”In his book Everything was Forever, Until it was No More, Alexei Yurchak -please don’t google this name- describes the tense social and cultural atmosphere during the years prior to the collapse of the Soviet Union. After decades of attempting to plan and manage a new kind of socialist society, the technocrats at the top of the post-Stalinist USSR realized that their goal of controlling and predicting everything was unreachable. Unwilling to admit their failure, they “began to pretend that everything was still going according to plan”. The official narrative created a parallel version of the Soviet society, a fake reality (like in the home videos of Good Bye Lenin) that everyone would eventually unveil. But even though they saw that the economy was trembling and the regime’s discourse was fictitious, the population had to play along and pretend it was real… “because no one could imagine any alternative. (…) You were so much a part of the system that it was impossible to see beyond it”.

Nowadays, our society is driven by very different forces. We don’t need technocrats to predict our actions; the last advancements in information technology, in addition to our constant disposition to share everything that happens to us, are enough for an invisible —and, apparently, non-human— power to define and limit our behaviour.”

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

පක්ෂය තුල පැවැත්වෙන දේශපාලන පංති වලදී බොහෝ දෙනා අපෙන් අසන ගැටළුවක් වන්නේ ‘මාක්ස්වාදයට සමකාලීන වැදගත්කමක් තිබේද? නැතිනම් එය අසමත්ද?’ යන්නයි. මෙම ගැටලුව හමුවේ  දීප්ති විසින් විසිවන සියවස අවසානයේ  රැඩිකල් ලෙස මතුකරනු ලැබූ සම්ප්‍රදායික වාමාංශික දේශපාලනයේ අවසානය සහ නව වාම ව්‍යාපාරයක් ලෙස තම ව්‍යාපෘතිය  ගොඩනැගීමේදී එය පැරණි වමෙන්  ඛණ්ඩනය වන්නේ කෙසේද යන අදහස පිළිබදව සමකාලීන යළි  කියවීමක් සිදුකල යුතු වෙයි. අපගේ දේශපාලනය අලුතෙන් කියවන සහෝදරයන්ට තවමත් වාමාංශික යැයි කියූ පමණින් අධිනිශ්චය වන හැගවුම වන්නේ සමාජවාදය , සමානාත්මතාවය, කම්කරු අයිතිවාසිකම් ආදී දේශපාලන අදහස් ඍජු ලෙස විශ්වාස කරන පුදගලයෙන් ගැන වූ රුපිකයකි. පැරණි මාක්ස්වාදය ඒ අකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම තවදුරටත් නිෂ්ඵල දෙයක් වන බව මේ වන විටත් අප විසින් පැහැදිලි කර අවසන්ය. එක් පන්තියක් තවත් පන්තියක් මත අධිනිශ්චය වන මර්ධනකාරී ඒකාධිපතිවාදයක් සමකාලීන සමාජය තුල නොපවතී. නව ධනවාදී ක්‍රමය විසින් සියලු දෙනා ප්‍රාග්ධන සංකේන්ද්‍රන ක්‍රියාවලිය සදහා ඇතුලත් කරගනිමින් සිටී(non-violent inclusion). එමෙන්ම දේශපාලන සමාජයේ ඇති ප්‍රජාතාන්ත්‍රික රාමුව විසින් ක්‍රමයට විකල්පයක් ගොඩනැගීමට ඉඩ ලබා නොදෙන අතර ඕනෑම තීරණාත්මක,  විප්ලවීය ස්ථාවරයක් ක්‍රමය විසින් උකහා ගනිමින් තිබේ.පුද්ගලය ආත්මයට පවතින ක්‍රමයේම කොටසක් ලෙස හැර වෙනත් පැවැත්මක් නොමැත.

