යථාර්ථවාදින්ට වෙනස්ව අප අලුත් සිහින දකින්නන් වෙමු. ප්‍රාතිහාර්යය විශ්වාස නොකරන්නා අන්ධයකි. කාඩර්වරුන්ගේ වින්දනය පොහොසත් කිරීමට අපි  අතීතයේ සිටම වෙහෙසුනෙමු. ඌරන් සහ හරක් සහිත ගොවිපොළවල් වෙනුවට අප ගොඩනැගුවේ වින්දනය ඉහළ දමන නිකේතනයන්ය. දෙදහ දශකය මුල DTS ශබ්ද සහිත Home Theater System එකක් අපි සංවිධානයට මිලට ගත්තේ රසිකත්වය දියුණු කිරීමටය. 2004 වර්ෂයේ දී අප සෙවනෙම සිටි තක්කඩි රැලක් අපගේ HTS එක ගෙවල් වලට රැගෙන ගිය අතර සංවිධාන නිවාසය ඉන්පසු බලු මයිල් වලින් පිරී ගියේය. මීට පෙර මෙවැනි HTS වැඩ කළ පුද්ගලයන් දැන් දෛවයේ සරදමට ලක් වී ෆුඩ් සිටිවල කරවල තෝරමින් සිටියි. 

අද අපට සතුටු දිනයකි.
සිසිපියස්ට වෙහෙසක් දැනෙන්නේ නැත. අපට සමාජය දුන් භාණ්ඩ තක්කඩින් ගෙවල් වලට ගෙනියන විට යළි යළිත් සමාජයම අපිට එම භාණ්ඩ ලබා දෙයි. මුළු මහත් සමාජයේම රසවින්දනය පුළුල් වූ දිනට අපට මේ භාණ්ඩ අවශ්‍ය නැත. 
අපි නැවත සින්දු අහන්නට සහ චිත්‍රපට නරබන්නට අලුත් HTS එකක් මිළට ගත්තෙමු. 
වැව්වල පස් ඉවත් කිරීමට වඩා අපගේ මෙම බොළද ක්‍රියාව අනාගත සමාජ සබදතා වෙනස් කරනු ඇත. 

සුන්දරත්වය විඳින්න- Children…….

තවත් විඳින්න…….

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.