ශ්‍රී ලංකාවේ කලා විචාරය පොදුවේත් සාහිත්‍ය විචාරය විශේෂ වශයෙන් ද Event මැනේජර්ලාගේ වෙසක් කූඩුවක් බවට පත්වී ඇත. අද සාහිත්‍යකරුවන් වෙනුවට රටේ ඉන්නේ, තමන්ගේ කෘතිය තමන් විසින්ම ප්‍රවර්ධනය කරගන්නා සාහිත්‍ය මැනේජර්ලාය. සාහිත්‍ය කෘති ගැන කොළඹ දී කතා කරන්නේ, තමන්ගේ පුද්ගලික ජීවිතයේ අශ්ලීල ෆැන්ටසීන් පොදු අවකාශයට රැගෙනවිත් පර්යේෂණ කරන ස්ත්‍රී-පුරුෂ විපරිතයන් ය. තමන් විසින්ම අටවා ගන්නා ලද කුලකයක් ලැයිස්තුගත කොට එකිනෙකා ලව්වා හොඳටම පිට කසා ගන්නවා මිස සාහිත්‍යයේ සමාජ ප්‍රතිවිරෝධයන් පිළිබඳ ගැටලුවක් සාකච්ඡා නොවේ. සමකාලීන සාහිත්‍යකරුවා විසින්ම ‘ලැයිස්තු-විචාරක’ පද්ධතියක් නිෂ්පාදනය කොට ඇති අතර එහි එකම නිර්ණායකය ආත්ම-රාගයයි. සැබෑ විචාරය ගැටුමක් වන අතර එයට සමකාලීන භීතියට පත් පර්සි වැනි පිරිමින් (තුන්වැනි යාමය චිත්‍රපටයේ පියාගෙන් පහර කන පිරිමි දරුවා) කියන්නේ තග කියාය. ස්ත්‍රීන්ගේ බෙල්ල මිරිකන අයට මේ අය කියන නම අප දන්නේ නැත.

                   ”පිට-කසා-ගැනීම්වාදයේ” දරුණුම තත්ත්වයක් මෑතකදී ඇතිවූ , කෞශල්‍ය කුමාරසිංහගේ ‘නිම්නාගේ ලෝකය’ ගැන කතා කළ විචාරකයන් දුසිමෙන් බහුතරය එම පොත කියවා තිබුණේ නැත. කුමාරසිංහ මහතා ඔවුන් සැමගෙන් ඉල්ලා තිබුණේ පොත නොකියවා ඒ සඳහා පෙරවදනක් සපයන ලෙසයි. ඇත්තටම පෙරවදන යනු , පොතේ නැති දේවල් කීම ය. පොතේ විශාලත්වය, බර්ලින්  තාප්පය, මානව විද්‍යාව, ආචාර උපාධිය ගැන කතා කිරීම මිස පොතෙහි ගුණාත්මක තත්ත්වය ගැන විචාර මිනුම් දණ්ඩක් කිසිවකු ඉදිරිපත් කළේ නැත. 

                      ”නිම්නාගේ ලෝකය” වැනි කෘති සදහා විචාරක මිනුම් දණ්ඩක් ෆ්‍රෙඩ්රික් ජෙම්සන් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳ විග්‍රහයක් පහත හඬ පටයෙන් ඔබට ශ්‍රවණය කළ හැකිය. ඊට අදාළ විචාරය ද පහත ගොනු කර ඇත. ජෙම්සන්ගේ විචාරය සඳහා විචාරයක් Aijaz Ahmad ඉදිරිපත් කර ඇතිමුත් මූලික තර්කය ඉන් අනාථ වී නැත. එනම් පෙරදිග සාහිත්‍යයේ මූලික ගැටලුවයි. නිම්නාගේගේ කතාව නැතහොත් ඇයගේ පුද්ගලික කතාව කීමට සමාජ සිදුවීම් නම් අත්වාරුව අවශ්‍ය ඇයි? මෙය පශ්චාත්-යටත්විජිතවාදී කතාවේ සාරය එනම් යටත් විජිත වාදියාගේ පැමිණීමට පෙර පැවති මූලයන් සොයා යෑම නම් පාරභෞතිකවාදය අපට සම්මුඛ කරවයි. යටත්විජිතවාදය හෝ ධනවාදයෙන් තොර දේශීය සාරේ යනු ද යටත්විජිත හිමියාගේ හෝ ධනවාදයේම ෆැන්ටසිය යි. ”මේ රහස් කවුළුවෙන් බලන්න” කතාව කියන කෙනාට එඩිතරව නිම්නාගේ  පුද්ගලික ආශාවන්  දිග හැරීමට නොහැකි ඇයි? ගැටලුව වන්නේ එයයි.

සැ.යු- ජනප්‍රිය වාදය පිළිබඳ න්‍යායගත කිරීම මින් පසු පළ වෙයි.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Download

ඔබේ අදහස කියන්න...