x දේශපාලනය හරහා ගොඩනැගුන  කතිකාමය බලය වර්තමානය වන විට පක්ෂය විසින් අතහැර දමා ඇත්තේ ඇයි? මෙම ගැටලුව පක්ෂය සමග සම්බන්ධ බොහෝ දෙනෙකුට ඇති ගැටළුවකි. තවද බොහෝදෙනා අපගෙන්  නැවතත් බලාපොරොත්තු වන්නේ එවැනි හෙජමොනික දේශපාලනයකි.

හෙජමොනික දේශපාලනය ඉතා හොදින් හසුරුවමින් සිටි පුද්ගලයා අවසානයේදී  දේශපාලනය අතහැර ගැහැණියක් සමග පැන යන මොහොතේ  තවදුරටත් හෙජමොනික දේශපාලනය වලංගු දේශපාලනයක්  නොවන බව සනාථ කර හමාරය.  නමුත් එවැනි සිදුවීමකින් පමණක් හෙජමොනික දේශපාලනයේ අවසානය පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවේ. මේ නිසා හෙජමොනික දේශපාලනය අප විසින් අත් හැරීම සදහා හේතුව කුමක්ද යන්න විස්තරාත්මකව සාකච්ජා කිරීම සදහා ආරම්භයක් මෙම ලිපිය මගින් සිදු කිරීමට බලාපොරත්තු වෙමු.

න්‍යායෙන් ආරම්භ කිරීමට වඩා එදිනෙදා දේශපාලනික අත්දැකීමක් හරහා න්‍යායට එළබීම අධ්‍යාපනික වශයෙන් සාර්ථක ආරම්භයකි. වර්තමානයේ හෙජමොනියේ හෙජමොනිය තමා සතු කර ගැනීමට උත්සහ කරන ඊනියා බුද්ධිමතා සුමිත් චාමින්දයි. ඔහු x දේශපාලනයෙන් ඉවත් වීමෙන් පසු පශ්චාත් මාක්ස්වාදී වචන එහේ මෙහේ විසි කරමින් සිටී. ඔහුගේ වදන් අතිශයින් රැඩිකල් බව බොහෝ දෙනා විශ්වාස කරයි. පශ්චාත්-ධනවාදී සමාජ ව්‍යුහයක් තුල රැඩිකල් භාවිතාවන් එතරම් අධිනිශ්චය වී ඇත්නම් පවතින සමාජය ඉතා ඉක්මනින් නව සමාජයක් බවට පරිවර්තනය වන ලක්ෂණ දැක ගත හැකි විය යුතුය. නමුත් අප පරිවර්තනයක් නිරීක්ෂණය කරන්නේ සමාජය තුල නොව එවැනි රැඩිකල් භාවිතාවන්ගේ අයිතිකරුවන් තුලය. සුමිත් පැරණි වමේ (මෝඩයන්ගේ සමාජවාදය -Socialism of fools සහ මෝඩයන්ගේ අධිරාජ්‍ය විරෝධය -anti-imperialism of fools වෙනුවෙන්) න්‍යායචාර්යවරයෙකු ලෙස අනන්‍යතාවය ගොඩනගා ගන්නා අතර කවියෙකු ලෙසද සමාජය තුල පෙනී සිටී. නමුත් ඇත්ත සුමිත් යනු කවුද යන්න දන්නේ ඔහුගේ කැකිරාවේ මිතුරන් සහ ඥාතීන් පමණි. ඊට අමතරව ඇත්ත සුමිත් කවුද යන්න දන්නේ අප පමණි.   මෙහිදී අප කැකිරාව ප්‍රදේශය පිළිබද ඍනාත්මකව සදහන් කරන්නේ සුමිත්ට පෞද්ගලිකව අපහාස කිරීමට නොවේ. මෙතැන ඇති ගැටලුව ඊට වඩා බැරෑරුම් දෙයකි.

ආදිවාසියෙකු ඔඩෙල් සාප්පුවට යාමෙන් පසු ඔහුට එහි ඇති නවීන මෝස්‌තර වල ඇදුම් හමුවීම  සහ සුමිත් චාමින්ද කොළබ පැමිණීමෙන් පසු x දේශපාලන කතිකාව හමුවීම යනු  එක හා සමාන අවස්ථා දෙකකි. ආදීවාසියා ඔඩෙල් ඇදුම් කැකුලියන්ට තෑගී කර උන් සමග නිදා ගනිමින් විනෝද වෙයි. ඒ හා සමානව සුමිත් පශ්චාත්-මාක්ස්වාදී කතිකාව දේශපාලනය පිළිබද කිසිවක් නොදන්නා කැකුලියන්ට උගන්වමින්  ඔවුන් සමග යහන්ගත වීමට මාන  බලයි. ඔඩෙල් සාප්පුවට පොරෝ කෙටේරිය රැගෙන එන හැඩිදැඩි වැද්දා කැකුලියන් ලග චුටි බබෙකි. එමෙන්ම ගැහැණු ඉදිරියේ අපගේ මහා විප්ලවවාදියාද joker කෙනෙකි.