‘තත්‍යසමාන යතාර්ථය’ (virtual reality)විසින් මේ මොහොත වන විට පෙර පැවති සියලුම පරමාදර්ශ අවසන් කර ඇත. මේ නිසා අතීතයේ තහනම් කර තිබු තහනම් අඩවි වන කාමුකත්වය , ගැහැණු, ආදී දේවල් වල සිට මිනීමැරීම, ලේ වැගිරීම දක්වා ඕනෑම දෙයකට අවතීර්ණ වීමට පුද්ගලයාට හැකි වී තිබේ. ගැටලුව වන්නේ ප්‍රගතිශීලීන් සහ වාමාංශිකයන්ද  තත්‍යසමාන අවකාශයට කැමති වන්නේ ඇයිද? යන්නයි. වර්තමාන දේශපාලන සන්දර්භය තුල ජාතිවාදීන්ට පරමාදර්ශ අවශ්‍ය බව පෙනෙන්නට තිබුනත් වාමාංශිකයන් කිසිවෙක් නව පරමාදර්ශ ගොඩනැගිය යුතු යැයි සිතන  බව පෙනෙන්නට නොතිබේ. පෙ.ස.පෙ වැනි  පක්ෂ පරමාදර්ශ නැති , පරමාදර්ශ විනාශ කල පුද්ගලයන් තමන්ගේ මිතුරන් කොට සලකයි. මේ අනුව පරමාදර්ශ පිළිගැනීමෙන් සමාජය ඉවත්වන විට ඊනියා වාමාංශිකයන්ද එම ස්ථාවරයට  පැමිණ තිබේ. කලයුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද යන්න  පැහැදිලි අදහසක් සමාජයට නැත.

 තාක්ෂණයේ දියුණුවත් සමග  තත්‍යසමාන අවකාශයට ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව ඕනෑම සමාජ පන්තියකට ලැබී තිබේ.නමුත් මෙය හුදු තාක්ෂණික විප්ලවයක් පමණක් නොව ධනවාදය තවදුරටත් පෝෂණය වීමේ ක්‍රියාවලියකි. Facebook, Youtube, Twitter  ආදී ‘පශ්චාත් මාධ්‍ය’ (post-media) මගින් සම්ප්‍රදායික මාධ්‍යන්හි ආකෘතිය පවා වෙනස් කර තිබේ.මාධ්‍ය මගින් සිදුවිය යුත්තේ කිසියම් පණිවුඩයක්  සම්ප්‍රේක්ෂණය කිරීමයි.එහිදී පණිවුඩය යවන්නෙකු සහ එය ලබන්නෙකු සිටී. නමුත් පශ්චාත් මාධ්‍ය වල මෙවැනි පණිවුඩයක් නොමැති අතර යවන්නෙකු සහ  ග්‍රාහකයෙකු ද නැත. පණිවුඩය ලබන්නාගේ ෆැන්ටසිය මාධ්‍ය විසින් නිර්මාණය කරයි( hyper reality). ජනප්‍රිය  පුද්ගලයෙකුගේ වැදගත් කමක් නැති ජායාරූපයක් (මෙලානියා ට්‍රම්ප්) පශ්චාත් මාධ්‍ය වෙත ඇතුලත් කල සැනින් එය ග්‍රහණය කරන්නාගේ ෆැන්ටසියද එම මාධ්‍ය තුලම  නිර්මාණය වෙයි. ඊනියා වාමාංශිකයන්ගේ තත්‍යසමාන අවකාශය තුල මෙම ෆැන්ටසි නිර්මාණ ක්‍රියාවලිය  සදහා ශ්‍රමය ලබා දෙනු ලබන්නේ විශ්වවිද්‍යාල ගුරුවරුන් විසිනි. ඇගිලි  තුඩුවක සියුම් ස්පර්ශය විසින් ඔබව  ද්විත්ව සුරා  කෑමකට ලක්වෙයි. එක් පැත්තකින් විශ්වවිද්‍යාල ගුරුවරයා ඉගැන්වීම හෝ අධ්‍යයනය කටයුතු නොකර  තත්‍යසමාන අවකාශයට වී සිටීම වෙනුවෙන් වැටුප් ගෙවීම සදහා බදු ගෙවිය යුතු අතර තව පැත්තකින්  තත්‍යසමාන  අවකාශය සදහා යටිතල පහසුකම  සැපයීම වෙනුවෙන් දෙස් විදෙස් සමාගම් ගණනාවකට සේවා ගාස්තු ගෙවීමට සිදුවෙයි.

