2004 වර්ෂයේදී අපගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද නිවැරදි මනෝවිශ්ලේෂණ න්‍යාය සාවද්‍ය යැයි ප්‍රකාශ කරමින් “මනෝවිශ්ලේෂණ පදනම” නමින් අපට විවිධ ලිපි තැපෑලෙන් ලැබුණු බව අප කළින් සඳහන් කළෙමු. එම ලිපි වල කතුවරුන් බවට ඇත්ත වශයෙන්ම පත් වූයේ බුද්ධික බණ්ඩාර සහ ප්‍රභා මනුරත්න යන එවකට අප සංවිධානයේ වැඩ කළ සාමාජිකයන් දෙදෙනාය. මෙම කටයුත්තට පහසුකම් සපයන ලද්දේ මනෝජා ධර්මහේවා නම් සාමාජිකාවකි. ඇය දැනට ස්පාඤ්ඤයේ ජීවත් වෙයි. මෙම ක්‍රියාවලියට දුරින් සිට සහයෝගය දුන්නේ ප්‍රියන්ත කළුආරච්චි නම් සාමාජිකයාය. ඔහු දැනට අප සංවිධානයේ සිටී පැරණි සාමාජිකයන්ගේ අදහස් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධීකරණය කරන පුද්ගලයාය.
“පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය” නමින් ලිපියක් ලියන දැනට කසාද බැඳ හොඳින් න්‍යෂ්ටික පවුලක් ගොඩනගා ඇති ජෝඩුව එවකට අප සංවිධානය සමාජයට ඉදිරිපත් කළ “සංකේත පියා” පිළිබඳ තිසීසය දැඩි සේ න්‍යායිකව ප්‍රශ්න කරන ලදී. මෙම ජෝඩුවට විකාර අදහස් පහළ වීම පුදුමයට කාරණයක් නොවුනත් ඔවුන් මතු කරන ලද ගැටළු අදටත් වලංගුය. එනිසා එම ප්‍රශ්න වලට සංයුක්ත පිළිතුරු වසර 14 කට පසුව පහත ගොනු කරමි. අවශ්‍ය නම් ඒ යුගයේදී නිර්නාමික ලිපි එවන්නේ නැතුව කෙලින්ම අදාල ප්‍රශ්ණ සංවිධානය තුළම ඉදිරිපත් කරන්නට ඉඩ තිබිණි. ඔවුන් එසේ කර නැත්තේ මට ඇති අනියත බිය නිසා බව අනුමාන කළ හැක. නමුත් ඔවුන් ගැටළු සූත්‍රගත කර ඇති ආකාරයට ඔවුන් සිතා ඇත්තේ ඒවා කිසිදා ඛණ්ඩනය කළ නොහැකි යැයි කියාය. අපි ඔවුන්ගේ ගැටළු එකින් එක ගෙන විශ්ලේෂණය කර ඒවාට උත්තර පිළියෙළ කරමු.
- -තමන් ලියා ඇති ලිපි ලේඛණ නිර්නාමික නම් වලින් තමන්ම උපුටා දැක්වීම ලංකාවේ පටන් ගත්තේ මනුරත්න ජෝඩුවයි. ඒ අනුව ලංකාවේ “සංකේතීය පියා” පිළිබඳ සංවාදය ආරම්භ කරනු ලබන්නේ 2002 ජුනි- ජූලි ලන්ඩන් කලාපයට බුද්ධික බණ්ඩාර යන ලේඛකයා විසින් ලියන ලද “පියාගේ භූමිකාව ගැන නැවත සිතා බැලීමක්” යන ලිපියෙනි.
