ඥාණසාර යනු පුවත් මවන සමාජ රීති නොතකන භික්‍ෂුවක් යැයි කියා ගන්නා පුද්ගලයෙකි. ඥාණසාර වාහන බලපත්‍රයක් නොමැතිව බීමත්ව වාහනයක් පදවා ශ්‍රී ලංකා අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වූ අයෙකි. එම නිසා ඔහුගේ භික්‍ෂූත්වය ගැන කතා කිරීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඥාණසාර  නම් ප්‍රපංචය තේරුම් ගැනීමය​. 
සමාජ ආර්ථික සහ සංස්කෘතිමය වශයෙන් ප්‍රගාමි සමාජයක ඥාණසාර වැනි පුද්ගලයෝ සිටින්නේ සිර ගෙදරක හෝ මානසික පුනරුත්ථාපන ආයතනයකය​. එහෙත් ජාති ආගම් වශයෙන් කුලල් කා ගන්නා ගෝත්‍රවාදී   මානසිකත්වයකින් යුක්තව ශක්තිමත්  සිවිල් නීති  පද්ධතියක් නොමැති පසුගාමී සමාජයක ඥාණසාර යනු ජාතික වීරයෙකි.  
ඥාණසාර  ප්‍රපංචය තේරුම් ගැනීමේදී  A First-Rate Madness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට මනෝ වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi විසින් කියන ලද ප්‍රකාශයක් සඳහන් කරනු  ව​ටී.  රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව Nassir Ghaemi  කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි.  
ඥාණසාර ගේ අතීත හැසිරීම් සලකා බලන විට ඔහු සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයේ (Antisocial personality disorder)  ලක්‍ෂණ   පෙන්වන බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ.  DSM හෙවත්  Diagnostic and Statistical Manual of Mental Disorders   සංග්‍රහය පෙන්වා දෙන අන්දමට සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතායෙන් පෙලෙන්නා  ඔවුන් හීනවූ සහකම්පනීය අවබෝධයකින් යුක්තය​. අන්‍යන් ගේ අයිතිවාසිකම් ගැන තැකීමක් නොකරති. නිරන්තරයෙන්ම සමාජ නීති රීතීන් උල්ලංඝනය කරති. ඔවුන් අතිශයින්ම මෑන්වීම් (manipulative ) සහිතය​. වගකීම් විරහිත හැසිරීම් රටාවන් පෙන්වති. දැඩි ආවේගීලී බවක් පෙන්වති. බොහෝ විට ප්‍රචණ්ඩ හැසිරීම් රටා වලින් යුක්තය​. 
ඥාණසාර පහල වන්නේ ඔපපාතිකව නොවේ. ඥාණසාරද මෙම සමාජ ක්‍රමයේ නිර්මාණයකි. ඥාණසාර යනු ළමා අපයෝජනයක වින්දිතයෙක්ද ? ඥාණසාර මහණ වන්නේ ළමා වියේදීය.  ළමයින් ලෙස මහණ කෙරෙන දරුවන්  බහුතරය එන්නේ ඉතා දැඩි සමාජ ආර්ථික ගැටළු වලට ලක්වූ පවුල් වලිනි. සමහරක් විට පියාගේ බීමත්කම , මව විදේශ ගත වීම වැනි කරුණු නිසා පිළිසරණක් නොමැති දරුවන් ද බොහෝ විට නවතින්නේ ළමා මහණුන් බවට පත් වීමෙනි. කුඩා කාලයේදීම මාතෘ දුරස්ථකරණය​ (maternal deprivation)  පීතෘ දුරස්ථකරණය මෙන්ම  විවිධ කාංසාමය තත්වයන්ට පත්වූ එම දරුවන් ළමා මහණුන් බවට පත්වී තව තව දුරටත් පන්සල් තුලදීද කායික මානසික සහ ලිංගික අපයෝජනයන් වලට මුහුණ දෙති. අවසානයේදී සමාජයට මුදා හැරන්නේ අසමබර චිතාවේග වලින් සහ පෞරුෂ අක්‍රමතාවයන් ගෙන් පෙලෙන පුද්ගලයෝ වෙති. හුදු ආවේගශීලීභාවය , වගකීම් විරහිත චර්‍යාව , එලැඹෙන ප්‍රතිවිපාක ගැන අවබෝධ රහිත වීම වැනි කරුණු නිසා මෙවැනි පුද්ගලයෝ විවිධ දේශපාලන පක්‍ෂ විසින් ඉත්තන් ලෙස භාවිතා කරති.  ඔවුන් මෙකී දේශපාලන පක්‍ෂ සඳහා සම්පත් වෙති. එහෙත් අවසානයේදී දැහටි කූරු මෙන් අවශ්‍ය වැඩ කරගත් පසු මොවුන්ව ඉවත දමති.  ​
ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව සටන් කරන්නෙකු බවට සමාජයේ ජනප්‍රිය මතයක් තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාද හිස ඔසවන බව නොරහසකි. එය බහුතරය සාමයට ලැදි සාමකාමී මුස්ලිම් ජනතාවට මෙන්ම අනෙක් ජන කොටස් වලටද තර්ජනයකි. එහෙත් ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව පිලිතුරක් නොවේ. ඥාණසාරලා නිසා මුස්ලිම් අන්තවාද පැතිරීම මෙන්ම මුස්ලිම් අන්තවාද සාධාරණීකරනය වීම මෙන්ම අන්තර්ජාතිකව මෙම ප්‍රශ්නය උඩු දිවීමටද හේතු කාරක වෙයි. මේ නිසා අවසන් විග්‍රහයේදී ඥාණසාරලා සේවය කරන්නේ ඔවුන් ගේම ප්‍රති පාර්ශවය වන මුස්ලිම් අන්තවාදයටය​. 
 ඥාණසාර  ප්‍රපංචය යනු පහසුවෙන් අවලංගු කර දැමිය හැකි සාධයක්ද නොවේ. ශ්‍රී ලංකාව වැනි ප්‍රාක්තම සමාජ වලට ඥාණසාරලා අවශ්‍ය වෙති. සෑම අවස්ථාවකදීම ඥාණසාරලා සේවය කරන්නේ බලය තිබෙන පක්‍ෂයට හෝ පුද්ගලයාටය​. සමාජයේ පවත්නා තත්‍ය සමාජ ආර්ථික ගැටළු විසඳීම සඳහා ක්‍රමවේදයක් හෝ උපාය මාර්ගයක් නොමැති දේශපාලකයන්ට සමාජයේ පවතින් සැබෑ ගැටළු වලින් ජනතාවගේ අවධානය ඉවත් කර ගැන්වීම සඳහා  ඥාණසාරලා අවශ්‍ය වෙති. එසේම සමාජයක් බෙදා වෙන් කොට පාලනය කිරීම සඳහා  ඥාණසාරලා මෙන්ම ඔවුන් ගේ ප්‍රති පාර්ශවයන් දේශපාලකයන්ට අවශ්‍ය කෙරේ. ඥාණසාරට පසුගිය රජයෙන් ඩිෆෙන්ඩර් ලැබෙන්නේද වර්තමාන රජයෙන් ජාපාන චාරිකා ලැබෙන්නේ මේ සමීකරණයට අනුවය​. මේ හේතුවෙන් හිරේ විලංගුවේ දමා ඥාණසාර  ප්‍රපංචය යටපත් කල නොහැක​. 
වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. Compared to Dr Jayathunga’s previous two articles I have read in this site the article above is of a very high standard, most of all because it is very well balanced.
    However, I would like to point out that the paragraph that says “සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතායෙන් පෙලෙන්නා ඔවුන් හීනවූ සහකම්පනීය අවබෝධයකින් යුක්තය​. අන්‍යන් ගේ අයිතිවාසිකම් ගැන තැකීමක් නොකරති. නිරන්තරයෙන්ම සමාජ නීති රීතීන් උල්ලංඝනය කරති. ඔවුන් අතිශයින්ම මෑන්වීම් (manipulative ) සහිතය​. වගකීම් විරහිත හැසිරීම් රටාවන් පෙන්වති. දැඩි ආවේගීලී බවක් පෙන්වති. බොහෝ විට ප්‍රචණ්ඩ හැසිරීම් රටා වලින් යුක්තය​.” is common to ALL and SUNDRY in the so called “උත්තරීතර” parliament. Not only from the previous Rajapaksha regime but “Yahapaalana” regime too. Therefore, we have obviously handed the country over to a bunch of psychotics – the strongest proof of this is the behavior of the present Prime Minister at important ‘debates’ in parliament and the Present President’s modus operandi – and as a result we are doomed and Sri Lanka is inevitably a ‘failed state’.

