මේ දවස් වල ලංකාවේ දේශපාලන සුපර් ස්ටාර් බවට පත්වෙලා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක මහතාය. මෙවර පළාත් සභා ඡන්දයේ දී රට පෙරළන්නට බැරි වුනත් ජනතා බලය පෙන්වන බවට ඔහු විසින් විවිධ ප්‍රකාශයන් කරයි. මේ වන විට අනුර නිසා වඩාත් ආතල් එකක් ගන්නේ යූ.එන්තපී කාරයන්ය. තම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය විසදා ගත නොහැකිව සිටින එක්සත් ජාතික පක්ෂයේ සමහර පිරිස් ජෙනරාල් ෆොන්සේකා සමග සටනට අවතීර්ණ වී සිටින අතර අනෙක් පිරිස අනුර දිසානායක වටා භූමණය වන්ට පටන් ගෙන තිබේ. මේ සියළු අය අයත් වන පොදු කුලකය කුමක් ද? ප්‍රධාන වශයෙන් මේ අය නගන තර්කයන් වල ඇති සමානතාවයන් කිහිපයක් අප අධ්‍යනය කළෙමු.

01-රාජපක්ෂ විරෝධය

03- දූෂණයට හා වංචාවට විරෝධය දැක්වීම

04-කුඩු විරෝධය

05-පැල්පත්වාසීන්ට සිදුවන අසාධාරණයට ඇති විරෝධය

06-දේශපාලනය නිළිකරණයට වීමට ඇති විරෝධය

07-පිරිසිදු බුදු දහම වෙනුවට ඇති සංඝ ත්‍රස්තවාදයට ඇති විරෝධය

08- ජාතිවාදී ආකාරයෙන් ත්‍රස්තවාදයට ඇති විරෝධය

ඉහත සියළු කරුණු සළකා බලන විට අපට එළබිය හැකි නිගමනය වන්නේ මේ සියළු පිරිස නගන තර්කයන් හී පොදු සාධකය වන්නේ ජාතිවාදයට ඇති අවිඥාණක කැමැත්තය. මේ නිසාම මේ යුගයේ ප්‍රගතිශීලී වේශයෙන් පෙනී සිටින ජාතිවාදීන් වැඩි වැඩියෙන් අනුරට සහ ෆොන්සේකාට ආශක්ත වී ඇති අයුරු දක්නට පුළුවන. මේ සියල්ලන් නගන පොදු තර්කය වන්නේ මොනවා වුවත් මේ දෙදෙනාම රට ජාතිය සහ ආගම ගැන හිතන සිංහල බෞද්ධ නායකයන් වන බවය. ඒ අනුව මොනම අර්ථයෙන් හෝ වේවා අප අවිඥාණකව ආශා කරන්නේ හම්බයන් සහ දෙමළුන් නැති පිරිසිදු සිංහල බෞද්ධ රටක් ගොඩ නැගීමටය.

