ෂෙහාන් කරුණාතිලක රචනා කළ “The Seven Moons of Maali Almeida” නමැති නවකතාව මෙවර බුකර් සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වී තිබේ. Booker prize වෙබ් අඩවිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු සඳහන් කර තිබුණේ ශ්‍රී ලාංකිකයන් වන අප බලාපොරොත්තු රහිත අර්බුදකාරී තත්ත්වයක දී වුව විහිළු නිෂ්පාදනය කරන, දරුණු හා උත්ප්‍රාසාත්මක හාස්‍ය පිළිබඳ විශේෂඥයන් බව ය. ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ සිනහව යනු අපගේ දරා ගැනීමේ යාන්ත්‍රණය බව ය. ඔහු ඒ සඳහා උදාහරණයක් ලෙස ගනු ලබන්නේ අරගලය නමින් හැඳින්වුණු රඟ දැක්වීමේ ක්‍රියාවේ (acting out) දී හුවමාරු වූ මීම්ස් (memes) හා ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකය ආශ්‍රිතව සිදු වූ සිදුවීම් ය. මෙය මනෝවිශ්ලේෂණ අදහසකට ඌනනය කරන්නේ නම් ෂෙහාන් සඳහන් කරන්නේ අප වේදනාවෙන් සතුටු වෙමින් සිටින බව ය. තව ද ෂෙහාන් කරුණාතිලක පෙන්වා දෙන අර්බුදයක දී හාස්‍ය ගොඩනංවමින් සිනහ වීම මඟින් තවත් කරුණු දෙකක් ප්‍රකට වෙයි. එකක් නම්, අර්බුදය ඇතිවීම සඳහා කෙනෙකු තමන්ගේ සම්බන්ධය නැත්නම් තමන්ගේ වගකීම පහසුවෙන් මග හැරීම ය.[responsibility] දෙවැන්න නම්, තම රෝග ලක්ෂණ දිගින් දිගටම ප්‍රකට කිරීම ය.[inner freedom] එවිට ශෙහාන් කරුණාතිලක සඳහන් කරන සිනහව යනු හුදු හාස්‍යමය ඉංගිතයක් නො ව ඛේදවාචකයක සලකුණක් බවට පත් වේ.[Love of one’s neighbor.]

 

බැලූ බැල්මට හුදු හාස්‍ය උදෙසා නිර්මාණය කළ බව පෙනුණ ද මෙම මීම්ස් මඟින් යම් සත්‍යයක් ප්‍රකාශ වේ. අපට සත්‍යය කොටස් දෙකකට වෙන් කළ හැකි ය. එකක් කරුණු ම ය සත්‍යය (truth of facts) වන අතර අනෙක ආශාවේ සත්‍යය (truth of desire) වේ. මෙම සත්‍ය දෙක අතර සම්බන්ධයක් අපට මනෝවිශ්ලේෂණය ආශ්‍රයෙන් සම්පාදනය කර ගත හැකි ය. එනම්, කරුණු ම ය සත්‍යය සෑම විට ම එම කරුණු ප්‍රකාශ කරන පුද්ගලයාගේ ආශාව මත රඳා පවතියි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් මෙම මීම්ස් නිර්මාණය කරන පුද්ගලයාගේ ආශාව මත මෙම මීමිස්හි අඩංගු දෑ රඳා පවතියි. සමාජ මාධ්‍යවල පළ වන දෑහි කරුණු ම ය නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම (fact checking) පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු වී ඇති මෙම වකවානුවේ දී ඇතැමුන් කරුණු ම ය නිරවද්‍යතාවය විවිධ මූලාශ්‍ර ඇසුරින් පරීක්ෂා කළ ද එමඟින් එයට සම්බන්ධ පුද්ගල ආශාව කුමක්දැයි තහවුරු වන්නේ නැත. එම නිසා මෙම මීම්ස් කරුණු ම ය වශයෙන් සදොස් වුව ද අනවරතව සමාජ මාධ්‍යවල පළ වන හා හුවමාරු වන හේතුව අපට හඳුනා ගත නො හැකි වී තිබේ.

===============================

“දේශපාලනයට කැප වෙන්න හොඳ නැහැ. එහෙම කැප වෙන අය සමාජයෙන් වන්දි ඉල්ලනවා. ඒක සමාජයට බරක්.”

What is his Desire ?

