ක්සත් ජාතික පක්ෂයේ නිල පුවත් පත වූ “ සියරට “පුවත් පතේ කර්තෘවරයාව කලක් සේවය කළ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව ඒ වන පුවත් පතින් ඉවත්ව යන තැනට සියලූ කුමන්ත්‍රණකාරී කටයුතු සිදුකළේ වත්මන් ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ශිරාල් ලක්තිලක බව නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැති ගුණසිරි සිල්වා මහතාගේ “අවිචාර සමය“-රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග නමැති කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්ය.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් සාම්ප්‍රදායික පිරිස් එල්ලබගෙන සිටින මතය වෙනස්කර ඔවුන්ගේ ඔලූ සෝදා සකස්කර දෙන්නට එනම් “බ්රේන් වොෂ්“ කර දෙන්නට රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනාවකට අනුව ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සියරට පුවත් පතේ කර්තෘධුරය භාරගත් බවයි. (එක්නැලිගොඩ මහතා සියරට කතුවරයා ලෙස කිසිදු ගෙවීමක් නොලබා නොමිලේ සේවය කළ බවද පැවසිය යුතුය)

Lenin 4

එහිදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා එම කාර්යයට ගුණසිරි සිල්වා මහතා උප කර්තෘවරයෙකු ලෙස කැඳවා ගත් බවත් පසුව ජෝ. සෙනෙවිරත්න මහතාද එක්වූ අතර “සියරට“ පුවත් පත නව ආරකින් පවත්වාගෙන යාමට පටන් ගෙන තිබුණු බවත් ඊට ඇතැම් කුමන්ත්‍රණකාරීන් ඊර්ෂ්‍යා කළ බවත් ඒ මහතා පැවසීය.

සියරට පුවත් පත තුළ ප්‍රගීත් එක්නැලිගොඩ සිදුකළ විප්ලවය නොඉවසූ ශිරාල් ලක්තිලක සිදුකළේ ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව සියරට පත්‍රයෙන් ඉවත් වන්නට පිරිසක් සමග එකතුව බලපෑම් කිරීම බවත් ඒ අනුව ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඉන් ඉවත් වුණු බවත්  හෙතෙම ප්‍රකාශ කළේය.

ප්‍රගීත් එක්නැලිගොඩගේ ඉවත්වීමෙන් පසුව සියරට පුවත් පතේ කර්තෘධුරය බාර ගැනීමෙන් පසු ගුණසිරි සිල්වා මහතා ලියූ කතුවැකි සහ තීරු ලිපි එකතුවක් අවිචාර සමය වශයෙන් පොතක් ලෙස එළිදැක්වීම මෙහිදී සිදුකෙරිණ.

ගුණසිරි සිල්වා ද සියරටේ කතුවරයා ලෙස සේවය කෙළේ කලාප 4-5 ක් පමණක් වන අතර එතරම් සුළු සංඛ්‍යාවකට කතුවැකි කිහිපයක් පමණක් ලියා ‘සියරට කතුවැකි‘ නමින් අද පොත් ගසා විකිණීම වර්තමානයේ එජාපයේ නැගී ඒමත් සමග ප්‍රචාරක වාසියක් ලබා ගැනීම සඳහා හුදු පාඨකයන් නොමග යැවීමකි. ගුණසිරි සිල්වා රාජපක්ෂ චෞර රාජ්‍යය ගැන අද ඉහලින් පොතක් එළිදැක්වූ නමුත් පුරා පස් වසකටත් අධික කාලයක් තිස්සේ මීට මාසයක් පමණ වන තුරුම ඔහු ක්‍රියා කෙළේද ටිරාන් අලස්ට අයත් රාජපක්ෂ චෞරයා ආරක්ෂා කළ පුවත් පතේ සංස්කාරක වරයෙක් වශයෙනි. රාජපක්ෂ රෙජීමය පන්නා දැමීම සඳහා විපක්ෂය විසින් ගෙන ගිය ජනතා ක්‍රියාවලීන්ට දැඩි ලෙස පහර දෙමින් විපක්ෂයේ නායකයන්ට අවලාද අපහාස කළ ටිරාන් අලස් ගේ පුවත් පතට වී බඩ වියත රැක ගනිමින් මීයාට පිම්බා සේ සිටි ගුණසිරි සිල්වා අද චෞර රාජ්‍යය ගැන හෙළන කඳුළු සමග කිඹුල් කඳුළු පමණක් නොව මළ පෙරේත හොටු දියරද ගලන්නේ ය.

ඉහත අවස්ථාවට එක්වූ ජයතිලක කම්මැල්ලවීර, මහාචාර්ය සරත් විජේසූරිය, රාජා උස්වැටකෙයියාව යන කථීකයින් ද ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියාට ‘සියරට‘ පුවත් පතෙන් ඉවත්වීමට කටයුතු සිදුකළ තැනැත්තා ගැන නම සඳහන් නොකර ප්‍රකාශ කළත් නීතිඥ සුදර්ශණ ගුණවර්ධන මහතා සෘජුවම එම තැනැත්තා “ශිරාල් ලක්තිලක“ බව සඳහන් කිරීම නිසා සැබෑ පාවාදෙන්නා හෙවත් දුෂ්ටයා කවුදැයි යන්න නිගමනය කිරීම කාහටත් එතරම් අපහසු නොවීය. ගුණවර්ධන මහතාට ඒ ගැන කෘතඥ විය යුතුය. පොත් එළිදැක්වීම් වලට එන කථිකයන් යාළු මිත්‍රකම් වලට පිට කසන්නේ නැතිව ඇත්ත කීමට පුරුදු විය යුතුය. 
(ලංකා ඊ නිවුස් විශේෂ වාර්තාකරු මහවැලි කේන්ද්‍රයේ සිට – edited version )

UNPය වෙනස් කිරීම ද යථාර්තය වෙනස් කිරීමකි – Post- Marxist idea on social change.

ඔබේ අදහස කියන්න...