[dropcap color=”black”]ප[/dropcap]හත පළ වන්නේ හතරවෙනි ජාත්‍යන්තරය විසින් පවත්වා ගෙන යනු ලබන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සුචරිත ගම්ලත් ගැන පල වූ ලිපියකි. එම ලිපයි කියවන්න පහත සබැදැයාවෙන් යන්න

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ‍්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමීවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) හිටපු සාමාජිකයෙකු වූ සුචරිත ගම්ලත් මාර්තු 30 දා අභාවප‍්‍රාප්ත විය. ඔහු විකොස සාමාජිකයෙකුව සිටිය දී අපෝහකවාදී භෞතිකවාදී කලා විචාරය ලංකාව තුල තහවුරු කිරීම සඳහා ක‍්‍රියාකලාපයක් ඉටු කලේ ය. ඔහුගේ මලගමට එකතු වූ දේශපාලන සංස්ථාපිතයේ, ව්‍යාජ වමේ හා බුද්ධි ජීවින්ගෙන් පෙන්නුම් කලේ පසුකාලීනව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ භ‍්‍රෂ්ටයෙකු ලෙස ගම්ලත් ඉටු කල ක‍්‍රියා කලාපය යි.

මාක්ස්වාදී ක‍්‍රියාකාරකයෙකු හා බුද්ධිමතෙකු ලෙස ගම්ලත්ගේ වැඩ කටයුතු, ඔහු 1989 දී විකොසින් පලා යාමට තීන්දු කිරීමත්, ඔහු විප්ලවවාදී පක්ෂයෙන් නෙරපා හරිනු ලැබීමත් සමග අවසන් වුනි. සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී නිලධරය මුහුන දුන් අර්බුදය හමුවේ ගොර්බචොව් විසින් දියත් කෙරුනු “ග්ලස්නොස්ට්” හා “පෙරෙස්ත්‍රොයිකා” ව්‍යාපාරය, නිලධරයේ වමට හැරීමක් ලෙස ගත් බුද්ධිමතුන් අතර පැතිර පැවති ව්‍යාකූලතාව ගම්ලත් වෙතින් ප‍්‍රකාශයකට පත් වන්නට පටන් ගැනිනි. 1989 පමන වන විට කම්කරු පන්තික සමාජවාදී ඉදිරි දර්ශනය කෙරෙහි විශ්වාසය බිඳගත් ගම්ලත් විකොසින් පලායාම දක්වා ගමන් කලේ ය.

read more :www.wsws.org

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ‍්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමීවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) හිටපු සාමාජිකයෙකු වූ සුචරිත ගම්ලත් මාර්තු 30 දා අභාවප‍්‍රාප්ත විය. ඔහු විකොස සාමාජිකයෙකුව සිටිය දී අපෝහකවාදී භෞතිකවාදී කලා විචාරය ලංකාව තුල තහවුරු කිරීම සඳහා ක‍්‍රියාකලාපයක් ඉටු කලේ ය. ඔහුගේ මලගමට එකතු වූ දේශපාලන සංස්ථාපිතයේ, ව්‍යාජ වමේ හා බුද්ධි ජීවින්ගෙන් පෙන්නුම් කලේ පසුකාලීනව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ භ‍්‍රෂ්ටයෙකු ලෙස ගම්ලත් ඉටු කල ක‍්‍රියා කලාපය යි.

Comments are closed.