- ) සංකේතීය පියා පිළිබඳව X කණ්ඩායමේ නිර්වචනය:
- “නූතන සමාජයේ මහ අනෙකා බලවත් යන්නෙන් අදහස් වන්නේ එම සමාජය තුළ පියාගේ භූමිකාව ප්‍රබලය යන්නයි. යම් බලාධිකාරයක් දරනවා යන්නයි. මෙයින් අදහස් කරන්නේ ලංකාවේ අය හිතනවා වගේ පියා ශරීරයෙන් ශක්තිමත් හෝ තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්නට පුළුවන් වැනි අදහසක් නොවන බව අප වටහා ගත යුතුය. මෙතන අදහස් වන්නේ පියා මානසික වශයෙන් බලවත් කියන එකයි. එනම් පියාගේ මානසික ලෝකය ඉතා පුළුල්ය කියන එකයි … ඒක කරන්න පුළුවන් වෙන්නේ නූතන සමාජයේ මානසික පියෙක් සිටි නිසයි. යම් කිසි සමාජයක පියා මානසිකව පුළුල් ශක්තිමත් බලයක් දරන්නේ නැත්නම් එම සමාජයේ මිනිසුන් අනන්‍යතා අර්බුදයකට ගොදුරු වෙනවා. ඒ සමාජයේ දියුණු පුද්ගලිකත්වයක් සහිත මිනිසුන් බිහිවන්නේ නෑ.” (උපුටා දැක්වීම -1)
– බුද්ධික බන්ඩාර, LONDON, 2002 ජූනි – ජූලි 36-37
ඉහත දීර්ඝ ඡේදය අප ඔබට ඉිදිරපත් කරන ලද්දේ එකම එක කරුණක් ඔප්පු කිරීම සඳහා ය. ඔවුන් ඉහත දීර්ඝ වංකගිරි වක්‍ර මාර්ගයක ගමන් කරමින් කියන්න හදන්නේ කෙටි පණිවිඩයකි. එම කෙටි පණිවිඩය ටෙලිග්‍රෑම් භාෂාවකින් මෙසේ කිව හැක. “දීප්ති විසින් ඉදිරිපත් කරන ලද ‘සංකේත පියා’ පිළිබඳ සංකල්පය ජැක් ලැකාන්ගේ මනෝවිශ්ෙල්ෂෙණයට අනුව සහ ස්වාලොජ් ජිෂැක්ගේ දේශපාලන දර්ශනයට අනුව න්‍යායිකව වැරදිය.”
ඉහත අදහස් ඉදිරිපත් කිරීමේ පිළිවෙළ අනුව “සංකේත පියා” පිළිබඳ අදහස ලැකානියානු සහ ජිජැකියානු කතිකාවන් තුළ සංගතය (Consistent) ස්ථීරසාරය. නිශ්චිතය. ගලේ කෙටුවාක් මෙන් නිවැරදිය. අනෙක් පසින් ‘සංකේත පියා’ පිළිබඳ දීප්තිගේ අදහස් අසංගතය, ව්‍යාකූලය, මනෝභ්‍රාන්තිකය, පුරුෂ කේන්ද්‍රීයය, අවිදග්ධය. මා දන්නා විදිහට නම් ඕනෑම සංකල්පයක් දයලේක්තික මූලධර්මයට යටත්ය. යමක හරය තුළම එහි පරස්පරය ඇත. සංකල්ප ස්ථිතික නම් මනුරත්න ජෝඩුව නිවැරදිය. නමුත් සංකල්ප කාල-අවකාශය තුළ ගතිකය. ‘සංකේත පියා’ පිළිබඳ මගේ ‘නමින්’ අදහස් පළ කිරීමට මේ අයට නොහැකිවන්නේ ඒ නිසාය. තමන් කවුද කියා අහුවන නිසා එය කළ නොකළා යැයි තර්ක කළ හැක.
නමුත් අපට ඔවුන්ගේ අදහස් යොදාගෙනම ඔවුන්ව විසංයෝජනය කළ හැක.
සංකේත පියා පිළිබඳ ඔවුන්ගේ පහත අදහස කියවමු.