හෙජමොනිය පසෙක තැබූ විට අපට ඉතුරු වන්නේ සුමිත්ගේ විනෝදයයි. එසේනම් හෙජමොනියෙන් සිදුවන්නේ කුමක්ද? සුමිත්ගේ කවි වලින් සිදුවන්නේ කුමක්ද ? ඒ සදහා ඇත්තේ සරළ පිළිතුරකි. ඒවායෙන් සිදුවන දෙයක් නොමැත. සුමිත්ගේ වචන වල සාරයක් ඇතැයි සිතමින් කිසිවෙක් එම වචන වලට අනන්‍ය වේ නම් ( මේ යුගයේ එවැනි පුද්ගලයෙකු සිටී නම් එය ආශ්චර්යකි) එම පුද්ගලයා වෙනම විශ්ලේෂණය කල යුතු වේ.  කතිකාවේ ආමන්ත්‍රණයට හසු නොවී ඉතුරු වන දෙය කුමක්ද යන්න ගවේෂණය කිරීමෙන් පසු සල්වෝජ් ජිජැක් ”ලැක්ලාව්” ට ලබා දෙන පිළිතුර සදහා දැන් අපට පිවිසිය හැක.

හෙජමොනියෙදී හදුන්වාදෙන ‘සමාජය යනුවෙන් දෙයක් නොපවතී’ යන්න ලැකානියානු  ස්ත්‍රිය යනුවෙන් කෙනෙක් නොපවතී යන සංකල්පයට සමාන වේ. සමාජ සංකේතීය ලෝකය එක්තරා නොහැකියාවක් වටා ව්‍යුහගත වී ඇත. මෙම නොහැකියාව වන්නේ පසමිතුරුතාවයයි. නමුත් ලැක්ලාව් විසින් පසමිතුරුතාවය නම් සංකල්පය සොයාගැනීමෙන් පසු ඊට අදාළ මීලග සංකල්පය වන ආත්මය සමග එය සම්බන්ධ කිරීමට අපොහොසත් වෙයි. අපට ආත්මීය ආස්තානයන් ශ්‍රේණියක් ඇති බව ලැක්ලාව්  සදහන් කරයි (ස්ත්‍රීවාදී , පරිසරවේදී, ප්‍රජාතන්ත්‍රවාදී ….).මෙම අනන්‍යතා එකිනෙකෙහි රුපිකමය අතිරික්තය මගින් ඒවායේ වටිනාකම තීරණය කරනු ලැබේ.

ස්ත්‍රීවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, සාම ව්‍යාපාරය සහ පරිසරවාදය යන ආත්මීය ආස්තානයන් සලකමු. ප්‍රජාතන්ත්‍රවාදියෙක්  එවැනි අරගලයක් සදහා දායක වන විට කාන්තාවට නිදහස හිමිකර දීමකින් තොරව  සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් බිහිකළ නොහැකි බව අත්දැකීමෙන් දැනගනී . පරිසරවේදී අරගලයකට දායක වන්නෙකු ස්වාභාවදහමට එරෙහි පුරුෂාධිපත්‍ය අත්නොහැර සංවිධානයක් ගොඩනැගීමට නොහැකි බව අත්දැකීමෙන් දැනගනී . සාම ව්‍යාපාරයකට දායක වන්නෙකු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැතිව සැබෑ සාමයක් උදා කරගත නොහැකි බව අත්දැකීමෙන් දැනගනී . මේ අනුව ඕනෑම ආත්මීය ආස්ථානයක් අනෙක් ආත්මීය ආස්ථානයේ රුපිකමය අතිරික්තය මත සලකුණු වේ. ඒ අනුව එක්තරා ඒකීය ආත්මීය ආස්ථානයක් ගොඩනැගේ . ප්‍රජාතන්ත්‍රවදියෙකු  වීම යනු ඒ හා සමානව ස්ත්‍රීවාදියෙකු වීමයි.

