ගෝලීය ආර්ථිකයේ මේ මොහොතේ සිදු වෙමින් පවතින විපර්යාසය නිසා ලෝකය මෙතෙක් පාලනය කළ අධිපති ජාතීන් අභ්‍යන්තරයෙන් දිය වෙමින් පවතියි. මෙම තත්ත්වයේ බාහිර ප‍්‍රකාශනයක් ලෙස ඇමරිකාවට ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා සම්මුඛ වී ඇත. රැුඩිකල් ඉස්ලාම් ධර්මය නිසා මුළු මහත් යුරෝපයම වෙලාගත් දේශපාලන අර්බුදයක් ආරම්භ වී ඇත. යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍යය ඉවත් වීම නිසා එහි අලූත් ආර්ථික අර්බුදයක් ඇරඹී ඇත. සිරියානු යුද්ධය ලෝක බලවතුන් තමන්ට රිසි ආකාරයෙන් මෙහෙය වීමට දරණ උත්සාහය තුළ මුළු මැද පෙරදිග කලාපයම ලෝක යුද අනතුරකට මුහුණ දී ඇත.
බාහිර ලෝකයේ සිදු වී ගෙන යන විශාල ප‍්‍රමාණයේ සාමාජ – ආර්ථික – දේශපාලනික අර්බුද ගැන සුළු හෝ අවබෝධයක් ලංකාවේ සාමාන්‍ය මහජනයාට නැත. ඒ පිළිබඳ ප‍්‍රාමාණික අවබෝධයක් ලංකාවේ දේශපාලකයාට ද නැත. මීට ප‍්‍රථමව ද අප විසින් යළි යළිත් ප‍්‍රකාශ කරනු ලැබූ සත්‍යයක් නැවත අවධාරණය කිරීමට ඉඩ දෙන්න.

 ලංකාවේ මේ පවතින දරුණු ආර්ථික අර්බුදය කිසිදු ආකාරයකින් හුදෙකලා එකක් නොවේ. එය ලෝක ආර්ථිකයේ අලූතින් සිදු වන විශාල ප‍්‍රමාණයේ නව හැඩගැසීමක අතුරු ප‍්‍රකාශනයක් පමණි.
උදාහරණයක් ලෙස හම්බන්තොට වරාය චීනයට බදු දීමේ කොන්දේසි ආශ‍්‍රිතව හටගැනී ඇති අලූත් අර්බුදය අපට කියා පාන්නේ කුමක්ද? එමඟින් ප‍්‍රකාශ වන්නේ ලංකාවේ ස්වාධිපත්‍යය ලෝක ආර්ථික ගනුදෙනු මඟින් නිගේධ වී ඇති බවක් නොවේද? දේශීය වශයෙන් දැනටමත් රටේ ගංගා, ඇළ, දොළ, මුහුදු වෙරළ රටේ ධනවත් පුරවැසියන්ගේ පෞද්ගලික දේපළක් සහ වෙළෙඳපොළක් වී ගෙන යයි. මේ හේතුව නිසා අධික වේගයෙන් ශ‍්‍රී ලංකාවේ සොබාවික සම්පත සහ පිරිසිදු ජලය විනාශ වෙමින් පවතියි. මේ හේතුව නිසා චීනයට ලංකාවට අලූතින් පැමිණ විනාශ කරන්නට දෙයක් නැත. සියල්ල දැනටමත් වේගයෙන් අභ්‍යන්තරිකව විනාශ වෙමින් පවතියි. දැනට අපි දන්වා වෙනත් විකල්පයක් නැති නිසා සියලූ දෙනා කරන්නේ අහක බලාගෙන සිටීමයි. මේ නිසා හම්බන්තොට වරාය ‘වරායක්’ ලෙස විකුණනවාද? නැතහොත් එහි පර්යන්තය පමණක් විකුණනවාද? යන්න ආන්තික ප‍්‍රශ්නයක් පමණි. 2009 ට පසු කොහොමටත් ලංකාවේ ස්වෛරීත්වය තීරණය කරන්නේ පිටතිනි. තව කාලයක් ගත වන විට මෙම තත්ත්වය සියලූ දෙනාට අවබෝධ වනු ඇත.