ජනතා විමුක්ති පෙරමුණ බිහිවූ දා පටන් අද දක්වා ඔවුන් ගේ ඉතිහාසය ගැන සරළ අධ්‍යනයක් කරන අයෙකුට පැහැදිලිවම පෙනෙන්නේ ඔවුන් උපයෝගීතාවාදී දේශපාලනයේ උපරිම ඵල නෙලා ගන්නට උත්සහ කර හැමදාමත් පස්ස බිම ඇණගෙන ඇත්තටම අපි එහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ යැයි කියමින් තමන් අතින් වරදක් සිදු වූ බව පිළිගෙන යළි කිසිවක් නොවූ ආකාරයෙන් දේශපාලන කරළියට අවතීරණ වන බවය. රෝහණ විජේවිර සහෝදරයා විසින් ලංකාවට ගැලපෙන අකාරයෙන් ගොඩ නගන්නට උත්සහ කළ සිංහල බෞද්ධ පන්නයේ මාක්ස්වාදී දේශපාලන පක්ෂය නිසා අවසානයේ දක්ෂිණාංශික ලිබරල් දේශපාලන පක්ෂ වලට තම ගමන යන්නට ආශිර්වාදයක් සමග සුභාශිංසනය හිමිවිය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැනි විනෝදයට බොරු කියන සාමාන්‍ය ගැහැනියක් සහ මහින්ද රාජපක්ෂ වැනි මතයක් නැතිකම මතයක් කර ගත් සරළ මිනිසෙකුට දෙවතාවක් රැවටුන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන තීනිදු තීරණ  ගන්නා සෑම අවස්ථාවකම පෙරමුණේ රාළගේ භූමිකාව රගපෑ අනුර දිසානායක වැනි පුද්ගලයෙකු හිටි හැටියේ නායකත්වයට පත්වීමත් සමගම ඔහු අගහරු ලෝකයෙන් ආ විප්ලවාදියෙකු යැයි සිතා ඔහු වටා රොද බදින පුද්ගලයන් ගේ අවිඥාණක ආශාව කුමක් ද? විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ හිටපු සභාපති නිර්මාල් රංජිත් දේවසිරියන් පවසන්නේ තමන් ගේ ඡන්දය මෙවර හිමි වන්නේ ජනත විමුක්ති පෙරමුණ බවයි. ඔහු එය සාධාරණීකරණය කරන්නට නගන තර්කය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ  ලංකාවේ සිටින අවංකම දේශපාලන පක්ෂය වන බවයි. අනිත් අතට ඔහු පවසන්නේ තමන් පවා ආණ්ඩු පක්ෂයට එක් වුවහොත් දූෂිත පුද්ගලයෙකු විය හැකි බවයි.  ඔහුට ඔහුගේ ආශාවවත් ෂුවර් නැත. ඔහුම අපෙන් විමසන්නේ අවිඥාණය කියා දෙයක් නැති බවයි. ඔහුගේ වාක්‍ය හරහා කිය වෙන්නේම ඔහුගේ අවිඥාණයයි. ලිපි 12 කු පුරා දෙමලා ගේ ප්‍රශ්ණය ගැන ලියමින් කිඹුල් කදුළු හෙළන ඔහු යථාර්ථය තුළ දෙමලාට කෙලවන්නට ප්‍රමුඛව මතවාදයන් ගොඩනැගූ අනුරට ආශක්ත වන්නේ අවිඥාණය ඔහුට අවිඥාණක වන නිසාද? තමන් දන්නා බව නොදන්නා ලෙස හැසිරීම කෙනෙකුගේ අවිඥාණයයි. එය කීමට ගොඩ වෙදෙකු අවශ්‍ය නැත. ඔහු හොදින්ම දන්නවා අනුර දිසානායක කියන්නේ කවුද? ඔහු මොනවද කරන්නේ කියලා. නමුත් ඔහු ක්‍රියා කරන විට එය නොදන්නා බවක් අගවයි. මෙය සමකාලීන ධනවාදී සමාජයේ දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන ආකෘතියයි. මෙය අපට නරුමවාදය ලෙසින්ද හැදින්විය හැක. වටින් විට අනන්‍යතාවය මාරුකිරීම මේ යුගයේ විලාසිතාවකි. මිනිසෙකුට සාරයක් නැත එහි අවසාන පණිවිඩයයි. නමුත් දෘෂ්ටිවාදයට විකර්ෂණය වන එක දෙයක් මෙලොව ඇත එය නම් ආත්මයයි. (subject) අප පරීක්ෂා කළ යුත්තේ අනන්‍යතා සංගීත පුටු තරගය නොව අදාල මිනිසාගේ වෙනස් නොවන ආත්මය නොහොත් ඔහුගේ විනෝදයයි. එමගින් ප්‍රකාශ වන්නේ අදාල පුද්ගලයාගේ අවිඥාණක ෆැන්ටසියි. ඒ අනුව දේශපාලන ආධිපත්‍යයන්ට මිනිසුන් ආශක්ත වන්නේ දැනුමක් හරහා නොව අවිද්‍යාව හරහාය. ඒ නිසාම නිර්මාල් වැනි අයෙකුට උදේට දෙමළ වී දවල්ට දෙමළ වී රෑට සිංහල වන්නට පුළුවන් වී ඇත. මේ ක්‍රීඩාව අවසානයේ නිර්මාල්ට එක අරමුණක් තියනවා කියලා හිතන අය ඉල ඇට කඩා ගන්නට නියමිතය. හරි ෂෝක් ඒ ගොල්ල මම ගැන කතා කරනවා අයෙමත් මට ඕන ඔන්න ඕක කර ගන්නයි. වසර 2004 දී තමන්ම නායකයා වූ එක්ස් කණ්ඩායමට විරුද්ධව අභ්‍යන්තර කැරැළ්ලක් දියත් කරන විට නිර්මාල් විප්ලවාදියෙකු යැයි සිතා දීප්ති ගේ ඒකාධිපති පාලනයෙන් මිදී නිදහස සොයා ගිය ගොඩක් අයට සිදුවුනේ කදුබොඩ භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරන්නටය. නැතිනම් උදේ ඉදන් රෑවනතුරු සිහි විකල් වන තුරු අරක්කු බොන්නටය.

