොවේ. සිදුවිය යුතු දේ නම් යථාර්ථය (Reality) තුළ ඇති ප්‍රබන්ධමය බව ග්‍රහණය කර ගැනීමට සැලැස්වීම ය. නැතහොත් යථාර්ථයට ප්‍රබන්ධයක් ලෙස අත්දැකීම ය.

එහෙත් සමකාලීන සමාජ විද්‍යාත්මක සාහිත්‍ය විචාරය යථාර්ථය සත්‍යය යන්නට තුල්‍ය අර්ථ සහිත ප්‍රපංචයක් සේ ගනිමින් යෝජනා කරන්නේ හැකිතාක් කරුණු එක් රැස් කිරීම යථාර්ථය ග්‍රහණය කර ගැනීමේ මග වන බවය. මේ නිසා අද කාලයේ නවකතා ලිවීම යනු දැවැන්ත සමීක්ෂණවල ප්‍රතිඵලයකි. ඉදින් නවකතාවක් ලිවීමට පෙර කවර වූ හෝ සමීක්ෂණයක් කිරීම වැරදි යැයි කිව්වේ කවුරුන් ද? එකක් මේ නවකතා යථාර්ථයාගේ ෆැන්ටසිමය බව නොසලකා හැර එහි ප්‍රබන්ධමය බව අවරෝධනය කිරීමට තැත් කරයි.

එකෝ ගේ නවකතාවේදී වුව යාම්බෝ තමාගේ අහිමිවූ අතීතය සොයන්නේ පැරණි පුවත්පත්, ග්‍රැම‍ෆෝන් තැටි (vinyl records) පොත්, සඟරා සහ ළමා කාටුන් පොත් ගවේෂණය කිරීමක් තුළ ය. එම ගවේෂණයේදී යාම්බෝට තම සීයාට අයත්ව තිබූ 1623 දී පළ කළ First Folio යනුවෙන් හඳුන්වන විලියම් ශේක්ෂ්පියර්ගේ සියලු ම නාට්‍යවල එකතුවක් පවා හමුවේ. ජනප්‍රිය සංස්කෘතිය, කාටුන් ආදියේ සිට සම්භාව්‍ය සාහිත්‍යය දක්වා වූ සියල්ල යාම්බෝ ගේ ගවේෂණයට ගොදුරුවේ. එහෙත් ඒ සියල්ල වූ කලී යථාර්ථය නමින් ගොඩනඟා තිබූ මහා ප්‍රබන්ධයක් පිළිබඳ එළිදරව්වකි.

අනෙක් අතට උම්බර්තෝ එකෝ ගේ නවකතාව තුළ ඇති අන්තර් වියමනීය බව (intertextuality) නවකතා ඉතිහාසය පිළිබඳ කුන්දේරියානු ප්‍රවාදය වර නගයි. එනම් මිලාන් කුන්දේරාට අනුව නවකතාවේ ඉතිහාසය යනු පුද්ගලිකත්වය නැතහොත් ආත්මය ග්‍රහණය කර ගැනීමට දැරූ ශිල්පීය භාවිතාවය. මේ සියල්ල කැටි කර කිවහොත් එකෝ නවකතාව ඊනියා යථාර්ථයේ ප්‍රකාශනයක් (Expression of socared reality) බව තම නවකතාව මඟින් තහවුරු කරයි.

සම්බන්ධිත පුවත්:

ඔබේ අදහස කියන්න...