පශ්චාත්- මාධ්‍ය හේතුවෙන් ‘තත්‍යසමාන යතාර්ථය’ (virtual reality) සහ ‘සැබෑ යතාර්ථය’ අතර වෙනස-gap- මැකී යයි. මීට දශක කිහිපයකට පෙර කෙනෙකු තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථා ජායාරුපයට නගන ලද අතර පසුව එම ජායාරුප පෙන්වමින්  එම අවස්ථා තම හිතමිතුරන් සමග හුවමාරු කර ගත්හ. මුල්කාලීනව Facebook වැනි මාධ්‍යක් මගින් මෙම මිනිස් සබදතාවය තත්‍යසමාන අවකාශය වෙත රැගෙන එන ලදී. නමුත් මෙම අවකාශය ප්‍රාග්ධන සංකේන්ද්‍රණය හා සම්බන්ධ වූ පසු  ඇති වී ඇති තත්වය හාත්පසින්ම වෙනස්ය.දැන් කෙනෙකුගේ  ජීවිතයේ ඕනෑම  නිමේශයක්  වැදගත් අවස්ථාවක් බවට පත් කල හැකි අතර සැබෑ ජීවිතය තත්‍යසමාන අවකාශය විසින් ග්‍රහණය කරගෙන තිබේ. මෙම තත්වය සාමාන්‍ය පුද්ගලයන්ට පමණක් පොදු කාරණයක් නොව සමකාලීන දේශපාලනයටද මුහුණ දීමට සිදුවී ඇති තත්වයකි. පශ්චාත්- මාධ්‍ය  අවකාශය තුල දේශපාලනයේ වම -දකුණ භේදය මැකී ගොස් ඇත. සියලු පසමිතුරුතාවයන් සාමකාමී වී  ඇති අතර සහෝ! යන නාමයෙන්  එකිනෙකා ආමන්ත්‍රණය කර ගනී. වාමාංශිකයන්  පමණක්  නොව ජාතිවාදීන් , යු.එන්.පී කාරයන් ආදී සියලු දෙනා රැඩිකල් සටන්කාමීන්   බවට පත් වී ඇත.  සමකාලීන පශ්චාත් – මාධ්‍ය  අධිනිශ්චය වූ යුගයක දේශපාලකයාගේ පැවැත්ම තීරණය වනු ලබන්නේ එම මාධ්‍ය වල  ලාභය වැඩිකර ගැනීම මගින්ය. මෙය හොද-නරක භේදයෙන් තොරය. උදාහරණයකට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ දරුවන්ගේ ජීවිත යනු සැබෑ ලෝකය තුල පවතින්නක් නොව තත්‍යසමාන අවකාශය තුල පවතින දෙයකි.මේ මොහොතේ ඔවුන්ගේ ජීවිත  වල සියලු දේ තීන්දු වන්නේ මෙම මාධ්‍ය අවකාශය හරහාය.  මෙය වාමාංශිකයන් ඇතුළු අනෙක් සියලු දේශපාලකයන්ටද  පොදු දෙයකි. අපගේ දේශපාලන ව්‍යාපෘතිය හැර අනෙක් සියලුම දේශපාලනයන් පශ්චාත්- මාධ්‍ය වල නිර්මිතයක් පමණි. බලයට පත්වන්නේ කවුද යන්න තීන්දු කරනු  ඇත්තේ මෙම මධ්‍ය අවකාශය විසින් මිස මහජනතාව විසින් නොවේ.