අල්තුසරියානු දෘෂ්ටිවාදී පොලාපැනීම  යනු සමාජ ක්‍රියාවලිය තුල අපගේ ස්ථානය හදුනාගන්නා අකාරය වේ. එක්තරා දෘෂ්ටිවාදී හේතුවක් සදහා අපගේ ණයගැති බව එමගින් හදුනාගැනේ. ලැකානියානු  අදහසට අනුව ආත්මය යනු ව්‍යුහයේ හිස් ස්ථානයයි. ආත්මයට පසමිතුරුතාවය මුණගැසුණු විට එය මගින් සමාජ පසමිතුරුතාවයේ ඇති ක්ෂිතිමය මානය සගවන්නේ නැත. උදාහරණයකට පන්ති අතර පසමිතුරුතාවය සැලකූ  විට එමගින් කියවෙන්නේ වියනොහැකි බවයි. එක්  අනන්‍යතාවයක් අනෙක් අනන්‍යතාවය පරිපුර්ණ වීම වලක්වාලයි . මම කම්කරුවෙකු ලෙස දෘෂ්ටිවාදී පොලාපැනීමට  ලක්වූ පසුව මම ධනපතියන්ට විරුද්ධව සටන් කරන්නෙමි. ඒ ධනපතියා මගේ සම්පුර්ණ අනන්‍යතාවය ලගා කරගැනීමේ බාධකය වන බැවිනි. මෙතන ඇති දෘෂ්ටිවාදී මායාව වන්නේ ධනපතියා බාහිර සතුරෙකු ලෙස හදුනා ගැනීමයි.

මෙහිදී අප සම්බන්ධතාවය කණපිට හැරවිය යුතුය. මම මගේ සම්පුර්ණ අනන්‍යතාවයට ලගා නොවන්නේ බාහිර සතුරා ඊට බාධා කරන නිසා නොවේ. මාගේ අනන්‍යතාවය දැනටමත් අවහිර කර ඇත. බාහිර සතුරා යනු අපගේ වියනොහැකි බව ප්‍රක්ෂේපණය  කරනු ලබන යථාර්ථයේ කොටසකි. පසමිතුරු අනෙකාට එරෙහි සටන ජයගත් පසු අපට පසමිතුරුතාවය යනු ස්වයං  අවහිරතාවයක් බව මනාව පැහැදිලි වේ. අපගේ අනන්‍යතාවය ලගාකරගැනීමට  වඩා ජයග්‍රහණය කරන මොහොත යනු අප ලබන ප්‍රභලම පරාජය වේ. හේගල් මෙය හදුන්වන්නේ the loss of the loss ලෙසය. එය නිශේධනයේ නිශේධනය ලෙස හැදින්විය හැක.  හේගල් විසින් යතාර්ථය තුල ඇති පසමිතුරු ගැටුමෙන් ශුද්ධ පසමිතුරුතාවය වෙන්කරයි.

පසමිතුරු ගැටුමකදී අපගේ ස්ථාවරයේ සංගතභාවය රදා පවතින්නේ අපගේ ප්‍රතිපාක්ෂිකයාගේ ස්ථාවරයේ නිශේධනය මතය. මෙතැන  ඇති වැදගත් කාරණය වන්නේ මට මගේම අනන්‍යතාවය සම්පුර්ණ කරගැනීමට ඉඩ නොදෙන ප්‍රතිපාක්ෂිකයාගේ නිශේධනය යනු මාගේම ස්වයං -නිශේධනය බාහිරකරණය කිරීමකි (මගේම ස්වයං  අවහිරතාවය ). හේගල් ශුද්ධ වූ පසමිතුරුතාවය ලෙස හදුනා ගන්නේ මෙයයි. පිරිමියා යනු කාන්තාවට ඇයගේම වූ අනන්‍යතාවයකට ළගාවීමට නොහැකි වීමේ (impossibility) පරාවර්තීව තීරණය කිරීම (reflexive determination) ලෙස හැදින්වේ. මේ නිසා ගැහැණිය යනු පිරිමියාගේ රෝගලක්ෂණයක් වේ.

