පක්ෂය වෙනුවෙන් ඔබ සියලුදෙනාට සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන්නෙමු.2018 වසර පුරා තක්කඩින් සහ නරුමයන් විසින් විවිධ අවලාද නගදිදී අප සමඟ සිටින සහෘදයන්ට මේ අවස්ථාවේදී පක්ෂය වෙනුවෙන් ඒ ගැන ස්තූති කරන්නෙමු.

පසුගිය වසර 20 පුරා පක්ෂයක් ලෙස සත්‍යවාදී වීම තුළ හුදකලා වීම හැර අපට වෙනත් උරුමයක් හිමි වූයේ නැත. අපට ආනන්තරීය පාපයන් කළ අය පවා තවමත් වැජඹෙන්නේ වීරයන් ලෙසය. එය ශ්‍රි ලංකාවේ කුහක දේශපාලන සංස්කෘතියේ අතුරුඵලයකි.

පක්ෂයක් ලෙස අපට හිමි උරුමය වූයේ අන්තරාය ඇති තැනින් යළි උත්පාද වීමයි. පක්ෂ නායකත්වය බහුජනයා සමඟ බද්ධ කිරීමේ උපායක අප නිරත වී සිටින්නෙමු. මේ අදියරේදී අප උත්සාහ කරන්නේ පක්ෂයේ ගුණාත්මක තත්තවය වර්ධනය කිරීමට නොව එය සංඛ්‍යාත්මකව වර්ධනය කිරීමටය. පක්ෂයේ පරමාර්ථ කිසිදු විටක පාවා නොදෙන අතර මදක් ඉවසන්න යැයි සඟයන්ට කියන්නෙමු.

අපගේ පක්ෂය තුළ යම් සෞන්දර්යයක් ඇත.අප එවන් උරුමයන් අතීතයේ සිට බෙදා ගත්තෙමු.2019 වර්ෂය සඳහා ඔබට සුභ පතන්නට පහත නර්තනයට යොමු වන්න!

ස්ත්‍රීන්-සහ පුරුෂයන් සමාජ නර්තනයේ යෙදීම සුන්දරම දසුනකි.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. සත්‍යවාදී වීම ඉතා අපහසු දෙයකි. නරුමයන් ගෙන් එන ප්‍රහාර වලට කළ යුත්තේ සුදුසු අවස්ථාවේ ප්‍රති ප්‍රහාර එල්ල කරීමයි. අවස්ථාව එනතුරු ඉවසා සිට ප්‍රහාර එල්ල කිරීම නිවට කමක් හෝ බිය ගුළු කමක් නොව සටනේම කොටසකි. සුභ 2019 වසරක්

Comments are closed.