අනුර දිසානායක නම් නූතන සිංහල බෞද්ධ විප්ලවාදීයා මතින් ධනවාදය වෙනස් කරන්නට බැරි බව තමන් දන්නා බව දනිමින්ම නිර්මාල් ඔහු වටා එකතු වන්නේ ඔහුගේ අවිඥානය තුළ ඔහු සමාජවාදයට වඩා ධනවාදයට ආශක්ත වන නිසාය. මොන පිස්සුද දැන් සමාජවාදය ඉවරයි. ආයෙමත් කවදාවත් කොමියුනිස්ට් සමාජයක් බිහි කරන්න බැහැ. ඒ නිසා අපිට පුළුවන් දෙයක් කරනවා යැයි හිතන අය සුදුසු වන්නේ දේශපාලනයට නොව පිටකොටුවේ එළවළු විකුණන්නටය.

තමන් ජීවත් වන ධනවාදී සමාජය මේ වන විටත් ලෝක ගෝලය පුරා මිනිස් ජීවිතය දිනෙන් දිනෙ අගාදයට ඇද දමමින් පවතින බව අමතක කර දමන්නට නම් යථාර්ථයෙන් සිහින ලෝකයට පලායා යුතුය. ඒ අනුව ධනවාදය නම් යථාර්ථය අමතක කර දමන්නට අනුර දිසානායක නම් ෆැන්ටසිය තුල දිගටම රැදී ඉදීමෙන් තමන් විදින විනෝදය තර්ජනයට ලක් වන්නේ නැත. ගොඩක් අය මේ යුගයේ තමන් ජීවත් වන විවිධාකාර සිහින ලෝක වලින් ධනවාදය නම් යථාර්ථයට ඇහැරෙන්නට සූදානම් නැත. ඒ නිසා අවසාන අවශයෙන් අප දන්නා සත්‍ය වන්නේ  සත්‍ය ප්‍රශ්නයට අනුර විසදුමක් නොවන බව පමණි. මේ නිසා අපගේ ච්න්තනය වඩා පලල් විය යුත්තේ ධනවාදය අවබෝධකර ගෙන එය වෙනස් කිරීමටය. ජනතා විමුකති පෙරමුණට කිසිදාක ධනවාදය තේරුම් ගැනීමටවත් එය වෙනස් කිරීමටවත් න්‍යයක් තිබුනේ නැත. ඔවුන් සංවිධානය කිරීම සහ වෙනස් කිරීම වටහා ගත්තේ යථාර්ථය පිළිබද අනුභුතික නිරීක්ෂණයකිනි. කොතරම් සංවිධාන ශක්තියක් තිබුනත් අප තරමටවත් යථාර්ථය වෙනස් කිරීමට ඔවුනට නොහැකි වූයේ මේ නිසාය. මේ යුගයේ ධනවාදය වෙනස් කිරීමට අවශ්‍ය කෙනෙකු භාවිතයේ යෙදවිය යුත්තේ දෘෂ්ටිවාදී අරගලයයි. විටින් විට සිතට නැගෙන හොද සිතිවිලි වලින් ලෝක වෙනස් කළ නෙැහැකි බව මුලින්ම කීවේ එංගල්ස්ය.