1) සංකේතීය පියා පිළිබඳව X කණ්ඩායමේ නිර්වචනය:
“නූතන සමාජයේ මහ අනෙකා බලවත් යන්නෙන් අදහස් වන්නේ එම සමාජය තුළ පියාගේ භූමිකාව ප්‍රබලය යන්නයි. යම් බලාධිකාරයක් දරනවා යන්නයි. මෙයින් අදහස් කරන්නේ ලංකාවේ අය හිතනවා වගේ පියා ශරීරයෙන් ශක්තිමත් හෝ තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්නට පුළුවන් වැනි අදහසක් නොවන බව අප වටහා ගත යුතුය. මෙතන අදහස් වන්නේ පියා මානසික වශයෙන් බලවත් කියන එකයි. එනම් පියාගේ මානසික ලෝකය ඉතා පුළුල්ය කියන එකයි … ඒක කරන්න පුළුවන් වෙන්නේ නූතන සමාජයේ මානසික පියෙක් සිටි නිසයි. යම් කිසි සමාජයක පියා මානසිකව පුළුල් ශක්තිමත් බලයක් දරන්නේ නැත්නම් එම සමාජයේ මිනිසුන් අනන්‍යතා අර්බුදයකට ගොදුරු වෙනවා. ඒ සමාජයේ දියුණු පුද්ගලිකත්වයක් සහිත මිනිසුන් බිහිවන්නේ නෑ.” (උපුටා දැක්වීම -1)
– බුද්ධික බන්ඩාර, LONDON, 2002 ජූනි – ජූලි 36-37
2) සමාජය තුළ සංකේත පියා විනාශ වීම:
2-1 “සංකේත පියා – එනම් භාෂාවේ හා සංස්කෘතියේ පිළිවෙල – නිකම්ම මිනිසුන් විසින් සමාජයීයව ප්‍රචලිත කරනු ලබන අදහස් මත පමණක් රඳා නොපවතියි. එම අදහස් ඓයින්ද්‍රීයව දරාගත් ශරීර, එනම් සමාජ ආයතන, ශික්ෂණ ව්‍යාපාර, සමාජ පරමාදර්ශ යනාදිය නොමැතිව යථාර්ථයට පැවතිය නොහැකිය. සංකේතීය පියාගේ මෙම භෞතික රූපකාය ඒ අනුව සමාජීයව නිෂ්පාදනය කරන ලද්දකි… යුරෝපයට අදාලව ගතහොත් අද අප හඳුනා ගන්නා යථාර්ථයෙන් සංකේතීය පියා ගොඩනැගුනේ කාර්මික නිෂ්පාදනය සමාජීයව සංවිධානය කිරීම මගින්ය.” (උපුටා දැක්වීම -2)
– සුමිත් චාමින්ද, LONDON, 2003 අප්‍රේල් – මැයි, පි. 44
2-2 “අද මාධ්‍ය විසින් කරනු ලබන්නේ, මිනිසාට හුස්ම ගැනීමට ඉඩ දෙන මෙම සංකේතීය අවකාශය විනාශ කිරීමයි. නූතන මාධ්‍ය මිනිස් ශිෂ්ඨාචාරයේ ප්‍රධානතම සතුරා බව අප මතක තබා ගත යුතුය. 80 දශකයේ විවෘත ආර්ථිකයත් සමඟ නගර වලට රිංගාගත් ග්‍රාමීය මැට්ටන් හා පාරවල් අයිනේ ගංජා ගැසූ ලක්ෂපති වැනි නාගරික ලුම්පනුන් වැනි අය විනාශ කරමින් සිටින්නේ ඉංග්‍රීසි පියා විසින් අමාරුවෙන් ශික්ෂණය කර ගොඩනගා ගිය අපගේ සංකේත විශ්වයය.” (උපුටා දැක්වීම -3)
– ශාම්, LONDON, 2003 අප්‍රේල් – මැයි, පි. පි 44
2-3 “තවද, ඉහත නීතිය හා සංස්කෘතික පිළිවෙල ප්‍රධාන වශයෙන්ම කාර්මික නගරවල නිදහස් සමාජ පංතීන් විසින් නායකත්වය දී ගොඩනගන ලද්දකි… කෙසේ වුවද මෙහි අදහස නම්, මෙම සංකේත පිළිවෙල යථාර්ථයක් වන්නේ එය හුදෙක් අදහස් තුළ ප්‍රකාශයට පත් වන නිසා නොවේ. එම යථාර්ථය දරාගත් භෞතික ශරීර ලෙස නූතන නාගරික දේශපාලන ව්‍යාපාර, ආයතන, ශික්ෂණයන් යනාදිය තහවුරු වීම නිසාය. යුරෝපීයයන් තම ජීවන පරමාදර්ශය නගරය තුළ දකින්නේ සහ එයට ගරු කර්න්නේ නිෂ්පාදනය (දේශපාලන ක්‍රියාව) මගින් භෞතිකව නගරය විසින් ගම පරාජය කිරීම නිසාය.” (උපුටා දැක්වීම -4)