අධික ලෙස සිදු වන වංචාවලට විකල්පයක් ලෙස ඇමති තනතුරුවල වෙනසක් කිරීමට ආණ්ඩුව උත්සාහ කරයි. මෙමඟින් ද විස්මිත වෙනසක් බලාපොරොත්තු විය නොහැක. උදාහරණයක් ලෙස මතුපිටින් බලන කළ මුදල් අමාත්‍යාංශයේ ගැටලූවලට හේතුව රවී කරුණානායක ඇමතිවරයා ලෙස සැලකිය හැක. නමුත් අප දන්නා පරිදි එම අමාත්‍යාංශය ඇත්ත වශයෙන්ම පාලනය කරන්නේ මහජන ඡුන්දයෙන් පත් වූ පිරිසක් නොවේ. අගමැතිවරයාගේ විශ්වාසය සහ අවධානය යොමු කරගත් පිරිසක් විසින් එම අමාත්‍යාංශය පාලනය කරන බව සාමාන්‍ය මහජනයා සහ සමහර මාධ්‍යවේදීන් නොදන්නා මුත් ඒ ගැන ගැඹුරු විශ්ලේෂණයක් කරන අය දනිති. කැරට් අලයක් ලෙස ඇමැති මාරුවෙන් යමක් අපේක්ෂා කළ හැකි මුත් ඇමැතිවරයා වෙනස් වුවත් ඒවා පාලනය කරන සැබෑ බල සබඳතා වෙනස් වන්නේ නැත. ¥ෂණය පිටුපස ඇත්තේ පුද්ගල සාධක නොවේ. කොට්ටය මාරු කිරීමෙන් හිසේ කැක්කුම හොඳ වන්නේ නැත.
ලෝකයේ මීළඟ දේශපාලන බලවතා බවට පත් වන්නේ කවුද යන්න අරබයා සීතල යුද්ධයක් මේ වන විට ඇරඹී ඇත. ඒ සඳහා ආර්ථික යුද්ධයක් ඇමරිකාව, යුරෝපය, රුසියාව සහ චීනය අතර දළුලමින් පවතී. අපේ රටේ දැනට පවතින විසඳුමක් නැතිව වර්ධනය වන ‘ජාතික ගැටලූව‘ හා ‘ආර්ථික ගැටලූව’ පන්දුවක් බවට පත් වී ඇත්තේ ඉහත දී අප පැවසූ ලෝක අධිපත්‍ය අර්බුදය නිසාය. එක්තරා මට්ටමකට ගත් විට මේ අප ගත කරන්නේ සංක‍්‍රාන්ති යුගයකි. විශේෂයෙන් අප රටේ ජාතික රාජ්‍යය සතු නෛතිකභාවය ලෝක වෙළෙඳපොළ හමුවේ මේ මොහෝතේ විඛාදනය වෙමින් පවතියි. පැරණි තාලයට සිතීම තවදුරටත් වලංගු නැත. හිසරදයට කොට්ටය මාරු කිරීමෙන් කිසිදු දෙයක් අනාගතයේ දී සිදු වීමට නියමිත නැත. එක පැත්තකින් අලූත් දේවල් අත්හදා බැලීමට සුදුසුම යුගය වන්නේ ද මෙවන් ව්‍යාකූලතාවන්ය. 2020 ගැන සිතීම අමතක කර මේ මොහොත ගැන අවධානය යොමු කරනනේ නම් එය 2020 සුභදායක කරනු ඇත. අප මේ ඇතුල් වී ඇත්තේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ රහිතව පාලනය කළ හැකි පාලන තන්ත‍්‍රයක් වෙතටය.

 

ඔබේ අදහස කියන්න...