වර්තමානයේ අප පක්ෂයේ සාමාජිකත්වය ලබන ඕනෑම සාමාජිකයෙකු දීර්ඝ කාලීන න්‍යායික අධ්‍යයයන වැඩසටහනක් කරා යොමු කරවන්නේ දැනුම අධිනිශ්චය කිරීම සදහා නොව දේශපාලනය කිරීමෙන් ඔහු හෝ ඇය බලාපොරොත්තු  වන ‘විනෝදය’ පිළිබද ස්වයං විචාරයක් කර ගැනීමේ පුහුණුව ලබා දීම සදහාය.

මනෝවිශ්ලේෂණ අර්ථයෙන් කිවහොත් සාමාජිකයාට විශ්ලේෂණයෙන් පසු අවධිය වන ෆැන්ටසිය සමතික්‍රමණය කිරීමන් පසු එළබෙන නිදහස් ආත්මීය ස්ථානය වෙත ළගා වීමට යෝජනා කිරීමයි. ස්වාමි හැගවුම්කාරක, සංකේතීය පිළිවෙල , බාහිර අනෙකා, අභ්‍යන්තරීකරණය කරගත් අනෙකා   යන සියලු දෙයින් නිදහස්, ඒ සියල්ල හුදු ප්‍රබන්ධ බව වටහා ගන්නා සාමාජිකයෙකු බිහි කිරීම එහි අරමුණයි. අප විශ්වාශ කරන පරිදි අපගේ දේශපාලනය ඉදිරියට රැගෙන යාමට හැක්කේ එවැනි අවබෝධයක් සහිත කාඩර්වරුන්ට පමණි. බොහෝ දෙනෙකුට කාලය දිගු වීම  පිලිබදව ඇත්තේ විශාල කලකිරීමකි. තවත් පිරිසක් තමාට මේ සියලු දී අවබෝධ වී ඇති නිසා දැන් කල යුත්තේ වැඩ කිරීම බව සිතයි. පැරණි වමෙන් ඛණ්ඩනය වූ අපි පැමිණියේ ගෝලීය සන්දර්භයක්  තුල අලුත් ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීම සදහාය. තමා වඩා ආශා කලත්  එල්ලේ ක්‍රීඩාවේ නියෙලෙමින් සිටන කෙනෙකුට ‘මම හෙට ඉදන් ටෙනිස් ගහනවා’ කියමින් එක් වරම  ටෙනිස් ක්‍රීඩකයෙකු වීමට නොහැක. අප සංවිධානයෙන් විවිධ අවස්ථා වලදී ඉවත් වී,  තමන් නව දේශපාලනය හොදින්ම දන්නා බව කියමින් ‘පොරවල්’ වීමට දගලන සියලු දෙනා යනු ඉහත ආකාරයට එක රැයෙන් ටෙනිස් ක්‍රීඩකයන් බවට පත් වූ අය වේ. ඔවුන් අපෙන් කොපි කරගත් සංකල්ප (බොහෝ ඒවා මේ වන විට යල්පැන ගොස් ඇත ) භාවිතා කරන අකාරය දකින අපට සිනාසෙනවා ඇර කරන්නට දෙයක් නැත. අප ඔවුන් සමග සංවාද කිරීමට නම් ඔවුන්ද අප මෙන් යාවත්කාලීන විය යුතුය.