===============

 

2 Main Discourses.

 

අප වටහා ගත යුතු වන්නේ ඒවායේ අරමුණ හා ඉලක්කය අතර වෙනසක් පවතින බව ය. ඒවායේ අරමුණ වන්නේ ඒවා ඉලක්කයකට යොමු නො කිරීම ය. ඒවායේ අරමුණ වන්නේ අතොරක් නැතිව සමාජ මාධ්‍ය අවකාශයේ චක්‍රීයව හුවමාරු වීම ය. චක්‍රීයව සැරිසැරීමේ දී ඉලක්කය මග හැරේ. මෙය මනෝවිශ්ලේෂණයේ දී නම් වන්නේ හඹායාම (drive) නමිනි. එනම්, වස්තුව කරා නො යා ඒ වටා භ්‍රමනය වීම ය. එමඟින් විනෝදයක් ජනිත වේ. එමෙන් ම එමඟින් යම් විකට ස්වරූපයක් ද ජනිත වේ. මෙහි දී ජීවිතය විගඩමක් තරමට පත් වේ. ෂෙහාන් කරුණාතිලක මතු කරන හාස්‍යය පිළිබඳ කරුණ යනු අපගේ ජීවිත විගඩමක් බවට පත් ව ඇති බව අප නො දැන සිටීම යනුවෙන් අපට වෙනත් ආකාරයකින් සඳහන් කළ හැක්කේ මේ නිසා ය.

 

එමෙන් ම මෙහි දී මනෝවිශ්ලේෂණය ඇසුරින් අප වටහා ගත යුතු වන්නේ මිනිසා යනු අන් කිසිවකු නො ව තමන්ගේ ම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් බව ය. කෙනෙක් තමන් සිදු කළ හෝ නො කළ ක්‍රියාවක් සාධාරණීකරණය කිරීම සඳහා කොතෙක් කරුණු කීව ද ඒවා ඔහුගේ ක්‍රියාවට වඩා ඉතා ඛේදජනක ස්වරූපයක් ගන්නා බව අසන්නාට වැටහෙයි. තමන්ට කළ නො හැකි වූ ක්‍රියාවක් පිළිබඳ විවිධ සාධාරණ හේතු ප්‍රකාශ කිරීමට කෙනෙකු දරන උත්සාහය තුළ ද අඩංගු වන්නේ ඔහුගේ ආශාව මිස අන් යමක් නො වේ. සාධාරණය කිරීමේ එවැනි හේතු අසා සිටීම මෝඩ මිනිසකු ජීවත් වන ආකාරය බලා සිටීමට වඩා වේදනාකාරී ලෙස දැනෙන්නේ එබැවිනි. මෙවැනි කෙනෙකුගේ යහපත් විශ්වාස හා ක්‍රියා අතර පරතරය වැදගත් කොට සලකන්නේ මනෝවිශ්ලේෂණය පමණි. මනෝවිශ්ලේෂණයට අනුව අපගේ අවිඥානය අපගේ යහපත් විශ්වාස හා අරමුණුවලට වඩා වැදගත් ය. මන්ද යත් අවිඥානය සෑම විටම අපගේ යහපත් විශ්වාස හා අරමුණුවලට වඩා ඉහළින් ජයග්‍රාහි ලෙස කටයුතු කරමින් අප යහපත් විශ්වාස මත කටයුතු කිරීම වළක්වාලයි. උණුසුම් හදවත් මනෝවිශ්ලේෂණය නො වැදගත් කොට සලකන්නේ මේ නිසා ය. මෙතෙක් සඳහන් කළ දේ සරළ කර මෙසේ ලිවිය හැකි ය. කෙනෙක් කළ දේ හෝ නො කළ දේ යනු ඔහු ආශා කළ දේ ය. තමන්ගේ ආශාව තමන්ට වැටහෙන්නේ තමන්ගේ ම ක්‍රියාවෙන් පසුව ය. එනම්, අපට ආශාව කියවිය හැක්කේ පසුආවර්තිතව ය. මෙය මනෝවිශ්ලේෂණය අපට කියාදෙන වැදගත් පාඩමකි.

Conscious man and Unconscious action.