– එම, පි 45
2-4 “යුරෝපයට අදාලව ගතහොත් ඉහත පරිවර්තනය (කාර්මීකරණය නිසා ඉහත සංකේතීය පිළිවෙල ගොඩනැගීම) ලංකාවේ සිදු වී නැත. . . නමුත් ඉංග්‍රීසි යටත්විජිත පාලනය යටතේදී යුරෝපීය නූතනවාදී යථාර්ථය කැඩපත කරගත් රාජ්‍ය ආයතන ලංකාවේදී ස්ථාපිත කෙරිනි… ලංකාවේ නූතන පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දය, රාජ්‍ය පරිපාලනය, පොලීසිය, පාසැල් සහ පොදු සුභසාධන ආයතන, කලාව, ජාතිය, කොළඹ කේන්ද්‍රීය බුද්ධාගම, නීතිය සහ පොලීසිය යනාදී සියල්ලම යටත්විජිත පාලනයේ නිර්මිතයන් ය. මෙම සමාජ – දේශපාලන පිළිවෙල දරාගෙන සිටි භෞතික ශරීරය අන් කිසිවක් නොව බ්‍රිතාන්‍යයේ නූතනවාදී දේශපාලනයයි.” (උපුටා දැක්වීම -5)
– එම
3) ලංකාවේ සංකේතීය පියා නැති බැවින් සිටින්නේ දෙබිඩි මිනිසුන්ය:
(මෙම කරුණ සාධනය කරන X කණ්ඩායමේ ලියවීම් ඉතා බහුලය. එපමණකුදු නොව මේවා විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටියි. අප මෙහිදී කරන්නේ ඉන් කිහිපයක් උපුටා දැක්වීම පමණි.)
3-1) ඒත් ධම්මගෙන් ප්‍රශ්න අහන්න යන්න එපා. අපිත් එක්ක හිටපු ධම්ම දැන් ඉන්නේ අපේ මානසික ලෝකයේ මිසක් කඩවත ඉඳන් කොළඹ විශ්ව විද්‍යාලයට එන ශරීරය ඇතුළෙ නෙවෙයි. කැමති නම් ප්‍රශ්න අහන්න. එතකොට ඒ ශරීරය තුළින් බට්ටි උත්තර දෙයි. කාරෙක උත්තර දෙයි. (උපුටා දැක්වීම -6)
දේශපාලනයේ හුදෙකලාව, LONDON, 2002, April-May
3-2 X එකට තැන් තැන්වල සෙට්වෙලා බනින කට්ටිය ගොඩක් ඉන්නවා. .. මේ ගොල්ලෝ එකට එක් වෙලා මොන මොන දේ කථා කළත් මේ ගොල්ලෝ එකිනෙකාට නොකියන දෙයක් තියනවා. ඒක තමයි “අරුන් මගේ නියම තැන දන්නවා” කියන එක … අපිට පුළුවන් වෙලා තියනවා අනිත් අය තුළ අපි ගැන මේ වගේ අදහසක් ඇති කරවන්න. .. ලාංකිකයාගේ සැඟවුණු මනස සෙවීමේ ක්‍රමවිද්‍යාව හැමෝටම කියලා දෙන්න ඕනි කියලා අපි තීරණයකට ආවා… ලාංකීයත්වය මනෝ විශ්ලේෂණාත්මකව හිස්ටරිකයි. සමාජ විද්‍යාත්මකව පාදඩයි. (උපුටා දැක්වීම -7)
ශ්‍යාම්, LONDON Oct – Nov, 2002
(මෙම ලිපියේ ඉතා සිත් ගන්නාසුළු කොටසක් නම්, මෙහි ‘ස්වාමියා’ සහ ‘කැප කිරීම’ පිළිබඳව ගෙනෙන අදහසයි. සත්‍යය ඇත්තේ පිටත, සැමටම පෙනෙන ලෙස යයි ලැකාන් පවසන විට ඔහු කෙතරම් නිවැරදිද?)
