[dropcap color=”red”]ප[/dropcap]සුගිය කාලයේ කාගේත් අවධානයට ලක් වූ ප්‍රධාන පුවතක් වූයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් පාසල් ගුරුවරියක් දණ ගැස්සවීමේ සිද්ධියයි. මේ සිද්ධියට මුල් වී ඇත්තේ මෙකී පාසලේ විනය භාර ගුරුවරිය විසින් අදාල මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුම කොට යැයි කල්පනා කර එහි වාටිය ලිහා දැමීමේ සිද්ධියක් හා පසුව එයට උරණ වූ මන්ත්‍රීවරයා පාසලට පැමිණ මෙකී ගුරුවරිය දණගස්සවා දඩුවම් පැමිණ වීමයි. මේ සම්බන්ධයෙන් විවිධ අය විවිධ කාතා කීවෝය. මේ අකාරයෙන් ඇති වූ කතා කිහිපයක් සැකවින් මෙපරිදි විය.

01-දැන් සමාජය හරිම නරකයි දේශපාලඥනයින් ගේ විනය පිරිහිලා අතීතයේ හිටපු අය එහෙම නෑ වරක් හිටපු අධ්‍යපන ඇමතිවරයෙකු වූ මනෝ විජෙරත්න මහතාගේ පියා සිය පුත්‍රතායට දඩුවම් දීම සම්බන්ධයෙන් අදලා ගුරුවරයාට ස්තූතිය පලකරමින් ලිපියක් ලියා ඇත. ඒ අනුව අතීතයේ විසු ශ්‍රේෂ්ඨ ජන නායකයන් සහ වර්ථමානයේ වෙසෙන ජනතා නියෝජිතයන් අතර පවතින අහසට පොලොව මෙන් වූ සම්බන්ධ හුවා දැක්වීම මගින් අපට මීට පෙර තිබී අද වන විටත් නැති වූ මහා සම්ප්‍රදායක් ගැන කතා කරයි

02-ඇමති මර්වින් සිල්වා විසින් ඩෙංගු මර්ධන ව්‍යාපෘතියකට සහභාගි නොවූ සමෘර්ධි නිළධාරියෙකු ගස් බැදීම සහ පසුව එකී නිළධාරියා විසින්ම තමන්  තමන්වම ගස් බැද ගත්තා යැයි පැවසීම සහ හමුදා මේජර්වරයෙකුට පහර දුන් මර්වින් ඇමතිගේ පුත් මාලක සිල්වා ගේ නඩුව අදාල මේජර්වරයා විසින්ම ඉල්ලා අස්කර ගැනීම. නමුත් ගුරුවරිය දණ ගැස්සවූ පළාත් සභා මණ්ත්‍රීවරයාට සිය තනතුර සහ පක්ෂය යන දෙකම අත් හරින්නට සිදුවීම

03- මේ අසාධාරණයට ලක් වූ ගුරුවරියට ජනාධිපතිවරයා පෞද්ගලිකවම දුරකථන ඇමතුමක් ලබා දී සිය කණගාටුව පළ කිරීම සහ ඇයට අවශ්‍ය ස්ථානමාරුව ඉක්මනින් ලබා දෙන්න යැයි නියෝග කිරීම

ඉහත ආකාරයෙන් මේ සිදුවීම පිළිබද වාර්ථා වූ තවත් ආකාරයන් ඕනෑ තරම් හුවා දක්වන්නට පුලුවන. නමුත් ඇත්තටම මේ සිදුවීම සම්බන්ධයෙන් විශ්ලේෂණය කළ යුත්තේ කුමනාකාරයෙන් ද?

අපට අනුව නම් මේ සිදුවීමේ දී අදාල ගුරුවරිය සහ පළාත් සභා මණ්ත්‍රීවරයා යන දෙදෙනාම එක සමාන ආකාරයෙන් හැසිර ඇත්තේ වැරදි ආකාරයෙනි. තමන් ජීවත් වන ධනවාදී නව වැඩවසම් ජන සමාජයේ මිනිස් සම්බන්ධකම් ව්‍යුහගත වන අකාරය පිළිබදව මේ දෙදෙනාටම ඇත්තේ මොන්ටිසෝරි දැනුමකි. මේ නිසා පළාත් සභා මණ්න්‍රීවරයා ජීවිත කාලයම මහන්සියෙන් උපයා ගත් ධනය, බලය, යසස, කීර්තිය එක් මොහොතකින් අහිමිකර ගත් අතර මෙකී ගුරුවරිය ලංකාවේ විනාඩි පහළවකට ජනප්‍රිය වීමේ වැඩ සටහනේ පසුගිය සතියේ ජයග්‍රාහිකාව බවට පත්වූවාය.

ධනවාදය විසින් ස්ත්‍රී ශරීරය සම්බන්ධයෙන් අපට දෙන පණිවිඩය කුමක්ද? වෙළෙදාම මූලික වූ ධනවාදී සමාජයක තව දුරටත් ස්ත්‍රී ශරීරය යනු වෙළෙද භාණ්ඩයකි. මේ නිසා තමන්ගේ ශරීරය පාරිභෝගික භාණ්ඩයක් වශයෙන් සලකන්න යැයි ස්ත්‍රියට මේ සමාජයෙන් නියෝගයක් දී තිබෙනවා. ස්ත්‍රී ශරීරය වෙළෙද භාණ්ඩයක් වන නිසාම තමයි ස්ත්‍රියට මේ සමාජයෙන් ඉල්ලුමක් ලැබිලා තියෙන්නේ. මේ කාරණය ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලා කවුරුවත් කියන්නෑ නේද? වර්ථමානය වන විට ධනවාද විසින් ස්ත්‍රීයට අනන්‍යතාවයන් හයක් ලබා දී තිබෙනවා.