 

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් “Wo es war soll ich weiden” නම් ප්‍රකට ආප්තය මඟින් ප්‍රකාශ කරන අදහස මෙයට අදාළ කර ගත හැකි ය. මෙහි දී සංකේතීය ක්‍රියා මඟින් මැදිහත් වූ ආත්මය පිළිබඳ අදහසක් කියැ වේ. සංකේතිය මැදිහත්වීම මඟින් සොයා ගත හැකි වන්නේ වෙනත් කිසිවක් නො ව අපගේ ම ආශාවයි. එනම්, ආත්මය යථ (real) ට ඇති සම්බන්ධය යි. එමඟින් ආත්මයේ සැබෑ පිහිටුම අවබෝධ කර ගත හැකි වේ. මනෝවිශ්ලේෂණ සායනයේ දී සිදු වන්නේ මෙම යථ හෙවත් අවිඥානක ආශාව, පරිකල්පනය අභිබවා නැඟී සිට ඇති බව අවබෝධ කර ගැනීමයි. මනෝවිශ්ලේෂණයේ එක් අරමුණක් වන්නේ පරිකල්පනීය පවුරු පදනම් බිඳ දැමීමයි. එනම්, සංකේතීය යථාර්ථයෙ පවතින පරිකල්පනීය සංගතභාවය බිඳ දැමීම ය. එය පරිකල්පනීය සංකේතනයේ (imaginary-symbolic) සිට සංකේතීය යථ (symbolic-real) වෙත අවතීර්ණ වීමකි. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් ඉහත සඳහන් කළ ෆ්‍රොයිඩියානු ආප්තය මඟින් ප්‍රකාශ කරනු ලබන්නේ “එය සිටි තැන, මම විය යුතු ය” යන්න ය. මෙහි එය යනු අවිඥානය යි. එනම්, සැබෑ මා පැවතී ඇත්තේ අවිඥානය සිටි තැන යන්න යි. අවිඥානය (මගේ ක්‍රියාව) පිළිබඳ වගකීම මා බාර ගත යුතු ය. එම බාර ගැනීම විමුක්තිදායක ක්‍රියාවකි. නමුත් වර්තමාන ධනවාදය තුළ අවිඥානය පිළිබඳ වගකීම මේ ලෙස ම බාර ගැනීම සිදු වන්නේ ද?

 

අප දන්නා පරිදි ධනවාදී කතිකාවේ දී ස්වාමි හැඟවුම්කාරකය පවතින්නේ සැඟව ය. එය එම කතිකාවේ වම් පස පහළ කොටසේ ස්ථාන ගත වී ඇත. එම නිසා එහි දී තමා තවදුරටත් වචනය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරනු වෙනුවට තමාට වචන මෙහෙයවිය හැකි ය යන විශ්වාසය ලබා දෙයි. එය සම්බන්ධ වන්නේ පරිකල්පනීය සංකේතනය ට ය. එනම්, මතුපිට දෘෂ්‍යමානය පිළිබඳ විශ්වාසය පමණක් මෙහි දී අවධානයට ලක් වේ. එහි දී සැබෑ පසමිතුරුතා තරගකාරී සබඳතා බවට පත් වේ. අප වටහා ගත යුතු වන්නේ සැබෑ පසමිතුරුතා තරගකාරීත්වයකට ලඝු වන විට ඒවා ප්‍රති-සමාජයීය (anti-social) ක්‍රියා බවට පත් වන බව ය. මන් දයත් සමාජයක් යනු පසමිතුරුතා එකතුවක් වන බැවිනි. ඉහත සඳහන් කළ කරුණු අනුව තමා අසල සිටින පුද්ගලයා තමාගේ තරගකරුවෙක් බවට විද්‍යාමාන වේ. ජනප්‍රිය අධ්‍යාපන ක්‍රියාවලිය පවා ගොඩනැගෙන්නේ වෙනස්කම් හා පසමිතුරුතා යනු විෂ සහිත තර්ජනාත්මක ඒවා බව සඳහන් කරමිනි. වර්තමානයේ කෙනෙකු තවත් කෙනෙකුට උදව් නො කරන්නේ මෙම කරුණු මත පිහිටා ය. ඔහුට තම අනෙකා යනු අත දිගු කළ හැකි යමෙකු නො ව විෂ සහිත විනාශ කළ යුතු තරගකරුවෙකි.[Toxic Other] “ඔහුට උදව් කළ විට මට සිදු විය හැක්කේ කුමක් ද?” යනු එවැන්නකුගේ උභතෝකෝටික (කේවල) ගැටලුවක් පිළිබඳ එක් නිදසුනකි.