3-2 ඔවුන්ගේ වීරයා, එනම් සුවාරිස්ට මෙවර උදවු කරන්නේ තමන්ගේ ඔළු ගෙඩිය මුළු මහත් ලෝකය මැනීමට අඩි කෝදුවක් කරගත් අසමාජ විද්‍යාඥයෙක් සහ NGO ගණිකා වෘත්තීය නිසා වැසිකිළි වලට කොන්ක්‍රීට් ලෑල්ලක් දමාගත් දෛව ස්ත්‍රියකි. (උපුටා දැක්වීම -8)
– LONDON 2003 ජූනි-ජූලි, පි.37
4) ස්ත්‍රිය සහ සංකේත පියා:
4-1 “සංකේත පියෙකු නිර්මාණය කිරීමට තරම් නිෂ්පාදන ආර්ථිකයක් නොමැති හේතුවෙන් ලාංකික පිරිමියාට ගැහැණිය වෙනුවෙන් වෙස් මුහුණක් නිර්මාණය කිරීමට නොහැකි වීම හා ඒ පොළොව තුළ රොහානියානු කථිකාව අධිනිෂ්වය වීම.” (උපුටා දැක්වීම -9)
– බුද්ධික බන්ඩාර, පි. 37
4-2 ඒ වගේම “ස්ත්‍රිත්වය යනු වෙස් මුහුණක්”, යන ප්‍රවාදයත් “ස්ත්‍රිය යනු පුරුෂයාගේ රෝග ලක්ෂණයක්” යන ප්‍රවාදයත් මෙතනදී අපට වැදගත්. වේෂනිරූපණයත්, දුකත් පීතෲ භූමිකාවේ ගැටළු සහගත පරාවර්තනයත් බව අප සාඛච්ඡා කළා. එවන්නෙකුට ස්ත්‍රියකට වෙස් මුහුණක් තනා දෙන්නට සමත්වන සංකේතීය ඛණ්ඩාංකයක් නොමැති වීම අනිවාර්යතාවයක්. මෙහි ප්‍රතිඵලය තමයි ස්ත්‍රිය හිස්ටෙරික විශ්වයයක් තුළට ගමන් කිරීම. හිස්ටෙරිකයෙකු අනිකෙකු තුළින් ඉල්ලා සිටින්නේ පරිපූර්ණ පිරිමියාය. හිස්ටෙරිකයෙකුගේ අතෘප්තිමත් ප්‍රශ්න කිරීම ඉදිරියේ පරිපූර්ණ පුරුෂත්වයක් අත් කර ගැනීමට නම් අයෙකුට විශාල සංකේත විශ්වයක් තිබිය යුතුය. හිස්ටෙරිකයා වෙනුවෙන් වන පරිපූර්ණ පිරිමියා සඳහා වඩාත් උචිත වන්නේ පූර්වජ පියාය. (උපුටා දැක්වීම -10)
– මහින්ද ප්‍රියදර්ශන, ඇපල් මලක් රගර් ක්‍රීඩකයෙකුට ආදරය කරන්නේ කෙසේද?, LONDON, Nov-Dec 2003
අප උත්සාහ කරන්නේ X කණ්ඩායමේ ඉහත අර්ථකතනයන්ට වඩා වෙනස් අර්ථකතනයක් ඉදිරිපත් කිරීමට නොවේ. එයට වෙනස්ව X කණ්ඩායම තුළින් මෙවැනි අර්ථකතනයක් නිර්මාණය වීමේ ක්‍රියාවලිය පරීක්ෂා කිරීම අපගේ අරමුණයි. අපට අනුව ලැකානියානු මනෝවිශ්ලේෂණයේ සංකල්පයන් X කණ්ඩායම අතින් ඉහත ආකාරයට අර්ථකතනය වන්නේ ඔවුන් තම දේශපාලන ව්‍යාපෘතිය මූලික පරිකල්පනීය ගොඩනැංවීම් කිහිපයක් මත පදනම් කර ගන්නා නිසායි. ඉන් ප්‍රධානම එකක් වන්නේ “සංකේත පියා නැවත ගොඩනැගීම” යි. අන් තැන් වලදී ඉතා සියුම් විශ්ලේෂකයන් වන ඉහත කතුවරුන්ට, දේශපාලනය යනු ධනාත්මක සංකේතීය අර්ථ ගැන්වීමක් නොවන බව පෙනී නොයාමේ දේශපාලනය විග්‍රහ කිරීම අප මදකට කල් දමා, මනෝවිශ්ලේෂණ න්‍යාය දෙසට යොමු වෙමු.