සුමිත් චාමින්ද යනු අප සංවිධානයේ ප්‍රධාන කවයේ සිටි සාමාජිකයෙකි. සංවිධානයේ සංකේතීය බලය නිසා ඔහුටද ‘පොරක්’ වීමට අවස්ථාව ලැබිණ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔහු සංවිධානයේ සහෝදරයෙකුගේ පෙම්වතියක සමග + සම්බන්ධයක් ගොඩනගා ගනී. ඔහු එකල මෙම සහෝදරයා හැදින්වුයේ ‘පණුවා’  ලෙසය. අදටත් අප නොසිටී යැයි උපකල්පනය කරන පිරිසක් සිටින විපරීත අවකාශයක සුමිත් චාමින්ද යනු ‘පොරකි’. සුමිත් වැන්නන් පාවිච්චි කරමින් අපව විනාශ කිරීමට ඕනෑම තක්කඩි වැඩක් කිරීමට සුදානම් පුබුදු ජයගොඩ සුමිත්ගේ රැස්වීම් වලට සහභාගී වෙයි. කෙනෙක් පුබුදුගෙන් ඇසුවොත් රවී කරුණානායක, දයාසිරි ජයසේකර එක්ක වැඩ කරන්න කැමතිද කියලා ඔහු කියන්න නියමිතයි ‘අම්මෝ පිස්සුද උන් එක්ක කවුද වැඩ කරන්නේ පල් හොරු’ කියලා. නමුත් පුබුදු ඊට වඩා සදාචාරාත්මක ලෙස විශාල වැරද්දක් කරපු සුමිත් එක්ක එකට වැඩ කරනවා. න්‍යායිකව ගත් විට මීට හේතුව අවිඥානිකයි. පුබුදු ඇතුළු පිරිසක් උපකල්පනය කරමින් සිටිනවා දීප්තිගේ විනෝදය සුමිත්ට පැහැර ගන්න පුළුවන් බව.අධිරාජ්‍යවාදය , SAITM, ප්‍රජාතන්ත්‍රවාදය ආදී අරගල සියල්ල කරමින් සිටින ඔවුන්ගේ පදනම රදා පවතින්නේ මෙම අර්ථයක් නැති විනෝදය මතය.

නමුත් ජ.වී.පෙ. මේ දෙයම කරන්නේ නැත. ඔවුන් නිර්මාල් රංජිත්ව තම දේශපාලන ව්‍යාපෘතිය තුල යොදා ගන්නේ ඇයි?  මෙහිදී අපට  ජ.වී.පෙ. විසින් කරනු ලබන වැරදි උපකල්පන දෙකක් හදුනාගත හැක.ඉන් පළමු කාරණය වන්නේ  මතුපිටින් බලන කල නිර්මාල් යනු විශ්වවිද්‍යාල බුද්ධිමතෙක් ලෙස සමාජය විසින් පිළිගනු ලබන චරිතයක් වීමයි. දුර පළාත්වල පිහිටි කුල ගම් වල තැපැල් පියන් විවාහ උත්සව වල ප්‍රධාන අමුත්තා වන්නාක් මෙන් ලංකාවේ බුද්ධිමය සංස්කෘතිය තුල සිටින තැපැල් පියන් කෙකෙන් වන නිර්මාල් මේ මොහොතේ ජ.වී.පෙ. ප්‍රධාන අමුත්තා වී ඇත.  දෙවන උපකල්පනය වන්නේ නිර්මාල්ගේ ශරීරය සහ මුහුණ දකින ඕනෑම කෙනෙකුට සිතෙන්නේ ඔහු ලිංගික වශයෙන් ඉතා උදාසීන කෙනෙකු බවයි. X දේශපාලනයේදීද නිර්මාල් පිළිබද මෙම පුර්ව නිගමනය කර තිබිණ. ලිංගික වශයෙන් උදාසීන නිසා සංවිධානයේ ගැහැණු සමග පැටලෙන්නේ නැතිව , Sex ප්‍රශ්න නැතිව වැඩිපුර වැඩ කරනු ඇතැයි එකල නිර්මාල් පිළිබද නිගමනය  විය. මනෝවිශ්ලේෂණ න්‍යාය මගින් මෙම දෙවන කාරණය විදාරණය කළහොත් නිර්මාල්ගේ සැබෑ ආශාව යනු ගැහැණු හෝ වෙනත් කවුරුන් හෝ විසින් තමාව ලිංගික ශක්තිය ඇති පුරුෂයෙක් ලෙස දැකීම බව පෙනීයයි. නමුත් නිර්මාල්ගේ රුපය සහ හම මේ සදහා ගැලපෙන්නේ නැත. මේ නිසා ඔහු උදාසීන කෙනෙකු ලෙස පෙනීසිටියි.