 

 

මෙහි දී අපට දෘෂ්ටිවාදය පිළිබඳව ද මනෝවිශ්ලේෂණාත්මක අදහසක් මතු කර ගත හැකි ය. දෘෂ්ටිවාදයේ දී සෑම විටම ක්‍රියාව හා ප්‍රකාශය අතර පරතරයක් පවතියි. එම නරුමවාදී පරතරය විශ්ලේෂණය කිරීමේ දී අපි හඳුනා ගත යුතු වන්නේ කෙනකුගේ ප්‍රකාශයේ පවතින සාර්වත්‍රික (universal) බවට ඇති පුද්ගල කේවලත්ව (particular) ක්‍රියාවේ සම්බන්ධය යි. එනම්, කෙනෙකු තර්ක කරන සාර්වත්‍රිකභාවය තුළ පවතින ව්‍යාජය අවබෝධ කර ගත හැකි වන්නේ එවිට ය. මෙය නිදසුනක් ඇසුරින් පැහැදිලි කරන්නේ නම් System change නම් ඇති සාර්වත්‍රික සටන් පාඨය සමඟ මුදල් රැස් කිරීම නමැති පුද්ගල අරමුණ සම්බන්ධ වී ඇති බව හඳුනා ගත හැකි වන්නේ එවිට ය. එසේ නැතිනම් අප පෙර දී ද සඳහන් කළ වර්තමානයේ පුද්ගලයෙකු උපකාරයක් ඉල්ලා සිටින විට එය මගහැරීම සඳහා විවිධ හේතු (අනෙකා තරගකාරී අනෙකෙකු ලෙස විශ්වාස කිරීම යන කේවල කරුණ) ප්‍රකාශ කිරීම හඳුනා ගත හැක්කේ එවිට ය. මෙම යුගයේ කොතෙක් සටන් පාඨ ප්‍රකාශ කළ ද උද්ඝෝෂණ සිදු කළ ද කිසිවක් වෙනස් නො වන්නේ ඒවායේ පවතින ව්‍යාජ සාර්වත්‍රික බව හා එම ව්‍යාජ සාර්වත්‍රික බව කේවල කාරණා මත යැපෙන නිසා ය. පෙර සඳහන් කළ පරිදි වර්තමානයේ ආත්මය ධනවාදී කතිකාවේ ඵලයක් වන නිසා හැඟවුම්කාරකවල ස්වාමිත්වය තමන්ට හිමි ව පවතින බවට මායා ම ය විශ්වාසයක නිමග්න වී සිටියි. කෙසේවෙතත් මනෝවිශ්ලේෂණය අපට පෙන්වා දෙන්නේ ආත්මය යනු හැඟවුම්කාරකවල ඵලයක් සහ හැඟවුම්කාරක දාමයේ ප්‍රතික්ෂේප කිරීමක් වන බව ය. නමුත් ආත්මය අවිඥානය පිළිබඳ වගකීම බාර නො ගන්නා නිසා වර්තමානයේ වරදකාරීත්වය, හෘදසාක්ෂිය පිළිබඳ හැඟීමක් ජනිත නො වේ. තමාගේ ක්‍රියාවට තමා වග කිව යුතු ය යන අදහස පවතින්නේ නම් පමණක් වරදකාරීත්වය පිළිබඳ අදහස ජනිත වේ. කෙනකු වෙනස් වන්නේ එ විට ය.

 

විපරිතභාවයේ වර්තමාන මුහුණුවර හඳුනා ගැනීම සඳහා ද මෙය වැදගත් ය. එනම්, එම ආත්මය තමන්ගේ විනෝදය නියාමනය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුමින් තමන් සන්නද්ධව සිටියි යන මුලාවකින් පසු වේ. නරුමවාදී ආත්මය එය මුලාවක් ලෙස හඳුනා නො ගනියි; තමන්ට කිසිවක් වරදින්නේ නැතැයි විශ්වාස කරයි. නමුත් අප වටහා ගත යුතු වන්නේ අප ඉදිරියේ ගොඩනැගී ඇති යථාර්ථය යනු භාෂාව මඟින් මැදිහත්කරණය වූ යථාර්ථයක් බව ය. එනම්, සියලු නීතිවලට ඉහළින් පිහිටන්නේ භාෂාවේ නීතිය ය. ඒ අනුව යථාර්ථය ගොඩනගන අපගේ ආශාවේ නීතිය ද ගොඩනගන්නේ භාෂාව ය. නමුත් මෙම ආශාවේ නීතිය සමඟ සම්මුතිගත වීම භාෂාව මඟින් ගොඩනගා ඇති රාජ්‍යයේ නීතියට ඇතැම් විට විරුද්ධව පිහිටන බව වර්තමානයේ අපට පැහැදිලි කර දෙන්නේ ද විපරීතභාවය යි.

 

පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ

 

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. උදාහරණ සහිතව තව ටිකක් සරල කරලා ලියන්න.

Comments are closed.