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
”සංකේතීය පියා පිළිබඳ X කණ්ඩායමේ න්‍යායගත කිරීම්වල සීමාවන් කිහිපයක්
1) සංකේතීය පියා යනු මනස විශාල කරගත් පියෙකු බව:
(බලන්න – උපුටා දැක්වීම -1)
මෙම න්‍යායගත කිරීමෙහි මූලික ගැටළුව නම් එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා උසස්ය යන උපකල්පනයේ සිට එම නිර්ණායකය මත පිහිටා එක් සමාජයක සංකේත පිළිවෙල වෙනත් සමාජයක සංකේත පිළිවෙලට වඩා උසස් යයි තීරණය කිරීමයි. එම තර්කයට අනුව ‘බටහිර සංස්කෘතිය’ ලාංකීය ‘සිංහල සංස්කෘතියට’ වඩා උසස් වන අතර වඩා ශිෂ්ඨ පියා සිටින්නේ එංගලන්තයේය. මෙය දේශීය සංස්කෘතිය පරමත්වයට නැගීමට උත්සාහ කරන ව්‍යාජ දේශීයවාදයේම අනෙක් පැත්තයි. අප ඉහත දුටු ආකාරයට මනෝවිශ්ලේෂණය තුළ සංකේතීය පියා යනු එක් සමාජයක ‘හොඳ/උසස්’ වී තවත් සමාජයක ‘නරක/පහත්’ වන දෙයක් නොවේ. ලැකාන් අනුව යමින් සිසැක් හා වර්හාගේ සංකේතීය පියා තේරුම් කිරීමට ගන්නා උදාහරණයම ගන්නේ X කණ්ඩායමේ නිර්ණායකයනට අනුව ‘අශිෂ්ඨ’ ‘නොදියුණු’ සමාජයකිනි. ඉහත කතුවරයා ‘වඩා පුළුල් මනසක්’ යන්නෙන් අදහස් කරන්නේ X කණ්ඩායම නිතර පවසන පරිදි ශිෂ්ට පියෙකු පිළිබඳව නම් අපට දිය හැකි එකම පිළිතුර නම් මනෝවිශ්ලේෂණය යනු අන්තර්ගතය පිළිබඳ වර්ගවාදී වන විෂයක් නොවන බවයි.”
–පළා යන පියවරුන්ගේ අවසාන බැස්ටීලය–
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;========================
බැලූ බැල්මට මනුරත්න ජෝඩුව අපට ඉදිරිපත් කරන්නේ ඉතාම බරසාර සෙලවිය නොහැකි විවේචනයකි. එය එල්ල කරන්නේ අපට එරෙහිවය. ඉහත ආකාරයේ සංගත යැයි බැලූ බැල්මට පෙනෙන විචාර වලට පිළිතුරු දීම වෙනුවට කාලයට ඉඩ දුන්නේ ඇයි? ඔවුන් මෙය ලියා දැන් වසර 14ක් පමණ ගත වී ඇත. අප එසේ කාලය සමඟ තාවර වූයේ යම් කිසි හේතුවක් නිසා ය. එනම් ‘සංකල්පය’ චලනය වන නිසා ය. සංකල්පයට ජිජැක් තුළම චලනය වන්න ඉඩ දුන්නෙමු.
“බටහිර සංස්කෘතිය” ලාංකීය “සිංහල සංස්කෘතියට වඩා උසස් වන අතර වඩා ශිෂ්ට පියා සිටින්නේ එංගලන්තයේ ය.”
ඉහත වාක්‍යය ලියන කතුවරුන්ට අමතක වී යනුයේ මනෝවිශ්ලේෂණය බටහිර සභ්‍යත්වයේ ඵලයක් බවයි. සිංහල ලෝකයක මනෝවිශ්ලේෂණය වැනි විද්‍යාවක් පහල විය නොහැක. නලීන් ද සිල්වා බටහිර විද්‍යාව යනුවෙන් ‘විද්‍යාවට’ ගරහන්නේ මේ නිසා ය.
2010 ට පසුව ගෝලීයකරණය තුළ චීනය ඉදිරියට එන විට ජිජැක් “චීන ආර්ථික සංවර්ධන මාදිලිය” ගැන නව තිසීසයක් ඉදිරිපත් කළේ ය. එය ඔහු හඳුන්වන්නේ මෙසේ ය. “ආසියානු හරයන් සහිත ධනවාදය” ජිජැක් පසුගිය වසර කිහිපය තුළ දිගින් දිගටම පශ්චාත්-යටත් විජිත කතිකාවේ චින්තකයන්ගේ අවලාදයන්ට ලක් වූයේ ඔහුගේ ඉහත ප්‍රවාදය නිසාය. මනුරත්න ජෝඩුව මට එරෙහිව එල්ල කළ චෝදනාවද ඊට සමකය. ශ්‍රී ලංකවේ සමාජයට වඩා එංගලන්තයේ සමාජය උසස්ය. දීප්තිගේ X කණ්ඩායමේ මෙම මතය ප්‍රති-මනෝවිශ්ලේෂණාත්මකය. එය වර්ගවාදීය.