01-  සුදු-කළු

02- කැත-ලස්සණ

03- බුද්ධිමත්-මෝඩ

ඉහත කාණ්ඩ තුනෙන් එකකට තමයි මේ යුගයේ ඕනෑම ස්ත්‍රියක් අයත් වෙන්නේ. ඇය අයත් වන කාණ්ඩය අනුව ඇයට ලැබෙන වටිනාකම අඩු-වැඩි වෙනවා. ඒ නිසා තමයි නදීෂා හේමමාලිට රඟපාන්නේ නැතිව නිළියක් වෙන්න පුලුවන් වෙලා තියෙන්නේ, දිල්කා සමන්මලීට දේශපාලනය ගැන මළ පොතේ අකුරක් දන්නේ නැතිව පිරිමින්ගේ බෝල කරකවන්නට පුලුවන් වෙලා තියෙන්නේ, පබාට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කරූ ජයසූරිය මහත්තයාට වඩා ඡනදය අරන් පාර්ලිමේන්තු යන්න පුලුවන් වුනේ. මේ වගේ උදාහරණ තවත් ඕන තරම් ඔබ දන්නවා ඇති. මේ ඔක්කොටම හේතුව ස්ත්‍රියට ධනවාදය විසින් සිය ශරීරය පාරිභෝගික භාණ්ඩයක් කර ගන්නා ලෙස නියෝග ලැබී තිබීම නේද? වෙළෙද පොලෙන් තමය් දැන් ස්ත්‍රියට අනන්‍යතාවය දෙන්නේ.

ඉහත සිදුවීමට මුහුණ දුන් ගුරුවරිය නොදන්නා සත්‍ය මෙයයි. නමුත් අපට ඇය මෙය නොදන්නවා යැයි කියන්නට බැහැ. මන්ද ඇය හොදින්ම දන්නවා සමාජය මේ වන විට ක්‍රියාත්මක වන්නේ මේ විදිහටයි කියලා. නමුත් ඇය එය දැන දැනත් නොදන්නා ආකාරයෙන් කටයුතු කරන්නට යනවා. එතනදී තමයි ඇගේ හැසිරීම නරුමවාදි එකක් වන්නේ. ඇයට අනුව ඇගේ පාසල ධනවාදී සමාජයෙන් වියුක්ත මාවෝවාදී මුදාගත් ප්‍රදේශයක් යැයි ඇය සළකනවා. ඒ නිසා ඇයට අනුව කොටට අදින එක ධනවාදයේ ගැටලුවක් නෙවී ඒක සදාචාරය සම්බන්ධ ප්‍රශ්ණයක්. කොළඹ මියුසියස්, සෙන්ට් බ්‍රජටි, මෙතඩීස්, ලේඩීස් කොලේජ වගේ පාසල් වල කොටට අදින එක විතරක් නෙවී ගැහැණු දරුවන් නියපොතු පවා පාට කරලයි පාසල් එන්නේ. ධනවාදය සමාජක්‍රමයක් විදිහට මුලු සමාජයම වෙලාගෙන තියෙන මේ වගේ යුගයක නිකවැරටියේ පාසලක් මවෝවාදී මුදාගත් ප්‍රදේශයක් ලෙස මේ ගුරුවරියට පෙන්නේ අහම්බයකින් නෙවී. කාලයක් ජනතා විමුක්ති පෙරමුණ මේ වගේ මුදාගත් කළාපයක් විදිහට තමයි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව සැලකුවෙත්. ධනවාදයට එරෙහිව පුද්ගලයන්ට තිනව සටන් කල නොහැකි බවත් පවතින සමාජයට වඩා උසස් සමාජයක් හදනවා කියන කාරණය හිතන තරම් සලර දෙයක් නෙවී කියන එකත් අපි මතක තියා ගන්න ඕන. මේ අනුව ඔබ තේරුම් ගන්න ඕන ධනවාදය විසින් මිනිස් සම්බන්ධකම් කේෂේත්‍රයට ඇති කරන ආචරණයන් සහ ගැටලු විසදන්න ලිබරල් අකාරයෙන් සහ ජාතිවාදී ආගම්වාදි ග්‍රෝත්‍රික ආකාරයෙන් කටයුතු කරල බැහැ කියන කාරණය.

මේ අවස්ථාවේ දී මේ තරම් ශ්‍රේෂ්ඨ කාරණාවක් ඉටු කරපු ගුරුවරිය වෙනුවෙන් පෙනී සිටිමින් පළාත් සභා මන්ත්‍රීවරයා කුරුසියේ තියලා ඇණ ගහන්න උපදෙස් දෙමින් පව්කාරයාට ගල් ගහන්න හදන අයම තමයි වැඩි පුර බස්වල යද්දී කොටට අදින ගෑණුන්ගේ සුදු කකුල් නිසා වඩාත්ම අසහනයට පත් වෙන්නේ. අන්තිමට මේ කාරණය නිසා එල්ලෙන්න වැල් නැති වෙලා හිටපු ආණ්ඩුවට ආයෙත් ගොඩ යන්න චාන්ස් එකක් ලැබුනා. නිවිස් නැතිව නන්නත්තාර වෙලා හිටපු වෙබි සයිටි වලට උණු කැවුම් වගේ විකුණ ගන්න පුලුවන් නිව්ස් එකක් ලැබුනා.

 

ඔබේ අදහස කියන්න...