පශ්චාත්- මාධ්‍ය අධිනිශ්චය වීම තුල මහජනයා තොරතුරු පරිභෝජනය කරන්නන් පිරිසක් බවට පත්ව ඇත. මෙම මාධ්‍ය  විසින් ලබා දෙන තොරතුරු හරහා පුද්ගලයා වීඩියෝ ක්‍රීඩාවක නිරත වෙමින් සිටී. මෙවැනි ක්‍රීඩාවකදී අපට හමුවන දෑ (උදා : අයුධ, උණ්ඩ හා අනෙකුත් උපකරණ)  යම් පිළිවෙලකට යොදා ගැනීම හරහා අපට සාර්ථකව ක්‍රීඩාවේ නියැලෙමින් විනෝද විය හැක. එසේම ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස,සුභසාධනය, නිවාස ණය වැනි ඉගි වචන (key words) භාවිතා කරමින් මහරජා වැනි ආයතනයකට  එම වචන පිළිවෙලකට කතා  කල හැකි සජිත් ප්‍රේමදාස වැනි චරිතයක් නිර්මාණය කල හැක. නව ලිබරල් ආර්ථිකයක් සහිත රාජ්‍යක් පවතින බව කියමින් facebook එකේ කොට කොටා සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කරමින් සිටින්නේද සජිත්ගේ වැඩේම මිස වෙනත් දෙයක් නොවේ. වෙනසකට ඇත්තේ ඔවුන් භාවිතා කරන ඉගි වචන තරමක් වෙනස් වීම පමණි. අප ජීවත් වන්නේ සැබෑ නව ලිබරල් සමාජයක නම්  මෙවැනි අකාර්යක්ෂම, ඵලදායිතාවයක් නැති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ වෛද්‍යවරුන්, ටෙලිකොම් සමාගම  , විදුලිබල මණ්ඩලය, දුම්රිය දෙපාර්තුමේන්තුව  ආදී ආයතන වල සිටින ඉංජිනේරුවන් ආදී සියලු දෙනා  සේවයෙන් ඉවත් කල යුතුය.

තත්‍යසමාන අවකාශය තුල වම-දකුණ භේදයකින් තොරව සියලු දෙනා හැසිරෙන්නේ එකම අඩිතාලමක් මතය. එනම් ඔවුන් සියලු දෙනා සකර්බර්ග්ගේ ඇමරිකානු ප්‍රාග්ධනයට ශ්‍රමය ලබා දෙමින් සිටී. 20 වන සියවසේදී ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය කරනු ලැබුවේ ළමා ශ්‍රමය, වහල් ශ්‍රමය ආදිය යොදා ගනිමිනි. නමුත් 21 වන සියවසේ එම ආකෘතිය සහ තත්වයන් වෙනස් වී ඇත. දැන් වහල් ශ්‍රමය නැති අතර තම කැමැත්තෙන්ම පුද්ගලයන්  ප්‍රාග්ධන සංකේන්ද්‍රණය සදහා දායක වේ. Facebook  තුල සිටින වහල්ලු යනු කැමැත්තෙන් ඒ වෙත ඇතුළු වන අය වේ. ඒ අනුව බලන විට මෙම පුද්ගලයන්ගේ පරමාදර්ශ තිබී ඇත්තේ ධනවාදය තුලම මිස ඉන් පිටත නොවේ. ඔවුන් නොදැනුවත්ව ප්‍රාග්ධනය වෙනුවෙන් සේවය කරමින් සිටී. වාමාංශික හෝ ප්‍රගතිශීලී හෝ ඕනෑම කෙනෙක් දේශපාලනය කිරීම සදහා තත්‍යසමාන අවකාශයට පැමිණේ නම් ඔවුන්ගේ ශ්‍රමය ක්‍රමය වෙනස් කරන දෙයක් නොව ක්‍රමය පෝෂණය කරන එය විසින් උකහා ගන්නා ශ්‍රමයකි.