පසු සටහන

වදින්නම් මේ ලිපිය ගැන දාර්ශණිකයන්,විශ්ව විද්‍යාල ආචර්යවරුන්, නිවෙස් වල තල දර්පන නැති ප්‍රාදේශීය ගුරුවරුන් සයිකෝසිකයන්, විපරිතයන්, මැදිහත් වන්න නම් එපා. තවමත් ජාතික ගැටලුව සහ ධනවාදය ගැන කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ ජනතා විමුක්ති පෙරමුනේ හිටපු සහ ඉන්න සමාජිකයන්ට මේ ගැන සංවාදයකට එළබෙන්නට පුලුවන.

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. මේ වැනි වෙබ් එකක් සිංහලෙන් කරන විට එය වඩාත් සමාජය අතරට ගෙනයෑම ගැන මේ අඩවිය පවත්වාගෙන යන අය හෝ ලිපි සපයන අය ගොසිප්9 33000 වැනි අඩවි වලින් ආදර්ශ ලබාගත යුතු වෙනවා. 33000 තුල මිනිසුන් වඩාත් කැමති වන්නේ පාඨක අදහස් වලට වන අතර ඔවුන් නිතරම පොදු මිනිසාගේ මානසික හිස්බවට සරිලන මස් කටු ලබාදෙමින් කමෙන්ට් කරුවන් ඇවිලවීමට උත්සාහ ගනී.

    බොහෝ විට ලිපිය ලියන අයටත් වඩා 33000 හි පාඨකයින්ගේ අදහස් රසවත්ය. ගුණාත්මකය. වෙබ් යනු පුවත්පත් වැනි ඒකපාර්ශවික අවකාශයක් නොවන අතර විවෘත වේදිකාවකි. එහි හැමවිටම දෙපාර්ශවයක් තිබේ. එකම කොමෙන්ටුව හත් අට වතාව වැටී ඇත්නම් ඒවා නැතිකිරීම යුතුය. නමුත් පිරිසකට පමණක් කොමෙන්ට් කරන්නැයි ආයාචනා කිරීම ආන්ඩු පක්ෂයට ආවඩමින් ස්ටේට් දමා ආන්ඩු හිතවාදී නොවන අය පලවා හැර තමා කැමති අවකාශයක් තනාගෙන සිටින මැටි මෝල්ලුන් කරන මෝඩ වැඩය හා සමාන වැඩකි.

    මල් පුබුදුවන්නට යනවාට වඩා ඉබේ මල් පිබිදෙන්නට වතුර සැපයීම වඩාත් යෝග්‍ය බව මට සිතේ.

    සොරි මට නම් වඳින්න එපා.

  2. පසු සටහනේ දක්වා ඇති පරිදි එසේ නොවන අය සංවාදයකට සහභාගී නොවිය යුතු නම් මේ ලිපිය ලියූ අය ලිවීමට ද සුදුසු නැත. ඒ මන්ද යත් ලංකාව යනු ම රෝගයක් නිසාය. බැල්ලිගෙ පුතාල තොපි තොපේ තාත්තව මරල අම්මව වෙන්දේසි කරපියව්. තොපි දන්නවද දෙමළ සිංහල කියන්නෙම ප්‍රබන්ධයක් බව. මුන් දෙගොල්ලගෙම ජාතිවාදය ප්‍රබන්ධයක් බව. ප්‍රබන්ධයක් වෙනුවෙන් සංවාද කරන්නෙ මොන රෙද්දටද? සිංහල දෙමළ භාෂා දෙකම කැලේට දාල ලංකාවෙ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරපියව්. ඒක තමයි ඇන්ටිබයිටික් එක. තොපි දන්නවද ඉංග්‍රීසිවල විද්‍යාව?

  3. අඩුම තරමෙ නියමුවා පත්තරයක්වත් බලල තිබුනනම් හරියට ……. මගෙ අනුකම්පව ඔයලට

Comments are closed.