ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද? කියන ප්‍රශ්නය මම හුඟක් දුරට කල්පනා කල දෙයක්. මේ බ්ලොගයෙම මම ප්‍රාග්ධනය හා මාක්ස් කියන්නේ මොකක්ද කියල විමසන නිසා සහ බොහෝ අය මොන වගේ සමාජවාදී හෝ කොමියුනිස්තවාදී සමාජයක්ද ගැන අහන්නේ කියන ප්‍රශ්නයට උත්තර දීමක් වශයෙනුත් විටින් විට යාවත්කාලින කරන අභිප්‍රායෙන් මේ පිටුව පටන් ගත්තේ.
අපි සමාජවාදී කියල නම් කරන දැනට තිබෙන රටවල් (චීනය, වියට්නාමය , කියුබාව වගෙව් ) වල ක්‍රමය පිලි ගන්නෙත් නැත්නම්, කඩ වැටුණු සොචියට් ක්‍රමය පිලි ගන්නෙත් නැත්නම් මොකක්ද අපි කියන්න හදන්නේ.

මම කියන්න හදන දේ මෙයයි.

1. මාක්ස්ට අනුව විශ්වය පරිණාමය වූ ආකාරයෙනුත්, ජිවයා පරිණාමය වූ ආකාරයෙනුත් , එකිනෙක තුල ප්‍රතිවිරෝධයෙන් ඇතිවන සින්තසිසය හරහා ඇතිවන නවතම අවධිය ඇසුරෙනුත් සමාජ ප්‍රගමනය විස්තර කල හැකියි. මෙය මාත් පිලි ගන්න නිසා ඒ අනුව කරන විග්‍රහයක් තමා ඇතුලත් වන්නේ.
2. පොදු දේපල බෙදා හැරීමක් තියෙනවද. නැහැ . රජයට ප්‍රාග්ධනය පවත්වා ගන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මිනිසුන්ගේ ගෙවල්, ඉඩම් ආදිය රාජ්‍යය සතු නැහැ. මුලදී සතු වුනත් ක්‍රමයෙන් ජනතාවට පැවරිය යුතුයි ගම් සභා ආදිය හරහා . සමාජවාදී සමාජය හෝ කොමියුනිස්ට් සමාජය කියන්නේ රොබින් හුඩ් ගේ ශර්වූඩ් කාලය හෝ සරදියෙල් ගේ අඩවියක් නොවේ.
3. ධනය අයත් සියලු දෙනා ශ්‍රමය සූරා කන ධනපතින්ද ? නැහැ . ප්‍රාග්ධනය හිමි , කර්මාන්ත ශාලා හිමි, ශ්‍රමය විවුර්ත වෙළඳ පොලෙන් මිලදී ගෙන (වැටුපක් ගෙවා), භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන අතිරේක ලාභයක් ලබා එය තම ප්‍රාග්ධනය වැඩි කිරීමට යොදවන්නා තමයි ධනපතියා. තමන්ගේ පෞද්ගලික දක්ෂතා වලින් ධනය රස කර ගැනීම (ගායකයන්, නළු නිලියන්, ක්‍රීඩකයන්, ග්‍රන්ථ කතුවරුන් ආදීන් ) මේ ධනපති වර්ගයට අයත් වන්නේ නැහැ. නමුත් ඔවුන් ආයෝජනය කරනවානම් ඉහත ව්‍යාපෘතියකට එයින් ඔවුනුත් ධනපතියන් බවට පත් වෙනවා.
4. ගමක, නගරයක සෝවියට් සභාවේ (ගම් වැසි නගර වැසි ජනයාගේ සහභාගිත්වය ඇති සභාව – ගම් සභාව, නගර සභාව යනුත් මෙයයි) වෙනත් විරුද්ධ අදහස් තියෙනවද? වෙනම කණ්ඩායම් තියෙනවද? ඔව් . නමුත් බහුතරයේ අදහසට සුළුතරය එකඟ විය යුතුයි. බහුතරය , සුලුතරය නොසලකා නොහැරිය යුතුයි .

Ajith Dharmakeerthi

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. ඔයා රනිල් ගාවට ගියානම් ඕක කරන්න පුලුවන් වෙයි.නෑත්නම් ජ.වි.පෙ.ට හරි,පෙරටුගාමී එකට හරි යන්න.

  2. ජවිපෙට සම්බන්ධ වෙලා චීන ක්‍රමයට අනුගත වෙන්න කිසිම ඕන කමක් නැහැ. චීනයේ තියෙන්නේ රාජ්‍ය ධනවාදයට , ලිබරල් ධනවාදය මිශ්‍ර කරපු , තමන් සමාජවාදී කියා ගන්න ඒකාධිපති ආණ්ඩුවක්. රනිල් කියන්නේ ලිබරල් ධනවාදියෙක්. ලිබරල් ධනවාදය අවසන් කරමින් එන සමාජයක් ගැන කතා කරන නිසා රනිල්ට පක්ෂ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොමත් 1989 වගේ අවුරුදු වල භීෂණයට උදව් කරපු ධවල පත්‍රිකාව ගෙනාපු රනිල්ට උදව් කරන්නේ කොහොමද.? පෙරටුගමින්ට සම්බන්ධවීම සලකා බැලුව හැකි.

  3. ඔබ කියන දෙයම තමයි jvpඑකයි,රනිලුයි,පෙරටුගාමී එකයි 3න් ගොල්ලොම කියන්නෙ.දක්ශයට තෑන ලබාදෙන,අනන්යතාවයන් පිලිගන්න………………………………..ඕක නම් Communism කියන්නෙ රනිල් කරල දෙයි.අපිට දගලන්න දෙයක් නෑහෑනෙ.

  4. ඇමෙරිකා එක්සත් ජනපදයේ tea party එක රජය අහෝසි කර රාජ්‍ය මැදිහත්වීම අඩු කල යුතුයි කියනවා. දෙවියන් වහන්සේ විසින් කිව වගේ සූරාකෑම අතහැර ලාභ සාධාරණ කල යුතුයි කියනවා. සමහර විට ඔවුන් ඇමෙරිකාවේ කොමියුනිස්ට් සමාජයක් හදයිද දන්නේ නැහැ ඔහොම ගියොත්. රනිල්ට හීන පේනවද දන්නේ නැහැ ? රනිල් දක්ෂයට තැන දෙනවනම් තවම ඔතන ඉන්නේ මොකද?

Comments are closed.