මනුරත්න ජෝඩුව සහ තමන් වසර 2ක් පමණ ඉතා බරසාර ලෙස මනෝවිශ්ලේෂණය, බටහිර දර්ශනය, පශ්චාත්-මාක්ස්වාදය ගැන හැදෑරුවේ යැයි පරසක්වල ගසන ලද්දේ සුමිත් චාමින්දයන්ය. නමුත් ඔවුන්ට නූතන බටහිර දර්ශනයේ මූලික තර්කය වන දයලෙක්තිකය ගැනවත් ගැඹුරු දැක්මක් නැත. ඒ අනුව ‘සංකේත පියා’ සංකල්පය වාගීශ්වරවාදී සංකල්පයක් නොවේ. එනම් Symbolic Father යනු Logocentric අදහසක් නොවේ.
වාගීශ්වරවාදය යනු යම් වචනයක අදහස පිරිසිදු මූලයකින් අවසන් වේ යැයි ඇදහීමකි. මනුරත්න ජෝඩුවේ ඊළග දෝෂය වන්නේ ඔවුන්ගේ අදහස් ශබ්දකේන්ද්‍රීය වීම, එනම් Phonocentrism වීම ය. යම් කතුවරයෙකුගේ අදහසක අර්ථය ඔහුගේ නාමපදය – lacan or zizek– හෝ අත්සන තුළ හෝ කටහඩ තුළ ගැබ්වේය යන අදහස Phonocentrist ය. ‘සංකේත පියා’ නම් සංකල්පයේ පිරිසිදු අදහස ඇත්තේ (කිසිදු අඩුවකින් තොර) දීප්ති තුළ නොව ලැකාන් සහ ජිජැක් තුළය. එතැනදී ඔවුන් තවත් අලුත් පාරභෞතික කළාපයකට ගමන් කරයි. එනම් ‘සංකේත පියා’ නම් සංකල්පයේ ශුක්‍රය නොහොත් අර්ථය ගැබ් ගැන්විය හැක්කේ ලැකාන් ට සහ ජිජැක්ට ය. මෙම තත්වය ජාක් ඩෙරීඩා නම් නූතන දාර්ශනිකයා හඳුන්වන්නේ Phallologocentrism කියාය. එනම් පීතෘ වදන දිව්‍යමය කිරීමක් ලෙසිනි. එතැනදී දීප්තිගේ අදහස ස්ත්‍රී එකකි. දීප්තිගේ අදහස ලැකාන් සහ ජිජැක් නම් දෙව්පියාණන්වරුන්ගේ අදහස් වල ව්‍යුත්පන්නයකි. දෝෂයේ මූලය ඇත්තේ දෙවිපියාණන් ළඟ නොව පුත්‍රයා තුළය. ‘දර්ශනය’ දේවධර්මය දක්වා ඌණනය වීමක් මෙතැන දක්නට ලැබේ.
එසේ නම් උක්ත ගැටළුව විසඳිය හැක්කේ කේසේද?
ජිජැක් ට අනුව ධනවාදය යනු යුරෝපීය නූතනවාදයේ ඵලයකි. යුරෝපීය නූතනවාදයේ විශේෂත්වය වන්නේ එහි මාධ්‍යය-center- හිස් වීමයි. යුරෝපයෙන් පිටතදී නූතන වීමට දරණ සෑම වාදයක්ම අවසන් වන්නේ දේශීය සාරයෙනි. නාසිවාදය යනු යුරෝපීය නූතනත්වයේ හිස් කේන්ද්‍රය ජර්මානු ජාතික සාරයෙන් පිරවීමට දරණ ලද වෑයමකි. ධනවාදී නූතනත්වය ජාතික සාරයකින් පිරවිය නොහැත. පන්ති අරගලයේ සාරය පසමිතුරුභාවයයි. එය ජාතිය මඟින් විස්ථාපනය කොට පසමිතුරුතා නොමැති සමාජයක් නිර්මාණය කිරීමට උත්සහ කළ විගස බාහිර සතුරෙක් ලෙස සුළුජාතිකයෙක් අපට සම්මුඛ වෙයි.