    And also I would like to point out that according to Dr Jayatunga’s own logic, imprisoning Rev Gnanasara is not an attempt to suppress him or his movement but on the contrary to make him more popular and his movement stronger because as Dr Jayatunga very correctly points out say both the ruling party and the opposition need him to push their political agendas.

    However, if we take the latest development, i.e., the bail of the reverend being delayed because a representative of the Attorney General’s department “failed to turn up” a real incident and not another gimmick of a media theatrical, that indicates another dangerous trend in the judiciary despite who or what rev Gnagasara is.

    As Dr Jayatunga again very correctly points out Rev Gnanasaara and his kind of activism is not a pragmatic response to Islamic Fundamentalism and worse, that it is counterproductive. First of all, I would like to thank Dr Jayatunga for accepting the FACT that there IS a phenomenon called “Islamic Fundamentalism” and it is NOT merely a figment of imagination or a fantasising of an “enemy” – like it is very often pointed out in articles in this site. Secondly, I hope that this article would initiate a discussion on racism in politics, whether it is majority politics or minority politics.

    Finally like to thank Dr Jayatunga for being brave enough to touch on the ordaining of minors in the Buddhist tradition. I too believe that this has to be categorised as a form of child abuse. At present the liberal media and the so called “Human Rights Activist”are hitting President Trump and his Government with all they have because of separating minors from their parents in imposing immigration law, but nobody seem to think the injustice that is happening to children whether it is ordaining as monks in Buddhist tradition or Muslims dressing up little girls with the full Islamic dress code including the face mask.

Comments are closed.