යතාර්ථය තුල පුද්ගලයෙකුගේ සවිඥානික ජීවිතය පමණක් විශ්ලේෂණය කිරීමෙන් අපට ඔහු හෝ ඇයගේ සත්‍ය ජීවිතය කුමක්දැයි හදුනාගත නොහැක. ඒ සදහා පුද්ගලයාගේ අවිඥානික ජීවිතය විශ්ලේෂණය කල යුතුය. ඒ සදහා අප පරිකල්පනීය අවකාශයකට ප්‍රවිෂ්ට විය යුතුය. හොලිවුඩ් චිත්‍රපට කලාව අපට අවශ්‍ය වන්නේ මේ සදහාය. නිර්මාල්ගේ සැබෑ ජීවිතය විදාරණය කිරීම සදහා වඩාත් ගැලපෙන චිත්‍රපටය වන්නේ 1944 දී තිරගත වූ Fritz Lang ගේ The Women in the Window චිත්‍රපටයයි. නිර්මාල් මෙන් මෙම චිත්‍රපටයේද රිචර්ඩ් නම් මහාචාර්යවරයෙකු වෙයි. මෙම මහාචාර්යවරයාට හොලිවුඩ් සිනමාව අවශ්‍ය වන්නේ ඇයි? ඒ සදහා හේතු දෙකක් ඇත. එකක් රිචර්ඩ්ට තම ආශාව හදුනාගත හැක්කේ සිනමාව තුලදී වීමයි. දෙවන කාරණය වන්නේ ආශාව ගොඩනැගීමට අවශ්‍ය වාරණය ඇත්තේද හොලිවුඩ් සිනමාවේ වීමයි. චිත්‍රපටයේ  රිචර්ඩ් ගේ සැබෑ ආශාව යනු මිනීමැරීමයි. මෙම ආශාව පැවතීමට නම් වාරණයක් අවශ්‍ය වේ. හොලිවුඩ් සිනමාව විසින් මේ සදහා ලබාදෙන වාරණය වන්නේ ‘ඔබට මිනීමරුවෙකු විය හැකියි, නමුත් ඒ හීනයකදී පමණයි’ යන්නයි.මිනීමරුවෙකු වන රිචර්ඩ්ගේ සැබෑ ආත්මය මහාචාර්යවරයෙකුගේ චරිතයට මුවා වෙමින් යතාර්ථය තුල ජීවත් වෙයි. එය චිත්‍රපටයේ නිරූපනය වන්නේ මහාචාර්යවරයෙකු ජීවිතයේ ඒකාකාරීත්වයෙන් ගැලවීමට සිහිනයක් තුල මිනීමරුවෙකු වන ආකාරයටයි.

නිර්මාල්ගේ චරිතය ඉහත චිත්‍රපට කතාවට ආදේශ කල විට නිර්මාල් පිළිබද ගැටළු දෙකක් මතුවෙයි. ඔහුට දේශපාලනය කිරීම අවශ්‍ය වන්නේ ඇයි? ( කරන බොරු වැඩ දෙස බලන විට ඒ ලෝකය වෙනස් කිරීම සදහා නම් නොවන බව පැහැදිලිය). ඊට හේතුව වන්නේ  තමාට  තිබෙන බාහිර පෙනුම සහ  හම නිසා චිත්‍රපට සදහා සම්බන්ධ වීමට නොහැකි වීමයි. මෙවැනි රුපයක් තිබෙන කෙනෙකුට  කෙලින්ම වාමාංශික පක්ෂයක් සමග සම්බන්ධ විය හැක. මීලගට ලංකාවේ වාමාංශික පක්ෂ මෙවැනි පුද්ගලයන්ට තම ආශාව පවත්වාගැනීම සදහා ලබා දෙන වාරණය (තහනම) කුමක්ද යන්න වැදගත් වේ. ජ. වී. පෙ වැනි පක්ෂයකට සම්බන්ධ වූ විට ගැහැණුන්ගේ ආකර්ෂණයට ලක්වීම සිදුවේ. නමුත් එම ගැහැනුන් සමග ලිංගික සබදතා පැවැත්වීම තහනම්ය. ඒ අනුව නිර්මාල් ගැහැනුන් පිළිබද  ආසයි-බයයි යන ස්ථාවරයේ සිටය යුතුය. The Women in the Window චිත්‍රපටයේ රිචර්ඩ් නමැති මහාචාර්යවරයාට හොලිවුඩ් සිනමාව හරහා තම ආශාව කුමක්දැයි හදුනාගැනීමට හැකිවේ. වාමාංශික දේශපාලනයට පැමිණෙන (ජ. වී. පෙ) නිර්මාල්ට ඒ හරහා තම ආශාව කියවීමේ අවස්ථාව උදා වේ.