X කණ්ඩායම 90 දශකය තුළ යෝජනා කළේ සාරයක් නැති නූතනත්වයකි. Xනු අතීතය යළි වැළඳ ගැනීමක් නොව ධනවාදය තුළ අප කිසිවෙකුට සාරාත්මක අනන්‍යතාවයක් නැති බව හඟවන සංඥාවකි. කුල, මල , ේභද නැති සියළු වාර්ගිකයන් සහ විෂම මිනිසුන්ට එහි සාමාජික සාමාජිකාවන් වීමට හැකි වූයේ X සංඥාවේ අදහස නිසා ය. මනෝවිශ්ලේෂණය තුළ ‘මනස’ යනුවෙන් සත්තාවක් ඇති බව නොපිළි ගැනේ. මනෝවිශ්ලේෂණය තුළදී කිසිදු විටෙක මනෝවිද්‍යාත්මක පුද්ගලයෙකු පවතීය යන්න පිළි නොාගැනේ.
මනුරත්න ජෝඩුවට අනුව “සංකේත පියා” සංකල්පයේ නිර්මාතෘ ජාක් ලැකාන් ය. මේ අදහස ඓතිහාසික වශයෙන් වැරදිය. පියා පිළිබඳ සංකල්පය මනෝවිශ්ලේෂණයට එන්නේ ක්‍රිස්තියානි ආගමෙනි. මේ පිළිබඳව මහේශ් හපුගොඩ සහෝදරයා දීර්ඝව ලියා ඇති අතර කෑගල්ල නගරයේ පැවති ‘අසන්ධිමිත්තා’ සම්මන්ත්‍රණයේදී එය ඉතා සරලව පහදා දී ඇත. සංකේත පියා යනුවෙන් අපගේ සංවිධානය අදහස් කරන්නේ ලැකාන්ගේ අදහසමය. ඊට වෙනස් අදහසක් අපට නැත. ඊට අනුව එහි අදහස වන්නේ පියා විසින් නාමකරණය කරන ලද ලෝකය කිසියම් ආත්මයක් විසින් උත්පාදනය කරන ලද්දක් යැයි පිළිගැනීමයි. දරුවෙකු ඉපදෙන්නේ ගර්භාෂය තුළින් යෝනිය හරහා බාහිර ලෝකයට ඒමෙනි. එපරිදිම දරුවෙකු පියාගේ නාමකරණය හරහා බහිශ්කරණය වෙයි. ඇත්තටම ලැකාන් කතා කරන්නේ ධනවාදය මඟින් ජවලනය වන ලාභය මුල්කරගත් සබඳතා මඟින් ඉහත ධනෙශ්වරකරණය සමරූපීකරණය කරන බවයි. මෙතරම් තීක්ෂණ ලෙස “සංකේත පියා” 21 වැනි සියවසේ මුල් දශකය තුළ අපට පැහැදිලි කළ නොහැකි වූ බව මා පිළිගනිමි.
ඉහත හේතුව නිසා සමහර න්‍යායික සංකල්ප පරිණත වන තුරු නිහඬ වූයෙමි. මේ නිහඬතාවය සමහරුන් කියවූයේ මගේ දුර්වලතාවයක් ලෙසිනි. එනිසා ඔවුන් ‘සංකේත පියා’ සංකල්පයේ නිශ්චිතභාවය වෙනුවෙන් වෙර යොදා සටන් කළේ ය. මට ඔවුන් කළ චෝදනාවට ලක් වීමට අද ජිජැක්ටත් සිදු වී ඇත- Rather surprisingly, he is favour of restricting the mobility of refugees within Europe and defends a whole range of Eurocentric attitudes. දෛවයේ සරදම! දීප්ති වෙනුවට සංකේත පියාගේ භූමිකාව ජිජැක්ට ආදේශ කළ ඔවුන්ට තමන් කරන ලද්දේ තමන් නොකරනවා යැයි සපථ කළ ”දෙයම” බව ඔවුන්ට අමතක විය.
Deepthi kumara Gunarathne
“හිස්ටීරියාව” පොත මිලදී ගැනීමට හැකිද
මුද්‍රණය අවසන් ය. දැනට කාගෙන් හරි හොයා ගන්න
Comments are closed.