[dropcap color=”red”]නි[/dropcap]කොලායි බුඛාරින් කියන්නේ රැසියන් විප්ලවයේ නායකයෙක්. විප්ලවයට ද්‍රෝහී වූවා යන පදනම මත ස්ටාලින් විසින් ඔහුව ඝාතනය කරනව. තම ජීවිතය අවසන් වීමට මොහොතකට පෙර ඔහු තම බිරිද වූ ඇනා ලැරීනා තම ඛේදවාචකය ගැන පුද්ගලික ලිපියක් ලියනව. නමුත් එම ලිපිය ඇයට රුසියානු ආණ්ඩුව බාර දෙන්නේ 1992 දී. එහි මෙහෙම සදහන් වෙනවා.
එකක් මතක තියා ගන්න හැමදෙයකටම වඩා ශ්‍රේෂඨ දෙය තමයි රැසියන් විප්ලවයේ පැවැත්ම. විප්ලවයේ අනාගතය සහ USSR කියන රටේ පදනම ගැන කල්පනා කරල ඔබට පුළුවන් පුද්ගලයන් ගේ ඉරණම්කාරී දෛවයන් අමතක කරල දාන්න. විප්ලවයේ ශ්‍රේෂ්ඨත්වය ඉදිරියේ පුද්ගල ඛේදවාචකයන් ගැන කවර කතාද?
මෙම ලිපිය ලැරීනාට ලැබෙන විට සෝවියට් සංගමය බිදී විසිරි ගොස් පැවති නිසා බුඛාරින් ගේ මරණයට තිබූ අරුත අහෝසි වෙලා තිබුන.ඔහුගේ අවසානය කෙතරම් ඛේදවාචකයක් වුවත් විප්ලවය රැකෙනතාක් කල් ඔහුගේ ජීවිතයට අර්ථයක් තියෙනවා. නමුත් සෝවියට් සංගමය කියලා දෙයක් නැති සන්දර්භයක් ඇතුළත බුඛාරින් ගේ ජීවිතයට කිසිම තේරුමක් නැහැ. එහි අරුත රැකගෙන හිටපු මහා අනෙකාත් මිය ගිහිල්ලා. ඉතිං මුලතිව් ප්‍රහාරයේ දී මියගිය සෑම හමුදා භටයෙකුගේම ජීවිතයට අර්ථයක් තිබුනෙ තමිල් ඊලාම් මහා අනෙකා නිසා. දැන් එවැන්නෙක් නැහැ. ඉතුරු වෙලා තියෙන්නේ කාර් රේස් විතරයි. අපිට ඉගෙන ගන්න දෙයක් ඉත්හාස පොතේ ලියවිලා නැද්ද? තීපන් අවසාන මොහොතේ දීත් උත්සහා කරේ යුද්ධය නිසා මිය ගිය හැම සිංහල සොල්දාදුවෙකුගේම ජීවිතයට අර්ථයක් දෙන්න. නමුත් ඔහු අසාර්ථක වුනා.

Comments are closed.