ලැකානියානු ශුද්ධ පසමිතුරුතාවය යනු ස්වයං  අවහිරතාවයයි.මෙය  සංකේතීය ලෝකය එහි පරිපුර්ණ අනන්‍යතාවය කරා ලගා වීම වළක්වාලයි . ආත්මීය ආස්ථානයක් උපකල්පනය කිරීම මගින් අපට මෙම ක්ෂිතිමය අත්දැකීම මගහැරිය හැකිය.කෙසේවෙතත් ආත්මීයකරණය මගින් සම්පුර්ණ කල නොහැකි ඉතුරුවක් සෑම  විටම පවතී. මෙම හිඩැස ආත්මීයකරණය මගින් පිරවිය නොහැකි කොටසයි. ආත්මය යනු ආත්මීයකරණයේ අසමත් වීමයි. ආත්මය බිහි කිරීමට දායක වන මෙම හිඩැස ලැකාන්  විසින් හදුන්වනු ලබන්නේ ෆැන්ටසිය ලෙසය. එය මෙම හිඩැස පිරවීම සදහා ධනාත්මකව ගොඩනැගෙන පරිකල්පනීය ප්‍රපංචය වේ.

මුලික වශයෙන් X දේශපාලනය පදනම් වුයේ ආත්මීය ආස්ථානයන් මතය. එය තුල රැඩිකල් මානයක් හදුනා ගැනීම දෝෂයක් නොවේ. නමුත් ආත්මය නම් ප්‍රපංචය පිළිබද පැවතියේ නොදැනුමකි . මේ යුගය තුල ආත්මය සහ අවිඥායනය  යනු  අපගේ දේශපාලනය කේන්ද්‍ර වන ප්‍රපංචයයි. මේ යුගයේ බොහෝ දෙනා අප දෙස බලා සිටින්නේ බලාපොරොත්තු රහිත බවකිනි. පැරණි වමේ සහ පැරණි X සාමාජිකයන්ට අනුව අපගේ දේශපාලනය  දේශපාලනයක් නොවේ. එය ඔවුන්ගේ මානයට අනුව නිවැරදි හදුනාගැනීමකි. මන්ද අප විසින් දේශපාලනය සියලු පැරණි අර්ථයන්ගෙන්  ඛණ්ඩනය කර ඇති බැවිනි. 

තමන් බාහිරට ප්‍රක්ෂේපනය කරනු ලබන අභ්‍යන්තරික බාධකය කුමක්ද යන්න වටහා නොගන්නා තාක් කල්  තමන්ට තමන්ගේ අඩුව කුමක්ද යන්න හදුනාගත නොහැකි වේ. ධනවාදය වෙනස් නොකිරීමට නොහැකි බාධකය පවතින්නේ පුද්ගලයා තුලය. එසේනම් එවැනි පුද්ගලයෙකු ධනවාදයට විරුද්ධ අරගලයක් සදහා එකතු කරගැනීම ධනවාදය විනාශ කිරීමට වඩා අරගලය විනාශ කරගැනීමකි. කුමන මොහොතක හෝ ඔබ අපව හැරයන බව අප දනිමු. 

අපත් සමග දිගටම පැමිණි සහෝදරයන්ට වඩා අපත් සමග සිට වෙන් වී ගිය අය  බොහෝය. මේ අතරින් බොහෝ දෙනා යලි ධනවාදය පෝෂණය කිරීම සදහා එකතු විය. ඒ අපගේ අරගලය සාර්ථක නොවන බව පවසමිනි. එහෙත් කිසිවෙක් මෙම තර්කනයේ අනෙක් පැත්ත කුමක්ද යන්න කල්පනා කරන්නේ නැත. එනම් අපගේ අරගලය සාර්ථක වුවහොත් එකී පුද්ගලයාට සිදුවන්නේ කුමක්ද යන්නයි. ඔහුගේ / ඇයගේ  ෆැන්ටසිය තවදුරටත් පවත්වා ගත හැකිද? ධනවාදය අපගේ ජීවිත වල සියලු තැන්  ආක්‍රමණය කර ඇත. මීට වෙනස් සමාජ ක්‍රමයක් ගැන සිතීමට තවම කාලය එලබ නැති බව පෙනෙන්නට තිබේ. නමුත් සිහි කල්පනාව ඇති බොහෝ දෙනෙක් පවතින ක්‍රමය තුල කිසියම් අඩුවක් ඇති බව පිළිගනී . නමුත් එකම ගැටලුව වන්නේ ඔවුන් තවමත් අලුත් සමාජ ක්‍රමයක් අවශ්‍ය බව සිතන්නට බිය වීමයි. ලංකාව තුල මෙම භිය ඇති කිරීම සදහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ පැරණි වමේ සහ පැරණි X සාමාජිකයන්ය. ඒ අනුව මෙම කොටස යනු වමේ අභ්‍යන්තරික බාධකයයි.

Anushka Ariyarathne

 

 

ඔබේ අදහස කියන්න...