ජ. වී. පෙ සාමාජිකයන්ගේ  අශාවද නිර්මාල්ගේ ආශාවට සමාන වේ (ගැහැනුන්ට ආසයි – බයයි , Sex කරන්න තහනම්). මේ නිසා ජ. වී. පෙ විසින් නිර්මාල් දේශපාලනය කල හැකි අයෙකු ලෙස සලකා තම දේශපාලන ව්‍යාපෘතිය සමග සම්බන්ධකර ගනී. මීට සමගාමීව පෙ.ස.ප  සාමාජිකයන්ගේ ක්‍රියාකාරිත්වය හාත්පසින්ම වෙනස්ය. කුමාර් ඇතුළු සාමාජිකයන් Sex හරහා විනෝද වන්නේ අනෙකාට හොරෙන්ය. ස්ත්‍රීන් පිළිබද කුමාර් සහ සුමිත් යන දෙදෙනාටම ඇත්තේ එක හා සමාන ආශාවකි.මේ නිසා පුබුදුට සුමිත් සමග වැඩ කිරීම පිළිබද ලැජ්ජාවක් ඇති නොවේ. පුබුදුට සුමිත් යනු ඔවුන්ගේම කෙනෙකි.

පුද්ගල ආශාවට ඇත්තේ සිහින තර්කනයකි (dream logic). මේ නිසා පුද්ගලයා දේශපාලනය කිරීම හරහා තෘප්තිමත් කර ගැනීමට උත්සහ කරන ආශාව කුමක්ද යන්න ගවේෂණය කල හැක්කේ යථාර්තයෙදී ප්‍රබන්ධ ලෙස සලකන කෘතීන්  අධ්‍යයනය කිරීමන්  පමණි. සැබෑවටම යථාර්තය තුල පුද්ගලයා ගත කරන ජීවිතය යනු ප්‍රබන්ධයකි. අප ප්‍රබන්ධයක් ලෙස සලකන ජීවිතය යනු පුද්ගලයාගේ සැබෑ ජීවිතයයි. නිර්මාල්, සුමිත් වැන්නන්ගේ වමේ දේශපාලනය යනු යථාර්ථයක් නොව ප්‍රබන්ධයකි. මෙම චරිත ඔවුන් විසින් ගොඩනගාගෙන ඇත්තේ තමන්ගේ සැබෑ ආශාව හෙළිදරවු වීමේ අවදානමෙන් ගැලවීමේ ආරක්ෂක උපක්‍රමයක් ලෙසය.  ඔවුන්ගේ සැබෑ ජීවිතය කුමක්ද යන්න අපට හමුවන්නේ නිශාචර සිනමාවේදීය.

ලැකානියානු මනෝවිශ්ලේෂණයේ අවසාන ඉලක්කය වන්නේ පුද්ගලයාගේ විනෝදය සදහා වූ බාහිර අනෙකාගෙන් ඇති බාධාව හෝ අනෙකාගේ වැලැක්වීම ඉවත් කිරීමයි. මෙම ඉලක්කයට ළගා වන ආත්මයට තම හබායාම් (drives) ඔස්සේ ගොස් විනෝද වීමේ නිදහස හිමි වේ. මන්ද බාහිර අනෙකා යනු ප්‍රබන්ධයක් බව දැන් හොදින්ම දන්නා බැවිනි. පුද්ගලයාට රිසි සේ විනෝද විය හැකි බව ඉන් අදහස් නොවේ. විනෝදය පිළිබද ස්වයං විවේචනය කරගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුට හෝ ඇයට ලැබෙන්නේ මෙම අදියරට ළගා වූ පසුවය. එවිට විශ්ලේශිතයා විශ්ලේෂකයෙකු බවට පත් වේ. දේශපාලනය කිරීමත් , දේශපාලනය කිරීම හරහා විනෝද වීමත් යනු දෙකක් බව අවබෝධ වේ. දේශපාලනය මගින් නව සංකේතීය ලෝකයක් බිහි කිරීම  ආරම්භ කල හැක්කේ මෙම අවබෝධයත් සමගය.

PBM 1

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. Hi precisly I can’t understand “ෆැන්ටසිය සමතික්‍රමණය කිරීමන් පසු එළබෙන නිදහස් ආත්මීය ස්ථානය” is it which we have something authentic position? I can’t understand because I don’t have

  2. What does it mean “empty. It could be able to fullfill? And what did you mean beyond symbolic ? Again we will be back in to the emptiness? Or what will be beyond this emptiness

    • Empty is empty by Symbolic. this beyond is also symbolic. so this empty is different from Buddhist void.

Comments are closed.