අවසානයේ අපට මේ මොහොතේ ‘කල යුත්තේ කුමක්ද’ යන ගැටලුව පැන නගී. එසේම අපත් තත්‍යසමාන අවකාශයේ සිටින බවට කෙනෙකු චෝදනා කල හැක. නමුත් ඉතා කල්පනාකාරීව අප මෙම අවකාශය තුල ක්‍රියා කරන අකාරය පරීක්ෂා කරන්නෙකුට අපගේ අභිප්‍රාය කුමක්ද යන්න පැහැදිලි වනු ඇත. Facebook , Youtube යනු අපගේ ප්‍රචාරණ මාධ්‍යක් පමණි. එය අපගේ සංවාද මණ්ඩපයක්  හෝ දේශපාලන අවකාශය නොවේ. එසේම එම මාධ්‍ය තුල අපගේ ක්‍රියාකාරිත්වය  ප්‍රාග්ධනය වර්ධනය කිරීම සදහා දායක නොවන අතර එමගින් ක්‍රමය තර්ජනයකට ලක් කරයි. අපගේ ප්‍රචාරණ සදහා ඉතා අඩු ග්‍රාහකයන් පිරිසක් සිටින්නේ මේ නිසාය. අපගේ ග්‍රාහකයන් යනු ක්‍රමය වර්ධනය කරන්නන් නොව අපගේ දේශපාලනය විකාශනය කරන්නන් පිරිසකි. අපේ වැඩේ ගැන නොදැන Facebook තුල විප්ලව කරන්න ගිය අයට පිස්සු හැදෙන කාලය වැඩි ඈතක නොවේ.

මාක්ස්වාදය පිළිබද ගැටලුවෙන් ආරම්භ කර තත්‍යසමාන අවකාශය වෙත පිවිසීමේ අරමුණ වුයේ ශ්‍රමයේ නව ආකෘතිය පැහැදිලි කිරීමත් සමකාලීන දේශපාලන සන්දර්භය පැහැදිලි කිරීමත් සදහාය. දැන් අපට අපගේ සැබෑ ප්‍රශ්නය වෙත ප්‍රවේශ විය හැක. ඉහත සදහන් තත්වය තුල අප සම්ප්‍රදායික මාක්ස්වාදයෙන් සහ පැරණි වමෙන් ඛණ්ඩනය විය යුත්තේ ඇයිද යන්න තවදුරටත් පැහැදිලි කල යුතු නැත.මේ මොහොතේ ලෝකය වෙනස් කිරීම සදහා සියලු දෙනා කතා කරන නමුත් එය අර්ථකථනය කිරීමට කිසිවෙක් නැත. මේ මොහොතේ අපට අවශ්‍ය වන්නේ විසදුම් නොව ප්‍රශ්න කිරීමයි. විසදුම් ලබා දීම යනු ක්‍රමයට කීකරු වීමයි. ක්‍රමය තර්ජනයකට ලක්වන්නේ එය නිවැරදිව ප්‍රශ්න කරන විටය. විසදුම් ලබා දෙන පුද්ගලයන්ගෙන් අප ඇසිය යුත්තේ ඔබට අවිඥානයක් නැද්ද ? යන ප්‍රශ්නයයි. අවිඥානය යනු අප ක්‍රමයට ජීවය ලබා දෙන තැනයි. පුද්ගලයා අවිඥානය පිළිනොගෙන ක්‍රමයට යටත් වන අතර මෙම යටත් වීම විමුක්තියක් උදා කරන්නේ කෙසේද? Blue Velvet චිත්‍රපටයේ Dorothy Vallens  විසින් Frank  Booth ගේ පීඩාකාරී ලිංගික ක්‍රියාවට යටත් වන්නේ  අකමැත්තෙන් නොවේ. එම යටත් වීම  මගින් ඇයව අවධිකරනු ලබයි. විසිඑක් වන සියවසේ මේ මොහොත තුල අප මාක්ස්ව යළි අර්ථකථනය කල යුතුය. මාක්ස්ගේ ෆොයබාග් තිසීසය නැවත ලිවිය  යුතුය . එහි පළමු නියමය විය යුත්තේ පුද්ගලයාට අවිඥනයක් ඇති බව පිළිගැනීමයි.  

මතු සම්බන්ධයි.

අනුෂ්ක ආරියරත්න.

ඔබේ අදහස කියන්න...